1200 x 80 DMirror

ප්‍රජාතන්ත්‍රය කරන්නේ වචනයෙන්. වචනයෙන් තමයි සංවාද විවාද කරන්නේ.

ප්‍රතිවාදියා ජය ලබන්නේ හෝ පරාජය ලබන්නේ වචනයෙන්. ඒකත් හරියටම කරන්නේ තර්කයෙන්. සරදම් කරන්න පුළුවන්. නමුත් තර්ජනය කරන්නේ නැහැ.

අතින් පයින් ගහලා ගෙවල් ගි නි තියලා කරන්නේ ප්‍රජාතන්ත්‍රය නොවෙයි. ඒ ත්‍රස්තවාදය. ප්‍රජාතන්ත්‍රය කරන්න ප්‍රතිවාදියා සිටිය යුතුයි.


 
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මේ කියන කතාවෙන් පැහැදිලි වන්නේ ඔහුගේ පියාගේ නිවෙස පවා ප්‍රතිවාදීන් විසින් අතීතයේ ගිනි තබා ඇති බවයි. නමුත් ඔහු අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉන්නවා. ඔහුට කෙතරම් අවමන් කළත් ඔහු ඒ සියල්ලට ඉහළින් ඉන්නවා. මුළු රටම දන්නා දඩබ්බර චරිතයක් ඔහු.

තමන්ගේ ගෙදර ගිනි තියලත් ඔහුව නවත්වන්න බැරි වී තිබෙනවා. ඒක මේ බිහිසුණු සමාජය තුළ දේශපාලනය කරන්න අත්‍යවශ්‍ය ලක්ෂණයක්. බොහෝ මිනිස්සු එවැනි පහරදීම් හමුවේ පසෙකට වෙනවා. බිය වී පලා යනවා. කඳවුර මාරු කරනවා. පාවා දෙනවා.

නමුත් සනත් නිශාන්ත වගේ මිනිස්සු ඒ ප්‍රහාරය නිසාම තවත් ශක්තිමත් වෙනවා. දේශපාලනය කරන්න පුළුවන් ඒ වගේ මිනිස්සුන්ට තමයි.

ධර්මය අපට මග වේවා!


Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022 ඔක්තෝබර් 9

 


 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

වායාම

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය