ලංකාවේ සුනාමි ඛේදවාචකය සර්වසුභවාදයකට පෙරළා ගත් සමාජ කණ්ඩායම් දෙකක් ගැන කරන විග්‍රහයකින් අපි මේ ලිපිය පටන් ගනිමු.


 1. රාජපක්ෂ පවුලේ දේශපාලනය- රාජපක්ෂ පවුලේ මූලික සාමාජිකයන් තිදෙනා සමපේක්ෂණය කරන ලද අදහස ලංකාවේ තහවුරු විය. එනම්, LTTE ය පරාජය කිරීම යනු, අලුත් පවුල් දේශපාලනයක් ලංකාවේ තහවුරු වීමට තුල්‍ය වේ.

2. ජනතා විමුක්ති දේශපාලනයට විකල්ප වශයෙන් හටගත් X දේශපාලනයට බද්ධ වූ කුඩා පිරිසක් X දේශපාලනයට පිටින් තමන්ට අනාගතයක් ඇතැයි කරන ලද සමපේක්ෂණය කලින් නො තිබුණු මාධ්‍යයක් වූ ‘නව මාධ්‍ය’ [NEW MEDIA] හරහා තහවුරු වීම.

 

ඉහත දේශපාලන ප්‍රවර්ග දෙකම ජනප්‍රිය දේශපාලනය නැතහොත්, POPULISM වලට අයත් ප්‍රපංච දෙකකි. සුනාමිය අතීතයට එකතු වී වසර 18 ක් ගෙවී ඇත. මේ වසර 18 තුළ දී ‘දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ’ සන්නද්ධ බලය සහමුලින්ම පරාජය විය. අනෙක් අතට, ජනප්‍රියවාදයේ ඉහමොළ විනාශ කළ රාජපක්ෂ පවුල් ව්‍යාපෘතිය ද, එහි මූලාකෘතිය වූ බණ්ඩාරනායකවාදය ද පරමාණුකකරණයට ලක් විය. ජනතා විමුක්ති පෙරමුණ එහි නාමික දාර්ශනික හැව වූ මාක්ස්වාදය අතහැර දමා ජනප්‍රියවාදය වැළඳගත් අතර, එහි එක් අංශයක් සීන්ෆෙන් වැනි සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ආකෘතියකට ඌනනය වූ අතර අනෙක් අංශය රැඩිකල් විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයට ඌනනය විය.

Fifa 696x929

Phallus

 

ජනප්‍රියවාදයට අනුව, මෙලොව පවතින්නේ එක දෙයකි (ONE). ඒ වනාහි, ජනතාව (PEOPLE) යි. ජනප්‍රියවාදය වැළඳගත් නායකයෙකුට කළ හැක්කේ, ‘ජනතාව’ නියෝජනය කිරීම සහ ඔවුන්ගේ හඬ අවදි කිරීම පමණි. ලංකාවේ මෙවැනි ජනප්‍රියවාදීන් දෙදෙනෙකු වන්නේ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර ය.


ඔවුන් දෙදෙනාට අනුව, ජනතාව නම් 1 කේ ඉලක්කම දෙක (2) කරන්නේ හෝ දෙකඩ කරන්නේ, ජනතාවගේ හතුරන් වූ දූෂිත දේශපාලකයන් ය. රාජපක්ෂවාදයට අනුව, ලංකාවේ ජනතාවගේ ජනහතුරන් වූයේ, දෙමළ ජනයා සහ මුස්ලිම් භක්තිකයන් ය. 2022 වර්ෂයේ අරගලය එනතුරු ජනහතුරන් වූයේ, සුළු ජාතීන් ය. දැන් එතැනට රාජපක්ෂ සහ රනිල් පත් වී ඇත.

ලාභයක් මත පදනම් වී නිෂ්පාදනයක් කරන සමාජ ක්‍රමයට අප කියන්නේ, ධනවාදය කියා ය. ගෝලීයකරණය යනු, මෙම සමාජ-ක්‍රමය ජාතික සීමාවන් ඉක්මවා වර්ධනය වීමයි. ජාතික සීමාවන් ඉක්මවා ධනවාදය වර්ධනය වන විට එක්තරා අලුත් පරතරයක් – GAP – බිහි වෙයි. එනම්, ආර්ථිකය සහ දේශපාලනය අතර පරතරය යි. ‘දේශපාලන බලය’ ගෝලීය ධනවාදය තුළ දේශීය සීමා තුළ හිර වන අතර ආර්ථික බලය විසින් මේ ඊනියා දේශීය සීමා දියකර හරියි.
 
