මනස කියන්නේ දත්ත සහ තොරතුරු එකතුවක්.
කවුරුහරි දරුවෙක් මේ ලෝකෙට ඉපදෙනකොට එයාට මනසක් නැහැ.
එයා නිකං ම නිකං ජීව-විද්‍යාත්මක ගුලියක් විතරයි.
ජීව-විද්‍යාත්මක මොළය ප්රධාන ස්නායු පද්ධතිය එයාට තියෙනව තමයි.
හැබැයි තවම එයාගෙ මොළයට භාෂාව ඇතුළු වෙලා නැහැ.
කොම්පියුටර් භාෂාවකින් කිව්වොත් එයාගෙ මදර් බෝඞ් එක තියෙනව, ඒත් තවම ඬේට එන්ට කෙරිල නැහැ.
මනස කියන්නේ ඉපදුනාට පස්සෙ පිරිමියෙක් හෝ ස්ත‍්‍රිියකගේ මොළය ප්රධාන ස්නායු පද්ධතිය ඇතුළෙ දවසින් දවස ටික ටික ගොඩනැගෙන පුංචි සමස්තයක්. ජීවත්වීමත් එක්කයි ඒ ගොඩනැගීම පටන් ගන්නේ. ඒ කියන්නේ, මනස ස්වභාවික දෙයක් නෙවි. ස්වභාවික මොළය සහ ස්නායු පද්ධතිය යොදාගෙන ගොඩනගා ගන්නා සංස්කෘතික උපකරණයක් තමයි මනස.
දැන් බලන්න ළදරුවියේ ඉන්න මනුසතෙක් දිහා.
මේ ළදරුවාට කුෂ්ටයක් හැදුනොත්, එයා දන්නෙ නැහැ ඒකට බෙහෙතක් කරගන්න ඕනි කියල. බොහෝ විට එයාට කුෂ්ටයක් හැදුන කියලවත් එයා දන්නෙ නැහැ. මොකද, එයා නොමනසක්. මොකද එයාට කුෂ්ටය පිළිබඳ මනසක් තවම හැදිල නැහැ. තවමත් ඒ මනස ගොඩනැගෙන්නට තියෙන දෙයක් මිස, ගොඩනැගුන දෙයක් නෙවෙයි. ඉතිං මේ වන විට මනසක් ගොඩනගාගෙන තියෙන කවුරුහරි වැඩුනු වැඩිහිටියෙක් මැදිහත් වෙලා ඒ කුෂ්ටයට ප‍්‍රතිකාර කරන්න ම වෙනව. ඒ වැඩිහිටියත් ඒ ගැන මනසක් ගොඩනගාගෙන නැතිනම්, වෛද්‍ය විෂයෙන්් ඒ පිළබඳ තමන් ඇතුළෙ මනසක් ගොඩනගාගත්තු වෛද්‍යවරයෙක් හමුවෙලා පිළියමක් කරගන්න සිද්ධවෙනව.
බුදු දහමෙ හැටියට නම් කියා තියෙන්නේ මේ ළදරුවාට ”චිත්තය” තියෙනව තවම ”චෛතසික” හැදිල නැහැ කියන එකයි. කිතුනු දහමෙ හෝ යුදෙව් දහමෙ හෝ ඉස්ලාම් දහමෙ කියන්නෙ ආත්මය තියෙනව ඒක තවම මානසික ආත්මයක් බවට වර්ධනය වෙලා නැහැ කියන එක යි.
ඒ නිසා මොළය සහ එය ප්‍රධාන කරගත්තු ස්නායු පද්ධතිය ස්වභාවික වුණාට, මිනිසා මැදිහත් වෙලා මොළයේ කාබනික රසායනය තුළ භාෂාවෙන් හදන මනස ස්වභාවික දෙයක් නෙවෙයි. ඒක ගොඩනැංවීමක්. තමංගෙ හිතිවිලි ස්වභාවික ඒව කියල හිතං ඉන්න උදවියට මේ කියන දෙයින් සමහරවිට හිත රිදෙන්න වුණත් පුළුවන්.
ඒ හින්ද මම බහුතර දෙනා දන්න කතන්දර ලෝකයකට ගිහිං තේරුම් කරන්නම්.
සත්තිකුම්භ ජාතක කතාව දිහා බලන්න.
ගිරා පැටව් දෙන්නෙක් හදිසි ආපදාවක් නිසා ගිරා මවගෙන් ගැලවිලා දෙතැනකට විසිවී යැවෙනව. එක තැනක් සොර තිප්පලක්. අනික් තැන සාමකාමී තාපසයෙක්. තවම මේ ගිරා දෙන්නගෙ ජීව-විද්‍යාත්මක ශරීර සමානයි. දෙන්නගෙ ම මොළය ප්රධාන ස්නායු පදධති දෙකත් සමාන යි. තවත් විදිහකින් කිව්වොත් දෙන්නගෙ මදර් බෝඩි දෙක ම සමානයි. ඒත් ඬේටා එන්ටර් වෙන්නේ දෙවිදිහකට. එක තැනක භාෂාව සොරුන් කතා කරන ප‍්‍රචන්ඩ භාෂාව. ඉතින් එක ගිරවෙක් ඒ භාෂාව උපුට ගන්නව. අනික් තැන භෂාව තාපසයෙකු කතා කරන සාමකාමී නිවුන භාෂාව. අනෙක් ගිරවා ඒ භාෂාව උපුටගන්නව.
එක ම ගිරා ශරීරය එක තැනකදී සොරෙක් විදිහටත්, තව තැනකදී තාපසයෙක් විදිහටත් ගොඩනැංවෙනව. ඒ ගොඩනැංවීමට අනුව හැසිරීම සිද්ධ වෙනව. ශරීරවල වෙනසක් නැහැ. භාෂාවෙන් ගිරවුන් දෙදෙනා තුළ ගොඩනැගුන මනසවල් දෙක දෙවිදිහක්. ඒ දෙන්න වෙනස් මනසවල්වලින් විතරයි. ඒ නිසා මනස ගොඩනැගුණු පසුව ඒ දෙන්නා තම ශරීර හසුරුවාගන්නේ විදි දෙකකට. හැසිරීම් විදි දෙකක්. ඇයි? සිතීම් විධි දෙකක් නිසා.
මනස ස්වභාවික දෙයක් නම් මෙහෙම වෙන්න විදිහක් නැහැනේ. මනස ස්වභාවික නම් කොතනට ගියත් හැමෝට ම හැදෙන්න ඕනි එක ම මනසක්නේ. කාට වුණත් ලැබෙන්න ඕන එකම මනසක්. එතකොට ඔයාට තේරෙන්න ඕනි, මනස සතෙක් තුළ හෝ මනුස්සයෙක් තුළ හැදෙන්නේ ඉබේම නෙවෙයි කියල. ස්වාධීනවත් නෙවෙයි කියල. මනස ශරීරය ඇතුළත ස්වභාවිකත්වය නෙවෙයි. මනස හැදෙන්නේ භාහිර ලෝකයේ භාෂාව අත්දැකීම නිසා.
ඔයාගෙ ශරීරය ඇතුළෙ තියෙන මනසත් ඒ වගේ ම එකක් තමා.
