සත්‍යය ප්‍රකාශ කිරීම සහ ධෛර්යයෙන් කටයුතු කිරීම පිළිබඳ බෙදාගත් අත්දැකීම්වල අඩුව ප්‍රශ්න කිරීමට හා

එය ඉවත් කිරීමට යාම අතිශයින්ම පරෙස්සම් විය යුතු කාර්යයකි. රාජ්‍යයේ ම්ලේච්ඡත්වය සහ කෲරත්වය කිසි විටෙකත් සැක නොකරන්න. එය කවදා හෝ වීරයන් ලෙස පිළිගැනෙන අයගෙන් පරිභව කිරීමට හා කොන් කිරීමට ලක්වනු ඇත.
– මයිකල් රැට්නර්

“Cypherpunks: Freedom and the Future of the Internet” යන ශීර්ෂයෙන් යුතුව ජූලියන් අසාන්ජ් 2016 දි ලියා පල කළ පොතේ පෙරවදනෙහි, අසාන්ජ් විස්තර කරන්නේ ලෝකය “ලිස්සා නොයන නමුත් නව අන්තර් ජාතික ඩිස්තෝපියාවකට තල්ලු වෙමින් පවතින අතර, එහි විමුක්තිය සඳහා අපගේ ශ්‍රේෂ්ඨතම මෙවලම වන අන්තර්ජාලය අප මෙතෙක් දැක ඇති ඒකාධිපතිවාදයේ භයානකම පහසුකාරකය බවට පරිවර්තනය කර ඇත” යන්නයි. මේ කෘතිය තුලින් අපගේ පරිගණක සහ ජංගම දුරකථන හරහා දත්ත වෙත අසීමිත ප්‍රවේශයක් ඇති රාජ්‍යයේ දේශපාලන හා දාර්ශනික ඇඟවුම් විශ්ලේෂණය කිරීමට ඔහු ඉදිරිපත් වෙනව. එය පසුව එඩ්වඩ් ස්නෝඩන්ගේ කලඑළියත් සමග මතුවන NSA (National Security Agency) ඔත්තු බැලීම් පිළිබඳ හෙළිදරව් කිරීම් අතිශයින් හා නිවැරදිව ඔහු පුරෝකථනය කරනව. වෙලින්ටන් ආදිපාදවරයාගේ “Publish and be damned” (ප්‍රසිද්ධ කර අපාගත වන්න) යන සුප්‍රසිද්ධ වචනය පසුගිය සියවසේ දී අසාන්ජ් ඇතුළු විකිලීක්ස්හි ආදර්ශ පාඨය වුණා.

duk

ඒ නිසාම පෘථිවියේ බලවත්ම දේශපාලනඥයෝ ඔහුගේ හිස ඉල්ලා සිටියා. ෆොක්ස් නිව්ස් සහ ටයිම් සඟරාවේ පණ්ඩිතයන් විසින් ඔහුව ඝාතනය කිරීම සඳහා වූ ඇමතුම් සංසරණය වුණා. බෑන්ක් ඔෆ් ඇමරිකා, පේ පෑල් සහ ක්‍රෙඩිට් කාඩ් වැනි සමාගම් විසින් ක්‍රියාත්මක කරන ලද මූල්‍ය අවහිරයන් හමුවේ විකිලීක්ස් ට උදව් කරන්නන්ගෙන් එන අරමුදල් සිඳී ගොස් තිබුණා. අසාන්ජ් කියා සිටියේ ජාතික ආරක්ෂක ඒජන්සියේ සහ අනෙකුත් නිරීක්ෂණ ආයතනවල බලය ආපසු හැරවීමට යතුර ‘මහජන බලය’ වන බව. කොහොමටත් ‘අන්තර්ජාලය’ දේශපාලන අවකාශයක් බවට පත් කිරීම සඳහා ප්‍රධාන වැඩ කොටසක් ඉටුකළ ක්‍රියාකාරිකයන් දෙදෙනා වන්නේ අසාන්ජ් හා ස්නෝඩන්. දිනෙන් දින අන්තර්ජාලය මිනිස් සමාජය සමඟ ‘මිනිස් සබඳතාවය’ හොඳට හෝ නරකට වඩාත් වේගයෙන් ඒකාබද්ධ කරමින් ඉන්නව. යුක්තිය සාක්ෂාත් කර ගැනීමට ඇති හොඳම ක්‍රමය අසාධාරණය හෙළිදරව් කිරීම. ජූලියන් අසාන්ජ් හා එඩ්වඩ් ස්නෝඩන් කියන්නෙ, අන්තර්ජාලය ඒ සඳහා සක්‍රීය තැනක් බවට පත් කළ ප්‍රමුඛයින් දෙදෙනා.