 
සරලව කිවහොත්, පළමු සතියේ ප්‍රකෝටිපතියෙකු ලෙසින් මාධ්‍ය මගින් ප්‍රවර්ධනය කරන දිනේෂ් ශාෆ්ටර් දෙවැනි සතිය අග වන විට දී කෝටි ගණන් ණය වූ අසාර්ථක මූල්‍ය ධනපතියෙකු ලෙස හඳුන්වා දෙයි. එහි සරල අදහස වන්නේ, දේශපාලනය දේශීය අගතිවල පැටලෙන අතර ආර්ථිකය බාහිර සතුරු මනෝභ්‍රාන්තීන් සමඟ පැටලෙන බවයි. එබැවින්, ආර්ථිකය සහ දේශපාලනය අතර තිබෙන තියුණු පරතරය වඩ වඩාත් අවිනිශ්චිත වී ඇත.
 
 
ඉහත ඓතිහාසික ක්‍රියාවලිය සතු ජංගම ස්වරූපය නිසා අද දවසේ ජීවත් වන මිනිසුන් අතර ඇත්තේ, සංක්‍රාන්ති හර පද්ධතියකි. අද දවස වන විට, සමාජයේ විවිධ පුද්ගලයන්ට තමන්ට රුචි ආකාරයට ‘හර පද්ධතිය’ නැතහොත්, සමාජ නිර්ණායක අර්ථකථනය කළ හැකි ය.

ඊනියා රනිල් රාජපක්ෂගෙන් රට බේරා ගැනීම නම් සටන් පාඨය යටතේ හිරුණිකා තවත් මිනිසෙකුගේ දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරයි. විදුලි ඉංජිනේරුවන් තමන්ගේ පවුලේ ජීවන වියදම වෙනුවෙන් ජාතික විදුලි බිල සමඟ සෙල්ලම් කරයි. ජනතා විමුක්ති පෙරමුණ රජයේ සේවකයන්ගේ ආදායම තහවුරු කිරීම සඳහා විදේශ කම්කරුවන් උපයන ඩොලර් ආදායම සහ රටේ බදු මුදල් සමග සෙල්ලම් කරයි. පෙරටුගාමීන් තමන්ගේ සායම බේරා ගැනීමට රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය උකස් කරයි. මේ සියලු දෙනා කරන්නේ, අවස්ථාවාදී දේශපාලනයක් බව වටහා ගන්නට අයින්ස්ටයින්ලා අවශ්‍ය නැත. දේශපාලනය කිසලොව්ස්කිගේ පසුකාලීන චිත්‍රපට මෙන් සදාචාරයෙන් -MORALITY – පුද්ගලික ආචාරධර්ම – ETHICS – බවට පරිවර්තනය වී ඇත.
 
 
පන්ති අරගලයේ භාෂාවෙන් ගතහොත්, අද දවසේ බහුතර දේශපාලන ව්‍යාපාර රටේ සැබෑ ප්‍රශ්නය වූ 60% වැඩකරන ජනතාවගේ බදු මුදල් සූරා කා 20% වන මාසික ආදායම් උපයන ජනතාවගේ සුඛ විහරණය සපථ කරති. සමාජ අර්බුදයේ සැබෑ ගැටලුව ”පවතින තැනින්” උගුල්ලා වෙන තැනකට පොලා පන්නවයි. අනුර කුමාරගේ සිට සජිත් ප්‍රේමදාස දක්වා විපක්ෂය කරමින් ඉන්නේ, මේ මධ්‍යම පන්තික දේශපාලනය යි. මේ අදහස පාර්ශවීය සහ පක්ෂපාතී අදහසකි. සත්‍යය පැවතිය හැක්කේ, පක්ෂපාතීව මිස සර්ව පාක්ෂිකව නොවේ. රනිල්ට පසුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවන් වන්නේ අප ය.
 