දැන් ඔයාට තේරෙන්න ඕනි ”භාෂා” කියල කියන්නෙත් ස්වභාවික දේවල් නෙවෙයි කියල. ලෝකයේ විවිධ පළාත්වල මිනිසුන් විසින් ගොඩනංවගත්තු ආම්පන්නයක් තමයි භාෂාව.
එකම භෞතික ගහට සිංහල මිනිස්සු ”ගහ” කියත්දී, දෙමල මිනිස්සු ”මරම්”කියනව. ප‍්‍රංශ මිනිස්සු ”ආබ‍්‍ර” කියනව. ඉංග‍්‍රීසි මිනිස්සු ”ට්රී” කියනව. බලන්න, එකම භෞතික වස්තුවකට විවිධ ශබ්ද යොදාගෙන කතා කරනව. භාෂාව ස්වභාවික නම්, එහෙම වෙන්න විදිහක් නැහැනේ. එහෙම ස්වභාවික නම් ලෝකෙ හැමෝම එක ම ශබ්ධය භාවිතා කළ යුතුයි. ඉපදුන ගමං ම කතා කළ යුතුයි. කුඩාකාලෙ ම කැලේක අතරමං වුණ දරුවෙක් වුණත් වියත් ලෙස භාෂාව හැසුරවන්නෙක් විය යුතුයි. ඒත් එමෙ වෙන්නෙ නැහැ නේද?
මොකද ස්වභාවිකව භාෂාව පිහිටන්නේ නැති නිසා.
භාහිර ලෝකයෙන් භාෂා අත්දැකීම නොලැබුනොත්, මනස සහ මනසට අදාළ හැසිරීම සිද්ද වෙන්නේ නැහැ. ගිටාර් ගහන්න ඉගෙනගත්තු කෙනා ගිටාර් භාෂාව දන්නව. නැති කෙනා දන්නේ නැහැ. නටන්න ඉගෙන ගත්තු කෙනා නැටුම් භාෂාව දන්නව. නැති කෙනා දන්නෙ නැහැ. මම කියන මේ වාග්විද්‍යාව ඉගෙන ගත්තු කෙනෙකුට ලෙහෙසියෙන් මේක තේරෙනව. අනික් අයට තෙරෙන්නෙ අසීරුවෙන්. ඇයි? ඒ නොතේරෙන අය වාග්-විද්‍යා (Linguistic) භාෂාව හදාරල නැහැ.
දැන් මේක කියවනකොට මේක පණ්ඩිතකමක් වගේ පේන්නත් පුළුවන්.
ඒත් මේක තමයි ජීවිතේ යථා ඇත්ත. මොකද මං මේ කියන්නෙ මාත් ඉගෙන ගත්තු දෙයක්. ඉගෙන ගත්තු නැති කෙනාට මේක ගොන්පාට් වගේ තේරෙන්න පුළුවනි.
එතකොට ඔයාට තේරෙන්න ඕනි, භාෂාව කියන්නෙ ස්වභාවික ආම්පන්නයක් නෙවෙයි. භාෂාව කියන්නේ සංස්කෘතික ආම්පන්නයක් බව. ජාතිය කියන්නෙත් ඉපදුනාට පස්සෙ හඳුනගන්න භාෂා ව්‍යුහයක් මිසක් ස්වබාවිකත්වයක් නෙවෙයි. දෙමල අම්ම කෙනෙකුට ඉපදුන ළදරුවෙක් බැරිවෙලා මැටනිටි හෝම් එකේදි සිංහල අම්ම කෙනෙකුගෙ ළදරුවෙකුට මාරු වුණොත්, ඒ ළදරුවා සිංහල බවට පත්වෙනව. කෙමන් සිංහලෙන් කතා කරන්න ගන්නව. සිංහල ලෙස හැසිරෙනව. ඒ නිසා සිංහල බවට පත්වෙනව කියන එක ස්වභාවික නෙවෙයි. සිංහල බවට පත්වෙන්නෙ භාෂොවෙන්. සමහරවිට තරුණ වියට පැමිණෙන මේ ළදරුවා දෙමළු මරන යුද්ධයකට වුණත් ගිහිං තමන්ගේ ජීව-විද්‍යාත්මක අම්මගෙ පරපුර ම මරල දාන්න වුණත් පුළුවත්.
ඒ හින්ද භාෂාව මිනිසුන්ගේ ගොඩනැංවීමක්, ඒ නිසා ස්වභාවික නැහැ.
සංස්කෘතිය කියන්නෙත් ගොඩනැංවීමක්. ඒ නිසා ස්වභාවික නැහැ.
ජාතිය කියන්නෙත් ගොඩනැංවීමක්. ඒ නිසා ස්වභාවික නැහැ.
ගොඩනැංවුණ සමස්තයක් නැවත අවයව වලට ගලවල වෙනත් විදිහකතට හදන්න පුළුවන්. හරියට බිල්ඩින් බ්ලොක්ස් වගේ. භාෂාවත් ඒ වගේ. භාෂාවෙන් හැදෙන මනසත් ඒ වගේ
ඒ නිසා මනුෂයෙකුට ගුරුහරුකම් ලබා හෝ තමංගේ ම ප‍්‍රඥාවෙන් හෝ වෙනස් පුද්ගලයෙක් බවට පත්වෙන්නට පුළුවන්. ටික කාලයක් යනව තමයි. හැබැයි උනන්දුව උත්සහය තියෙනව නම් සහ බුද්ධි-විරෝධී නැත්නම් ඒක කරගන්න පුළුවන්. ඒ කියන්නෙ දැන් ඉන්න තත්වයෙන් වෙනස් වෙන්න පුළුවන්. ධනාත්මක පුද්ගලයෙකුව සෘණාත්මක පුද්ගලයෙක් බවට වෙනස් කරන්න පුළුවන්. සෘනාත්මක පුද්ගලයෙකුව ධනාත්මක පුද්ගලයෙක් බවට වෙනස් කරන්න පුළුවන්. මේ වෙනස තමන්ට ම කරගන්නත් පුළුවන්.
කොටින් ම අපි සිතන පතන විදිහ තීරණය කරන අපේ සිත කියන්නේ ගොඩනැංවීමක්. සිත ස්වබාවික නැහැ.
ඒ අනුව සිතිවිලි කියන්නෙත් භාෂාමය ගොඩනැංවීමක්. ස්වභාවික නැහැ.
අපි කටයුතු කරන්නේ අපේ සිතිවිලිවලට අනුව.
ඒ නිසා අපි අපේ සිතිවිලිවල යටත් වැසියෝ.
ඒ කියන්නේ අපේ ශරීර අපේ මනසේ යටත් වැසියෝ.
මේ සිතිවිලි අප තුළින් ම සවයංව, ඉබේ, ස්වභාවිකව හටගත්තු ඒවා නෙවෙයි. මේ සිතිවිලි භාහිර ලෝකයේ භාෂාවෙන් අපිට කියා දුන්නු ඒවා.