 

දිනෙන් දින අන්තර්ජාලය මිනිස් සමාජය සමඟ ‘මිනිස් සබඳතාවය’ හොඳට හෝ නරකට වඩාත් වේගයෙන් ඒකාබද්ධ කරමින් ඉන්නව. යුක්තිය සාක්ෂාත් කර ගැනීමට ඇති හොඳම ක්‍රමය අසාධාරණය හෙළිදරව් කිරීම. ජූලියන් අසාන්ජ් හා එඩ්වඩ් ස්නෝඩන් කියන්නෙ, අන්තර්ජාලය ඒ සඳහා සක්‍රීය තැනක් බවට පත් කළ ප්‍රමුඛයින් දෙදෙනා.



මේ ඉහත පූර්විකාව සැපවූයේ, සරෝජ් පතිරණ කියන BBC යේ ‘සංදේශය’ නම් සිංහල සේවයේ වැඩ කළ මාධ්‍ය සගයා කියා තිබුණු ලංකාවේ සමාජ මාධ්‍යවලට කිසියම් ‘ස්වයං නියාමනයක්’ අවශ්‍යයි කියන ප්‍රකාශය ත් නුදුරේදීම එළිදැක්වීමට නියමිත, මේ දිනවල රංග කලංසූරියගේ (රංග කලංසූරිය යනු යහපාලන හෙවත් රනිල් ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා) මැදිහත්වීමෙන් සකස් කරමින් පවතින සමාජ මාධ්‍ය සඳහා වන ස්වයං නියාමන ආචාරධර්ම කෙටුම්පත පිළිබඳව හා කලින් කල බලයට ආ ආණ්ඩු විසින් කාලයක සිට කියමින් ඉන්නා ලංකාවේ සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා නියාමන නීති සකස් කිරීම පිළිබඳවත් යම් අදහසක් මතු කිරීමට. දැන් සේපාලගෙ කටමැත දෙඩවිල්ල භාවිතා කර ආණ්ඩුව එය ක්‍රියාත්මක කරන්නයි යන්නෙ. දැන් සමාජ මාධ්‍ය සඳහා වන “නියාමනය” ගැන සරෝජ්ලගෙ ස්වයං අදහසයි ආණ්ඩුවේ මර්දනකාරී අදහසයි දෙකක් වූවද එය සේපාල ලබ්බ කියූ සැනින් එකට හමුවීම අහම්භයක් නොව අනිවාර්යයක්.

 

සමාජ මාධ්‍ය සඳහා වන “නියාමනය” ගැන සරෝජ්ලගෙ ස්වයං අදහසයි ආණ්ඩුවේ මර්දනකාරී අදහසයි දෙකක් වූවද එය සේපාල ලබ්බ කියූ සැනින් එකට හමුවීම අහම්භයක් නොව අනිවාර්යයක්.

