අද මාතෘකාව -


චම්පිකගේ වරිග කතිකාව කුඩුසංසාර වී
රනිල්ගේ ගෝලීය කතිකාවේ ඇල්ගෝ-රිදමය හිස එසවීම ...

 

(21ව ශතවර්ෂයේ නව-නූතන දේශපාලනාර්ථික ප්‍රකාශනය)


“විසංකාරයා කවදත් කීවේ මතුපිට සරල වර්තමානය ගැන නෙවෙයි.

විසංකාරයා හැමවිට ම කීවේ අතීතයෙන් සහ වර්මානයෙන් පෙරාගත් දත්ත සහ තොරතුරු විශ්ලේෂනද, න්‍යායික පරිකල්පන සහ ප්‍රායෝගික අත්දැකීම් ද ඇසුරෙන් අනාගතයේ සිද්ධවෙන ඉතිහාසීය සිදුවීම්  ගැන යි.

“ඔන්න මම මීට මාස ගාණකට කලින් ආර්ථික ඔස්තාද් හර්ෂ ද සිල්වා කියන පොතේ-ගුරාට යෝජනා කරපු දේ දැං සිද්ධවෙමින්, එයා රනිල් වික්‍රමසිංහ පස්සේ දපනෙ වැටිලලු...”

ඉතිං රවි කරුනානායක ජනපති මන්දිරයට වැද්දගෙන රනිල් වික්‍රමසිංහ විසින් ඌරගෙ මාළු ඌර උඩ ම තියල කපන්න කලින්, ටිකක් පය ඉක්මන් කළොත් හොඳයි නේද හර්ෂයෝ ...?

1948න් පසු ලංකාවේ තීරණාත්මක දේශපාලනික හැරවීම් බොහොමයක් සිදුකෙරී ඇත්තේ, සෘණාත්මක මනුස්සාවේග (Negative Human Emotions) පදනම් කරගෙනයි.

විෂය සහ විෂයාන්තර ගුණ සලකන, සබුද්ධික සවිඥානයකින් බිහිකරදෙන සාමකාමී දේශපාලනික හැරීම්වලට හේතුවූ මනුස්සාවේග බොහොමයක් අප්‍රසිද්ධ යි සහ අවම යි.

 

ඒ නිසා මෙතෙක් මෙරටේ උදාවූ හැම තීරණාත්මක වර්තමානයකදී ම “ඉදිරි දේශපාලනය” විදිහට අපි හැබෑවට ම අත්දුටු බොහෝ දේ අපේ ම අතීත ගතිගුණවල යළි පිළිබිඹුවක්. සාමාන්‍ය ස්වභාවික වරණයක් අනුව කීවොත්, දොඩම්ගහක් උවමනා නම් දොඩම් පැලයක් සිටුවිය යුතු අතර, දෙහි ගහක් වවාගෙන එයින් දොඩම් බලාපොරොත්තු වීම අනුවනකමකි.

 

මනුස්සාවේගයක් හෙවත් “මනුස්ස ආවේගයක්” කියන්නේ, ගෙවෙන ඕනෑ ම වර්තමාන නිමේෂයක දී මනුෂ්‍යයාට තම තෝරාගැනීම් සිදුකිරීමට, තීන්දු ගැනීමට සහ ක්‍රියාත්මකවීමට බලපාන සතුට, දුක, කලකිරීම, භය, මවිතය සහ තරහව වැනි වූ, තවම සබුද්ධිකතාවයට (Rationality) වර්ධනය වී නැති ප්‍රාථමික මානසික තත්වයන්ට යි.

ඒ අනුව, මානව සංවර්ධනයට අදාළව “සාධනීය මනුස්ස ආවේග” සහ “නිෂේධනීය මනුස්ස ආවේග” කියා දෙවර්ගයක් හඳුනාගන්න පුළුවන්.

ඊට අමතරව මනුස්ස හැඟීම්, සංවේදන, සවිඥානකත්වය වගේ දේවලට ද මේ ධනාතමක සහ සෘණාත්මක නියොජනයන් තියෙනව.

 

මෙහිදී ලක් රටේ දේශපාලනයට අදාළව ප්‍රධාන මැදිහත්වීම් බොහොමයක් සිදුව ඇත්තේ මනුස්ස ආවේගවලින් (Emotions) නිසා, අපි ඒවා විමසීමට යම් ප්‍රමුඛත්වයක් දී අනාගය දෙස බලමු!

 

ලෞකික මනුස්ස ආවේගයක තල්ලුවක් (Human Emotional drive):


ජේසුස් මිතුරන්ට ඇති ආදරය වෙනුවෙන් ජීවිතය අතහැරීම හෝ බුදුන් ගිහිගෙයින් නික්ම යාමට තීරණය කිරීම හෝ හේතුවෙන් එහි සමාජීය-ථලයන් ලෙස අවසානයේ දී සබුද්ධික සවිඥානයක ප්‍රතිඵල අත්කරගනු ලැබූව ද, එම තීරණ ගත් මුළ් මොහොතේ ඒවා සිදුවුණ්, ඒ ගෙවුණ මොහොතේ ලෞකික මනුස්ස ආවේගයක තල්ලුවක් (Human Emotional drive) නිසයි.

අප එවැනි සිත්හැරීම් තේරුම්ගත යුත්තේ, ලෞකික මනුසස්සාවේග ලෙසයි.

නමුත්, අදාළ සිත්හැරීමෙන් පසුව ශාස්තෘවරයාණෝ තම පෞර්ෂ තුළ සිදුකරගත් විප්ලවීය අධ්‍යාත්මික වෙනස හරහා නව සබුද්ධික සවිඥානක්තවයක් ලොවට බිහිකොට, එයින් සමාජ අධ්‍යාත්මය ද නිවී සැනසවීමේ විපරියාසික බලපෑම් සිදුවූ නිසාවෙන්, මේ සිත්හැරීම්වල මූළය “ධණාත්මක මනුස්සාවේග” විදිහට ලොව විසින් වැළඳගෙන ඇත. එසේම ශතවර්ෂ ගණන් ගෙවෙද්දී විකෘතාරූපික වෙමින් හෝ ඒ බිහිවූ සබුද්ධික දහම්වල පොදුහරය අදටත් සුරැකී පවතී.

sd 22.jpgqwq

දකුණු ඉන්දියානු හින්දුවරුන් විසින් මූණට කෙලගසත්දීත් ඉන්දීය පරිවාර ජනයා වෙනුවෙන් මරණය තෙක් කැපවුණු තෙරේසා මව් තුමියද, ලොවපුරා සාමය, ප්‍රචන්ඩත්ව-විරෝධය සහ කරුණාව පතළ කරන්නට උරදුන් 14වන දලයි ලාමාවරයා ද, ලංකාවේ පන්සල් දේපල ද ඇතුළු සියළු ලෞකිකත්වය අතහැරීමේ යොමුව තම ක්‍රියාවෙන් ම ඉගැන්වූ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්වහන්සේ ද, වසංගත රෝග සමයක වගකිවයුත්තන් නුවර රාජධානිය හැරදමා යත්දී, එහි අතරමං වූ සාමාන්‍ය ජනයාව හැරදමා නොගස් තමන්වද වසංගතයෙන් මරණයට පත්වන තෙක් රැඳී සිටි ජෝසප් වාස් මුනිවරයා ද අපට ප්‍රකට කරන්නේ “ධනාත්මක මනුස්සාවේගයකින්” පටන් ගෙන පසුව සබුද්ධික සවිඥානකත්වයක් කරා දියුණු කළ සමාජ-ථලයන් ය.

anm

සෘජු දේශපාලන කෝණයකින් බැලුවොත්, ලිබියාවේ පැවති ඉතාලියානු යටත්විජිතවාදයට එරෙහිව කාන්තාරයේ ගරිල්ලා සටනක් මෙහෙයවා අවසන තමාව ප්‍රසිද්ධියේ එල්ලා මරාදමන තීන්දුව නිදහසේ භාරගත් අල්කුරාන් ශාස්ත්‍රඥ ඔමාර් මුක්තාර් ද, ආජන්ටීනාවේ ඉපිද කියුබාවේ විප්ලවයට උරදී ජයගෙන, කියුබානු ආණ්ඩුවේ සියළු තනතුරු වරප්‍රසාද අතහැරදමා බොලීවියාවේ අසීරු දුෂ්කර විප්ලවයට උරදෙමින් සිටියදී මරාදැමුණු චේ ග වාරා ද,  ඉන්දියාවේ හින්දු-මුස්ලිම් වරිග සටන්වලට එරෙහිව අවිහිංසාවාදී මාරාන්තික උපවාසයන් කර පසුව වරිගවාදී වෙඩිපහරකින් ම මිය ගිය මහත්මා ගාන්ධි ද අපට කියදෙන්නේ, ලෝක දේශපාලනය තුළ ලෞකික වරප්‍රසාද අත්හැරීම කියන ධනාත්මක මනුස්සාවේගයක් පසුව සබුද්ධික සවිඥානකත්වයක් කරා එසවූ ප්‍රගතිශීලී සමාජ භාවිතයන් ය.  

image 4e25b08d8cඅනෙත් පැත්තෙන් අතිදක්ෂ චිත්‍ර-ශීල්පියෙකු සහ ගෘහනිර්මාණ ශිල්පියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ රෙසියුමේ එක හෙවත් ඇප්ලිකේෂන් එක වියනාවේ ලලිත කලා ඇකඩමියෙන් ප්‍රතික්ෂේප වීමෙන් පසුව, හිට්ලර් කලාව අතහැර යුදෙව් විරෝධී නාසිවාදී යුධ-දේශපාලනයට පිවිසීමට සිත්හරවාගන්නට බලපෑ තීන්දුව ද ප්‍රාථමික ලෞකික මනුස්සාවේගයකින් සිදුවූ තල්ලුවකි.

එහෙත් එයින් 1941-1945 වසරවල් අතරතුර නාසි ජර්මනියට යටත් යුරෝ දේශයන්හි ජීවත් වූ ලොව සමස්ත යුරෝ-යුදෙව්-ජනතාවගෙන් තුනෙන් දෙකක් හෙවත් මිලියන 6ක් තරම් මිනිසුන් ගෑස් කුටිවල දමා ඝාතනය කිරීම නැමති සමාජ-ඵලය බිහි කෙරුණු නිසා හිට්ලර්ගේ ඒ හිත් හැරීමට හේතුවූයේ “සෘණාත්මක මනුස්සාවේගයක්” බව ශිෂ්ට ලෝකය විසින් අදටත් උපුටා දක්වයි.    

මෙලෙස ධනාත්මක මනුස්සාවේග දියුණු සමාජ-ඵල දිගුවන් බිහිකරන අතර සෘණාත්මක මනුස්සාවේග සමාජ-ඵල විනාශය ඇති කරයි.

 

මෙවර විසංකාරයා හෙළිදරව් කරන්නේ, ලක් කොදෙව්වේ ඇතිවූ සෘණාත්මක වරිගවාදී මනුස්සාවේග විසින් රට කුමන ආර්ථික අන්තයක් කරා ගෙනගියේ ද යන්නයි.

 

මීට අත්තනෝමතික පාලකයින් සේම, පාලකයින්ට විරුද්ධව අරගල මෙහෙයවූ නායකත්වයන්ද, රාජ්‍ය පරිපාලන ව්‍යූහවල සේවකයින්ද, මේ දෙතුන් කොටසම නියෝජනය කළ ජනතාවද විවිධ ප්‍රතිශතයන්ගෙන් වගකිව යුතු වෙයි.

ඒ නිසා කිසිකෙනෙකුට ලේසියෙන් පොන්තියුස් පිලාත් සේ අතසෝදා ගැනීමට නොහැකි අතර, සියල්ලෝ ස්වයං-විවේචනය කිරීමට බැඳී පවතී. ඉදින් පහත දැක්වන දේශපාලන මනුස්සාවේගවලට මේ තුන්පාර්ශවයේ ම මැදිහත්වීම කෙබඳුදැයි ලක් රටේ ආණ්ඩු, විපක්ෂ, රාජ්‍ය ආයතන සහ වැසියෝ ජාතික මට්ටමින් රිසර්ච් නොකළාට, ගෝලීය මට්ටමින් එය මේවන විටත් සිදුවී අවසන්.


