එක්සත් ජාතික පක්ෂය සමග පොහොට්ටුව සන්ධාන ගත වේ නම්

එය පාර්ලිමේන්තුවේ තනි පක්ෂ නායකයෙකු මෙන්ම 2022න් එපිට ආසන්න වසර17 ක කාලයෙහි ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවූ රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිවීම ලෙස පත්වීම මෙන් ගැඹුරු දේශපාලන සංසිද්ධියකි.

 

SA MT

එකී සංසිද්ධිය, ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි ඩලස් අලහප්පෙරුම, ගෝඨාභගේ අනුප්‍රාප්තික ජනාධිපති කරවීමට 2022දී සජිත් ප්‍රේමදාසත්, සුනාමි ආධාර පුද්ගලික ගිණුමක දමා ගත් බවට පැවරුණ නඩුවේ චුදිතව සිටි මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති කරවීමට, 2005දී  ජවිපෙයත් (හුදු රනිල් වික්‍රමසිංහට එරෙහිව) ගත් දේශපාලන තීන්දු තීරණයන්ට වඩා ගැඹුරු මෙන්ම ධනාත්මක වේ.

මේ ලිපියෙන් එකී සංධානය හරහා රටේ පැවැත්ම කෙරෙහි බල පෑ හැකි ධනාත්මක උප කල්පනයන් විග්‍ර කෙරෙයි.

2020 දී ඡන්ද හැට අට ලක්ෂයක් ජනතාවගේ පරමාදර්ශයවූ  පොදුජන පෙරමුණ, එජාපය සමග එක් වීමේ කැමැත්ත ජනාධිපති රනිල්ගේ දේශපාලන භාවිතාව පිළිබඳ ගමන් කිරීමේ සූදානම පොහොට්ටුව රාජපක්ෂලාට අහිමිවූ රටේ පාලනය සඳහා සජිත් ජවිපෙය මෙන් පුද්ගල වාදයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප නො කිරීමෙන් කෙටි කාලයක් තුළ අත් විඳි සාධනිය අත්දැකීම් විය හැකිය.

 



මැයි 9 වෙනිදා අරලිය ගහ මැදුරෙන් ගෝල්පේස් අරගලයට එරෙහිව මුදා හළ ප්‍රචණ්ඩත්වය ආ පිට කැරකී මහ පාරේදී සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු  ඝාතනය කිරිමත්, ගොල්පේස් පිටියේදී සජිත්ට එල්ල කළ පොලු පහරත් අරගල කරුවන් පවා දැන නොසිටි අදිසි ප්‍රචණ්ඩත්වයකි. 2022 ජූලි 09 දින රංචු ගැසී ජනාධිපති මන්දිරයත් අගමැති කාර්යාලයත්  ආරක්ෂක අංශ බලා සිටියදි අත්පත් කර ගත් එකී අදිසි ප්‍රචණ්ඩත්වය අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවෙසට ගිනි තැබීම යනු, නිවෙස්වල නිදා සිටි පුරවැසියන් මරා හන්දිවලට විසි කළ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ විමුක්තිකාමි පැසිස්ට්වාදි සහාසිකත්වය යළි වීදි බැසීමකි.

 



ජූලි 13 වෙනි දින වනවිට උපන් නිවෙසද අහිමිව සිටියදී, රටේ වැඩබලන ජනාධිපති ලෙස පත්ව පැසිස්ට් වාදීන්ට රට අරාජික කිරීමට ඉඩ නොතබන බවට රනිල් කළ ප්‍රකාශයට, මහා බ්‍රිතාන්‍ය සහාය පළ විය. ත්‍රෛනිකායික මහ නාහිමිවරු රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නැයි අනුදැන වදාළහ. අනුර කුමාර දිසානායක හදිසි නීතිය පැනවූ පසුබිමක ප්‍රවේශම් වෙන්නැයි කළ ප්‍රකාශය, රනිල්ගේ ප්‍රකාශය නිවැරදිව තේරුම් ගෙන වීදි බස්වා සිටි කාඩරයන් යළි කඳවුරු වෙත කැඳවීමකි.

