ලෝකෙ මිනිස්සු ගොඩක් ඇත්ත ‍හොයාගන්න උනන්දු වෙනවා. එහෙම ඇත්ත හොයාගත්ත මිනිස්සු ‍ශ්‍රේෂ්ටයි කියල සළකනවා.

ඒත් මට ඇත්ත සහ බොරුව විදිහට ‍ලෝකෙ තේරුම් ගන්න එක තරම් බොළඳ දෙයක් තවත් නෑ. බොරුව කියන්නෙත් ඇත්ත වගේම ඇත්තක්. අනෙක් අතට ඇත්ත කියන්නෙත් බොරුව වගේම බොරුවක්. ඒත් අපිට ඕන බොරුව පරාජය කරලා ඇත්ත දකින්න. සත්‍ය ගවේෂණය කරන්න. එතකොට අපිට දැනෙනවා ජයග්‍රහණයක්. අපි විශේෂ යමක් අත්පත් කරගත්තා වගේ හැගීමක්. සමහර විට අනෙක් අය නොදන්නා වූ යමක් අපි දන්නවා වගේ සුවිශේෂත්වයක්.

 

අපි අපේ ඇත්ත වෙනුවෙන් අනෙක් අයගේ ඇත්තට විරුද්ධව සටන් කරනවා. අපේ ඇත්ත අනෙක් අයට පිළිගන්වන්න හදනවා. වෙන විදිහකට කිව්වොත් අපේ ඇත්ත රජකරවන එක අපි ලෝකය වෙනුවෙන් කරන මාර දෙයක් වෙනවා.

 

මං වඩා ආකර්ශනීය බොරුවට. මොකද බොරුව ඇත්තට වඩා අවංකයි. බොරුව බලහත්කාරී නෑ. බොරුව අනුරාගීයි. බොරුව කියන්නෙ ඇත්ත විසින් එහි වටිනාකම බිංදුවටම අවතක්සේරු කරපු කලාපයක්. බොරුව ඇතුලෙන් තමයි ඇත්ත මතුවෙන්නෙ කියන එකවත් මතකයේ නැති තරම්. බොරුව තමයි අව්‍යාජ. ඇත්ත හැමවෙලාවකම ව්‍යාජයක්. බොරුව කියන්නෙ තර්කයෙන් ඔබ්බෙහි පවතින දෙයක්. ඒක ඇත්තට වඩා ගැඹුරු ඇත්තක් එක්ක සම්බන්ධයක්.

මේක අපේ මාලිමා සහෝදරයෙකුගෙ කමෙන්ට් එකක් නිසා ඉන්ස්පයර් වුනු අදහසක්.

රනිල් ගැන ගොඩක් අය‍ අදහන බොරු අතරෙ මං විශ්වාස කරන බොරුවකුත් තියෙනවා. මං හිතන්නෙ නෑ රනිල් ගැන ඇත්ත අපි කිසි කෙනෙක් දන්නවා කියල. එහෙම කවුරුවත් ගැන දැනගන්න තරම් දේශපාලනයේදී සාවධාන වීමක් සිද්ද වෙන්නෙ නෑ කොයි පැත්තකින් වුනත්. ඒත් මෙහෙම දෙයක් තියෙනවා.

හැමවෙලාවකම බහුතරය ඉන්න පැත්ත කියන්නෙ අනිවාර්ය ලෙසම වැරදි පැත්ත. අසංවේදී පැත්ත. වඩා අන්ධ වූ ඇදහිලිවන්ත පැත්ත.

 

image 54cad469e2

රනිල් ගැන මගේ බොරුව මෙහෙමයි. රනිල් කියන්නෙ තමන්ගෙ දේශපාලන ඉතිහාසය ඇතුලෙ කිසිම දවසක ජාතිවාදය, වර්ගවාදය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. දේශපාලන බලය වෙනුවෙන් මේ තුරුම්පුව ලංකාවෙ අනිත් හැම කෙනෙක්ම පාවිච්චි කරලා තියෙනවා. ජවිපෙ මේක උඩින්ම පාවිච්චි කරපු පක්ෂයක්. අදත් ජවිපෙට මේ අන්තය අතාරින්න අමාරුයි. සජිත් ඕන වෙලාවක මෙතන හිටගන්නවා. ඒක තමයි ලංකාවෙ බලය දිනන ලේසිම ක්‍රමය.