දැන් අපි ඒ සෘණාත්මක මනුස්සාවේග විමසා බලමු!.


z p09 Silver Tongued 01

බලන්න, 1950 දශකයේ බණ්ඩාරනායකගේ කාබනික-මොළය සහ අනෙකුත් පඩික්කංවාදී කාබනික-මොළවලින් (Organic Bio-Chemical Brains) වැපිරූ ආර්ථික විරෝධී සහ ඊනියා සිංහල-ඔන්ලිවාදී කල්පිත වරිග දේශපාලන කතිකාවේ පූර්ව-නූතන කුහක මනුස්සාවේගය දිහා.

 

ඩී.ඇස්ගෙන් පසුව ඩඩ්ලිට නොදී යූඇන්පීකාර සිංහල නූගත් බණ්ඩාරනායකට යූඇන්පියේ නායකත්වය දුන්නේ වී නම්, බණ්ඩාට මෙවන් කුහක සිංහල වරිග මනුස්සාවේගයක් එන්නේ නැත. අන් අයවළුන් භාරදුන්නත් පිළිගන්නේ ද නැත. වෙන්නට තිබුන මහා ව්‍යසනයක් දක්වා ඔඩු නොදුවා සියළු වරිග උවමනා ප්‍රශ්නයක ස්වභාවයෙන් ඇරඹි තැනම ලොප් වනවා ඇත. 

 

බලන්න, බණ්ඩාරණායකගේ ම වරිග කතිකාව අනෙකා කරගෙන බිහිවූ චෙල්වනායගම්ගේ සහ දෙමල ප්‍රභූන්ගේ කාබනික-මොළවලින් (Organic Bio-chemical brains) වැපිරූ ආර්ථික විරෝධී සහ දෙමල වෙල්ලාල-කුලවාදී වරිග අනු-දේශපාලන කතිකාවේ පූර්ව-නූතන අවස්ථාවාදී මනුස්සාවේගය දිහා.

බණ්ඩාරනායක යූඇන්පියේ නායකයා වී ඒ හරහා රටේ දෙවෙනි අගමැති වී පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාව ඉංග්‍රීසි ඩොමීනියන් තත්වයෙන් ම පවත්වාගෙන ගියේ වී නම්, චෙල්වනායගම් සහ ඔහුගේ වෙල්ලාල ප්‍රභූ සහචරයින්ට 50ට 50ක් ඉල්ලන දෙමල වරිග මනුස්සාවේගයක් සමරන්නට අවස්ථාව පෑදෙන්නේ නැත. එල්ටීටීය වෙනුවෙන් වරිග පීතෘත්වයක් බිහිවන්නේ ද නැත.

 

බලන්න, මේ බණ්ඩා සහ චෙල්වාගේ කතිකා සහ අනු-කතිකා දෙකෙහි ම දෙවෙනි උපායශිලී දිගුව ලෙස 80-90 දශකයේ කරලියට ආ සිරිල් මැතිව්, නලින් සිල්වා සහ චම්පික රණවකගේ කාබනික-මොළවලින්(Organic Bio-chemical brains) වැපිරූ ආර්ථික විරෝධී සහ සිංහල-යුධවාදී වරිග දේශපාලන කතිකාවේ නූතන තක්කඩි මනුස්සාවේගය දිහා.

 

ප්‍රභූ බණ්ඩා සහ ප්‍රභූ චෙල්වා නොහිටින්නට සිරිල් මැතිව් සහ නලින්, සිල්වාටත් ඔවුන් දෙපලගේ ප්‍රචන්ඩ අනුප්‍රාප්තිකයා වූ චම්පිකටත් දේශපාලන ග්රවුන්ඩ් එකක් ඉදිවන්නේ නැත. (ඩී.ඇස්ට ජේ.ආර් තරම් මොළයක් තිබුණා නම්, කළ යුතුව තිබුණේ බණ්ඩාට යූඇන්පියේ නායකත්වය දී කෙලවාගන්නට ඉඩ හැරීම යි. එහෙම වුණා නම් බණ්ඩා ම පරාජය භාරගෙන නැවත තම ඔක්ස්ෆර්ඩ් මිතුරු මිතුරියන් සොයාගෙන එංගලන්තයට ම ආපසු යන්නට ඉඩතිබුණා.)

බලන්න, ඉහත කතිකා තුනෙහිම සංයුක්ත ස්වභාව බිඳ දමමින්, ඒ එක් කතිකාවක් හෝ තුන ම හෝ සංයුක්තව අනෙකා කර නොගනිමින්, බුද්ධි-විරෝධී ලෙස සහ නාසිස්කවාදී(Narcissist) ලෙස විටින් විට  යටකී කතිකා සහ අනු-කතිකා තුනෙහිම කැබලිති තැනින් තැනින් කොනහා උපුටාගෙන, ඒවා එවලෙට අනෙකා කරගනිමින් සහ තම අවිඥානික සුළු-කුලවාදී පදනම අනුව යමින් බිහිකරගත් බාලසිංහම්-ප්‍රභාකරන් දෙබෑයන් සහ ඒ පන්නයේ උදවියගේ කාබනික-මොළවලින්(Organic Bio-chemical brains) වැපිරූ දෙමල වරිග අනු-දේශපාලන කතිකාවේ යුධකාමී වූ මරාගෙන-මැරෙන-නූතන-ත්‍රස්තවාදී මනුස්සාවේගය දිහා.

 

බණ්ඩාරනායක, චෙල්වනායගම්, සිරිල්මැතිව්, නලින් සිල්වා සහ චම්පික රණවක ද, 1983නේ ජූලි කලබලයට සප් එක දුන් ආර්. ප්‍රේමදාසගේ කෙහෙල්වත්තේ මැරයන්ද නොවන්නට උතුරු නැගෙනහිර වැදගත් මධ්‍යම පාන්තිකයින් පයිසෙකටවත් ගණන් නොගත් ප්‍රභාකරන්-බාලසිංහම්ගේ ශිවදෙවියා අවිඥානය කරගත් මරාගෙන මැරෙන 30වසරක නූතන ත්‍රස්තවාදී යුධයක් වර්ධනාත්මකව රටතුළ ඇවිලෙන්නේ නැත.

 

බණ්ඩාරනායකගේ සෘණාත්මක මනුස්සාවේගයෙන් පටන්ගෙන චෙල්වනායගම්, සිරිල් මැතිව්, නලින් සිල්වා සහ චම්පික රණවක ද, ප්‍රභාකරන් සහ බාලසිංහම් ද හරහා කූඨප්ප්‍රප්තියට පත් වූ මේ සංකීර්ණ වරිගවාදී දේශපාලනයට තුඩුදුන් ප්‍රාථමික සෘණාත්මක මනුස්සාවේගයන් (Fundamental Negative Emotions), ආර්ථිකයට අදාළ නැති භාෂා-ව්‍යූහයන්(Language Structures) තුළින් තාර්කික කිරීමට යෑම නිසා, එම භාවිතයෙන් විනාශකාරී සමාජ-ඵල-දිගුවන් 03ක් මූලික වශයෙන් රටට හිමි කර දී ඇත.



1.) සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංග්‍රීසීන් හඳුන්වා දුන් කාර්මික විප්ලවානුකූල ඉංග්‍රීසි ආර්ථිකයට තිබූ ඉංග්‍රීසි දේශපාලන භාෂා-ව්‍යූහය යටපත්ව අවලංගුවී, රටේ සමස්ත ආර්ථිකයට දේශපාලන භාෂා-ව්‍යුහයක් නොමැතිව ගොස්, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ආර්ථිකය සහ දේශපාලනය වෙන්-වෙන්ව වර්ධනය වන සහ කතාබහ කරන භාෂා-දැනුම ව්‍යුහ දෙකක් බවට පත්වීම.

ඒ හරහා ආර්ථික දැනුම දේශපාලනයෙන් හුදෙකලා වීමත්, දේශපාලනයේ භාෂා-ව්‍යුහ විවේචනය කිරීමෙන් ආර්ථික භාෂා-ව්‍යුහය මතු නොවීමත් කියන විකෘතිය ප්‍රතිපල වීම.

එහි අතුරුඵලයක් ලෙස දේශපාලනඥයා, ආර්ථික වගකීම් නොසලකා සිංහල හෝ දෙමල ජාතිය ගැන පමණක් පාරම්බාමින් නිදහසේ ජනතාව රවට්ටන භාවිතාවකට ක්‍රමයෙන් ඇබ්බැහි වීමත්, ඒ හරහා රාජ්‍ය ආධිපත්‍යය කෙමෙන් බිඳ වැටෙමින් ආණ්ඩුව රාජ්‍යයට වග නොකියන, දේශපාලන හෙංචයින්ට තනතුරු දෙන ජුන්ටාවක් බවට පත්වීම.



2.) සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා සාමාන්‍ය පංතියේ බහුතර ජනයාට ඉංග්‍රීසි භාෂා දැනුම අහිමි කිරීම. ඉංග්‍රීසි භාෂාව කොළඹ සහ අනෙකුත් නගරවල ඉහළ-මධ්‍යම පංතික පවුල්වල වරදානයක් බවට පමණක් පත්වීම.


 (හැඟවුම්කරණීය උදාහරණයක් ලෙස බණ්ඩාරනායකගේ ජීව-විද්‍යාත්මක පුතා වූ අනුර බණ්ඩාරනායකට තම ඉහළ පංතික ගෙදරින්, රාජකීය විද්‍යාලයෙන් සහ විදෙස් විශ්ව විද්‍යාලවලින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්ට ලැබීම නිසා වේගයෙන් ඉංග්‍රීසියෙන් හැදෑරීමට සහ ඉංග්‍රීසිය හැසිරවීමට හැකිවීමත්, බණ්ඩාරණායකගේ දේශපාලනික අවජාතක පුත්‍රයා වූ චම්පික රණවකට අයාසයෙන් ඉංග්‍රීසි කතා කරමින් සම්මුඛ සාකච්චාවලට මුහණ දෙන්නට වීමේ අසාධාරණ ඉරණමට ගොදුරු වීමට වීම සසඳා බලන්න.)

මෙලෙස ජනයාට ද්වීභාෂිකව ආර්ථිකය තුළ මැදිහත්කරුවන් වීමේ අවස්ථාව අහිමිවී ගොස් දැනට වසර 66කි.



3.) 1953න් පසු 2022 වනතුරුම ජනතාව සිංහල, දෙමල, මුස්ලිම් ලෙස බෙදී දේශපාලනය කිරීම හේතුවෙන් මහා සිවිල් වරිග සටන් ඇතිවීම, යුද්ධ ඇතිවීම, දක්ෂතාව සහ බුද්ධිය හිමි අතිවිශාල තරුණ සහ තරුණ නොවන මනුස්ස ජීවිත ප්‍රමාණයක් අහිමිවීම, විශාල දේපල හානි සිදුවීම,  විදෙස් දේශපාලනාර්ථික බලපෑම්වලට හසුවීමට ලෙහෙසි පහසු ගොදුරු බිමක් බවට ශ්‍රී ලංකාව පත්වීම.


1956න් පසුව වසර 66ක් යනතුරු ආර්ථිකය අමතක කර, දේශපාලනයේ ප්‍රධාන සංවාදය සිංහල සහ දෙමල වරිග භාෂා අතර ප්‍රශ්නයේ සාකච්චාවක් බවට පමණක් පත්කරගනිමින් සිටීමේ ප්‍රතිඵලයක් හැටියට, ජනතාවගේ මූලික අවශ්‍යතා පවා අභියෝගයට ලක්වන තුරු ම, ජනතාවට ආර්ථිකය කඩා වැටෙන බව අවිඥානිකව තිබීම සහ සවිඥානක කළත් ගණනන් නොගැනීම.