 

 

ජූලි 13 වෙනිදාත් පොදු දේපල වනසමින් වසන්ත මුදලිගේ සහ ළහිරු වීරසේකරලා ඉන් පැය විසි හතරක් ගතවීමටත් පෙර 14 වෙනි බ්‍රහස්පතින්දා රාජ්‍ය දේපල ආපසු භාරදෙන බවට සහතික වීම ජවිපයේ අනතුරු ඇඟවීමට අනුගත හැසිරීමකි. ජනතාව අකමැති කෙනෙක් ජනාධිපති  කළොත් පාර්ලිමේන්තු බහුතරයට ගමේ යාමට ඉඩ නො දෙන බවට කළ තර්ජනය නිසා පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට කැඳවූ හමුදා ඛණ්ඩයට පහර දී ගිනි අවි පැහැර ගත් අවස්ථාවේ පහර කෑ හමුදා සෙබලුන් රෝහල් ගත කළහ.  

ලොව ඉහළම උද්ධමන රටවල් 10 අතර සිටි ලංකාවට ස්ථාවර ආණ්ඩුවක් නැති වුණොත් රට ඉබේ වසා දැමෙනු ඇති බවට මහ බැංකු අධිපති කළ අනතුරු ඇඟවීම වැඩ බලන ජනාධිපතිවරයාට පැවරුණ වගකීම අවධාරණය කිරීමකි. ඉන්දන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ සිය දෛනික ගමන් වාර 3000ක් අවලංගු විය. ඉන්ධන පෝලිම්වල සිදුවූ 17 වෙනි පුරවැසි  මරණය ජූලි 17 වෙනි දින වාර්තා විය. පරිත්‍යාග ලෙස විදේශ වලින් ලැබුණ ඖෂධ බෙදා හැරීමට හෝ ඉන්ධන නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේය.

මෙවන් පරිසරයක  ජූලි 20 වෙනි දින ස්ථීර විධායක ජනාධිපති ලෙස පත්වූ වහාම රනිල් වික්‍රමසිංහ හමුදා මූලස්ථානයට යාම කිසිවෙකු අපේක්ෂා නො කළ   සිද්ධියකි. ජනාධිපති ලේකම් කාර්යාලය නිදහස් කර ගැනීමට ජූලි 22 දින රාත්‍රියේ ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම 14 වෙනිදා පොදු දේපල භාර දෙන බවට පෙරටුගාමින් කළ ව්‍යාජ හැසිරීම රටට හෙළි කිරීම මෙන්ම රට තුළ නීතියේ ආධිපත්‍යය සක්‍රියව පවත්නා බව තහවුරු  කිරීමකි.

 

මෙසේ ගෝඨාභයට කළ නො හැකිවූ නීතියේ ආධිපත්‍යය තහවුරු කොට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අඛණ්ඩව ලංකාව සමග ගණුදෙණු කළ හැකි  ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික වට පිටාවක් සහතික කළ ජනාධිපති වික්‍රමසිංහ අනාරක්ෂිතව පැවති ජනතාව තුළ යම් විශ්වාසයක් තහවුරු කළේය. 1970දී පැවති සන්නද්ධ කැරැල්ලක අවදානම  පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් නව පාලකයන්ට භාරදී ඩඩ්ලි ගෙදර යාමත්,  1970දී ලංකා වැවිල කරුවන්ගේ සංගමයේ සභාපතිව සිටි රංජන් විජේරත්න 71 කැරැලි සමයේ පැවති රජයට පූර්ණ සහාය දැක්වීමත්, 1971 අප්‍රේල් කැරලි කරුවන් බණ්ඩාරනායක මැතිනිය අල්ලා ගැනීමේ සැලැස්ම  රාජ්‍ය බුද්ධි අංශයටත් පළමුව ජේ.ආර්.ජයවර්ධන බලධාරින්ට දැන්වීමත් හරහා සහතික කළ එජාපයේ ප්‍රජාතන්ත්‍රික දේශපාලන වගකීමට අනුගතව, 2022දී ගෝඨාට සුරක්ෂිතව රටින් පිටවීමටත්, 2015දී  මහින්දට මැද මුදල යාමටත් පහසුකම් සැලසීම ගැන සජබය ජවිපෙය වෛර කළාට හැට නව ලක්ෂයක් ජනතාව රනිල් වික්‍රමසිංහ කෙරෙහි විශ්වාසයෙන් පසුවෙතැයි පොහොට්ටුව විශ්වාස කරන්නාහ. 