වෙනත් විදිහකට කිව්වොත්, භාහිර මනුස්සයන්ගේ කටින් ශබ්ධ විදිහට සහ සංකේත විදිහට භාෂාව කතාකරල, ඒ ශබ්ධ අපේ කන් බෙරය කම්පනය කරල හෝ රූප හෝ සංඥා ලෙස ඇසට දකින්නට සලස්වල මොළයේ රසායනය වෙනස් කරන්න පුළුවන්. එහෙම හදපු අනුන්ගේ සිතිවිලි තමයි, අපි මේ අපේ සිතිවිලි කරගෙන ඉන්නේ. ඒ හින්ද අපි සිතිවිලිවලින් හිතල පතල ජීවිතයේ දී කරන අපේ ම තෝරා ගැනීම්, අප තුළ ස්වයංව ඇතිවෙන ඒවා නෙවයි. අපි භාහිර ලෝකයෙන් ඉගෙන ගත්තු ඒවා.
නමුත් අපි හිතං ඉන්නේ අපේ සිතිවිලි අපේ ම යි කියල. අපි කරන දේවල් ස්වභාවිකයි කියල. අපි කැමති නෑ ඒක ඉගෙන ගත්තු දෙයක් කියල පිළිගන්න. ඒක තමයි අපේ මමත්වය. මමත්වය හැමවිටම ආත්මාර්ථකාමී යි.
ඉතිං කවුරුහරි කෙනෙක් තමන් ජීවත්වෙන ප‍්‍රජාව ඇතුළෙ අවුල් විදිහට හෝ අසාමාන්‍ය විදිහට හැසිරෙමින් ඒක තමන්ගේ සාමාන්‍ය එක ලෙස හුවා දක්වනව නම්, ඒ හැසිරීම කුඩා කාලෙ ඉඳන් භාහිර ලෝකයෙන් භාෂාව උපුටගෙන තමන් තුළ සිතිවිලි ගොඩනගාගනිද්දි, සිතිවිලි ප්‍රෝසෙස් එකේ දී වෙච්ච මොකක්හරි අවුලක් හෝ අකරතැබ්බයක්. මේ අවුල මාර එකක් කියල හිතං තමන්ව ම අන්දගෙන, තමන් අනික් අයගෙන් වෙනස් සහ නිදහස් කියල හිත උදුම්ම ගත්තොත්, අර වැරැද්ද නිවැරදි කරගන්න තියෙන විවෘතභාවය නැතිවෙලා යනව.
ඒ නිසා වෙනස් වන්න නම් විද්‍යාත්මක දැනුම ඉදිරියේ නිහතමානී වීම හරි ම වැදගත්.
ඒ නිසා සාමාන්‍ය මනස කියන්නේ ගොඩනැංවීමක්.
අසාමාන්‍ය මනසත් ගොඩනැංවීමක්.
අසාමාන්‍ය මනස සාමාන්‍ය ලෝකයේ මිස් ෆයර් එකක්.
ඒ හින්ද මනස උප්පත්තියේ දී කරගහගෙන ආපු ඒකක් නෙවයි.
ඒ හින්ද කාගෙහරි හොඳ හිතක් නරක හිතක් බවට නැවත පත්කරගන්න පුළුවන් වගේ ම නරක හිතක් හොඳ හිතක් බවට පත් කරගන්නත් පුළුවන්.
ඒ නිසා අවුලක් තියෙනව නම්, ආයෙත් අර වැරදි ගොඩනැංවීම නිවැරදි කරගන්නත් පුළුවන් වෙන්න ම ඕනිනේ.
මේ විදිහට ”හොඳ මානසික තත්වයන්” සහ ”නරක මානසික තත්වයන්” කියන්නේ අපිට පිටතින් ඇවිත්
අපේ ඇතුළත ගොඩනැංවුණු භාෂාමය තත්වයන්.
ඊට පස්සෙ හැඟීම් ආවේග ක‍්‍රියාකරන්නේ මෙන්න මේ භාෂාවේ තත්වයට අනුව. හොඳ මානසික තත්වය විසින් හොඳ හැඟීම් සහ ආවේගත්, නරක මානසික තත්වය විසන් නරක හැඟීම් සහ ආවේගත් හදල දෙනව. මානසික නිරෝගීභාවය ඇතිවෙන්නේ අපහසුවක් නැති සිතිවිලි සහ ඊට අනුරූපව අපහසුවක් නැති හැඟීම් ආවේග නිසාවෙනුයි .
හොඳ නරක තීරණය වෙන්නෙ ඔයාගේ මමත්වය අනුව නෙවෙයි. යමක් හොඳ වෙන්නේ හෝ නරක වෙන්නේ ඔයා නොවන අනෙක් මනුස්සයාගේ ජීවිතයට ඔයා කරදරයක් නොවන තාක් දුරට යි.
ඒ නිසා හොඳ කියන්නේ වගකීමක්.
නරක හෙවත් නොහොඳ කියන්නේ මිනිස් වගකීම පැහැර හැරීමක්.
වගකීම් පැහැර හැරීම ”නිදහස” විදිහට තනිය ම වැරදියට අර්ථකථනය කරගත් අයාලකාමී තරුණ ජීවිත අපි අවට ගැවසෙනව තමයි. ඒත් එහෙම තනිවම අර්ථකථනය කරගත්තු පලියට ඒක සමාජ ඇත්තක් වෙන්නේ නැහැ. සමාජ ඇත්තක් වෙන්නේ සමාජයේ බහුතරයක් පිළිගන්න විද්‍යාත්මක අර්ථකථනය යි. හැම කෙනෙක් ම සමාජයේ බහුතරයක් කරන කියන දේවල් කරන්න ඕනි කියනව නෙවෙයි මේ.
තමන් තනිවම කරගන්නා නීති රීති කැඞීම්වලින් වැඩිපුර වන්දි ගෙවන්න වෙන්නේ බොහෝ දුරට තමන්ට. ඒත් තනි පුද්ගලයෙක් දෙදෙනෙක් වෙච්ච ගමං වගකීම කියන සාධකය පැන නගිනව. ඒක පොඩි යාළුකමක් වෙන්න පුළුවන්. ඒත් වගකීම බැහැර කරන්න බැහැ.
හෙට උදේ 07ට කොළඹ ටවුන්හෝල් එකේ දි හමුවෙමු කියල දාගෙන, ඒ හමුවීම අමතක කරල පාඩුවේ අහස දිහා බලන් ඉන්න බැහැ. ඒ වගේ කඩප්පුලි ක‍්‍රියාවක් ”නිදහස” කියල අර්ථකථනය කරගැනීම මානව-විරෝධී යි. මොකද අර වෙලාව මතක තියාගෙන හරියට 07ට කොළඹට ඇවිල්ල රස්තියාදු වෙලා හෙම්බත් වෙන කෙනාගේ නිදහස නැති කිරීමක් ඒක. ඒ නිසා එන්න වෙන්නෙ නැහැ කියල එයාට කලින් ම දැනුම් දිය යුතුයි. ආදර සබඳකමක් නැවතල දමනකොටත් එහෙමයි. ඒක දැනුම් දිය යුතුයි. තමන් තමන්ට ඕනි දේවල් වෙනම කරමින් නිදහසේ වෙනත් සබන්ධකම් පවත්වන ගමන් අනික් කෙනාව ගෙඟ් යවමින් වෙනත් හේතු කාරණා කිය කිය පරක්කු කරන එක මානව-විරෝධී යි.