අද හදිසි කඩා වැටීමට හේතු ලෙස දේශපාලකයින් විසින් (විශේෂයෙන් වරිගවාදය පදනමින් බිහිවූ ශ්‍රීලනිප දේශපාලකයින් විසින්) “ආර්ථිකය ප්‍රාග්ධනයෙන් කෑලි කඩාගන්නා ජාවාරමක් බවට” පොදුජනයාට පූර්වාදර්ෂය සැපයීම ද, රාජ්‍ය ආයතනවලට එන නාගරිකයන් ලෙස පුහුණු නොවූ ගැමි සේවකයින්ට සේවා ඉලක්ක නොදීම දඩමීමා කරගෙන ඔවුන් ද සේවාකාලයෙන් වැඩිමනත අයිස්ගසමින් වැටුප් ලබන සහ වැඩ වර්ජන හිතකාමී පිරිසක් වීම ද, ඒ හරහා පාඩු ලැබූ රටේ රාජ්‍ය ආයතන දල ජාතික නිෂ්පාදනය ඉවක් බවක් නැතුව කාදමන(ඩොලර් සංචිත ගිලදමන) ආයතන බවට පත්වීම ද, සමෘද්ධිය වැනි සුභසාධන ලබන ජනතාවගේ ප්‍රමාණය සුළුතරයක් නොවී බහුතරයක් වීම ද මතුපිටින් දැකිය හැකිය.

 
එහෙත් මේවා රෝගයේ රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවේ.


රෝග නිධානය වන්නේ වසර 66 වසරක් තිස්සේ ජනතාවට ආර්ථිකය අමතක කළ දේශපාලනයක් කාතබහේ පැවතීමට බලකරන ලද බණ්ඩා-චෙල්වා-නලින්-චම්පික-ප්‍රභාකරන්වාදී වරිග දේශපාලන කතිකා අධිනිෂ්චය වීම යි.
 
 
 
එනිසා අසීමිත දූෂනය රටේ ව්‍යසනය පෙන්නුම් කරන රෝග ලක්ෂනයක් මිස, රෝග නිධානය නොවේ. රෝග නිධානය වන්නේ 66 වසරක වරිගවාදය බව දැන්වත් ජවිපෙ විසින් රට පුරා ප්‍රචලිත කළ යුතුව ඇත.
 
 
 
ප්‍රාග්ධනයේ ගෝලීයකරණ ආර්ථිකය ලක් රටට බලපාමින් ඩොලර් සංචිත හිඳී යන තෙක් ම කාටවත් මේවා ප්‍රශ්න, ගැටළු, අර්බුද හෝ ව්‍යසන ලෙස පෙනුනේ නැත.

 වරිගවාදය අනුව දේශපාලනය කිරීමෙන් කාලය කා දැමීම නිසා අපි අපේ ජාතික ආර්ථිකය ගෝලීය ආර්ථිකය තුළ සුදුසුකම් ලැබූ ව්‍යූහයක් බවට පත්කරගැනීම 1994 සිට වසර 28ක් පුරා ම අතපසු කර දමා ඇත.

ඒ හේතුවෙන්, දැන් කලාපීය සහ ගෝලීය ආර්ථිකවාදී දේශපාලනය අපිට වරිගවාදය අවසන් කර දමන හැටිත්, ඊළඟට ගෝලීය ධනේෂ්වර සිස්ටම් එකට සෙට් වෙන හැටිත් අමුතුම නව-නූතන භාෂාවකින් කියාදීමට පටන්ගෙන ඇත. එය මේ වනවිට ක්‍රියාවෙන් ද ඔප්පු කර හමාරය.
 
rw 22.7.21
 
ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවීම පොහොට්ටුවේ කුමන්ත්‍රණයක් ලෙස හඳුනාගැනීම අදේශපාලනික ය. රනිල් වික්‍රමසංහ ජනාධිපතිවීම අකාබනික ඇල්ගෝ-රිදමයන් කෙර් විශ්වාසය තබන ගෝලීය සහ කාලපීය දේශපාලනයේ ආර්ථික ආඥාවක් ය.
 
 
 
ඒ නිසා වසර 66ක් තිස්සේ අපේ ගරා වැටෙන ආයතන ක්‍රම-පද්ධතියෙන් කරගන්නට බැරිවූ දේ, ගෝලීය නව-නුතන තාක්ෂණික නිෂ්පාදන උපකරණ (Neo-Modern technological Means of Production) හරහා ඉශ්ඨ සිද්ධ වීමට පටන් ගෙන ඇත.
     
බලන්න, ලක් කොදෙව්ව තුළ මෙතෙක් තිබූ සියලු වරිගවාදයන්ට අදාළ කතිකාමය භාෂා-ව්‍යුහ සියල්ල එකවර පුපුරවා හැර කුඩු-සංසාර කර දමමින්, 1956යේ සිට වසර 66ක් තිස්සේ  වරිගවාදයන් විසින් ගෙනා ජාතික ආර්ථික විනාශයේ අවසන් නටඹුන් මත 2022කේ දෙවෙනි භාගය එළිපත්තේ රනිල් වික්‍රමසිංහ ජනපති පදවිප්‍රාප්තිය හරහා ගෝලීය ධනේෂවරයෙන් යෝජිත ආර්ථිකවාදී නව-නූතන දේශපාලන කතිකාවක් සහ නායකත්වයක් හිස ඔසවා ඇති බවත්, ඒ නව ආගමනය පසුබිමෙහි පවතින එකී නව-නූතන ඓතිහාසික තෝරාගැනීම, මිනිස් කාබනික මොළ සහිත මැදිහත්වීම අවම අකාබනික-තාක්ෂණයට ( Inorganic Technoilogy) අදාළ ඇල්ගෝ-රිදමයක තොරතුරු සහ දත්ත විශ්ලේෂණ අනුව සිදුවූ කෘතිම-බුද්ධි(Artificail Intelligence) ක්‍රියාදාමයක නොවැලැක්විය හැකි ප්‍රතිඵලයක් බවත් දන්නෝ දනිති.

මම මේ කියමින් සිටින දේ ලක් කොදෙව්වේ ජනාධිපති මන්දිරයේ ස්විමින්ග් පූල්වල නාපු සහ නව-නූතන එක්සියිස් මැෂින් රුවිතෙට පැදපු මාන්නක්කාර ගොං බයියන්ට තෙරෙන්නේ නැති නිසා කට උඩ බලි ඇරගෙන අහං ඉන්න තමයි තියෙන්නේ.


හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,
 
 
 
පුරාතන සේද මාවතේ පිහිටි ලෝක වෙලඳාම්කාර කොදෙව්ව, 2022 ගෝලීය ප්‍රාග්ධනයේ අකාබනික ඇල්ගෝ-රිදමයක කැඳවීමට යටත්වූ මහා ජන අරගලයකින් අනතුරුව, අකාබනික ඇල්ගෝ-රිදමයකින් ම යෝජනා කළ පරිදි රනිල් නම් පුද්ගල පෞර්ෂය ජනපති කරවන්නට පාදක වූ ගෝලීය කථාන්දරය දිගහැර දෙන්නට අවසරයි!
 
 
ආයුබෝවේවා අකාබනික ඇල්ගෝ-රිදමයාණෙනි !


ඇල්ගෝ-රිදමයක් යනු කුමක්ද?


සරලව ඇල්ගෝ-රිදමයක් යනු “ගැටළු විසඳීම පරිගණක තාක්ෂණයෙන් ම කරදීම” සඳහා යොදාගන්නා පදයකි.


ඒ කියන්නේ?

ඇල්ගෝ-රිදමයක් කියන්නේ “නිෂ්චිත ගැටළුවක් විසඳීම සඳහා මනාව අර්ථකතනය කරන ලද උපදෙස් සෙට් එකක්.”

මේ උපදෙස් සෙට් එක ලබාදෙන්නේ මිනිස් මොළයකින් නොවන කොම්පියුටර් ප්‍රෝගෑම් එකකිනු යි.

ඒ නිසා ම ගැටළුවක් විසඳීමේ ක්‍රියාපටිපාටිය වන්නේ ද මේ ඇල්ගෝ-රිදමය ම යි.

ඇල්ගෝ-රිදමය උපදෙස් දෙන්නේ ආවාට ගියාට නෙවෙයි. ඇල්ගෝ-රිදමයක් උපදෙස් දෙන්නේ මිනිස් මොළයට වඩා දහස්වාරයක ධාරිතාවයක් සහිතව එකතුකරගත් තොරතුරු සහ දත්ත මිලියන ගණනක් තත්පර කිහිපයක් ඇතුළත එකවර විශ්ලේෂණය කරගනිමිනු යි.


අපි සංවර්ධිත පිටරටකට රෙසියුමේ එකක් හෙවත් ජීව-දත්ත ලේඛණයක් හෙවත් ජොබ් ඇප්ලිකේෂන් එකක් යවනකොට, ඒක පළමුවෙන් ම ගැලපෙන ලේඛනයක් ද නැතිද යන වග තීරණයකර තෝරාගනු ලබන්නනේ මනුස්සයෙකු නොවන ඇල්ගෝ-රිදමය නම් අජීවී කොම්පියටර් ප්‍රෝග්‍රෑමයකිනුයි. ඒ තෝරනු ලබන ජොබ් ඇප්ලිකේෂන් එක හැරුණුකොට තෝරානොගත් ඒවා නොගැලපෙන බව තීරණය කරන්නේ ද කාබනික මිනිස් මොලයක සහ ස්නායු පද්ධතියක මැදිහත්වීමක් නැති නව-නූතන තාක්ෂණ යන්ත්‍රයක් වන අජීවී කොම්පියටර්යේ ස්වයං-ප්‍රෝග්‍රෑමයක් ලෙස බිහිකර දෙන යෝජිත අකාබනික ඇල්ගෝ-රිදමයකිනු යි.


algo

තවමත් ගෝලීය ප්‍රාග්ධනයේ කෙන්ද්‍රීය ආධිපත්‍යය ලෙස පවතින ඇමෙරි-යුරෝ කලාපයේ නව-නූතන නගරවල සිට ඒ නගර ක්‍රියාත්මක කරවීම සඳහා යොදාගනු ලබන්නේ, නව-නූතන අකාබනික තාක්ෂණ උපකරණවලට අයත් දෘඩකාංග (Hardwear) සහ මෘදුකාංග (Softwear) වල උපකාරයෙන් ක්‍රියාත්මක කෙරෙනා ඇල්ගෝ-රිදමයන් ය.

මේ ඇල්ගෝ-රිදමයන් විසින් ම ක්‍රියාත්මක කරවනු ලබන ලොව අනේක දේශයන්ට අදාළ කලාපීය දේශපාලනාර්ථික තීන්දු තීරණවලට පක්ෂ වන, ඇමෙරි-යුරෝ කෙන්ද්‍රයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන නියෝජිතවරයා සහ කලාපීය බලවතා ද වන ඉන්දියන් රාජ්‍යය හරහා දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල්වලට ඇල්ගෝ-රිදමයන්ගේ අවසන් දේශපාලන තීන්දු-තීරණ මොනවාදැයි ප්‍රකාශකොට මුදාහැරීම ගෝලීය ක්‍රියාපටිපාටියේ ම සාමාන්‍යයෙන් කොටසක් බව දන්නෝ දනිති.
 
 
ඒ අනුව දකුණු ආසියාවේ භෞමික මර්මස්ථානයක් වන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවීමට සුදුස්සා තීරණය කරන ජීව-දත්ත හෙවත් ජොබ් ඇප්ලිකේෂන් කිහිපයක් අතරින් රනිල් ඇතූළට සහ අනුර, චම්පික, ජනරාල් ෆොන්සේකා, ඩලස් දොට්ට. සජිත්ට ඇපත් නැත. ඇමෙරි-යුරෝ ගෝලීය ධනේෂවරයේ දකුණු ආසියානු සැලැස්ම ඉන්දියාව හරහා දැන් අපවෙත දිගහැරී අවසාන ය. ඉදින් ආපසු හැරීමක් නැත. අනතුරක් සිදුනොකරගෙන නව-සිස්ටම් චේන්ජ් එකකට අනුගතවීම එකම විකල්පය වී ඇත. 
 
 
එතකොට අර තෝරන වැඩේ කරන ඇල්ගෝ-රිදමයේ ෆෝමැට් එකට ගැලපෙන්නේ නැති ජොබ් ඇප්ලිකේෂන් ටික දොට්ට දැමුනා, නෙහ්?