 

සරෝජ්ලා ඔසවා තබන මේ මහජනසේවා මාධ්‍ය ප්‍රතිපත්තියේ මහගෙදර වෙන්නෙ ලන්ඩනයේ පිහිටි බීබීසී ලෝක සේවය. හැමදාම මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට නිදර්ශන සපයන BBC යේ, ලංකාවට අදාල සිංහල ගුවන් විදුලි සේවය වූ සංදේශයෙන් අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ ‘නන්දන වීරරත්න’ හා චන්දන කීර්ති බණ්ඩාර යන මාධ්‍ය සගයන් සිය අසාධාරණ ලෙස ඉවත් කිරීම අභියෝගයට ලක් කර අධිකරණයට යාම හා අධිකරණය විසින් ඔවුන්ට (බණ්ඩාරට) වහාම පවුම් පනස්දාහක වන්දියක් ගෙවන ලෙස BBC යට නියෝග කිරීම අපි දකින්න ඕන කොහොමද? එසේම සරෝජ්ලා ලංකාවේ හදන්නට යන පරමාදර්ශී මහජන සේවා මාධ්‍ය කලාවේ මහගෙදර සිය මාධ්‍ය සගයන් එළියට දමන විට නෑසූ කන්ව හා දෙඇස් වසා සිටියා පමණක් නොව, BBC ආයතනය විසින් මාධ්‍ය සගයින්ට එරෙහිව ගෙන ආ චෝදනාවලට ආයතනයේ පැත්ත ගෙන එකට වැඩ කළ සිය මාධ්‍ය සගයා කොටියෙක් බවට පත් කිරීමේ ලිඛිත සාක්ෂිකරුවන් වීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? එය සරෝජ්ලා පවසන ආකාරයේ ‘ස්වයං නියාමනයේ’ ප්‍රතිඵලයක් ලෙසද? සරෝජ්ට අනුව බණ්ඩාර BBC සංදේශයෙන් ඉවත් කරන්නේ ආයතනයේ අන් අයට හිරිහැර වෙන ලෙස හැසිරීම හා පාලනාධිකාරය සමග රණ්ඩු කිරීම නිසා. මේ සරෝජ් පතිරණ ඒ ගැන අපට කියූ අදහස:

sfdasfa


“…..මම පෙනී ඉන්නෙ මහජනසේවා ජනමාධ්‍යයක් වෙනුවෙන්. අපි කතා කරන බීබීසී මහජන සේවා මාධ්‍ය කලාව එංගලන්ත ආණ්ඩුවට අයිති එකක් නෙමෙයි. ඒක මහජනයාට අයිති මහජනසේවා මාධ්‍ය කලාවක්. BBC යේ වගේ ගයිඩ් ලයින් එකක් අපට තියෙන්න ඕන. අපේ උත්සාහය එවැනි එකක්. මේ සමාජ මාධ්‍ය වඳුරට දැලි පිහිය ලැබුණ වගේ භාවිතා කරල බෑ. ඒකට අපිම හදා ගත්ත ස්වයං නියාමනයක් තියෙන්න ඕන. අසාන්ජ් සිර භාරයට ගන්නෙ එංගලන්ත රජය. ඊට BBC ය සම්බන්ධ නෑ. බණ්ඩාර BBC සන්දේශයෙන් ඉවත් කරන්නෙ මාධ්‍යකරණය පිළිබඳ ප්‍රශ්නයකට නෙමෙයි.එයා ඉවත් කරන්නෙ ආයතනයේ හැසිරීම ගැන ආ ප්‍රශ්නයයකට. අනෙක් අයට වැඩ කරන්න නොදී හිරිහැර කිරීම හා මැනේජ්මන්ට් එකත් එක්ක රණ්ඩු කිරීම. එයාට තිබුණෙ ආයතනයෙන් වෝනිං කළාට පස්සෙ නිහඬ වෙන්න. එහෙම හිටියා නං බණ්ඩාර තවමත් BBC යේ වැඩ. මං පිළිගන්නව සිය ඉවත් කිරීමට විරෝධය පා BBC යට එරෙහිව වන්දි ඉල්ලා දාපු නඩුවෙන් බණ්ඩාර දින්නා. ඒ දින්නෙ එයා එංගලන්තයේ ලොකුම වෘත්තීය සමිතියට සම්බන්ධ නිසා….”