සමහරු හිතන් ඉන්න දෙයක් තමයි තමන් කරන වැඩවලින් ප‍්‍රතිඵල අත් වෙන්නේ අනික් අයට විතරයි කියල. ඔවුන් කරන දේවල් ඔයාටත් ප‍්‍රතිඵල ලැබෙනවා. ඔවුන් කරන කියන දේවල් වලින් අනෙකාව ගෙඟ් යවනකොට ඔයාටත් ඇතුළාන්ත ඩැමේජ් එකක් සිද්ධ වෙනව. ඒක තමන්ට අනාගතේදි බලපානව. මොකද, අපි අපෙන් භාහිර කරදාසි කොලයක අකුරක් ලියද්දී, ඒ අකුර තමන්ගේ ඇතුළ් මනසෙත් ලියවෙනව.
දෙන්නෙක් සම්මුතකියකට ආවහම ”නිදහස” කියන්නේ ”දෙන්නගෙම නිදහස”. එක්කෙනෙක්ට අයාලේ යන්න නිදහස නෙවෙයි. කෙනෙකුගේ අයාලකාමී නිදහස තව කෙනෙකුගේ නිදහස නැති කරල, ඒ කෙනාව හෙම්බත් කරවනව නම්, ඒක පුද්ගලවාදී සහ ”ආත්මාර්ථකාමී අයාලකාමය” මිස ”නිදහස” නෙවෙයි.
”මගේ තුවක්කුවට නිදහසක් ඕනි අප්පා” කියල ඇමරිකාවේ තරුණයෙක් උද්‍යානයක් හිටපු අහිංසක පවුල්වල දරුවන්ට වෙඩි තියාගෙන ගියා. ඒ තරුණයාට අනුව ඒක ”නිදහස” විදිහට අර්ථකතනය කරගන්න පුළුවන් ඇති. ඒත් ශිෂ්ට සමාජයට අනුව ඒක ”නිදහස නෙවෙයි”. ඒක මානව-විරෝධය. නිදහස කියන්නේ වගකීම්සහගතව භුක්තිවිඳිනු ලබන බුද්ධිමත් භාවිතාවක්. ඒ නිසා නිදහසේ ගුණාත්මක බව තම තමන්ගේ බුද්ධියේ තරම අනුව සහ හිත හොඳකමේ තරම අනුව තමයි තීරණය වෙන්නෙ.
අනික් පැත්තෙන් තමන්ගේ ”මානසික නිරෝගීභාවය” අනුවත් නිදහසේ ගුනාත්මක බව තීරණය වෙනව. ඒ නිසා බුද්ධිමය භාවිතා අවම සහ මානසික නිරෝගීකම අවම කෙනෙකුගේ නිදහස වල්බූරු නිදහසක්.
කාටහරි සැබෑ නිදහසක් ඕනි නම් එයා වෙනස් වෙන්න ඕනි. එයාගෙ පිළිවෙල වෙනස් කරගන්න බැරි සදාතනික පිළිවෙතක් නෙවෙයිනේ. ඒ වැරදි පිළිවෙතත් භාෂාවෙන් ම ඉගෙන ගත්තු සහ ඉඅර්ථකථනය කරගත්තු එකක්නේ. ඉතිං ඒ වැරදි ගොඩනැංවීම අවරෝහණය කරගෙන නිවැරදි ගොඩනැංවීම වෙත යන්න ම වෙනව.
බුද්ධිමය භාවිතා සහිත, සෞන්දර්ය භාවිතා සහිත, මානසික නිරෝගීභාවය සහිත කෙනෙකුගේ ”නිදහස” කියන්නේ පැහැදිලි යොමුවක් හෙවත් ෆෝකස් එකක් සහිත ”ශිෂ්ට නිදහසක්”. ඒක අනෙකාට වාතයක් හෝ අනෙකා රැවටීමක් නෙවෛයි. ඒ නිසා ”මානව විරෝධී භාවිතා” නිදහස වෙන්නේ නැහැ. නිදහස මානවවාදී භාවිතාවක්. තව කෙනෙකුගේ හිතක් අනිසි ලෙස රිද්දල ලබාගන්නේ අයාලකාමී ”කුරිරු සතුටක්” මිස ”නිදහස” නෙවෙයි. නිදහස තුළ ඉන්නෙ ”තමන්” විතරක් නෙවෙයි. නිදහස තුළ තමන් සේ ම ”අනෙකාත්” ඉන්නව.
එක්කෙනෙක් විතරක් ආත්මාර්තකාමී සහ අයාලකාමී නිදහසක් භුක්ති විඳිනකොට අනෙකා ට ඒක නැතිනම් එතන ”සැබෑ නිදහස” සිද්ධ වෙලා නැති බව තේරුම්ගත යුතුයි. ඒක අනාගතතේ විඳවන්න වෙනව. ඔයා මේ ගෙවන මොහොතේ අත්විඳින්නේ හෝ විඳවන්නේ අතීතයේ කරපු කියපු දේවල්. ඉතිං වඩා හොඳ ජීවිතයක් ලබන්න ඔයා වෙනස් විය යුතුයි.– අනෙකාට නැතිව තමන්නට විතරක් නිදහස ලැබීම අනෙකාගෙ නිදහස කොල්ලකෑමක්.
නිදහස තමන් විසින් තමන්ට කරගන්නා දෙයක් නෙවයි. නිදහස කියන්නේ තමන් විසින් අනෙකාට කරන දෙයයි.
යමෙක් අනෙකාගේ නිදහස වෙනුවෙන් වගකීම දරනවිට සමාජය නිදහස් තැනක් බවට පත්වෙනව. මොකද අනෙකාටත් ඒ දේම කරන්න හිතෙනව. මිනිස්සු වඩා හොඳට ඉගෙන ගන්නෙ අනෙකා පවත්වන කතාවලින් ම නෙවෙයි. මිනස්සු වඩා හොඳට ඉගෙනගන්නේ අනෙකා කරන දෙවල් වලින්. අනෙකා කරන දේවල් වලට අදාළ භාෂාව විතරයි අපිට උපුටගන්න හිතෙන්නෙත්. කටමැත දොඩවන බව දනගත්තු ගමං අපි උපුටගන්න එක අතහරිනව.
එදිනෙදා ජීවිතයේ බද්ධිමය අභ්‍යාස හෝ සෞන්දර්ය අභ්‍යාස සිදුකරන කෙනෙකුගෙන් මානව-විරෝධී භාවිතා සිද්ධවෙන්න තියෙන ඉඩ අඩුයි. සිද්ධවුණත් ඒක කියල දීල ඉක්මනට නිවැරදි කරන්න පුළුවන් ඉඩ වැඩියි. හැමදාම උූදේ නැගිට්ට ගමං බිතොවන්ගේ 16වන සිම්පනි එක පියානෝ එකෙන් වයන කෙනෙක්ට යමක් කියද්දි එයාගේ ඇහුම්කන් දීමේ ධාරිතාව වැඞී. එයා තව කෙනෙකුට කෙලවන්න තියෙන ඉඩ කඩ එයා තුළ අවම වෙලා යනව. උදාහරණයක් විදිහට රෝමියෝ ජුලියට් කියවන්න හෝ සිනමාපටය නරඹන්න වාසනාව ලැබුන කෙනෙක් ආදරය කරන විදිහයි, ඒ අවස්ථාව නොලැබුණ කෙනෙක් ආදරය කරන විදිහයි අතර වෙනසක් තියෙනව. ඒ දෙක දෙකක්. කියවපු කෙනා ආදරයෙන් පොහොසත්. නොකියවපු කෙනාගෙ ආදරය සංස්කෘතිකව දුප්පත්.