කොතරම් බුද්ධිමත් වුණත්, කොතරම් විෂය හදාරල තිබ්බත්, පොළවේ අත්දැකීම් කොයිතරම් තිබ්බත්, ජොබ් ඇප්ලිකේෂන් එකක් හෙවත් රෙසියුමේ එකක් හදන මූලික ඇල්ගෝ-රිදමික අනුපිළිවෙල කැඩුවොත්, ඒ මනුස්ස පුද්ගලයා දොට්ට තමයි.

කොටින්ම කියුවොත් සිස්ටම් කැඩුවොත් ඔයාව දොට්ට දාන්නේ මිනිස් පාලකයෙක් නෙවෙයි, අකාබනික යන්ත්‍රයකින් ක්‍රියාන්විත වෙන ඇල්ගෝ-රිදමයක් විසිනු යි.
 
 
 
ඒ නිසා ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍ය ව්‍යවස්ථාවේ එන සවෛරී රාජ්‍යයට අදාළ වගන්ති තවදුරටත් සාපේකෂ වන්නේ ලක් කොදෙව්වට හිමි ඉඩම හෝ මිනිස් ඔළුගෙඩි ප්‍රමාණය මත ම නොව, ගෝලීය කේන්ද්‍රය වන ඇමෙරි-යුරෝවේ ප්‍රාග්ධනයට දකුණු ආසියාව සම්න්ධයෙන් ඇති ආර්ථික න්‍යාය පත්‍රය පරිදි ය.
 
 
 
“දේශපාලන තත්වයක්” (Political Condition)
 
1649990815 Occupy Galle Face protest in Sri Lanka L
 
අරගලය කැඳවූයේ ලාංකීය මහ පොළවේ දේශපාලන පක්ෂයක් නොව සයිබර් එජන්තවරුන් ය.
 
 
එතකොට පොහොට්ටු ආණ්ඩුව සහ විපක්ෂයේ සියළු මන්ත්‍රීලා තමන්ව රැකගන්න තැනට ඇදවැටී රනිල්ට චන්දය දෙන්නට සිදුකරවූයේ “දේශපාලන තත්වයක්” (Political Condition) ඇතිකරලීම මගිනුයි.

පසුපසට කියවාගෙන ගියොත් එකී “දේශපාලන තත්වය” ඇතිවුණේ අරගලය නම් ජනඝෝෂක මැදිහත්වීම නිසයි. අරගලය කැඳවූයේ ලාංකීය මහ පොළවේ දේශපාලන පක්ෂයක් නොව සයිබර් එජන්තවරුන් ය.
 
 
ඔවුන් එතනට යොමු කළේ ඇල්ගෝරිමදයන් බව යැයි කිව්වොත්, දැනට ඒ ඒජන්තවරුන්ට පවා ටිකක් ඔරේ මන්දං මානසික ගතියක් ඇතිවෙන්නට පුළුවනි. ඒත් මේ කියන දේට සිනහ නොවී නව-නූතනවාදී කේන්ද්‍රය විසින් තීන්දු තීරණ ගැනීමට ඇල්ගෝ-රිදමයන්ට පූර්ණ බලතල දීම පිළිබඳ ලෝක දැනුම හදාරන්න. බැරිනං මේ කියන දේට බඩවැල් ඇදෙනකං හිනාවෙලා, ආයෙ වතාවක් ජනාධිපති මැදුරේ ස්විමිං පූල්වල නාන්න ජනයා එවන්න! මේ පාර නම් අම්බානක කන්න වෙනවා සත්තයි! 
 
 
 
ලෝකයේ තීන්දු ගැනීම කාබනික රසායනයේ සිට අකාබනික රසායනය දක්වා සීග්‍රයෙන් මාරුවෙමින් පවතිනවා. ඒ හින්ද මේ නව-නූතන ක්‍රමය එපා කියල නාහෙන් අඬල වැඩක් නැහැ.


මේ තමයි ඊළඟ යුගය!


යුගයේ තාක්ෂන ආධිපත්‍යය හදාරන්නේ නැතිව යුගයක් වෙනස් කළ නොහැකිය.

මේක තමයි මේ ඉසෙඩ් ජෙනරේෂන් එක ඇල්ෆා ජෙනරේෂන් එක දක්වා මාරුවෙන ඊළඟ තීරණාත්මක යුග මොහොත.    

දැනටමත් ලක් කොදෙව්වේ නාගරික මධ්‍යම පංතික තරුණ තරුණියන් සහ පරිගණක ආශ්‍රිත ප්‍රජා හැරුණුකොට මේ කොදෙව්වේ ඉන්න කොදෙව්වාදී වැසියෝ බහුතරයකට මං මේ කියන ඇල්ගො-රිදම් කතාව ග්‍රීක් වගේ අපබ්‍රංසයක් වී ඇතැයි කියා මා නිෂ්ටාවට ම දන්නා නිසා, ටිකෙන් ටික පුළුවන් තරමින් ලිහල දෙන්නම්.

ඒ හින්ද මේ වියමන බරසාරයි හෝ මලවිකාරයක් වගේ කියල හැරදාල යන්න එපා!

අවසානය තෙක්ම රැඳී ඉන්න!
 
 
එපිසෝඩ් නහුතයක් තරම් ඇති ටෙලි-ඩ්‍රාමා එකකටත් වඩා වැඩි උනන්දුවකින් අවසානය තෙක් ම රැඳී ඉන්න. මොකද ඊට වඩා මේක වටිනව. අනික මම මේ ලියමින් සහ හෙළිදරව් කරමින් ඉන්නේ, ඔහේලගේ ඊළඟ දශකයේ අනාගතය.
 
 
හිතවත් පුරවැසියනි, ගම්වැසියනි, මූකලන් වැසියනි,


ලෝක ගෝලය නියෝජනය කරන වත්මන් 2022කේ සංවර්ධිත මානවයා තම අනාගත තොරාගැනීම් දිසානත කරඇත්තේ කොහාටද?

බලන්න!

“ලෝකයේ අපි විසින් නැරඹීම හෝ වින්දනය කිරීමට තොරාගත යුතු හොඳම දේ කුමක්දැයි අපිට කියාදෙන්නේ නෙට්ෆිල්ක්ස්.

ලෝකයේ අපි මිළදීගත යුතු හොඳම දේ කුමක්දැයි අපිට දැනුම්දෙන්නේ ඇමසන් ජාලය.

naaa
නෙට්ෆිල්ක්ස් සහ ඇමසන් දෙක ම දන්නැති අපේ රටේ ප්‍රජාවන්ට සිද්ධ වෙන්නේ, ඒවා දන්න උදවිය ඉදිරියේ හූල්ලන්න, හෑල්ලුවට ලක්වෙන්න සහ ඔවුන්ගේ පරිගණකවාදී මතයට යටත් වූ යටවැසියන් බවට පත්වෙන්න.


 නෙට්ෆිල්ක්ස් සහ ඇමසන් දෙක ම දන්නැති අපේ රටේ ප්‍රජාවන්ට සිද්ධ වෙන්නේ, ඒවා දන්න උදවිය ඉදිරියේ හූල්ලන්න, හෑල්ලුවට ලක්වෙන්න සහ ඔවුන්ගේ පරිගණකවාදී මතයට යටත් වූ යටවැසියන් බවට පත්වෙන්න. 


ඒ මොකද දන්නවද?


ඒ නොදන්නා උදවිය තවමත් හිතින්-මනසින් ඉන්නේ (being) මේ වත්මන් ගෝලීයකරණ ලෝකයේ නෙවෙයි. එයාලා හිතින්-මනසින් ඉන්නේ එයාලගේ සීමිත භෞමික ප්‍රාදේශිකත්වයන් තුළ විතරයි. ලක් කොදෙව්වො නම් ඉන්නේ (being) කොදෙව්ව තුළ විතරයි.

ඒ අතරිනුත් බොහෝ උදවිය ඉන්නේ (being) පුරාතන ග්‍රන්තවල එන ජාතක කතා වැනි තවත් පූර්ව-නූතන කතාවලින් හිත් පුරවගෙන. එහම නැත්තම් සිරස සහ එහි හෙජමොනික නායකත්වය යටතේ පවතින ටෙලි නාලිකාවලින් සපයන මායාත්මක ටෙලිකතා ගෙඩිපිටින් ගිලින්නට හිත හදාගෙන (being).

එහමත් නැත්තං සිංහල සහ දෙමල ඒෆ්බී එක ඇතුළෙ තම තමන්ව ම වමාරගන්නා කල්පිත සවයං-ගොසිප් වමනයන් නහුතයකින් ඩෝප් වෙලා (being).

ඒ හින්ද ඒගොල්ලන්ගේ සිතේ සිතිවිලි සමස්තයට ඇල්ගෝ-රිදමය කියන සංකල්පය නොමැත්තක් සහ නොදත්තක් (non-being). වෙන විදිහකින් කිව්වොත් ගොංපාට් එකක්. නොදන්න දේවල් ගොන්පාට් විදිහට බැහැර කරන්න මේ කොදෙව් වැසියෝ හරි රුසියෝ.  



එහෙත් හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,
 
 
 
ලොව සියළු භෞමික ප්‍රදේශ වසාගෙන පැතිරෙන පරිගනකමය සහ දත්ත සන්නිවේදනමය අකාබනික ඇල්ගෝ-රිදමික දේශපාලනාර්ථික ආධිපත්‍යයක් පවතින බව නොදැන හිටිය පළියට ඉන් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ. මොකද ඒක තමයි නව-නූතන සිස්ටම් එක මෙහෙයවන ඊළඟ ගතිකය. සිස්ටම් චේන්ජ් එකක් කරන්න කලින් සිස්ටම් එක දැනගෙන ඉන්න එපායෑ.
 
 
සිස්ටම් එක පාලනය කෙරෙන්නේ ජාතික රාජ්‍ය ව්‍යවස්ථාවෙන් ම නොව, ජාතික රාජ්‍ය ව්‍යවස්ථාවත් පාලනය කෙරෙන්නේ ගෝලීය ක්‍රම-පද්ධතියකින්. ජාතික රාජ්‍යය ඊට පහසුකම් සපයා දෙන හුදු සහභාගීකරුවෙක් (Participator) විතර යි. ඒ හින්දා ගෝලීය ක්‍රමය දුවන ස්වයං-යන්ත්‍රණය වන්නේ ඇල්ගෝ-රිදමයන් බව අවබෝධ කරගන්නට ඔහේලාට දැන් කාලය එළඹ ඇත.

ඒ අනුව නෙට්ෆිල්ක්ස් සහ ඇමසන් හෝ අලිබබා දන්න උදවියට මේ හසුවීම ගැන කිව්වහම, අඩුම තරමින් තමන් අහුවෙලා ඉන්නේ මොහොකට ද කියලවත් එයාල දන්නව.

නෙට්ෆිල්ක්ස් සහ ඇමසන්වත් දන්නේ නැති උදවිය හසුවෙලා හිටියට හසුවී සිටින්නේ කොහෙටද කියලවත් දන්නේ නැහැ. ඒ නිසා එයාලා වැරදි ඉලක්කවලට පහර එල්ල කරනවා. හරියට අනුර කුමාර රනිල්ව ජාතික පදනමකින් පමණක් විවේචනය කරනවා වගේ.

හරියට අපේ බොහෝ මිනිසුන් අපිට ඖෂධ ප්‍රතිපත්තියක් කියල එකක් තියෙනවද කියාවත් දන්නේ නැතුව, නූගත්කොමට ඔහේ දෙන බෙහෙතක් විශ්වාසයෙන් ගිලිනවා සහ බොනව වගේ. ඒ වගේ වැඩක් තමයි ඇල්ගෝ-රිදමයන් නොදත් අයට වෙන්නේ.
 
 
 
ඒ නිසා අනුර කුමාර ප්‍රවේසමෙන්! මන් මේ කියන දේ ඔයාට කලින් චම්පික රණවක ඉංජිනේරුවාට තේරුම් යාම, ඔයාගේ පක්ෂයේ අනාගත දේශපාලනය තව වසර 10කින් අවසන් වන්නට හේතුකාරක වේවි.
 