සරෝජ් පතිරණ
BBC සංදේශයේ හිටපු මාධ්‍ය ක්‍රියාකාරක


චන්දන කීර්ති බණ්ඩාර යනු සරෝජ් ට අනුව කටමැත දොඩවන සේපාල අමරසිංහ කෙනෙක්ද? අප දන්නා පරිදි, බණ්ඩාරගේ ප්‍රශ්නය bullying පිළිබඳ ප්‍රශ්නයකට එහා ගිය එකක්. එනම් 2013 ජූලි 23 වැනිදා සංදේශය වැඩ සටහන ඉදිරිපත් කළ චන්දන කීර්ති බණ්ඩාරට ප්‍රියත්ගේ වැඩ තහනමෙන් පසු පත්වූ සර්බියානු ජාතික ප්‍රධානියා පවසා තිබුණේ, එදින වැඩසටහනේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ජෝර්ජ් කමාරයාගේ උපත පළ කරන ලෙසයි. බණ්ඩාර එදිනට සූදානම් කර තිබුණේ ‘ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව ක්‍රියාත්මක වූ දකුණේ භීෂණකරී මර්දන දිනය සිහි කැඳවන ’83 නේ කළු ජූලියේ මතකය පිළිබඳ’ වැඩසටහනයි. ඔහු ප්‍රධානියාට පවසා තිබුණේ ‘සංදේශය’ ප්‍රචාරය වන්නේ ලංකාවේ බැවින් එදින ලාංකිකයාට ශෝකී දිනයක් වන නිසා රාජකුමාරයාගේ උපත වැනි උත්කර්ශවත් ප්‍රවෘත්තියක් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කළ නොහැකි බවයි. ඔහු සූදානම් කළ කළු ජූලිය පිළිබඳ වැඩසටහන ප්‍රචාරය වුණා.

 

2013 ජූලි 23 වැනිදා සංදේශය වැඩ සටහන ඉදිරිපත් කළ චන්දන කීර්ති බණ්ඩාරට ප්‍රියත්ගේ වැඩ තහනමෙන් පසු පත්වූ සර්බියානු ජාතික ප්‍රධානියා පවසා තිබුණේ, එදින වැඩසටහනේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ජෝර්ජ් කමාරයාගේ උපත පළ කරන ලෙසයි. බණ්ඩාර එදිනට සූදානම් කර තිබුණේ ‘ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව ක්‍රියාත්මක වූ දකුණේ භීෂණකරී මර්දන දිනය සිහි කැඳවන ’83 නේ කළු ජූලියේ මතකය පිළිබඳ’ වැඩසටහනයි. ඔහු ප්‍රධානියාට පවසා තිබුණේ ‘සංදේශය’ ප්‍රචාරය වන්නේ ලංකාවේ බැවින් එදින ලාංකිකයාට ශෝකී දිනයක් වන නිසා රාජකුමාරයාගේ උපත වැනි උත්කර්ශවත් ප්‍රවෘත්තියක් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කළ නොහැකි බවයි. ඔහු සූදානම් කළ කළු ජූලිය පිළිබඳ වැඩසටහන ප්‍රචාරය වුණා.

