සෑහෙන්න කාලයක් ලංකාව බලාපොරොත්තු වෙලා හිටපු IMF අරමුදලේ පලමු වාරිකය වුනු ඩොලර් මිලියන 333 ක ණය මුදල අනුමත වී ඇත.
මේ අනුමත වීම හරහා ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපාන ලද “අසාර්ථකභාවය” පිලිවදව වන ජාත්‍යන්තර සීමා ලිහිල් වෙනු ඇති අතර, රටවල් සහ මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේ සුජාතභාවය නැවත ලංකාවට ලැබෙනු ඇත.
පසුගිය කාලය මුළුල්ලේ දේශපාලනමය සාධක මත (ජන්දය නොපැවැත්වීම, විශ්වාසී ආණ්ඩුවක් නොවීම) IMF මුදල් නොලැබේයැයි පැවසූ බොහෝ දෙනා කල්පනා නොකරන ලද හෝ එසේත් නැත්නම් ඕනෑකමින් මගහැර ගිය තර්කනයක් මෙතැන තිබේ.
සෑම විටම IMF අරමුදල හරහා මුදල් ලැබෙන විට ඒහා බැදුනු ආර්ථික නිර්දේශ මාලාවක්ද අපි වෙත ඉදිරිපත් වේ. ලංකාවේ ආර්ථිකය පිළිබඳව එන විශේෂඥ පුරෝකතනයන් හරහා මෙම නිර්දේශ ඉදිරිපත් වන අතර මුදල් ලැබීමට ප්‍රථම හා මුදල් ලැබීමෙන් පසු ආර්ථිකය හැසිරවිය හැකි ක්‍රමෝපායන් එහි දක්වා තිබේ.
ලංකාව මින් පලමු කඩුල්ල පැන ඇත. රාජ්‍ය ආදායම් බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතිකය ඉහල දැමීම, උද්ධමනය පාලනය කිරීම වැනි සෘජු කාරනා කෙරෙහි රාජ්‍ය පූර්ණ ලෙස මැදිහත් වූ අතර ඒවා ජනප්‍රිය හෝ දේශපාලනික තීන්දු වූවේද නැත.
දැන් අපි ඉදිරියේ පවතින්නේ IMF හි මුදල් පලමු වාරිකයෙන් පසු ඉටුකල යුතු නිර්දේශ දෙස තියුණු ලෙස බැලීමයි. එහිදී රාජ්‍ය අංශය කුඩාකර ප්‍රතිව්‍යුහගත කිරීමත්, ව්‍යාපාර සදහා වන රාජ්‍ය මැදිහත් වීම අවම කිරීමත්, යන කාරනා දෙකම පමනක් සංස්කෘතික තලයට ඌනණය වීමේ අනතුර තිබේ.
දැනටමත් ඒ කෙරෙහි වන වාමාංශික නැමියාවන් මේ ආර්ථික ගැටලුව සංස්කෘතික දේශපාලන භූමිය වෙත කැදවා තිබේ. ව්‍යාපාරික අවස්ථා මෙන්ම එහි ව්‍යවසායන් “ජාතික සම්පත්” යන අදහසින් වෙලාගත් විට එය හොදින් ක්‍රියාකරන දෘෂ්ටිවාදයකි. ඇත්ත ගැටලුවට මුහුණ දීම යනු මේ වාමාංශික දෘෂ්ටිවාදය විවේචනය කරමින් එයින් වසා දමා ඇති කටුක සත්‍යය පිළිබඳව එලි කිරීමයි.
ආර්ථිකයට දේශපාලනය යන මංසන්ධිය මුන ගැසෙන්නේ එම ස්ථානයේදීය. මේ සදහා වන නිශ්චිත වැඩ පිලිවෙලක් කෙරෙහි බර තබන්නේ නම් දශක ගනනාවක් තිස්සේ ලංකාව පාලනය කරන මේ වාමාංශික දෘෂ්ටිවාදය පරාජය කිරීම අත්‍යාවශ්‍ය කොන්දේසියකි.
එක් පසෙකින් ඉතා බලවත්ව නැගී සිටියා වූ වෘත්තීය සමිති සමූහයක්ද රුපියල් වලින් ගනුදෙනු කරන ව්‍යාපාරික පැලැන්තියක්ද, සමග මෙම දේශපාලනය බද්ධ වී තිබේ.
පසුගිය දශක කිහිපය පුරාම මීට අභියෝග එල්ල කිරීම පසුපසට තල්ලු කිරීමට මේ බල හවුලේ මතවාදය සමත් වී තිබූ මුත් එයම එහි තාර්කික අන්තයකට ආර්ථික අර්බුධය හමුවේ තල්ලු වී ඇත.
මෙතැනින් පසු එක් පසෙකින් මුලු වැරයොදා සටන් කලයුතු තැනකට මේ දෘෂ්ටිවාදය ස්ථානගතවී ඇති අතර,අනෙක් පසින් මීට එරෙහි දේශපාලය සමාජීය ඛන්ඩනයක් කෙරෙහි බලාපොරොත්තු සහගතව සිටී.
ලංකාවේ අනාගතය අරඹයා නැගී ඇති පෙරමුණු දෙකෙහි බල තුලනය හා එහි උපාය උපක්‍රම වල තීව්‍රතාවය ඉදිරි ලංකාවක් කෙරෙහි පූර්ණ ලෙස බලපානු ඇත.
තෝරාගන්නා අන්තයටම ගමන් කරනවා හැර අතරමැද සාමයක් පිළිබඳව අදහසක් යනු “හිස්” විකාරයක් පමනි.