 
 
මෙයින් මම ඉඟි කර කියන්නේ, මේ වනවිටත් ගෝලීයව ක්‍රියාන්විතව පවතින අකාබනික තාක්ශණ-යාන්ත්‍ර නියෝජනය කරන ඇල්ගෝ-රිදමික ආධිපත්‍ය විසින් හොමෝසාපියනු මනුෂ්‍යයාගේ කාබනික මොළයට ඉහළින් හිඳ මිනිසුන්ගේ තෝරාගැනීම් හසුරුවනු ලබමින් ද, එසේ ම ඒ මිනිසුන්ගේ ඇතුළාන්තමය තොරතුරු රැස්කරගනිමින් ද, ඒ මිනිසුන් තම තමන් ගැන දන්නා තරමටත් වඩා ඔවුන් ගැන දැනගනිමින් සහ විශ්ලේෂනය කරගනිමින් ද පවතින බවයි.

එබඳු අකාබනික-තාක්ෂණ-යන්ත්‍ර-සූත්‍රමය පාලනයකට මනුස්ස ලෝක ගෝලය හසුවෙමින් සහ හැඩගැසෙමින් පවතින බවයි.
 
 
 
මෙහි අවදානමක් ඇත්නම් එය වලක්වාගත හැක්කේ ගෝලීය ව්‍යවස්ථාවක මැදිහත්වීමෙන් ඇල්ගෝ-රිදමයන්ගේ ක්‍රියාකාරීත්වයට මනුස්ස සදාචාර නීති රීති අනුයුක්ත කිරීමෙන් පමණි. ජාතික රාජ්‍ය ඇතුළේ හිඳ මේ අවදානමට එරෙහිව කළ හැකි කෙංගෙඩියක් නෑ අනුර කුමාර. ඉතිං නව-නූතන තාක්ෂණය ඉවත් කර ගමට යෑම නෙවෙයි මේකට උත්තරය. ඒ නව-නූතන තාක්ෂණයට මානවවාදී සදාචාර පද්ධතියක් ඇප්ලයි කරගන්න විදිහක් මතුකර ගැනීමයි මේකට උත්තරය.
 
 
 
මේ වන විට ඒ ගැන ලොව පුරා කතිකාවන් ඇතිවෙමින් පැවතුනත්, තවමත් ක්‍රියාන්විත වීම පමාවෙමින් පවතින්නේ, ගෝලීය ව්‍යවස්ථාවක් පරිපූර්ණවීම සුනංගුවෙමින් පැවතින නිසයි.

ඊට එක් ප්‍රධාන හේතුව වන්නේ දේශපාලනය තවමත් ජාතික රාජ්‍ය තුළ සුනංගු වෙමින් පැවතීම යි.

ඒ නිසා මේ අකාබනික ගෝලීය අනතුරු වලක්වාගත හැක්කේ දේශපාලනය මුළුමනින් ගෝලීයකරණය කිරීමෙනුයි. දේශපාලනය ගෝලීයකරණය කිරීමෙන් ඵල නෙලාගන්නේ, කේන්ද්‍රීය බලවත් රටවලටත් වඩා පරිවාරගත දුප්පත් රටවල්.

මේ ඇල්ගෝ-රිදමයන්ට මනුස්සයටත් වඩා ඉහළම බුද්ධියක් තිබෙනවා වී නමුත්, එය මනුස්ස සංවේදනය, ආවේග, හැඟීම්, සබුද්ධිකත්වය සහ සවිඥානකත්වය හඳුනන්නේ නැහැ.  ඉතින් මේ ඇල්ගෝ-රිදමයන් නව-නූතන මනුස්ස සදාචාර නීති රීති පද්ධතියකට යටත්ව පවත්වාගෙන යා යුතු බවට ගෝලීය බුද්ධිමතුන් අදහස් පලකරමින් සිටිනවා. නමුත් ඒක කළ හැකිවන්නේ, නව ගෝලීය ව්‍යවස්ථාවක් තුළින් විතරයි.



බලන්න ...

ලෝක ගෝලය එහි ප්‍රශ්න, ගැටළු, අර්බුද සහ ව්‍යසනයන්ට අදාළ කරගන්නා කේන්ද්‍රීය ප්‍රස්තුත ය අකාබනික ඇල්ගෝ-රිදමයන් හා බැඳී පවතිද්දී, ලක් කොදෙව්වේ බහුතරයක් උදවිය අකාබනික ඇල්ගෝ-රිදමයක් කියන්නේ මොකක් ද කියාවත් දන්නේ නැහැ?  ඒ කියන්නේ, මේ කොදෙව්වේ බොහෝ උදවිය තම තමන්ගේ අනාගතය ගැන තියා වර්තමානය ගැනවත් දන්නේ නැහැ. මේ රටේ කොදෙව් වැසියෝ අනාථ සහභාගිකරුවන් පිරිසක් විතරයි.


උදාහරණයකට මේ පහුගිය ටිකේ සිද්ධ වෙච්ච සාමාන්‍ය ජනයාට පොට්ට වූ අරගලය ගැන හිතන්න. මේ අරගලයට සහභාගී වූ මුල් නායකයින් සහ අරගලකරුවන් හුදු සහභාගිකරුවන් පිරිසක් විතරයි. අරගලයේ අවසන් ප්‍රතිපලය එයාල දන්නේ නැහැ. ඒක එයාල භුක්ති විඳින්න බලං හිටපු සිහිනමය ප්‍රාර්ථනාවට ප්‍රතිපක්ෂයි. ඉතිං ඒකෙන් එයාලට වැඩකුත් නැහැ. අරගලය මෙහෙයවපු අයට වැඩකුත් නැහැ. හිතාගන්න බැරි දෙයක් සිද්ධවුනහම තමයි එයාල කලබල වෙලා අවදි වෙන්නේ. ඒයාලගෙ මේ අවිඥානිකවාදී ගතිගුණය ද ඒ වන විටත් ඇල්ගො-රිදමයන් විසින් දත්ත මිලියන ගණනක් ඇසුරෙන් විශ්ලේෂණය කරගෙන හමාරයි.


ගෝලීය කේනද්‍රයේ බලය අහිමි වූ ලෝකයේ ඕනෑම රටක ඕනෑම ප්‍රදේශයක සිද්දවෙන ඕනෑම වැදගත් සිදුවීමක් සිද්ධ වෙන්නේ, ඒ රටවල නායකයින් හෝ විපක්ෂය හෝ අරගලකරුවන්ගේ මනසවල් තුළින් ම නොවන බවත්, එය දත්ත මිලියන ගණනකින් සහ දත්ත විශ්ලේශනයන් දහස් ගණනකින් පෝසත් ගෝලීය ඇල්ගෝ-රිදමික ප්‍රෝග්‍රෑමයකින් මෙහෙයවන්නක් බවත් මම දැන් කිව්වොත්, මේ කොදෙව් වැසියෝ මට බඩ අල්ලගෙන හිනාවේවි. මොකද එයාල අරගලය කළේ එයාලගෙ හිතට අවංකව නිසා.

නමුත් චීනය විසින් ගෝලීයකරණය තුළ ඇමරි-යුරෝවට බැලමෙහෙවරකම් කරල සහ අපාදුක් විඳ උපයාගත් ගෝලීය ප්‍රාග්ධනය, ඇමෙරි-යුරෝ කේන්ද්‍රයේ ගෝලීය ප්‍රාග්ධන ප්‍රමාණය හා සමාන්තර වෙත්දී, චීන භාෂා-ව්‍යුහම යොදාගත් නව රහස් ඇල්ගෝ-රිදමයන් නිෂ්පාදනය කරගනිමින් පවතිනවා. අනාගතයේදී ඇමෙරි-යුරෝ ඇල්ගෝ-රිදමයන් විසින් ඒවා හැක් කරනවාද, නැතිනම් චීනය විසින් ඇමරි-යුරෝ ඇල්ගෝ-රිදමයන් හැක් කරනවාද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි.
 
 
මේ දෙපාර්ශවයන් අතරින් සුර්යග්‍රහ මණ්ඩලය තුළ දත්ත සහ තොරතුරු වැඩියෙන් ම රැස්කරගැනීමට හැකි පාර්ශවය ජයගනීවී. නැතිනම් දේපාර්ශවය අතර සහයෝගීතා ගිවිසුම් ඇතිවේවි. එහෙමත් නැතිනම් දෙපාර්ශවය අතර අකාබනික සයිබර් යුද්ධයක් ඇතිවේ. එහෙම යුද්ධයක් ඇතිවුණොත් චීනය මුළින් ම පහර දෙන්නේ ඉන්දියාවේ පරිගණක පද්ධතියේ ඇල්ගෝ-රිදමයන්ට වන නිසා, එය ලක් කොදෙව්වට සෘජුවම ම බලපානවා ඇත.
 
 
ඉතිං ඔයාල මට බඩඅල්ලගෙන හිනාවෙන්න!    

ඒත් මම කියන්නේ ඇත්ත. ඔහෙලා, ඔහෙලා ගැන ම නොදන්නා භයානක ගෝලීය ඇත්ත තමයි මේ.

රනිල් ජනාධිපති වීමේ මෙකී දරාගත නොහැකි ඇත්ත එළිදරව්කරගන්න බැරුව සමහර තරුණ උදවිය සියදිවි නසා ගැනීම ගැනත් එෆ්බී එකේ කතාබහ පටන් අරන් තියෙනව. උත්තරය ජීවිතය නැතිකරගැනීම නොවේ. උත්තරය දකුණු ආසියාවට අදාල පෙන්ටගනයේ ඇල්ගෝරිදමයන් සහ චීන ඇල්ගෝ-රිදමයන් සොයා හඳුනාගැනීමයි. ඒක මෙබඳු ෆන් අරගල කරනවට වඩා ඇඟ රිදෙන වැඩක්. ඉදිරියේදී ඉංග්‍රීසි සහ චීන භාෂා නූගත් පුරවැසියන් සිටින දකුණු ආසියානු රාජ්‍යයන් වේ නම් ඒවාට දෙයියන්ගේ ම පිහිට යි. 
 
Galileo Galilei
 
ගැලීලියෝ
 
 
ලෝකයේ පෙර එක් දවසක හිරු වටා පෘථිවිය ඉලිප්සීයව කරකැවෙන බවට ගැලීලියෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරද්දී, ලෝකය ම ඔහුට හිනාවී වසදී මරා දැමුවා. ඒත් ගැලීලියෝ එහෙම කියන්නට කලිනුත්, එහෙම කිව්වාට පසුවත් පෘථිවිය ඉර වටේ කැරකුනා සහ අදටත් කැරකෙනවා. ගැලීලියෝ එසේ කිව්ව නිසා නෙවෙයි ඒ. පෘථිවිය එහෙම කරකැවෙන නිසයි ඒ.

ඒ හින්ද මම මේ කියන දේවල් සිද්ධවෙන්නේ මං කියන නිසා නෙවෙයි. “අකාබනික ඇල්ගෝ-රිදමය”  මේ වන විටත් ගෝලීය යථාර්තයක් විදිහට ක්‍රියාත්මක වෙමින් පවතින නිසයි.  

රටක දේශපාලනයේ මතුපිට මුහුණුවර ජාතිකවාදී දේශපාලනයක් සේ පෙනුන ද, එහි අවසාන තීන්දු පැමිණෙන සැබෑ සැඟවි පරමාදර්ශීය යාන්ත්‍රණයන්, ගෝලීය ආර්ථිකයට සුදුසු වන ඊළඟ ගෝලීය දේශපාලන ව්‍යවස්ථාව වෙනුවෙන් දත්ත සහ තොරතුරු මිලියන ගාණක් විශ්ලේශණාත්මකව ගවේශනය කරමින් සිටින ඇල්ගෝ-රිදමයන් නිමකර දෙන යථාර්තයකට යටහත්ව පවතින බව මා කියත්දී සවන් ඇත්තෝ සවන් දෙත්වා!

ඉදිරියට පැමිණෙන වසර 10-20 ඇතුළත ඔහෙලා ඉනෙගත යුත්තේ මොනවද, යා යුත්තේ මොන පාසලකට ද හෝ විශ්ව විද්‍යාලයකට ද, රැකියාව කළ යුත්තේ කොහේද, ඒ විතරක් නෙවෙයි විවාහ විය යුත්තේ කා සමඟ ද, චන්දය දිය යුත්තේ කාහටද වැනි තෝරාගැනීම් සේ ම, ලිංගිකව හැසිරිය යුත්තේ මොන පොසිෂන් එකකට ද කියන එක පවා ඇල්ගෝ-රිදමයන්ගේ මඟපෙන්වීම අනුව සිදුවෙන්නට නියමිත බව ඔහෙලා දන්නවාද?
 