 

රනිල් වික්‍රමසිංහ, ක්‍රියාත්මක කරමින් සිටින්නේ එජාපයට අනම්‍ය ආර්ථික ප්‍රතිපත්තිය ආචාර්ය හර්ෂ සිල්වාත් තහවුරු කරයි. එසේම 21 වෙනි සංශෝධනය හා ඍජු බදු ප්‍රතිපත්තින්ටද, මහින්ද වාසි භික්ෂුන් විසින් යටපත් කළ ථෙරවාදි නිකායික කෙටුම්පත් පනත යළි ගෙන ඒම ආදි යහ පාලන දැක්ම රාජපක්ෂ දේශපාලනට පටහැනිය. පෙබරවාරි 4 වෙනිදාට  ජන වාර්ගික ගැටලුව විසඳීමේ ජනාධිපති වික්‍රමසිංහගේ උවමනාවට  මහින්ද රාජපක්ෂ එකඟවීම 1944දී සිංහල රාජ්‍ය භාෂාව කිරීමට ජේ.ආර්.සහ ඩඩ්ලි ගෙනා යෝජනාව සිංහල දෙමළ භාෂා දෙකම රටේ රාජ්‍ය භාෂාව විය යුතු යයි රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඩී.එස්.සේනානායක ඉදිරිපත් කළ සංශෝධනය විසි එක්වන සියවසෙහි පළ දැරීමකි.

1946 ජූලි 14 වෙනි දින සිට සේනානායක දර්ශණය පිළිගත් ඩී.ඒ.රාජපක්ෂගේ දරු මුනුපුරන් එජාපය සමග බද්ධවීම යථාවාදි නැඹුරුවකි. පසුගිය සතියේ අනිද්දා පුවත්පතින් “පොහොට්ටුව එජාපය සමග එක් වේ නම් එයද, නව චින්තනයක ආරම්භයක් හෙවත් ඇස්.ඩබ්ලිව්.බණ්ඩාරනායකත්, ඩී.ඒ.රාජපක්ෂත් 1951 ජූලි 12 වෙනිදා එජාපයෙන් නික්ම යාමෙන් සිදුවූ ඓතිහාසික වරද නිවැරදි කිරීමක්”  යනුවෙන් මේ ලියුම්කරු සාරාංශ කළේත් මේ අතීත සංසිද්ධීන්ය.

1911 සිට උතුරේ පොන්නම්බලම් රාමනාදන්ලා සහ දකුණේ සේනානායකලා ශක්තිමත් කළ ලාජකේය සහෝදරත්වය 1951 ජූලි 12 වෙනිදා  බණ්ඩාරනායක එජාපය හැර යාමෙන්  ජාතික වශයෙන් සිදුවෙමින් පවත්නා  විනාසය වහා නතර කිරීමට යෝජිත එජාප පොහොට්ටු සංධානය ශක්තිමත් විය හැකිය.

 

01092015 130855942638999296 snb cmy 

1947 මැතිවරණයේදී උතුරු නැගෙනහිර ආසන 16න් 6ක් ද්‍රවිඪ සංගම් නියෝජිතයන් තිදෙනෙකු ( එජාපය 03, ස්වාධීන 07.) පමණක් තේරි පත්වීමෙන්  නිදහස් ලංකාවේ උතුරු නැගෙනහිර ජාතිවාදි නැඹුරුව 6/16ක් ව පැවතිණ. 1948 ප්‍රථම කැබිනට් මණ්ඩලයට, ජී.ජී.පොන්නම්බලම්(යාපනය), සී.සිත්තම්පලම්(මන්නාරම), සී.සුන්දරලිංගම්(වව්නියාව) ආදින් කැඳවීමට එජාපය ක්‍රියා කිරීමෙන් 1952දී උතුරු නැගෙනහිර ආසන 16න් 7ක් ආසන 03ක් එජාපයටද ආසන 03ක් ස්වාධීන අපෙක්ෂකයන්ටද, පෙඩ්රල් සහ ද්‍රවිඪ සංගමයට ආසන 01 බැගින් හිමි වීමෙන් නිදහස් ලංකාවේ වසර හතරකට පසුව පැවති මැතිවරණයේදී තුළ උතුරු නැගෙනහිර ජාතිවාදි නැඹුරුව 3/16 තෙක් අවම විය.

1952දී පැවති ශක්තිමත් දේශපාලනය රට තුළ යළි නිර්මානය කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුළ පවත්නා දැක්ම යථාර්ථයක් කිරීමට යෝජිත එජාප පොහොට්ටු සංධානය ශක්තිමත් විය හැකිය.  