 

ප්‍රතිඵලය වුණේ මහජන සේවා මාර්ගෝපදේශ මාධ්‍ය ප්‍රතිපත්තියක් තියනවා කියන BBC මහගෙදරින් බණ්ඩාරට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම හා වසර 17ක් පමණ කාලයක් සෘජු හා නිවැරදි මාර්ගෝපදේශයක් සහිත මාධ්‍යසේවාවක් කරමින් සිටි බණ්ඩාර පරාජය වීම හා BBC මහ ගෙදරින් එළියට දැමීම. එළියට වැටුණු ඔහු නිහඬ නොවී එළියට දැමීම අභියෝගයට ලක් කරන්නෙ ඒ අනුව. දැන් සරෝජ් කියන ආකාරයට ප්‍රශ්නය bullying පිළිබඳ ප්‍රශ්නයක් නම්, BBC යෙන් වන්දි ඉල්ලා අධිකරණයේ ගොණු කළ නඩුවෙන් බණ්ඩාර දිනන්නේ කොහොමද? එම ජයග්‍රහණය අද එංගලන්ත කම්කරු නීතියේ සේවක අයිතීන් පිළිබඳ එක්තරා නිර්නායකයක්. 2016 සැප්තැම්බර් 18 වැනි දා එංගලන්තයේ විකල්ප ධාරාවේ ප්‍රධාන පුත්පතක් වන ‘The lndependant’ වාර්තා කර තිබුණේ මේ ශීර්ෂය යටතේ. “BBC journalist wins £50,000 payout after not prioritising story on Prince George’s birth” ( ජෝර්ජ් කුමරුගේ උපත පිළිබඳ කතාවට ප්‍රමුඛත්වය නොදීම නිසා බීබීසී මාධ්‍යවේදියා පවුම් 50,000 ක ගෙවීමක් දිනා ගනී ). www.independent.co.uk/news/

zdfsdfre
අවශ්‍ය නම් අපට BBC සංදේශයේ මාධකරණයේ නියැලුනු ප්‍රියත් ලියනගේ නමැති එහි ප්‍රධානියාගේ BBC වැඩ තහනම් කළ, “BBC කොළඹ හිටපු වාර්තාකාරිනියක වන ෆ්‍රාන්සස් හැරිසන්ට අදාල කාරණය”, එනම් ‘news night’ නම් BBC වැඩ සටහන සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිසකගේ දූෂණයට ලක්වූ දෙමළ කාන්තාවක් සමග ඇය කළ කතාබහ එම වැඩසටහන ප්‍රචාරය කිරීමේදී සංදේශය ප්‍රධානියා ලෙස ප්‍රියත් BBC ගයිඩ් ලයින් හෙවත් ‘බැලන්ස් න්‍යාය’ අනුගමනය කරන්නට ගොස් එයම අමුඅමුවේ උල්ලංඝණය කිරීම ගැනද ලිවිය හැකියි. එනම් ඒ ගැන එවකට හමුදා ප්‍රකාශකගෙන් ඊට අදාල කිසිදු හේතවක් නැතිව ප්‍රකාශයක් ගැනීමත් ගත් ප්‍රකාශයේදී ඔහු (හමුදා ප්‍රකාශක) තම සහෝදර මාධ්‍යවේදිනී ෆ්‍රාන්සස් හැරිසන් දෙමළ විමුක්ති කොටි සංවිධානයේ කුලීකාරියක් ලෙස කළ ප්‍රකාශය ගැන ෆ්‍රාන්සස්ගෙන් නොවිමසා BBC යේ පළ කිරීම ඇය අභියෝගයට ලක් කිරීමයි. මෙම සිදුවීමේදී සරෝජ් විසින් අනුගමනය කළේ ද සාපරාධී අපරාධවලට හවුල් වූ ම්ලේච්ඡ සිංහල හමුදාව බේරා ගැනීමේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ප්‍රියත්ගේ (සරෝජ් ද හවුල් වූ) භාවිතාව. තවත් අවශ්‍ය නම්, BBC යේ මහජන සේවා මාර්ගෝපදේශ මාධ්‍ය ප්‍රතිපත්තිය කෙසේදැයි දැන ගැනීම සඳහා ඉරාක හා ඇෆ්ගනිස්ථාන රටවලට එරෙහිව අධිරාජ්‍ය බලවතුන් ගෙනගිය සාපරාධී යුද්ධය වාර්තාකරණය වෙතද, තවත් අවශ්‍ය නම්, 2018 ඔක්තෝබර් 2 වන දින, එක්සත් ජනපදය පදනම් කරගත් මාධ්‍යවේදියෙකු සහ සෞදි අරාබි රජයේ පසුකාලීන (මොහු මුල් කාලයේ අරාබි රජ පවුලේ සමීපතමයෙකු විය) විවේචකයෙකු වන ජමාල් කෂෝගි, ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනය කිරීම ගැන BBC යේ වාර්තා අවශ්‍ය නම් ලිවිය හැකියි.