 
මෙන්න මේක තමයි සිස්ටම් එක. පැස්බරා වගේ ඔළුව ජාතික රාජ්‍යය ඇතුළේ ගහගන්නේ නැතිව පුළුවන් නම් සිස්ටම් එක චේනජ් කරන්න!
 
 
ඉදිරි වසර 10-20 ඇතුළත“හැක් කිරීම” (අනවසරව ඇතුළ්වී පද්ධතියක් වරදකාරී යොමුවකට හැරවීම)


පරිගනක වලට විතරක් සිදුවන දෙයක් නොවන බවත්, එය මනුශ්‍ය ශරීරයේ සියළු කාබනික පද්ධතීන්වලට ම සිදුවීමට නියමිත බවත් ඔබ දන්නවාද? කෝවිඩ් නිසා තම කාබනික පද්ධතියට එන්නත් කරගත්තු දියරන්වල අකාබනික රසායනයක් තිබුණ ද නැති ද කියලවත් ඔහෙලා නිකමට සොයා බැලුවාද?

කොදෙව්වෝ බහුතරයක් මොකද කළේ? ගහන්න කිව්වා. ඔහේ ගහගත්තා.

ඇයි?

එන දේවල් පරීක්ෂා කරල භාරගන්න තරම් වන දියුණු ලාංකීය ඇල්ගෝ-රිදමයන් අපිට නොමැති වීම.

ඉතින් අපි තරමක් කේවල් කරන්නවත් වරප්‍රසාද නොලැබූ හුදු අනාථ සහභාගීකරුවන් පිරිසක් විතරයි හැමදාම සහ තවමත්.

කාබනික ඇල්ගෝ-රිදමයකට, මනුස්සයෙක් ගැන, ඒ මනුස්සයා දන්නවාටත් වඩා දේවල් දැනගත හැකියි. නිකං හිතන්න මේ විදිහට. ඔයාට ඔයාගේ ඇතුළාන්තය දැනගන්න හම්බානක භාවනා කරමින් සොයා යන්න ඕන බව තමයි කලින් නිර්දේශිත භාවිතාව. දැන් ඇල්ගෝ-රිදමයෙන් ඔයා විසින් තව අවුරුදු 10කට පස්සෙ ගන්නට නියමිත ඔයාවත් නොදන්නා තීරණ හඳුනාගෙන ඉවර නම්, මොකද දෙයියනේ කරන්නේ?...
 
 
 
ඔයාට ඔයාගේ මනුස්ස අනන්‍යතාව නැතිවෙලා යනවා වගේ වැඩක්නේ මේ වෙන්නේ. අනික, ඇල්ගෝ-රිදමය ඔයාව ඇල්ගෝ-රිදමයට උවමනා ඉමකට මෙහෙයවන්නට පුළුවන් නම් ...? එතනින් එහාට, ඔයාගේ ජීවිතය, ඔයාගේ ස්වයං-තීරණය අනුව සිද්ධ වෙන දෙයක් නෙවෙයි.
 
 
බලන්න,

මේ ලිපිය කියවනකොට ඇල්ගෝ-රිදමය ගැන දන්න අයට තමන් අහුවී සිටින තැන් හොඳට තේරෙනව ඇති. ඇල්ගෝ-රිදමයක් තියා පරිගනකයක්වත් ගැන දන්නේ නැති අයට තමන් අහුවී සිටින තැන තේරෙන්නේ කොහොමද අප්පා!

ඒත් දොගොල්ලලොම එකවිදිහට ම නව-නූතන සිස්සටම් එකට අහුවෙලයි ඉන්නේ. අතුරු අනතුරුවලින් ගැලවීම උදෙසා පළමුව අහුවෙලා සිටින බවවත් පිළිගත යුතුයිනේ හලෝ.

ඇයි?

මේ වන විට සංවර්ධිත රටක රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන ප්‍රභූ පන්තියේ උදවිය (එලීට් එක) මේ ඇල්ගෝ-රිදමය ගැන දන්නවා සහ ඒවාට පරිපාලනමය පද්ධතියට ඇතුළුවීමට ඉඩදී හමාරවෙලත් දැන් ගොඩක් කල්.  
 
 
ඉතිං බලන්න, ඔහෙලා මොනවහරි හොයාගන්න කලින් ම ඇල්ගෝ-රිදමය ඒ ගැන දන්නවා. ඔයා පිළිකා රෝගියෙක් වෙන්න වසර ගණනකට කලින් ඇල්ගෝ-රිදමය ඒක දන්නව නම්? ඔයා තමන් සමලිංගිකයෙක් බව හඳුනගන්න වසර ගණනකට කලින් ඇල්ගෝ-රිදමය ඒක දන්නව නම්? ... සමලිංගික සේවන භීතිකාවෙන් පෙළෙන රටක රාජ්‍ය තන්ත්‍රය ඔයාට කලින් ඔයා සමලිංගිකයෙක් වෙන්න යන බව දැනගෙන ඔයාව මරා දැමුවොත් ? ...
 
 
මොකක්ද මම මේ ඔයාලට කියල දෙන්න හදන්නේ?


තවදුරටත් ලෝක ගෝලය තුළ හැක් කළ හැක්කේ පරිඝනනකයන් විතරක් නොව, මනුස්ස සතා, එයාගේ ඇතුළාන්ත සිත, සහ එයාගේ කාබනික ශරීරයේ කොටස් සහ පරිසරයේ කාබනික කොටස් අකාබනික ඇල්ගෝ-රිදමයන් විසින් හැක් කළ හැකි තත්වයට පත්ව තිබෙන බවයි මම මේ කියල දෙන්න හදන්නේ.

අපගේ දත්ත (විශේයෙන් අපගේ ජෛව-මිතික-දත්ත - Bio matric data) අනුව සිද්ධවෙන ස්වභාවික පරිණාමය, මේවන විට ලොව කාබනික මානව-ප්‍රභූන්ට හිමි අකාබනික ඇල්ගෝරිදමයන් විසින්  මෙහෙයවන්නට පටන්ගෙන හමාරයි.

තව දශකයක් ඇතුළත එය ලෝක ගෝලයේ පූර්ණ ක්‍රම-පද්ධතිය ලෙස පැතිරී යන්නට ද නියමිත යි.

 එතකොට අපේ ජීවිතය සහ අපේ ශරීරයේ හෝ පරිසරයේ ජීව-විද්‍යාත්මක පද්ධතීන් හැක් කරන්නටත්, හැක්කරගත් ඒවා යලි ප්‍රති-ඉංජිනේරුකරණය කරන්නටත් ඇල්ගෝ-රිදමයන්ට ව්‍යවස්ථාපිත බලය ්නට යන බව ඔහෙලා දන්නවාද?

මනුස්සයෙකුට, තමංගෙ ජීවිතය කියන දේ, තමන් “ස්වභාවිකව කරන තෝරාගැනීමක්” (Natural Selection) හරහා පරිනාමය වෙන්නට හරින සන්තතියක කොටසක් වනවා වෙනුවට, වෙනත් පරිගනකමය කාබනික බුද්ධි-සැලසුමකට යටත්ව කරන දෙයක් බවට පත්කිරීමේ වගකීමෙන් සීයට 70ක්ම ක්‍රියාවට නැගීම, මේ වෙන විටත් අයිබීඑම් සහ මයික්‍රොසොෆ්ට් කොම්පැනි භාරගෙන අවසන්.


ඒ හින්ද ඔයාල අරගලයට සහභාගි වුණේ ඝෝටා හින්ද හෝ රනිල් හින්ද හෝ නෙවෙයි. ඇල්ගෝ-රිදමයකින් මෙහෙයවනු ලබන සමාජ-මාධ්‍ය හරහා යි. එහෙම නැතිනම් නම් මේ කොදෙව්වට ඇල්ගෝ-රිදමයන්ගේ ආධිපත්‍ය නොමැති තිබූ ඒ 88-89 කාලයේදීත් මේ වගේ ම මහා ජන ගඟක් පාරට බහින්න එපැයි. ඔයාලා මෙවර අරගලයට පාරට බැස්සේ ඇල්ගෝ-රිදමයකින් කළ සයිබර් කැඳවීමක් හරහා යි. මේ අරගලය කැඳවනකොට ම ජනපති වෙන්නේ කවුද කියලත් ඒ ඇල්ගෝරිදමය විසින් ම තීරණය කරල ඉවරයි. ඒ තීරණයට අරගලකරුවන් විරුද්ධ වෙනවා කියලත් කලින් ම දැනගෙන ඉවරයි. ඒකට මොනවගේ පිළියම් සැපයිය යුතුද කියලත් නිර්දේශ කරගෙන ඉවරයි.



ඒ හින්දා මේ සියල්ල පිටුපස තියෙන්නේ අකාබනික ඇල්ගෝ-රිදමික ගෝලීය න්‍යාය පත්‍රයක්!


පැතුම් නිදහස් කරන්න බලකරන්න ඕනි - මහේෂ් හපුගොඩ

ලක් කොදෙව් රට තුළ සයිබර් කැඳවීමකින් කරන අරගලයක් කියා දෙයක් ඇතිකිරීමේ පළමු මුලපිරීමට මුලින් ම නායකත්වය දුන්නේ එවකට එංගලන්තයේ සිටි පැතුම් කරනර් නම්, ඔහුව ඒ මුළපිරීමට අදාළ මුළ් විශ්ලේශනවලට අවිඥානිකව යොමුකළේ සහ මෙහෙයවූයේ කුමකින් ද කියා ඔහු පවා නැවත සිතා බැලිය යුතුයි.


ඉතින්, ගෝලීය අති-තාක්ශණීය ඇල්ගෝ-රිදමයක අනුදැනුමකින් තොරව සිදුවිය හැකි ජාතික දේශපාලන ක්‍රියාන්විත එකක් හෝ පවතිනවාද කියල හොයල බලන්න.

පැතුම් කරනර් හෝ වෙනයම් සයිබර් කැඳවුම්කරුවෙකුට ගෝලීය සැටලයිට් තාක්ෂණයේ සපෝට් එකෙන් දුවන ඇල්ගෝ-රිදමික බලපැවැත්මට කොලේ වහල ස්වාධීන සයිබර් අරගලයන් කැඳවිය හැකි ද?

ඔහු ද අරගලය මෙහෙයවීමෙහි සහභාගීකරුවෙක් විතරක් බව කවුරුන් හෝ දන්නවාද?

නැතිනම් ඔවුන් ප්‍රාර්ථනා නොකළ රනිල් ජනපතිවීමෙන් කෙලවර වන ප්‍රතිඵලය ආවේ කොහෙන් ද?

පැතුම් කර්නර්ගේ වීරත්වය හදිසියේ ම ඩිලීට් වී ගියේ කුමන නම් අරුමයකින්ද?

මෙය අහම්බයක්ද?

නැත්තං මේක රනිල්ගේ නූල්-සූත්තරවාදී කුමන්ත්‍රණයක් ද?

රනිල්ට තිනියම එහෙහ කුමන්ත්‍රණයක් කළ හැකිනම්, රනිල් ගෝලීය ඇල්ගෝ-රිදමයටත් වඩා බලසම්පන්න දේශපාලන අධිකාරියක් විය යුතුයි.

නැත.


රනිල්ගේ එකම වෙනස, රනිල් තමන් ඇල්ගෝ-රිදමයක ක්‍රියාකාරීත්වයේ සහභාගීකරුවෙක් බව හොඳින් දැන සිටීම යි. පැතුම් කර්නර් සහ රනිල් අතර ඇති තීරණාත්මක සපේකෂ වෙනස මෙය යි. රනිල් ඇල්ගෝ-රිදමයේ පාලකයා නෙවෙයි. එයා ඒකට යටත් සාර්ථක සහභාගිකරුවෙක් විතරයි. ඒක එයාගේ ස්වයං-අධ්‍යයන නිසා එයාට ලැබිවෙච්ච දෙයක් මිස එයාගේ ප්‍රභූත්වය නිසා සිද්ධවෙච්ච දෙයක් නෙවෙයි. එයා ද්වී-භාෂික වීම ඒ ස්වයං-අධයනය සාර්ථක වෙන්නටත් හේතුවක් වුණා. එයාගේ ප්‍රභූත්වය නිසා එය සිදුවූවානම් එයාට කලින් ඒ දේ ඉටුකරගන්නට හැකි ප්‍රභූන් ගණනාවක් ම ලංකාවේ ඉන්නවා.


