කිලියන් ම්බප්පේ...(Kylian Mbappe) පේලේට පස්සේ නව යොවුන් වියේදි ලෝක කුසලාන අවසන් තරඟයක ගෝලයක් වාර්තා කරපු පළමු වැන්නා.
ඒ වගේම පහුගිය ඉරිදා (දෙසැ 18) අවසන් වුන ලෝක කුසලාන තරඟයේ ආජන්ටිනාවට එරෙහිව මාර සටනක් දුන්න ප්‍රංශ ක්‍රීඩකයා
මම මීට කලින් ලිව්වා ඉස්සරවෙලා වැඩේ කරන්න පස්සේ නම හැදෙයි කියල. දැන් තමයි ම්බප්පේගේ නම උච්චාරණය කරන විදිය උනත් අපි හොයාගන්නේ.
ලෝක කුසලානේ පැරදුණා උනත් ම්බප්පේ ප්‍රංශයට ආඩම්බරයක්. ඒකයි ප්‍රංශ ජනාධිපති මැක්රෝන් එයා ළඟට වෙලා එයා සනසවන්නේ. එයා එක වෙලාවක ජනාධිපතිටත් වඩා ලොකු ජාතික වස්තුවක් කියල මැක්රෝන් දැනගෙන හිටිය.
එයාගේ වැඩේ එයා කළා. දැන් හැමෝම නම දන්නවා. අමුතුවෙන් නම් හොයන්න ඕනි නැහැ.
හැමෝම තම තමන්ගේ වැඩේ හරියට කරනවා නම් හැමෝටම පුළුවන් තමන්ගේ තැනේදී එකිනෙකා මුණගැසෙන්න
මේ එහෙම තැනක් ..(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි සටහනක් :
මුලින් වැඩේ කරමු. පස්සේ නම හැදෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න