zfsr4

සරෝජ්ලාගේ උත්සාහය සංවිධානාත්මක අපිරිසිදු උපක්‍රම සහිත ව්‍යාපාරයක කොටසක් නොවන්නට පුළුවන්. ඒ කියන්නෙ, ආණ්ඩුවේ මර්දනකාරී උවමනාව නොවන්නට බොහෝ දුරට පුළුවන්. නමුත් එය සේපාලගේ සමාජ මාධ්‍ය භාවිතයේ දෝෂ කෙරෙහි අවධානය යොමු කර සමාජ මාධ්‍ය සඳහා ස්වයං නියාමනය නමින් පෙනී ඉඳීම හා ආණ්ඩුවේ මර්දනකාරී උවමනාව බොහෝ දුරට එකම අරමුණක් ඉටු වන බවයි අපේ අදහස. ඒ කියන්නෙ, ආණ්ඩුවේ උවමනාවට සමපාත වෙනව. ආණ්ඩුවේ මර්දනකාරී උවමනාවට වැදගත් භාවයක් ලබා දෙනව. ආණ්ඩුවේ මාධ්‍ය මර්දන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා “ඔක්සිජන් ලබා දීම” ක් වෙනව.

 

සේපාලගේ සමාජ මාධ්‍ය භාවිතයේ දෝෂ කෙරෙහි අවධානය යොමු කර සමාජ මාධ්‍ය සඳහා ස්වයං නියාමනය නමින් පෙනී ඉඳීම හා ආණ්ඩුවේ මර්දනකාරී උවමනාව බොහෝ දුරට එකම අරමුණක් ඉටු වන බවයි අපේ අදහස. ඒ කියන්නෙ, ආණ්ඩුවේ උවමනාවට සමපාත වෙනව. ආණ්ඩුවේ මර්දනකාරී උවමනාවට වැදගත් භාවයක් ලබා දෙනව. ආණ්ඩුවේ මාධ්‍ය මර්දන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා “ඔක්සිජන් ලබා දීම” ක් වෙනව.

 