1911 සිට පැවති ලාංකේය මතවාදී එජාප ස්ථාවරය 1956 පෙබරවාරි 17 දා  එජාප කැලණි සම්මේලනයේදී අගමැති කොතලාවල සිංහල පමණක් පිළි ගන්නා තරමට බණ්ඩාරනායකගේ  සිංහල බෞද්ධ දේශපාලනය බලවත් විය. එහි ප්‍රතිපලය වුණේ  ඒ වනවිට එස්.නඩේසන්(එජාප), ඒ.එල්.තම්බයියා(එජාප), වී.කුමාරස්වාමි(එජාප), සී.සිත්තප්පලම්(එජාප) සහ එජාපය සමග එක්ව ක්‍රියා කළ  ඒ.එම්.මර්සා(ස්වාධීන), ඇස්.ඇම්.රාසමානික්කම්(ස්වාධීන),  ආර්.බී.කදිර්ගාමර්(ස්වාධීන),  මොහොමඩ් අලි ආදි දෙමළ මුස්ලිම් මන්ත්‍රීන් වර්ගවාදි ආස්ථානයකට තල්ලුවීමය.

 

5a bu monk berates pm

නැවත ඩඩ්ලි සේනානායක 1965දී පිහිටවූ ජාතික ආණ්ඩු කැබිනට් මණ්ඩලයට වෛද්‍ය ඊ.එම්.වී.නාගනාදන් කැඳවීම බණ්ඩාරනායකගේ සිංහල බෞද්ධ නැඹුරුව වීදි බැසිමෙන් භික්ෂුවක්ද  ඝාතනය විය. 56 පෙරළිය හරහා නිර්මානයවූ සිංහල බෞද්ධ දේශපාලනය හේතුවෙන් බෞද්ධ භික්ෂුන් මිනි මරුවන් ලෙස පෝරකයට නියමවූ ගමන භික්ෂුන් තලේබාන් වරන් වාගේ යයි භික්ෂුන්ම චෝදනා කරන තැනට පත්ව හමාරය. 56න් මෙපිට ඇතිවූ වැඩකරන ජනතාවගේ ප්‍රබෝධය අද වනවිට ලංවිමය, ඛණිජ තෙල් සංස්ථාව ආයතන තුළ වෘත්තීය සමිති මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වුවද, රටේ කිසිම දේශපාලන පක්ෂයක් ඒ ගැන කතා කරන්නේ නැත.

ජනාධිපති වික්‍රමසිංහ රටේ ආරක්ෂාව මෙන්ම බිඳ වැටුණ ආර්ථිකය යාවත්කාලින කිරීම සඳහා උපරිමය සිදු කරමින් සිටියි. දෙසැම්බරය අවසන් වනවිට, අගෝස්තුවේ 70%ක් පැවති රටේ උද්ධමනය 61.8 තෙක් අඩුවිය. ඉන්ධන පෝලිම් අවම වී ළමුන් පාසල් යති. ප්‍රවාහන සේවා යථාවත්ව පවතී. වගාවට පොහොර, ගොවීන්ට මූල්‍ය ආධාර, සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් ආදි සාධනීය ප්‍රවනතා හේතුවෙන් එජාප පොහොට්ටු සංධාන උවමනාව දිරි ගැන්වීමට හේතු විය හැකිය.  

අද විපක්ෂය කෑ මොර දෙන රටේ පවත්නා මන්ද පෝෂණය ආහාර හිඟය 2022 ජූලි 20න් ආරම්භව දෙසැම්බර් 31 වෙනි දිනෙන් අවසන්වූ පස් මසක් සහ එකොළොස් දිනක් ක්‍රියාත්මක රනිල් වික්‍රමසිංහ පාලනයේ ප්‍රතිපලයක් නොව 1948 වසරේත් රටේ පැවති ගැටළුවක් බව මහාචාර්ය බුද්ධි මාරඹේට අනුව තහවුරු වේ.  

මන්ද පෝෂණය, නැතිබැරිකම බදුබර අඩු කිරීමට කෑ මොර දෙන දේශපාලනඥයන් ලෝකයේ වැඩිම නිවාඩු හිමි ලෝකයේ රටවල් 10 අතරට එක්ව ඇති ලංකාව එකි තත්වයෙන් වෙනස් කිරීමට නිර්මානය වෙමින් පවත්වා එජාප පොහොට්ටු සංධානයට බල කළ යුතුවේ. එසේම නිදහස් ලංකාවේ 75 වෙනි සංවත්සයේදී 2048දී එළඹෙන සියවෙනි නිදහස් සංවත්සරයට රට සූදානම් කිරීමේ කතිකාව විපක්ෂ දේශපාලනඥයන්ට මඟ හැර යා නොහැකි ය. 