ලැබීම නොලැබීම තීරණය කරන්නේ පුද්ගලයා සහ ප‍්‍රාග්ධනය. උදාහරණයක් විදිහට කහටගසදිගිලියේ පෙම්වතෙකුට රොමියෝ ජුලියට් කියවන්න ආසාව තිබිල පොත හොයාගන්න මුදල් නැති නිසා එයා ඒක අතහැරල දාල ලඟම හමුවෙන සෘතියෙන් පිට ගී කියන මෙගා මියුසිකල් නයිට් එකක නැටීම තෝරගන්න පුළුවන්.
ඒ ප්‍රාග්ධනය නැතිකම.
අනික් පැත්තෙන් කොළඹ මර්වින් සිල්වාගේ පුතාගේ ගෙදර පොත් රාක්කේ රෝමියෝ ජුලියට් තිබිලත් ඌ ඒක තියෙනවද කියලවත් හොන්නේ නැතුව නයිට්කල්බ් ගානෙ රස්තියාදුවී ලිංගිකව ස්නායු වෙහෙසට පත්කරගැනීම විතරක් භාවිතාව කරගෙන ඉන්න පුළුවන්.
එතන අදාළ වෙන්නෙ පුද්ගලයා.
ඒ නිසා පුද්ගයා සහ ප්‍රාග්ධනය කියන දේක ම වැදගත්
ඒ නිසා සංස්කෘතිය හෙවත් භාෂාව තම තමන්ගේ ප්‍රාග්ධනය වගේ ම පුද්ගල ස්වභාවය අනුවත් අඩු වැඩි වෙනව. සෙලින් ඩියොන් තමන්ට වඩා වයසින් වැඩි පේ‍්‍රමවන්තයෙක් වන රෙනේව තොරගන්නේ එයාගේ ලස්සන සංස්කෘතිය නිසයි. ඒ සංස්කෘතිය සෙලින්ව පහසුකරවනව. සෙලින්ගේ සංගීතමය වෘත්තීය ජීවිතය හිනිපෙත්තට ම ඔසවා තබනව. රෙනේ මිය ගිහින් සෙලින් තවමත් ගායනා කරනව. අර තියල ගිය ආදරයෙන් ජීවත් වෙනව.
ඒ කියන්නේ රෙනේ ආදරය තුළ අයාලකාමී නොවී වගකීම්සහගත වෙලා තියෙනව කියන එකයි.
මගේ කල්පනාවෙ හැටියට සෙලින්ටත් වඩා ඉහළ ස්වර ගායනයේ සුවිශේෂී කටහඬක් තිබුණේ විට්නි හූස්ටන් කියන ගායිකාවට. ඒත් විට්නි හූස්ටන්ගේ පෙම්වතා විට්නිව මත්ද්‍රව්‍ය ප‍්‍රධාන අයාලකාමී ජීවිතයකට පුරුදු කරල ඇබ්බැහි වෙන්න අනුබල දෙනව. අන්තිමට විට්නි කොකේන් ඕවර්ඩෝස් වෙලා මිය යනව. එයාව අනුගමනය කන්න ගිහින් එයාගේ දුවත් මිය යනව. විට්නි මිය ගිහින් පෙම්වතා තවම ජීවත් වෙනව.
විට්නි නිදහස්ද? සෙලින් නිදහස්ද?
අපේ පෙම් සබඳතාත් මේක ම තමයි. තමන්ගේ ක‍්‍රියාකලාපයෙන් අනෙකාට වෙන දේ ගැන වගකීම්සහගත නොවුණ ගමන් විනාශය සිද්ද වෙනව. තමන්ගේ ක‍්‍රියාකලායෙන් අනෙකාට වෙන දේ ගැන වගකීම්සහගත වුණහම මිය ගිහිනුත් අනෙකාව රැකෙනව. සෙලින් තවමත් රෙනේට තමයි ආදරේ. සෙලින් ආරක්ෂා වුණේ රෙනේගේ පුළුල් සංස්කෘතිය නිසා. ඩයනා ඩොඞී ඇග්ෆයිඞ්ට කැමති වුණෙත් ශරීරයේ ලස්සනක් හින්ද නෙවෙයි. ඩොඞීට අනෙකා කෙරෙහි වගකීම්සහගත විය හැකි සංස්කෘතියක් තිබුණ නිසා.
ජීවිතය ඉබේ වෙනස් වෙන දෙයක් නෙවෙයි. ජීවිතය වෙනස් කරගන්න මනුෂ්‍යයා මැදිහත් විය යුතුයි. පැල එන අතට මැස්ස ගහගෙන, යන අතට යන්න ඇරියහම අන් අයට උවමනා තැනකට තමන්ගේ ජීවිතය සේන්දු වෙනව. වීර්යෙන් සොයන සහ හදාරන පුද්ගලයා හෝ පුද්ගලිය තමන්ගේ පමණක් නොව අනික් අයගේ ජීවිතත් වෙනස් කරනව.
ලෝකය ගැන හදාරද්දී හෝ දැනගනිද්දී අධ්‍යාපන විධි දෙකක් තියෙනව.
1.විධිමත් අධ්‍යාපනය. (සිස්ටමැටික් එඩියුකේෂන්)
2. අවිධිමත් අධ්‍යාපනය. (නොන්-සිස්ටමැටික් එඩියුකේෂන්.)
මිනිස්සු මේ දෙකට ම අඩුවැඩි වශයෙන් අහුවෙනව. නමුත් යමෙක් මෙයින් එකකට වැඩිපුර අහුවුනොත් පොඩි විකාර (absurd) ගතියක් ඇතිවෙන්න පුළුවන්. ඒකෙන් සාමාන්‍ය ගතිය පිරිහිලා යම් ට‍්‍රැක් පැන යන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්.
මේක මානසික රෝගයක් නෙවෙයි. සමහරවිට මානසික රෝගයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් සර්කිට් එකේ අප්සට් එකක්. සමහර විට මේ තත්වය මහා විනාශයක් කරා යන්නත් පුළුවන්.
දැන් ඔයා කිව්වො ඔයාට හැම දෙයක් ම ඉක්මනට එපාවෙනව කියල. ”එපාවීම” කියන වචනය ඔයා කොහෙන්ද හොයාගත්තතේ? ඒක ඔයා ඉපදෙනකොට අරන් ආපු දෙයක් නෙවෙයි. ඒක ඔයා ඉපදුනාට පස්සේ උපුටගත්තු වචනයක්. ශබ්ද සංකේතයක්. ඔයා ජීවත් වෙච්ච සමාජෙකින් ඔයාට කෙලින් ම හෝ වක‍්‍රව කියල දුන්නු දෙයක්. දැන් ඔයා ඒක ඔයා හොයාගත්තු ඔරිජිනල් වචනයක් වගේ ඔහේ කියල දානව.