අන්තර්ජාලය භාවිතා කරමින් කරන මෙම හෙළිදරව් කිරීම් සහ අනෙකුත් ඊට විරුද්ධ ක්‍රියා මාර්ග නතර කිරීමට සහ නව ජාත්‍යන්තර වාරණ පාලන තන්ත්‍රයක් හඳුන්වා දීමට සැබවින්ම බැරෑරුම් උත්සාහයක් ගෝලීයව පවතිනව. පැහැදිලිවම එහි අරමුණ අසාන්ජලා වැනි අන්තර්ජාලය හරහා බලවතුන්ගේ නොමනා කැත ගණුදෙණු එළිදරව් කිරීම් නතර කිරීම. යුරෝපය ගත්තොත්, එංගලන්තය හා ප්‍රංශය ඒ අතර ඉදිරියෙන්ම ඉන්නව. TPP (Trans Pacific Partnership) ගිවිසුම මේ සඳහා ඇති ‘විශේෂ තර්ජනයක්’ සහිත නිදර්ශනයක්. අන්තර්ජාලයට අදාළ වන නීති මිනිස් සමාජයට ද අදාළ බව අපි තේරුම් ගන්න අවශ්‍යයි. GCHQ (එක්සත් රාජධානියේ රජයට සහ සන්නද්ධ හමුදාවන්ට අයත් සංඥා බුද්ධිය සහ තොරතුරු සහතික කිරීම සඳහා වගකිව යුතු ප්‍රධාන බුද්ධි සහ ආරක්ෂක සංවිධානයක් වන සන්නිවේදන මූලස්ථානය) සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ NSA (National Security Agency) හරහා අපගේ සිවිල් සමාජ අවකාශය මිලිටරිකරණයක් එහෙමත් නැතිනම් අපගේ සිවිල් සමාජ අවකාශයට මිලිටරි ආක්‍රමණයක් පැමිණ තියෙනවා. මෙය ඉතා බරපතල කාරණයක් බව අප තේරුම් ගත යුතුයි. අසාන්ජ් හා ස්නෝඩන් තමන්ගෙ එළිදරව් කිරීම්වල වැඩිම ප්‍රමාණයක් වෙන් කළේ මේ ‘රාජ්‍ය ආරක්ෂාව’ නම් වූ කඩතුරාව නිරාවරණය කිරීමට. වෙනත් විදියකින් කීවහොත්, රහසිගත ගෝලීය අභ්‍යන්තරයේ පවත්නා අසභ්‍ය ගණුදෙණු හෙළිදරව් කිරීමට. ජූලියන් අසාන්ජ් දේශපාලන රැකවරණ පතා ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැඳී සිටියදී ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා එංගලන්ත ආරක්ෂක අංශයට අයත් පොලිස් නිලධාරීන් දුසිමක් පමණ ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටත ස්ථානගත කර තිබූ ආකාරය ගැන ඔහු සඳහන් කරන්නෙ මෙහෙම: “තානාපති කාර්යාලයේ පොලිස් නිරීක්ෂණ සඳහා පමණක් එංගලන්ත රජය වසර දෙකක් තුල (2012-2014) ඇමෙරිකානු ඩොලර් මිලියන 8 ක් වියදම් කළ බව එංගලන්ත ආරක්ෂක ප්‍රධානියා පිළිගෙන ඇත.” දැන් මෙවැනි බරපතල වටපිටාවක් තියෙන ලන්ඩනයේ තමයි BBC ලෝක සේවයේ මූලස්ථානය තියෙන්නෙ. සරෝජ්ලා වැනිම තව බොහෝ දෙනා පරමාදර්ශී මධ්‍ය සේවාවක් ලෙස දකින BBC ලෝක සේවය පිහටා ඇති ලන්ඩන් නුවරමයි ඉක්වදෝර තානාපති කාර්යාලය පිහිටා තියෙන්නෙත්. ඒ තුළ වසර හතකට ආසන්න කාලයක් කුඩා කාමරයක සිරවී සිටීමෙන් පසු, අසාන්ජ් 2019 අප්‍රේල් 11 වන දින බ්‍රිතාන්‍ය පොලිසිය විසින් මහා අපරාධකරුවෙක් අත්අඩංගුවට ගන්නා පරිදි සාහසික ලෙස අත්අඩංගුවට ගත්තා. ඔහු කළ අපරාධය නම්, තමන්ට ලැබුණු ගෝලීය බලවතුන්ගේ රහසිගත ලේඛන සහ ඊට අදාල ඡායාරූප හා වීඩියෝ (confidential documents, images and videos) සිය වෙබ් පිටුව වන WikiLeaks තුලින් ප්‍රසිද්ධ කිරීම. දැන් අසාන්ජ් නමැති මාධ්‍යවේදියා වෙනුවෙන් මහජන සේවා මාර්ගෝපදේශ සහිත BBC ආයතනය කළේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් දිගටම ස්වයං නියාමනයක නිරත වීම හෙවත් නිහඬව සිටීම නොවේද? අනික රංගලාට අලුතින් මාධ්‍ය සම්බන්ධයෙන් ආචාර ධර්ම හදන්න අවශ්‍ය නෑ 2008 දි හැදූ මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ “කොළඹ ප්‍රකාශනය” ඒ සඳහා ප්‍රමාණවත්.