ලෝකයේ ඕනෑම ගෝලීය ධනේෂ්වර ආර්ථික-විද්‍යා සංවාදයකට ලංකාව නියෝජනය කරමින් සහභාගී කරවගන්නේ රනිල්ව. අනුර, චම්පික, ෆොන්සේකා, සජිත්  සහ ඩලස් දැන් දශක ගාණක් තිස්සේ ම ඒවයේ පිළිකන්නටවත් වැද්දගෙන නැත්තේ අහම්බයකින් නෙවෙයි. මොකද එයාල, ඉන්නේ ජාතික දේශපාලනයෙන් මුළුමනින් ඩෝප් වෙලා.  

ඒ නිසා මේක, රනිල් විරෝධී අනෙක් නායකියින්ට සහ ජනතාවගෙන් සමහරකට අනුව හරිද වැරදිද, අවංක ද නැතිද, හොඳ ද නරකද කියන ලක් සාදාචාරවාදී මනුස්සාවේගවලට අදාළ වුණු සංදර්භයක් නෙවෙයි. ගෝලීය ඇල්ගෝ-රිදමයන් විසින් විෂයානුබද්ධ දත්ත සහ තොරතුරු මිලියන ගණනක් විශ්ලේෂනයෙන් නිර්මාණය කරගත් හොඳ-නරක, හරි-වැරදි, යුතු-නොයුතු අනුව සිද්ධ වෙච්ච පදවිප්‍රාප්තියක්.  


ජාතික රාජ්‍යයේ දේශපාලනයට ගෝලීය ආර්ථිකයෙන් ස්වාධීන වූ ස්වාධිපත්‍යක් තිබෙනවාද?
 
 
 
දැන් රනිල් ජනපති වෙන්න උදව් කරපු, රනිල් ජනපති වුණේ තමන්ගේ ශ්‍රමය හින්ද ම විතරයි කියල හිතං ඉන්න අයට මේ කතාවට ටිකක් හිත රිදෙන්න පුළුවන්. ඒත් ඒ දරදිය ඇදපු ඔහේල හැමෝමත් සහභාගිකරුවෝ ටිකක් විතරයි. අවසන් තීරණය ගෝලීය ආර්ථික ආධිපත්‍යයේ උදවියට තීන්දු තීරණ කියාදෙන අකාබනික ඇල්ගෝ-රිදමයක ම වැඩක්.
 
 
 
ඒ හින්ද සදාචාරය සහ හෘදසාක්ෂිය වගේ දේවල් රනිල්ට යෝජනා කරල වැඩක් නැහැ. කළ යුත්තේ කුමක්ද? ගෝලීය සහ කලාපීය දේශපාලනය මෙහෙයවන දත්ත-විශ්ලේශක ඇල්ගෝ-රිදමයන් හැදෑරීම යි. භාෂා කිහිපයකින් කියවීමේ හැකියාව වර්ධනය කරගැනීමයි. අඩුමතරමින් ඉංග්‍රීසි භාෂාවෙන්වත් කියවීම දියුණු කරගැනීම යි.

ඇල්ගෝ-රිදමයන් මනුස්ස සදාචාරයකට හෝ හෘදසාක්ෂියකට යටත් කරන්න උවමනා නම්, එය කළ හැක්කේ ගෝලීය-නියාම-ධර්ම හා බැඳි නව ගෝලීය ව්‍යවස්ථාවක් යටතේ ම විතරයි.


ශ්‍රී ලංකාව එහි ගුණාත්මක සහභාගීකරුවෙක් වෙන්නවත් සුදුසුකම් ලබන්නට නම්, ලංකාව ලෝක අයිටී තාක්ෂණයේ ඉම් පෙදෙසක් අත්කරගත් රටක් බවට පත්විය යුතුයි. මේ වන විට ලොව පරිගණක තාක්ෂණයේ විශාල පදාසයක් පුරා පැතිරී සිටින ඉන්දීය අයිටී එක්ස්පර්ට්ලාට මම මේ කියන දේ හොඳට ම තේරෙනවා.

මහින්දටත් කෙලවල ගෝටාව ගේනාවොත් ඔක්කොම අර්බුද ඉවරයි කියා අරගලකරුවන් අතර ඉන්න 69 ලක්ෂයේ උදවියටත් කලින් රටට සපථ කරපු, පස්සෙ තානාපතිකමකුත් බදාගත්තු, තවම මානසිකව 80දශකයෙන් එහා අතීතයේ ජීවත්වෙන නලින්ද සිල්වා කියන වාහෙට මේ කෙලිය රනිල් ජනපතිවෙලා ඉවර වෙයි කියල කල්තියා දැනගන්න බැරිවුණා. ඒ නිසා ගෝටාට කඩේ ගිහින් එයා බලුවුණා..

එයා දන්න චතුර්මානෙට තවම ඇල්ගො-රිදමය අහුවෙලා නැති හැඩයි.

ගෝටාට කරන්න පුළුවන් මඟුලක් නෑ කියන එක කලින් ම විෂයානුබද්ධව හසු නොවුනු උන්දැගේ වරිගවාදී මොළයට, චක්‍රය අවසානයේ රනිල් ජනපති වේවි කියල හාන්කවිසියක්වත් තේරුම් යන්න විදිහක් නැහැ නොවැ.  

ඒ හින්ද ලොව සමාජ-විද්‍යාව සහ මානව-විද්‍යාව පිළිබඳ විෂය දැනුමින් යුතු වෘත්තිකයන්ගේ සහ දේශපාලකයන්ගේ කාබනික මොළවල සිතුම් පද්ධති අප්‍රධාන කෙරී, ජාතිකවාදීන් සහ වරිගවාදීන්ගේ කාබනික මොළවල සිතුම් පද්ධති සුන්නද්දූලී බවට බැහැර කෙරී, තීරණ ගැනීම යන්න දැනට අයිටී ඉංජිනේරුවරුන්ගේ යටතේ පවතින ඇල්ගෝ-රිදමයන් හරහා සිදුවෙමින් පවතින මෙවන් නව-නූතන ලෝක වකවානුවක, මේ යථාව නොදැන රනිල් කියන පුද්ගලයාට පමණක් සදාචාරවත් වෙන්නයි පවසමින් නොදත්කම නිසා තම සමාජ සටන් ඉලක්කය ගෝලීය යථාවෙන් පිට පන්නවාගත් අහෝ අනුර කුමාර දිසානායක නොදිටි දේශපාලන මොක් පුර.

තමන්ගේ පාක්ෂිකයින් ටිකවත් රැකගන්න කියල හිතේ දුකට නොනවත්වා මාධ්‍ය සාකච්චා නහුතයක් පවත්වමින් සහ සමාජ-මාධ්‍ය අවකාශයේ පාවෙමින් සිටින ඔයාට, ඒ කරන දේත් ඇල්ගෝ-රිදමයක පාලනයකට යටත් ද කියල ආපසු හැරිල බලන්නට හිත දෙන්නේ නූතන කාර්මික විප්ලවය සහ නව-නූතන තාක්ෂණ විප්ලවය හදාරපු විප්ලවීය මනසක් තිබුණොත් විතරනේ.


ඒ හින්ද ගෝලීයකරණයේ නිෂ්පාදන උපකරණ විසින් ගෙනාපු නව-නූතන ගෝලීය ධනවාදයේ ප්‍රතිඵලයක් වුණු අකාබනික ඇල්ගෝ-රිදමයන් ගැන හාංකවිසියක දැනුමක්වත් නැතිනම්, දැන්ම ම හදරන්න. ආණ්ඩුවක් ගන්න වෙලාවක් ආවොත් ඒ හැදෑරීම බොහෝ ප්‍රයෝජනවත් වේවි. භාෂා කිහිපයක් හදාරන්න කම්මැලි නම්, භාෂා කිහිපයක් දන්නා උගතුන් පක්ෂයට එකතු කරගන්න. ආණ්ඩුව කරන්න කලින් පක්ෂය ඇතුළේ විදේශ-භාෂා අංශයක් ස්ථාපිත කර භාෂා කිහිපයක් කතා කරන පුරවැසියන් බිහිකර ඒ හරහා සිස්ටම් එකට අභියෝග කරන්න.


දැන්නම් මේ ලිපිය කියවන බොහෝ උදවියගේ මීටරේ කටු පැනල, මා කියන දේ අතාර්කික යැයි චෝදනා විසිකරන්නට සිතිවිලි අමෝරානවා ඇති. මොකද තමන් භාවිත නොකරන සංකල්පයක් තමන්ගේ ජීවිතවලට බලපානවා යැයි කියූ විට මිනිසුන්ට හිනායනවා.

 ලෙනින් විසින් ජනප්‍රිය කරවන්නට යෙදුන “හෙජමොනිය” කියන සංකල්පයත් ඔය වගේ ම තමා. විශ්වාස කරගන්න අසීරුයි. මොකද එහෙම දේවල් වෙන්නේ සුරංගනා කතාවල විතරනෙ. 
 
සුරංගනා කතාවල තමන් නොසිතූ පරිදි ශක්‍රයා හෝ මකරෙක් වැනි නොදන්නා සංකල්පයක් ඇවිත් මිනිසුන්ට බලපාන බව පවසනවා. ඉතිං මායා කතාවලට ආස උදවිය ඒක පිළිගත්තට, යථාවට ගරුකරන බුද්ධියෙන් මුහුකුරා ගිය උදවිය ඒක භාරගන්නේ නැහැ.

ඒත් ඇල්ගෝ-රිදමය මායා සංකල්පයක් නෙවෙයි අනුර කුමාර.
 
 
 
මේ වන විටත් බහු-ජාතික සමාගම් සහ පාර-ජාතික සමාගම් විසින් තීරණ ගැනීමට යොදාගනු ලබන පරිගනක තාක්ශණයේ ව්‍යුත්පන්නයක් තමයි මේ අකාබනික ඇල්ගෝ-රිදමයන්. ඒ හින්දා ඔයාල ඇල්ගෝ-රිදමය දන්නේ නැතිකම නෙවෙයි ලෝක-පද්ධතියේ යථාව. සියල්ල සිද්ධ වෙන්නේ අකාබනික ඇල්ගෝ-රිදමයක කෘතිම බුද්ධිය අනුව වීම තමයි ලෝක-පද්ධතියේ යථාව.
 
 
රනිල් මේ දක්වා රටට කියපු දේවල් නොතේරෙන්නේත්, දැන් ඒක වෙනදටත් වඩා අදාළ වන යථාර්තයක් විදිහට තේරෙන්නත් මෙන්න මේ ගෝලීය අකාබනික ඇල්ගෝ-රිදමික යථාව නිසයි.

ඒ නිසා රනිල් ජනාධිපතිවීම කවුරුන් හෝ කොදෙව් මිනිසෙකුගේ හෝ කණ්ඩායමක කාබනික මොළයකින් හිතා මතා කරවපු කුමන්ත්‍රණයක් නෙවෙයි. බලන්න වරිගවාදයේ අන්තිම ආන්තික පුරුක වූ රාජපක්ෂලාගේ වරිග පොහොට්ටු බලෑනියේ මන්ත්‍රීලා ද, ඔවුන්ව දෘෂ්ටිවාදීව පෝෂණය කරපු චම්පික වැනි වරිග දේශපාලන පකීර්ලා ද, රනිල් වගේ වරිගවාද විරෝධී ගෝලීය ප්‍රතිරූපයක් ජනාධිපති කරවන්න ජීවිතේටවත් චන්දෙ දෙන්න වෙයි කියල හීනෙකින්වත් හිතුවා ද?