 
නිශ්චිත ලෙසම, ඉදිරි මහ මැතිවරණයකට පෙර පොදු සන්ධානයක් ගොඩ නැගිය යුතුය. එවැනි සන්ධානයක් සතු මූලික ලක්ෂණය පිළිබඳව ලෙනින් මෙසේ කියයි:
 
633ad81d3e26aa4fb730783e
 
 
‘ යකඩ මෙන් නො සෙල්වෙන ශික්ෂණයක් අපට අවශ්‍යය. මන්ද, අප යෝජනා කරන එකතුව ධනාත්මක සමස්තයක් නොවන නිසා ය. සෑම දෙනාම ගැලවෙන්නට සිටින නිසාම එකතු වන්නන් අතර දැඩි අධිෂ්ඨානයක් අවශ්‍යය. නිශේධනය අපගේ ධර්මය යි.’
 
 
එක පැත්තකින්, ලිබරල් ආශාව යොමු වන්නේ ඇදහිල්ලක් තරම් සංකීර්ණ වූ යුරෝපීය පරමාදර්ශයන් කෙරෙහි ය. අනෙක් පසින්, මේ මහා ආර්ථික අර්බුදය මැද ඒකරාශී වෙමින් සිටින ස්වදේශික මහජනයාට අවශ්‍ය රැඩිකල් ෆැසිස්ට් ජාතිකවාදයක් ය. ජනප්‍රියවාදයන් යොමු වන්නේ, මෙම ජාතිකවාදය දෙසට ය. සරත් ෆොන්සේකා V8 දෙසට හැරෙන විට, අනුර කුමාර TOYOTA ඩබල් කැබ් දෙසට හැරීම අහම්බයක් නොවේ.
 
 
‘ශිෂ්ටාචාරයේ අසහනය’ ලෙසින් ෆ්‍රොයිඩ් විග්‍රහ කරන ප්‍රපංචය අද මාක්ස්වාදීන් වටහා ගෙන ඇති ප්‍රමාණයට වඩා ගැඹුරුය. මේ අසහනයට විසඳුම් ලෙස සම්පත් යළි බෙදා දීම, සැමට අධ්‍යාපනය, සියලු දෙනාට සතුට, දූෂණ විරෝධය, ආගම් භක්තිය වැනි සාධක සැලකිය නොහැකිය. ඒ සඳහා, අලුත් ශිෂ්ටාචාරයක් ගොඩ නැගිය යුතුය. අලුත් සංකේත පද්ධතියක් – SYMBOLIC ORDER – ගොඩ නැගිය යුතුය.
 
 
පසුගිය වසර 18 තුළ මගේ සායම යවා ගනිමින් මා කරන ලද්දේ, ලංකාවේ ‘සංකේතීය පද්ධතිය’ දියුණු කිරීමයි. පුද්ගලයෙකු ලෙස මගේ අඩුපාඩු කෙතරම් තිබුණත්, මා විසින් ලංකාවට ව්‍යුහවාදයේ සිට මනෝවිශ්ලේෂණය දක්වා ඥාණ විභාගයක් ගෙනාවේය. ධනේශ්වර ශිෂ්ටාචාරය මිනිසාට ඇති කරන අසහනයන් තේරුම් ගැනීමේ විද්‍යාව ‘X දේශපාලනය’ වූයේ, අහම්බයකින් නොවේ. පසුගිය මාස කිහිපය තුළ 3mana.com වෙබ් අඩවියට එන දේශපාලන රසිකාවියන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ ද අහම්බයකින් නොවේ.

වසර 18 කට පෙර, අපගේ සංවිධානය අද වැනි දිනයක දී අපේම සගයන් පිරිසක් විනාශ කරන්නට උත්සාහ කරන ලදී. ඒ පුද්ගලික කීර්තිය උදෙසා ය. අද ඔවුන් බහුතරයක් විකාරයක් වී ඇති අතර අනෙක් අය, පවුල තුළ දිය වී ගොස් ඇත. ස්නායු පද්ධතිය ඉතිරි වී ඇති අයට මා කියන්නේ, අප සමඟ එකතු වන්න කියා පමණි. සායම ගිය බල්ලෙකු සමඟ එකතු වීම ඔබට අගෞරවයක් නොවේ.

You were the shadow to my light Did you feel us? Another star, you fade away Afraid our aim is out of sight Wanna see us alight



(ANUSHA AND දීප්ති)


(උපුටා ගැනීම - 3mana.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්