එපාවීම භාෂාව ඇතුළෙ තියෙන සංකල්පයක් නම්, එපාවීම ස්වභාවිකව ආපු දෙයක් නෙවෙයිනේ. එපාවීම ඔයා තුළ ගොඩනැංවුණ දෙයක්. දැං ඔයා ඒක ඔයා හොයාගත්තු සංකල්පයක් වගේ කියා දානව විතරක් නෙවෙයි, ඒක ඔයාගෙ මාර එකක් විදිහට හුවා දක්වන්නත් හදනව. ඒක ඔයාට ඉබේ ස්වභාවිකව වෙන දෙයක් හැටියට හුවා දක්වන්න උත්සහ කරනව. ඒත් ඒක ඉපදුනාට පස්සෙ ඔයා ඉගෙන ගත්තු දෙයක්. සමහරවිට ඉපදිලා සෑහෙන කල් ගිහින් ඉගෙන ගත්තු දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාගෙ අරුත පැහැදිලිව ම විධිමත් අධ්‍යාපනයකින් ඉගෙන ගත්තු සංකල්පයක් වෙන්න බැහැ. අවිධිමත් අධ්‍යාපනය තුළින් ඉගෙන ගත්තු දෙයක් වෙන්න ම ඕනි.
මොකද ”එපාවීම” පිළිබඳ ලෝකයේ තියෙන වඩාත් විධිමත් ම අධ්‍යාපනය තියෙන්නේ මනෝවිශ්ලේෂනයේ. මනෝ-විශ්ලේෂනය එපාවීම සුවදායක හෝ නිරෝගී හෝ ධනාත්මක හැඟීම් ආවේග ඇති කරන සංකල්පයක් විදිහට පිළිගන්නේ නැහැ. ”එපාවීම” නිසා මනුස්ස ”නිදහස” හෝ නිරෝගීකම හෝ පහසුව ඇතිවෙනව කියල කොහොමටවත් පිළිගන්නේ නැහැ.
ඒතකොට ඔයාගේ ”එපාවීම” සංකල්පයට තියෙන අරුත මනෝ-විශ්ලේෂනයේ ”එපාවීම” කියන තියෙන සංකල්පයට තියෙන අරුතට ප‍්‍රතිපක්ෂයි. ඒ කියන්නේ මේක පැහැදිලිවම අවිධිමත් අධ්‍යාපනය හරහා ඔයා උපුටගත්තු එකක් වෙන්න ම ඕනි.
ඉතිං ඔයාට ආදරේ නම්, ඔයාගේ ලබැඳියන්ට තෝරාගැනීම් දෙකක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. එක්කෝ එයාල මනෝ-විශ්ලේෂනයේ සංකල්පීය අරුතේ පැත්ත අරගෙන ඔයාව නිවැරදි කළ යුතුයි. ඒ කියන්නේ ඔයාට උදව් කළ යුතුයි.
එහෙමත් නැත්නම් ”එපාවීම” පිළිබඳ ඔයාගේ සංකල්පීය අරුතේ කරවටක් ගිලිල අයාලකාමයට ගොදුරු විය යුතුයි. ඒ කියන්නේ එයාලත් ඔයාගේ තත්වයට වැටිය යුතුයි. ඒ කියන්නේ උපකාර ලැබිය යුතු පුද්ගලයෙකුගේ තත්වයකට පත්විය යුතුයි.
ඉතිං මොකක්ද කරන්න ඕනි?
තමන් මාරයි කියල හිතන්න ද?
නෑ!!!
තමන් වෙනස් විය යුතුයි!!!
අපි මේක පිරිමියෙකුගෙ පැත්තට දාල බලමු !
ගැහැනියක් ආදරය කරපු පිරිමියෙක්, මාර ම ආදරරෙන් ඉඳල, ආදරේ වැඩිකමට බඩට කළලයකුත් දීල හදිසියේ වෙන් වෙන්න ඕනෙයි කියනව. ඒ දෙන්නගේ හැබෑ සාධාරණ නොගැලපීම් තියෙනව නම්, ඉතිං වෙන පිළිතුරක් නෑ තමයි. ඒත් හිතන්න එයා කියනව කියල මට ”සාමාන්‍යයෙන් හැම දේම ඉක්මනට එපාවෙනව” කියල. එතකොට මොකක්ද ගැහැනියට මුහුණ දෙන්න වෙන තත්වය. පළවෙනි දේ ගැහැනිය මේ අමුතු එපාවීම මොකක්ද කියලවත් දන්නේ නැහැ. ඊට පස්සෙ ගැහැනිය ප‍්‍රශ්න කරද්දි එයා ගැහැනියට හඟවන්න හදනව, මේ එපාවීම අව්ව වැස්ස වගේ ස්වභාවික දෙයක් කියල.
ගැහැනිය මෝඩියෙක් නම් ඒ ගැටේට අහුවෙනව. ඒ කියන්නෙ පිරිමියා කපටිකමට මේ වැඬේ කරල තියෙනව නම්. අපි හිතමු ඇත්තට ම හැමදෙයක් ම භාගෙට කරල අතහරින ”මානසික පතත්වයක්” මේ පිරිමියාට තියෙනව කියල. එයා ඒක නාමකරණය කරන්න ඕනිනේ. මනෝ-විශ්ලේෂනික සංකල්පය දන්නේ නැති හින්ද අසරණකමට ඒකට ”එපාවීම” කියන නම තබල කියල හිතමුකෝ.
ඉතිං කොහොමත් ඔයාට ඔප්ෂන් දෙකයිනෙ තියෙන්නේ.
ඒක්කෝ ගැහැනිය මේ පිරිමියා සිතට උදව් ලැබිය යුතු කෙනෙක් කොට සලකා එයාට එයාගෙ මේ තත්වයේ මානසික විද්‍යා අරුත පැහැදිලි කරල දෙන ව්‍යාපෘතියකට ඇතුළු වෙන්න වෙනව. (මොකද මේ සුවිශේෂී එපාවීම සංකල්පය එයා සමාජයෙන් හෝ පවුලෙන් උපුටගතකක්තු එකක් නිසා)
නැත්තං ගැහැනියත් එයාට පිරිමියා කියන ”එපාවීම” සංකල්පය ඇත්තක් විදිහට භාරගෙන විට්නි හූස්ටන් වගේම අයාලකාමීව විනාශය කරා යන්න වෙනව.
ඉතිං මොකක්ද තෝරගන්නේ?
බලන්න,
එපාවීම කියන එකම සංකල්පය අරුත් දෙකක් වුණේ කොහොමද?
ලෝකයේ සියළු විෂයන් හැදෑරීම් විශ්වයන් දෙකකට බෙදෙනව.
1. සමාජවිද්‍යාත්මක විශ්වය. (Sociological Universe)
2. මනෝවිද්‍යත්මක විශ්වය. (Psychological Universe)
මේ දෙක දෙකක්.
මේ දෙක පටලගත්තොත්, ජීවිතය අසීරු වෙනව. දෙක දෙකක් විදිහට තෙරුම් අරන් ඒ දෙකට දෙකක් විදිහට සලකන්න පුළුවන් විනයක් හදාගත්තොත් ජීවිතය ලෙහෙසි වෙනව.
මේ දෙක තව සරල කරල කිව්වොත්,
සමාජවිද්‍යාත්මක විශ්වය නියෝජනය කරන්නේ සහ විශ්ලේෂනය කරගන්නේ තමන්ගේ පවුලේ පුදග්ලික අත්දැකීම්වලින් පිට පරිභාහිර සමාජයේ තියෙන අත්දැකීම්.