[“කොළඹ ප්‍රකාශනය” සඳහා මෙම Link එකෙන් පිවිසෙන්න >> “කොළඹ ප්‍රකාශනය” <<]

 

අප මේ කළේ වෙනකක් නොවෙයි, සරෝජ්ලාගේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඇති ස්වයං නියාමන ක්‍රියාවේ දෘෂ්ටිවාදය විවේචනය කිරීම. ලෝකයේ ඉදිරි ගමන මොන වගේද කියා තීරණය වෙන්නෙ අප ලෝකය දෙස බලන ආකාරය අනුවයි. දෘෂ්ටිවාදයේ ක්‍රියාකාරීත්වයත් ඒ වගේ.

 

අප මේ කළේ වෙනකක් නොවෙයි, සරෝජ්ලාගේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඇති ස්වයං නියාමන ක්‍රියාවේ දෘෂ්ටිවාදය විවේචනය කිරීම. ලෝකයේ ඉදිරි ගමන මොන වගේද කියා තීරණය වෙන්නෙ අප ලෝකය දෙස බලන ආකාරය අනුවයි. දෘෂ්ටිවාදයේ ක්‍රියාකාරීත්වයත් ඒ වගේ. අපගේ වර්තමාන ධනවාදයේ ආකෘතියට විකල්ප නොමැති බව බොහෝ දෙනා පවසනව. ඇත්තටම විකල්ප නැද්ද? නෑ තියනව. එසේ නම් මොකද්ද මේ සිදු වී තිබෙන්නෙ, සමාජයක් සංවිධානය කිරීමේ විකල්ප ක්‍රමයක් පවා වටහා ගත නොහැකි තරමට ධනවාදී දෘෂ්ටිවාදයට අප හසුවී සිටීම. සමාජ ජීවිතය ස්වාභාවික යථාර්ථය බවට පත් කරන ක්‍රියාවලිය තමයි දෘෂ්ටිවාදය කියා කියන්නෙ. එය තව දුරටත් දැනුමට අදාල කොටසක් නොව එය තමතමන්ගේම ක්‍රියාකාරීත්වයට අදාල කොටසක්.

මේ මොහොත යනු ‘ආත්මය තම සාරය’ වැළඳ ගන්නා මොහොතයි. එනම් තමන්ගේ ‘මළපහ’ අභිමුඛ වන මොහොතයි. තවත් විදියකින් කිවහොත් මිස්ට ක්ලීන්ලාගේ ක්‍රියාකාරීත්වයේ දෘෂ්ටිවාදය එළිදරව් වන මොහොතයි. අපගේ ‘ඇස’ යනු, අපගේ ආත්මයේම පවතින යමක් නරඹන කවුළුවක් නම්, අපගේ ඇසට යටින් කිසිවක් පැවතිය නොහැකි අතර පවතින එකම දෙය වන්නේ ‘ඝණ අන්ධකාරය’ පමණයි. එබැවින් ‘අලියාගේ වලිගෙ එල්ලී දිව්‍යලෝකයට යාම’ කියන්නෙ ඩේන්ජරස් වැඩක්. මොකද අපට හමුවෙන්නට නියමිතව ඇත්තේ ‘අපාය’. ඒ කියන්නෙ ආලෝකය වෙනුවට ඝණ අන්ධකාරය.



අවසාන වශයෙන් සරෝජ්ට කීමට ඇත්තේ මෙවැන්නක්.

ඔබ ධනවාදය අවසන් කරන්න, එවිට ලෝකයේ ‘කළු කලාප’ හා ‘අළු කලාප’ තුරන්වීම කෙසේ වෙතත්, ඒවා අවම වෙනු ඇති.

(උපුටා ගැනීම - leftwin.com)

 

 


 JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්