 

එජාපය සිය අතීත රාජ්‍ය පාලන භාවිතය අතර, බදු ප්‍රතිපත්තියේදී වැරැල්ලගම බීඩි මුදලාලිටත් ටයිම්ස් මාධ්‍ය ව්‍යාපාරය හිමි යටියන රාළහාමිටත් එක හැන්දෙන් සැලකූ ඩඩ්ලි සේනානායක භාවිතය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ මුදල් ඇමති ලෙස තහවුරු කරමින් සිටියි. දකුණ දෙකට බෙදී ජාතිවාදය අලෙවි කරමින් රට විනස කළාට උතුරේ සුළු ජාතින් කිසි විටෙක සිය ජාතිකත්වය ඔට්ටුවට තබා ඡන්ද පාවිච්චි කළේ නැත. 2015-2019 අතර යහ පාලන කාලයේ උතුරු නැගෙනහිර ජනතාවට ඊළම ලැබුණේද? නැත. හමුදා කඳවුරු පිහිටි පුද්ගගික ඉඩම් නිදහස් කළාද? නැත. උතුරේ  කර්මාන්ත ශාලා ඇති කළේද?  නැත. ඉඩම් සහ පොලිස් බලතල පැවරුවේද? නැත. එහෙත්  2015 සහ 2019 ජනාධිපති මැතිවරණ දෙකේදීම යාපනය, කිලිනොච්චිය, මුල්ලතිව්, මන්නාරම, වව්නියා සහ ත්‍රිමලේ දිස්ත්‍රික්කවල ජනතාව සියයට හැට හැත්තෑවක් ඡන්දය දුන්නේ එජාපයේ ආශිර්වාදයෙන් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයන්ට මිස, රාජපක්ෂ දෙබෑයන්ට නම් නොවේ.

 Ranil Jaffna 3

 

එසේම 2005දී මහින්දගේ වාසියට තුවක්කු අමොරා ගත් ප්‍රභාකරන්ටත් නො බියව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඡන්ද පොළට ගිය එකම ඡන්දදායකයා රනිල් වික්‍රමසිංහට කතිරය ගසා තිබීමෙන් තහවුරු වන්නේ කුමක්ද? 2002දී අලි කොටි ගිවිසුමක් ලෙස දකුණේ පට්ට ගැසූ ජන වාර්ගික සංහිඳියා උත්සාහය දමිළ ජනතාවගේ ප්‍රසාදයට ලක්වූ බවය. 1982 හැර හැමදාමත් වමේ නොවන ජනාධිපති අපෙක්ෂකයෙකු කෙරෙහි බහුතර ලාංකේය දමිළ ජනතාව විශ්වාසය තැබුවේ ඉහතින් විස්තර කළ අතීත අත්දැකීම් ගැන අවබෝධයෙන් ජීවත්වූ නිසාය. හෙවත් දකුණේ  බහුතරය රැවටුණාට උතුරේ ජනතාව රටේ දේශපාලනයත් බල ලෝභී දේශපාලනයෙන් හොඳින් හඳුනා ගෙන සිටීම නිසාය.

ශක්තිමත් ආණ්ඩුවකට ස්ථාවර ප්‍රතිපත්ති මිස ජාති ආගම් භාෂා බෙදීම් වලින් නැගි සිටිය නො හැකිය. රටේ ජනතාව කැප කිරීමෙන් බදු ගෙවීමෙන් නිවැරදි පාලකයන් තේරිමෙන් රටේ ආණ්ඩුව ශක්තිමත් කළ යුතුවේ. ඒ සඳහා බඩගින්න පීඩනය අනාගත ඉලක්ක ඇදි අරමුණු වලින් ජනතාව සන්නද්ධ කරනු මිස,  1956 පෙබරවාරි 17 දා එජාප කැලණි සම්මේලනයේදී අගමැති කොතලාවල හැසිරුණ ආකාරයට ජනප්‍රිය දේශපාලනය පසුපස යාමෙන් රටකට සිදුවන යහපතක් නැත.

එජාපය පොහොට්ටුව සංධානයක් ලෙස එක්ව රටට ඔබින ජාතික ආර්ථික හා සමාජ ප්‍රතිපත්තියක් හඳුනාගෙන ක්‍රියාත්මකව කළොත් 2048දී  එහි ප්‍රතිපල භුක්ති විඳින්නේ රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ නෙවේ. මේ ලිපිය ඔබ කියවන 2023 ජනවාරි පළවෙනි ඉරිදා මෙලොව එළිය දකින ලංකාවේ 100 වැනි නිදහස් දිනය සමරන විසි පස් හැවිරිදි ශ්‍රී ලාංකේය දරුදැරියන්ය.  



50 Years at the Bar : නීතිඥ දිවියට වසර 50ක් - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


සියැටෙල් ලී ක්වාන් යූ සහ රනිල් - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්