ඒ නිසා ගෝලීය නව-නූතන තාක්ෂණයේ ඇල්ගෝ-රිදමික මැදිහත්කාරකම අධ්‍යයනය නොකර, හිතූමනාපෙට ගංජ පාරක්, බියර් ටින් එකක් ගහල සයිබර් සෙක්ස් පාරක් දාගෙන ආතල් එකේ ඉන්න ගමන් ආයෙ තුන්වෙනි වතාවටත් අරගලයක් ඇති කරන්න මානගත්තු තරුණ අයාලකාමී අරගලකරුවන් එහෙම ඉන්නවා නම්, මීට වඩා සැලසුම්සහගත නායකත්වයක් නිර්මාණය කරගන්න! මොකද, හොඳ හොඳ ගෝලීය සෙල්ලං සිද්ධ වෙන්නේ එළිවෙන ජාමෙට ය.
 
 
 
හැබැයි ඇල්ගෝ-රිදමයන්ගේ ස්වභාවය ගැන අධ්‍යයනයක් කරපු විසංකාරයා වන මම මගේ පළමුවෙනි ලිපියෙන් ම කිව්ව, රනිල් ජනපති වෙනව කියල. එතකොට රනිල් රටේ මිනිස්සුන්ගෙ ලිස්ට් එකේවත් හිටියෙ නැහැ. ලිස්ට් එකේ හිටියෙ සජිත්, අනුර, ජෙනරල් සරත්, චම්පික සහ දේශපාලන දැනුමින්ද අඟුටු මිටි ඩලස් වගේ අය.
 
 
 
සමහරු ඒක මගේ පුද්ගලික කැමැත්ත කියල හිතල මට දොස් පැවැරුව. ඉතිං තව දේවල් සිද්ධ වෙන්න නියමිතයි. ඒවා වන්නේ මගේ කැමැත්ත නිසා නෙවෙයි. දත්ත මිලියන ගාණක් එකවර විශ්ලේශනය කර තීන්දු සපයන ගෝලීය ආර්ථිකවාදී ඇල්ගෝ-රිදමයන්ගේ මෙහෙයුම් නිසයි.

මේක අතබලා සාස්තර කීමේ දැනුමෙන් කියපු දෙයක් නෙවෙයි. ඇල්ගොරිදමයන් ඉල්ලා සිටින කොලිෆිකේෂන් වැඩියෙන් ම තියෙන ගෝලීය ප්‍රතිරූපය කවුද කියල හිතලයි මම එහෙම කිව්වෙ.

ඒ නිසා කළ යුත්තේ ගෝලීය ඇල්ගෝ-රිදමයන් විසින් රනිල්ගේ රෙසියුමේ එක හෙවත් ජෝබ් ඇප්ලිකේෂන් එක විතරක් සුදුසු බව යෝජනා කරල, සජිත්, අනුර, සරත්, චම්පික සහ ඩලස් වගේ අය දොට්ට විසිවුණේ ඇයි කියන්නට හේතුවූ රූලස් ටික හැදෑරීම. මේකට එකම හේතුව රනිල්ගේ ගෝලීය පක්ෂපාතීකම කියල හිතාගෙන පැරනොයිඩ් මානසිකත්වයට වැටෙනව නම්, ආයෙමත් ඔහෙලට වෙන්නේ හත්පොලේ ගා ගන්න.
 
 
බලන්න ලක් කොදෙව්වේ ඉන්න ගැමි-ගොවි ජානයක් තියෙන පරණ වමේ ගම්මු හිතන් ඉන්නේ ඇමරි-යුරෝ කේන්ද්‍රය සහ ඉන්දීය-කලාප-රාජ්‍යය රනිල්ට පක්ෂපාත වුණේ එයාගේ ප්‍රභූ සහ වලව්කාර ගතිය හින්ද කියල. ඒක ජවිපෙ ඇතුළු පරණ වමේ මතිභ්‍රමයක්. 
 
 
ranjan w 1000px
 
බටහිර වතුපාලකයින්ගේ වික්‍රමරණකාමී හරපද්ධතියෙන් ශීක්ෂනය වී ආ කොදෙව් පරපුරකින් ජානගත වූ රන්ජන් ජවිපෙ ඉවර කෙරුව
 
 
රනිල්ගේ රෙසියුමේ එක හෙවත් ජොබ් ඇප්ලිකේෂන් එක ඇල්ගෝ-රිදමයකින් ඇප්රූ කරන්නේ රනිල් ගැන දත්ත මිලියන ගාණක් එකවර විශ්ලේෂනය කරගෙන. ඇල්ගෝ-රිදමයත් රනිල්ව හදාරනව සහ විශ්ලේෂනය කරගන්නව. තමුන්නාන්සෙල මාන්නක්කාරකමට රනිල්ව හදාරන්නෙ නැහැ.

ඒක හරියට 88-89 කාලෙ ජවිපෙ රන්ජන් විජේරත්න චරිතයේ පසුබිම් චිත්‍රය කියවීම මගහැර යාම නිසා රටේ ලක්සයක් තරුණ තරුණියො මැරෙන අවදානම ජයගත්තා වගේ වැඩක්.

වතුකරය පාලනය කරන්නට ඉංග්‍රීසීන් වතුපාලකයින් විසින් ගෙන්වූයේ එංගලන්තයේ වික්‍රමරණකාමී (Worriors) සුද්දන්. වික්‍රමරණකාමීන් වැඩකට බැස්සොත් කෙලවර කරල තමයි නවත්තන්නේ. ජවිපෙ රන්ජන් විජේරත්නව අධ්‍යයනය නොකර, ඔහු මේ මරා දැමීම්වලින් කොයි මොහොතේ හෝ හතිවැටේවි යැයි සිතමින් ජවිපෙ කල් බැලුව. බටහිර වතුපාලකයින්ගේ වික්‍රමරණකාමී හරපද්ධතියෙන් ශීක්ෂනය වී ආ කොදෙව් පරපුරකින් ජානගත වූ රන්ජන් ජවිපෙ ඉවර කෙරුව. අවදානම විසින් ජය තහවුරු කරගත්තා.    

ඒ නිසා රනිල් ඇරුනහම ජනාධිපති වෙන සිහිනයේ හිටපු රිජෙක්ටඩ් සෙට් එකෙන් නායකයෙක් වුණත්, ජනයාට විනිවිදභාවය රකීවිය කියන පිළිගැනීමට ලක්වෙලා තියෙන ජවිපෙ අනුරකුමාර දිසානයකගෙන් මම අහන්නේ, “ගෝලීය ධනවාදයේ ආර්ථික නියාම-ධර්ම උල්ලංඝනය කරන නායකයෙක් ඉන්දියාවේ අගමැති වෙන්නට ආවොත්, එයාව පළමු අදියරේදී ම දොට්ට විසීවී යන්නේ, ඉන්දියාවේ ජාතික යථාර්තයක් හින්දද, නැතිනම් ඇමරි-යුරෝ කනේද්‍රයේ ගෝලීය යථාර්තයක් හින්ද ද?” ඔය රූපවාහිනී පෙට්ටි ඇතුළෙ දෘෂ්ටි සංදර්ශන පවත්වන අතරේ මේකටත් දීහං උත්තරයක්! ජනතාව ඊළඟ විකල්පය විදිහට හිතං ඉන්නේ තමුන්නැහැව.



දැන් මේ ඇල්ගෝ-රිදමික පත්වීමෙන් සැබෑ අවාසිය සිදුවන්නේ කාටද?

අවාසිය සිද්ධ වෙන්නේ, මේ තීන්දුවට පනදාගෙන විරුද්ධ වෙන ජවිපෙ සහ වාමාංශයට ද?

නැහැ!


මේ ඇල්ගෝ-රිදමික ගෝලීය තීරණයෙන් අවාසිය සිදුවන්නේ 80-90 දශකවලදී චම්පික රණවකට. ඇල්ගෝ-රිදමයෙන් චම්පික ස්ථාපිතකළ බණ්බාරනායකගේ වරිගවාදී කතිකාවෙන් පිළිපන් යුධවාදී ජාතික කතිකාව කුඩුසංසාරවීම හෙවත් ඩිලීට් වීම සිදුවෙමින් පවතියි.

ගාලුමුවදොර මහා පොහොට්ටු ජන ගඟක් මැද වේදිකාවක් මත මහින්ද රාජපක්ෂ සිංහ කොඩියට සමාන යැයි රනිල්ට එරෙහිව මොරගැසූ වරිගවාදයේ නව-නූතන කැඳවුම්කරුවෙකු වූ විමල් වීරවංශට පවා රනිල්ගේ හදිසි නීතියට පක්ෂව එළිපිට ජන්දෙ දෙන්නට සිද්ද කළේ මෙන්න මේ නව-නූතන යථාවයි. එසේ විමල්ගේ අතින් ඇද වැටුණේ බණ්ඩාරණායක-චම්පික හවුලේ විනාශකාරී වරිගවාදී කුඹගසයි.
 
 
ඒ නිසා චම්පික, විමල්, ගම්මන්පිල, ෆොන්සේකා, සජිත් සහ අනුර විසින් තේරුම්ගත යුතු වන්නේ, නව-නූතන ලක් ජන රැල්ල ඉල්ලා සිටින්නේ නහුතයක් මාධ්‍ය සාකච්චා හෝ වීදි බැසීම් නොව, ජීවිතේ ගැටගහගන්න සෙට් වෙන්න පුළුවන් තරමේ සාධාරණ සිස්ටම් එකක්.
 
 
 
ඔයාල ඒක කරල දෙන්නම් කියල අනාගතයට දාන තරමට, ගෝලීය ඇල්ගෝ-රිදමයේ න්‍යාය පත්‍රය විසින් වර්තමානයේ ම විපක්ෂය විදිහට සිස්ටම් කෑල්ලක් ඔහෙලාටත් අමුණා දී ඔහෙලාව පාලනබලය තුළ අවලංගු වූ කෑ මොර දෙන විපක්ෂයක නිලතල දරන්නන් ලෙසින් සිස්ටම් එකට ම උරාගනීවි. සර්වපාක්ෂික ඇමතිකං කොහොමත් තව වසර දෙකකින් අවසන් වෙනවානේ.  

පෙරටුගාමීන් උපායිකව පසුනොබැස මේ මොහොතේ අනදාළ ලෙස මැද්දට පැන සන්නද්ධ අරගල ගොන් පාට් මායා අඩව්වක් ඇල්ලුවොත්, හුදෙකලා මර්ධනයකට ලක්වී ඔහෙලාව ප්‍රමාණයෙන් තවත් න්‍යෂ්ටීකරණය වී යනු ඇත. මොකද, 1994දී මේ නව ආර්ථික ව්‍යසනය මුළපුරන්නට චන්ද්‍රිකාව ජනපතිවන තැනට පාර කැපුවේ 1988-1989 කැරැල්ලේ පරාජයයි. එයින් වූයේ ශ්‍රීලනිප වරිග දේශපාලනය නූතන ආකෘතියක්න් කරලියට ඒමයි යි.

ඒ නිසා 1994 ජීඇල්ගේ පැකේජයත් පරදාගෙන ඇරඹි වසර 28ක ආන්තික නව-ශ්‍රීලනිප වරිග දේශාලනයට දිගු කල්යල් බලා අත්වූ මේ ගෝලීය ඉරණම අපි හරිහැටි හඳුනාගත යුතුව ඇත.

ඒ වෙනුවෙන් අපි ගෝලීය ඇල්ගෝ-රිදමය පිළිබඳ දැනුම පසුබිමෙහි තබාගෙන, දේශීය ලක් වැසියන්ට 1956 සිටම ආර්ථිකයකින් ව්‍යුත්පන්න වූ ජාතියක් වීමට නොහැකිවීමත්, “වරිගය” යන්න “ජාතිය” ලෙස වරදවා වටහාගැනීමට සිදුවීමත් පිළිබඳ නූතන සහ නව-නූතන ඉතිහාස පෙරබිමට ගෙනැවිත් ලබන සතියේ සිට හදාරමු!


(තව කොටසක් ලබන සතියේ)
 
ආයෙත් ලබන සතියෙත් හම්බවෙනකං

මීට ලෙංගතු,

රටට පාර කපන

විසංකාරයා



විසංකාරයාගේ වෙනත් ලිපි :

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image