මනෝවිද්‍යාත්මක විශ්වය නියෝජනය කරන්නේ සහ විශ්ලේෂනය කරගන්නේ තමන්ගේ පවුලේ පුද්ගලික අත්දැකීම් ගැන ඔයා කියන දේ සහ නොකියවෙන දේ.
තවත් සරල කරල සංකල්පයකට ම දාල කිව්වොත්,
අපි උදාහරණයකට ”ලේන්සුව” කියන සංකල්පය අරගත්තොත්.
ලේන්සුව යනු කුමක්ද කියා සමාජීය මිනිසෙකුගෙන් ඇහුවොත්, එයා කයින්නේ, ”ලේන්සුව මනුස්සයෙකුට හදිසියකට අත පිහිදගන්න තියෙන සුළු රෙදසි කැබැල්ලක් කියල. ඒ එයා සමාජයෙන් ඉගෙන ගත් අත්දැකීම.
ඒත් තවත් කෙනෙක්ගෙන් මේ ප‍්‍රශ්නය ම ඇහුවොත්, එයා කියන්න පුළුවන් ලේන්සුවක් අතගානකොට මට මතක් වෙන්නෙ අපේ අපේ අම්මව කියල.
බලන්න එකම ශබ්ද සංකේතය, ඒත් අරුත් දෙකක්.
පළවන අරුත සමාජවිද්‍යාත්මකයි. (සමාජීයයි.)
දෙවන අරුත මනෝ-විශ්ලේෂනිකයි. (පුද්ගලිකයි.)
මේ අරුත් දෙකම සමාජයේ පවතිනව.
නමුත් අරුතක් රෝගයක් බවට පත්වෙන්නේ, එය සමාජයට හෝ අරුත ප‍්‍රකාශ කරන කෙනාට ම හෝ හානිදායක වෙනව නම් විතරයි.
දැන් බලන්න.
පුටුව තියෙන්නේ ඉඳගන්න. ඒක තමයි පුටවට තියෙන සමාජ විද්‍යාත්මක අරුත.
ඒත් කවුරුහරි කෙනෙක් පුටුවට බත් දාගෙන මාළුපිණි බෙදාගෙන කෑවොත් ඒක අසාමාන්‍ය යි. එතකොට අපි කියනව ”මේක නම් පිස්සුවක්” කියල. ඒ කියන්නේ පුටුවට එයා දීල තියෙන අරුත මනෝ-විශ්ලේෂණික යි. ඒ විතරක් නෙවෙයි ඒ අරුත සමාජයට අහිතකරයි. ඒ නිසා ඒ අහිතකර අරුත එයාට අතීතයේ වෙච්ච කේදනීය සිදුවීමක් නිසා සිත ඇතුළේ වෙච්ච ගැටගැසීමක් විදිහට යි මනෝ-විශ්ලේෂන විෂය අනුව තේරුම් ගන්නේ.
රෝගය කියන්නේ ඇතුළත හැදුන ගැටයක්
ගැටය ලිහන තුරුම මේ මනුස්සයා බත් කන්නේ පුටුව උඩදාගෙන ම තමයි.
ඇයි මෙහෙම කෑම කන්නේ කියලා එයාගෙන් ඇහුවොත්, එයා, ඒක ”නිදහස”, ”රාමුවකට කොටු නොවීම” ”මගේ ආසාව”, ”රිස්ක් එකක් ගැනීම”, ”අලූත් දේවල් උත්සහ කිරීම” ”සමාජයට ඕන විදිහට ජීවත් නොවන ස්වාධීනකම”, ”මගේ සාමාන්‍ය විදිහ”, ”මට වටින ම දේ”, ”විවෘතවීම”, ”මගේ කැටගරි එක”, ”මගේ මාර ම ආසාවක්”, ”මිනිසුන්ව අඳුනගන්න කරන දෙයක්” වගේ ආකර්ශණී සංකල්ප වලින් පැහැදිලි කර දෙන්න හදාවි.
මනෝ-විශ්ලේෂන විද්‍යා විෂයට අදාළ ආයතන ප්දධතිය ශක්තිමත් නැති මේ වගේ රටක නම් ඔය හාදයව පිළිගන්න අනුගාමික පිරිසකුත් බිහිවේවි.
නූගත්කම ලෙහෙසියෙන් යාථාර්තයක් කරගන්න පුළුවන් රටක්නෙ මේක.
ඒත් ඇත්ත හේතුව රෝගියා කියන අර්ථකථනය නෙවෙයි.
ඇත්ත හේතුව ගැටය.
ඒ හින්ද සමාජවිද්‍යාත්මක අරුතක් මනුස්ස හිතක් ඇතුළේ රෝගී ගැටයක් විදිහට ගොඩනැගෙන්නේ කොහොමද කියන එක හදාරමු!
ගැටයක් හැදෙන්නේ කොහොමද?
ගැටයක් හැදෙන්නේ දරාගත නොහැකි සිදුවීමක් (Event) නිසා.
දරාගත නොහැකි සිදුවීමක් මුණ ඉදිරියට ආපුවහම මනුස්සයකුට ඒ සිදුවීම අවට තියෙන පීඩාකාරී සංකල්පයක් වැරදියට අර්ථකථනය වී ගැටයක් විදිහට ඇතළානත් අවිඥානයෙහි තැනක ගැට ගැහෙන්න පුළුවන්.
මං කියන දේ තව සරල කරන්න මම උදාහරණයක් කියන්නම්,
1988-1989 කාලෙ ජීවත් වුණු පාසල් ශිෂ්‍යයෙක්ගෙ අම්ම කෙනෙක් ඊට දශක ගාණකට පසුව වයසට ගිහිං මට හමුවුණා. දැන් එයා ජීවතුන් අතර නැති නිසා මට මේ සයිකො ඇනලිටිකල් කේස් හිස්ටි‍්‍රය ප‍්‍රසිද්ධියේ කියන්න පුළුවන්. නැත්තං ඒක මනෝ-විශ්ලේෂන සදාචාරයට විරුද්ධ යි.
මේ අම්මත් පමණට වැඩිය ඕවර් ඇක්ට් කරන සංකල්පයක් තිබුණ. එයාට ඒ සංකල්පය ශබ්දයක් විදිහට අහන්න ලැබුණ ගමං, එයා මුළු දවස ම අවුල් කරගන්නවා.
ඒකට හේතුවක් තිබුණ.
අර හේතුව ම තමයි, එයා ඒ සංකල්පයට තමන්ගේ ම අරුතක් දීගෙන.
ඉතිං ඒක එයාට සමාජවිද්‍යාත්මක අරුතක් නෙවෙයි.
ඒක මනෝ-විශ්ලේෂනික අරුතක්.
ඒ විතරක් නෙවෙයි ඇතුළත අවිඥානයේ ගැටයක් නිසා සිද්ධ වෙන දෙයක්.
ගැටයක් (ණබදඑ* තියෙනව නම් මොකක් හරි දරාගන්න බැරි ”සිදුවීමක්”(Event) සිදධවෙලා තියෙන්න ම ඕනි.
