දොරවල් වහගත්ත කාමර ඇතුලේ හෝ ආවරණය වෙච්ච තැනක මේ වැඩේ කරන එකෙන් විතරයි මිනිස්සු තිරිසනුන්ට වඩා සංස්කෘතික වෙන්නේ..
මේ වැඩේදි අනික් හැම අතින් ම මිනිසුන් තිරිසනුන් අභිභවා යනව. ඒක ට තිරිසනුන් ට වඩා තිරිසන් වෙනවා වගේ තිරිසන් නිර්වචනයක් දෙන්න නරකයි..
මිනිස්සු ඒක තිරිසනුන් ට වඩා රසවින්දනාත්ම කලාවක් බවට පත් කරගෙන තියනවා.. නැත්නම් ඒක art එකක් කරගෙන තියනවා..
ඒකත් මනසින් උසස් බවේ ප්‍රබල මං සංදියක්..
අපේ රටේ ලිංගිකත්වය ගැන ප්‍රමාණික සාකච්චාවක් නෑ කියන එක දැන් අහල ඇති වෙච්ච එකක්..
අපි නම් ඉස්කෝලේ හයේ හතේ ඉඳන් ම යාලුවෝ එක්ක ඔය ගැන ප්‍රමානිකත්වය ඉක්මවා කතා කරලා තියනවා වගේ අදහසකුත් මට තියනවා හැබැයි ඒවා විද්‍යාත්මක ද, සංස්කෘතික ද වගේ තත්වයන් ගැන විවාද තිබුන ත් මෙච්චර කල් වැඩ ගත්තේ ඒ අවිදිමත් අද්‍යාපනය ට පිං සිද්ද වෙන්න තමයි.
මං මේ වටේ යන්නේ පොඩ් දෙයක් කියන්න..
ඇත්තටම ලිංගික ව හැසිරෙන විදිය ගැන. ඉරියව් ගැන, වෙලාවල් ගැන, vedio කරනවද නැද්ද කියන එක කාටවත් සීමාවල් හෝ සිද්දාන්ත ඉදිරිපත් කරන්න බෑ,
ඒක අතිශය පුද්ගලික කැමැත්ත වගේම අයිතිය...
මෙහෙම කරොත් හරි මෙහෙම කරොත් වැරදි යි කියලා එකක් sex වලට නෑ.
ඒක තමන්ගේ පුද්ගලික අය්තියක් කියලා පිළිගන්නකොටම අනිත් පැත්තේ න් ඒක සමාජයේ හැම මිනිහෙක් ගේම අතිශය පුද්ගලික අය්තියක් කියලා අපි පිළිගත්තා වෙනවා..
එහෙම නම් අනුන්ගේ නිදන කාමරවලට එබෙන එක අතිශය නරක වැඩක් බව තේරුම් ගත යුතු වෙනවා..
හැබැයි තමන් ඒ කරන වැඩේ වැඩි දෙනෙක් බලන එක ආදායමක් කරගත්ත porn site කරන අයට අදාලව මේක වලංගු වෙන්නේ නෑ මොකද අපි තමයි ඔවුන් ගේ ප්‍රදාන පාරිභෝගිකයෝ.. ඒක ඔය යන විදිහට කරගෙන ගියා ට මගේ අවුලක් නෑ..
# හැබැයි එහෙම නොවන පුද්ගලිකත්වය ගැන බරපතල විදිහට හිතන කෙනෙකුගේ vedio පටයක් නැරඹීමට ..
# තවත් කෙනෙකු ට share කිරීමට..
# කිසියම් device එකකින් සොරකම් කිරීමට, සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට පේර සිය දහස් වතාවක් සිතන්න..
එවැනි දේ ඔබ වෙත එවන මිතුරන් හෙට දවසේ ඔබේ vedio පටයක් ලැබුනත් එලෙසම රස විඳිමින් තලු මරණ බව අමතක නොකරන්න..
එවැනි දේ ට නොබියව විරුද්දවෙන්න කොන්දක් හදාගන්න..
එවැනි ආතතියක් දරා ගත නොහැකිව සියදිවි නසා ගත් ජීවිතවල සැබෑ මිනී මරුවා උඹ වෙන්න පුළුවන් බව අමතක කරන්න එපා..
මිනිහෙකුට කෙල උනාම ඒක රස විඳින පුරුද්දක් අපිට කවදාවත් තිබිල නෑ.. බල්ලෙක් හැප්පිලා හිටියොත් වතුර පොවලා ජීවිතේ ගොඩ දාන්න බලපු සමාජයක් බලු වෙච්ච හැටි ගැන කතාවක් මං කිව්වේ....
මේ රටේ පාලකයෝ ලංකාවේ cyber නීතිය වහාම යාවත්කාලීන නොකලොත් තව අසරණයින්, වින්දිතයින් දහස් ගණනක් දිනපතා බිහි වේවී.
මමත් ඒ සටනට කර තියන්න ලෑස්තියි..
මේක පුරවැසියන්ට සහ පාලකයන්ට දෙගොල්ලොටම කරන්න තියන වැඩක්..(චමින්ද ගුණසිංහ)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
#lanka change makers
සබැඳි ලිපි :
සයිබර් හිංසනයට ලක්වූවන්ට නිසි මගපෙන්වීමක් අවශ්‍යයි - Lanka change makers
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න