 

අනික ලංකාවෙ බහුතරයට රනිල් එක්ක තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. උන් රනිල්ට කැමති නෑ. රනිල් විසින් උන්ව ඉන්ටිමේඩේට් කරනවා. අපහසුතාවයට පත්කරනවා. හීනමානයක් ඇති කරනවා. මං කැමතියි එහෙම පෞර්ෂයන්ට. අපිව පර්සනලි අවුල් කරන මිනිස්සුන්ට. ආදරෙන් බදා වැළඳගෙන පපුවෙන් කතා කරන හැගුම්බර මිනිස්සුන්ට වඩා අපිව එකසිස්ටන්ෂල් ක්‍රයිසිස් එකකට දාන මිනිස්සු අසිරිමත්.

රනිල් ඉන්නෙ තනියම. රනිල් කියන්නෙ පක්ෂයක් නෙමෙයි. හැමෝටම තමන්ගේ පිරිස වැඩි කරගන්න කියන්න වෙන බොරු, ඇති කරගන්න වෙන එකගතාවලට වඩා තනියම තමන් පිළිගන්න ස්ථාවරයක පෙනී ඉන්න මිනිස්සුන්ට මං කැමතියි. මිනිස්සු තමන් ඉන්න පැත්තට ආවොත් මිස තමන් මිනිස්සු ඉන්න පැත්තට නොයන එළඹුමට මං ගරු කරනවා.

ජවිපෙ මෙතනදි ඉතාම දුර්වලයි. ඊයෙ විවේචනය කරපු දේ වෙනුවෙන් අද පෙනී ඉන්න තරම් පෞර්ෂයෙන් දුර්වලයි. උදා විදිහට මෑතක වෙනකල්ම ජවිපෙ විශ්වාස කලේ සමලිංගිකත්වය රෝගයක් කියල. කාන්තාවන් මත්පැන් පානය කිරීම වැලැක්විය යුතුයි කියල. ආගම අබිං කියල. අයිඑම්එෆ් යන්නෙ නෑ කියල. රජයේ රස්සා වැඩි කරන්න ඕන කියල. තව බොහෝ දේවල්. අඩුම තරමෙ ඒ පෙනී හිටපු අතීත තැන ගැන විවේචනයක් හෝ නැතිව ජවිපෙ ආස්ථාන මාරු කරනවා. ඒක මානසික රෝගී තත්වයක්.

මං කැමතියි හුදකලා වෙන මිනිස්සුන්ට. රංචුව විසින් ඔසවා ගන්න මිනිස්සුන්ට වඩා. ගෝටාබය වුනත් ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා හුදකලා වුනු තැන පටන් මං මනුස්සයෙක් විදිහට ගෝටාට ආදරය කරනවා. ඒ වේදනාව හෝ හුදකලාව බෙදාගන්න පුළුවන් නම් ඒක කරනවා. හුදකලාව විසින් මිනිස් පැවැත්මේ ඉතා ගැඹුරු තලයන් ස්පර්ශ කරනවා.

 

රනිල් කියන්නෙ හුදකලා මිනිහෙක්. ලිංගික අනන්‍යතාවයක් විදිහට මහා සමාජය විසින් හුදකලා කළ මිනිහෙක්. පොදු සංස්කෘතියට පිටස්තර සංස්කෘතියක් දැරීම නිසා හුදකලා කරන මිනිහෙක්. පොදු විශ්වාසයන් සමග අනන්‍ය නොවන නිසා හුදකලා කරන මිනිහෙක්. එතනදි රනිල්ව මට දැනෙන ප්‍රමාණය පොදු එක සමග අනන්‍ය මිනිහෙක් දැනෙන ප්‍රමාණයට වඩා වැඩියි.

rw ea

 

අනික මේ වෙලාවෙ රනිල් පිහිටන තැන. ඒක ඓතිහාසිකයි. ජනවරමකින් නැතිව ව්‍යවස්ථා වරමකින් ලැබුණු ධුරයක්. බංකොලොත් රටක්. පිස්සු කෙළින ජනතාවක්. තමන්ගෙ එකම හයියට ඉන්නෙ ඉතිහාසයක් පුරා තමන්ගෙ ප්‍රතිවාදියාම වුනු තැනක්. අවසාන අවස්ථාවක්.

 

ඒක තනි මිනිහෙකුට සෙල්ලම් කරන්න ලේසි ගේම් එකක් නෙමෙයි. අනුර වගේ කෙනෙක් නම් කලිසමේ මුත්‍රා පහවෙන තරමෙ එකක්. ඒත් රනිල් තෝරගන්නවා උත්සාහ කරමින් මියැදීම යහපත් කියල. ඒක මිනිහෙක් විදිහට ජීවිතේ ගහන අවසාන කැරැල්ලක්. ඒ ගැන මට තියෙනවා ගෞරවයක්.

ඉතිං ඔය විදිහට රනිල් ගැන මගේ බොරුව තව දුර යනවා.



Chinthana D(චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)


Anida



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්