මේ ගැහැනිය සංකල්පයකට වරදි අරුතක් දී තිබුණ
සංකල්පය (Concept) වන්නේ - ”ටයර් එක”
ඒ සංකල්පය පිටුපස තබෙන
දරාගත නොහැකි සිදුවීම (UNBEARABLE EVENT) වන්නේ - ඇය තමන්ගේ දරුවාව ටයර් එකකට දමා පනපිටින් පුච්චා මැරෙනවා දැකීම.
ඉතිං ඒ ”ටයර්” කියන ශබ්දය ඇහෙන්නේ කොතනද ඇගේ අවිඥානය දෙදරණවා. ඇය ඊට දී තිබෙන අරුත අනුව ඇගේ සමාන්‍ය හැසිරීම අසාමාන්‍ය හැසිරීමක් බවට වෙනස් වෙනව. ගැටය ලිහෙන තුරුම ඇය මේ කුරුසය කරගසාගෙන යා යුතුයි.
දැන් බලන්න ......
”ටයර් එක” කියන සංකල්පය දිහා.
ටයර් එකක් යනු කුමක්ද? කියා එහි සමාජවිද්‍යාත්මක අරුත ඇසුවොත්
ටයර් එකක් කියන්නේ - වාහනයක රෝදයකට දමන අත්‍යාවශ්‍ය කොටසක්.
දැන් මේ අරුත නම් අර අම්මගෙ ඔළුවෙ තියෙන්නේ, ඒයාට වේදනාවක් නෑ. ආතතියකුත් නැහැ. මොකද ඒක තමයි සමාජයේ කවුරුත් පිළිගත යුතු සමාජවිද්‍යාත්මක අරුත.
ඒත් මේ අම්මගෙ හිතේ ගැටේට අනුව ටයර් එක කියන්නේ - ”දරුවන් පුච්චා මරන්න යොදාගන්නා අනවශය සහ භයානක වස්තුවක්. (Deadly object)”
ඉතිං එයාගෙ ගැටය ලිහෙනකං ම එයා ටයර් එක පිළිබඳ ඇත්ත විදිහට භාරගන්නේ තමං හදාගත්තු ගැටයෙන් එවන අරුත.
ඉතිං මේ අම්මගෙ ගැටයට පිළියම් කරන්නේ කොහොමද?
ඒ කියන්නේ කොහාමද ගැටේ ලිහෙන්නේ?
ලිහන එක බොහොම සීරුැවට කරන්න ඕනි සෙන්සිටිව් ප්‍රෝසෙස් එකක්.
ඒ ප්‍රෝසෙස් එක ඇතුළෙ කරන්නේ, ඇයට කෙමෙන් කෙමෙන් ටයර් එක පිළිබඳ සමාජවිද්‍යාත්මක අරුත ඇතුළ් කිරීම. එතකොට එයාම හදාගත්ත රෝගී අරුත එක්ක අර සමාජවිදයාත්මක අරුත හිත ඇතුළෙ ගැටිල, ගැටය ලිහෙන්න ගන්නව. ඒ ලිහෙන අතරතුරේ ගැටය තියෙන තැනට අර සාධාරණ සමාජවිද්‍යාත්මක අරුත පිහිටුවනු ලබනව.
එයින් ගැටයේ අරුත අතාර් කික කරවනව.
එකෙන් ගැටය ලිහෙනව.
ඊට පස්සෙ වේදනාව සහ ආතතිය අහවර වෙනව.
මේක කරන්න තියෙන අසීරුව මොකක්ද?
ඒ අම්මා පිළිගත යුතුයි තමහන් අසාමාන්‍ය තත්වයක ඉන්නව කියල.
පිළිගන්නේ නැති කෙනෙකුට උදව් කිරීම අසීරුයි.
ඒක නිදහස කියල හිතන් ඉන්නව නම් තවත් අසීරුයි.
මොකද එයා ගැටයේ අරුත තමංගේ කරගෙන ඉන්නව නම්, එයා දිගින් දිගට ම තමන්ගේ ඒ අරුත යුක්තිසහගත කරගන්න කරුණු ඉදිරිපත් කරන්න ගන්නව.
ලොකු ඉවසීමක් නැතුව එයාට අදව් කරන්න බෑ.
ඒ හින්ද ගැටය යුක්තිසහගත කරන්න හදන්න එන්න එපා! ගැටය යනු ගැටයක් බව පිළිගන්නා තුරුම ගැටය ලිහෙන්නේ නැහැ.
දැන් මේ දැනුම පසුබිමේ තියාගෙන අපි ආදර සබඳතා සහ අයාලකාමය කියන අත.ර සම්බන්ධය හොයමුු!
හිතන්න ඔයා මුහණ දී ඉන්න සංකල්පය - ”ආදර සබඳතා” කියල.
”ආදර සබඳතා” පිළිබඳ සමාජ විද්‍යාත්මක අරුත - ”ලංවී සිටීමේ, හැඟීම්වලින් සම්බන්ධව සිටීමේ, හැඟීම්වලින් එකිනෙකාට උදව්කර ගැනීමේ ද, සිතිවිලි, හැඟීම් සහ අත්දැකීම් පරාසය ම මුළුමනින් ම එකානෙකා හා බෙදාහදා ගැනීමේ තත්වය ආදර සබඳකමකි.”
ඒත් ඔයාට ආදර සබඳතා පිළිබඳ වෙනත් මනෝ-විශ්ලේශනිකව විමසිය යුතු අරුතක් හිත ඇතුළෙ ගල් කරගෙන ඉන්නව කියල හිතමු.
එහෙම තිබුණට වරදක් නැහැ. ඒත් ඔයාගේ මනෝ-විශ්ලේෂනික අරුත මානව-විරෝධී නම්, නිසා ඒ පිටුපස ඔයාට ගැටයක් තියෙන්න ම ඕනි.
ඒ නිසා ඒ ගැටය පිහිටන්නට හේතු වුණ දරාගත නොහැකි සිදුවීමකුත් සිද්ධ වෙලා තියෙන්න ඕනි.
ඔයාට අනුව ”ආදර සබඳතා” යනු - ඉක්මනට එපාවෙන, හේතුවිරහිතව අතහරින සහ මඟහරින, ඊට එන සමාජ විරෝධය පවා නොතකන, මිනිස්සුංගෙ නව-කැටගරි හොයමින් තියෙන කැටගරිය අතහරින, අනෙකා කෙරහි කිසිදු වගවීමක් නොදරන අයාලකාමයක් නම්?. තියෙන සබඳකම අතහැර අලූත් ඒව හොයන අවුලක් නම්?.
මං මෙතෙක් කියපු මනෝ-විශ්ලේෂනික පදනම අනුව ඔයාගෙ යොමුව ශීෂ්ට ලෝකය ම ආදරා සබඳතා පිළිබඳ පළිගත් සමාජවිද්‍යාත්මක ලෝක දැක්මට ප‍්‍රතිපක්ෂයි. ඒ අනුව එය පැහැදිලිවම අමතකව ගිය දවසක යටපත් කරගත් දරාගත නොහැකි අවිඥානික සිදුවීමකින්(Unconscious event) ඔයාගේ ඇතුළාන්තයේ ගොඩනැගුණු ගැටයක් (Knot) අනුව වමාරණ වැරදි අරුතක්.
ඒක සායනිකව ප්‍රතිකාරය කරගත යුතු එකක්.
(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.