පසුගිය වසරේ සිදුවූ ගාලුමුවදොර අරගලයේ ප්‍රකට ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂන ට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දිම අබේරත්න ඇතුලු පිරිසක් විසින් පසුගියදා පහරදීමක් සිදුවුනා.



එහිදී පහරකෑමට ලක්වූ පියත් හෝ ඔහු සමග සිටි කෙනෙකු මෝටර් රථය තුල සිට කරනු ලැබූ වීඩියෝවකුත් අන්තර්ජාලය වෙත එක්වී තිබුනා.

එසේම මෙම පහර දීමට ප්‍රථම පියත් නිකේෂන විසින් මහින්ද කහදගම නැමැති ප්‍රකට පොහොට්ටුවාදියාට ලබාදෙන දුරකථන ඇමතුමක වීඩියෝවක්ද පියත් විසින් අන්තර්ජාලය වෙත මුදාහැර තිබුනා. එහිදී පියත් විසින් කහදහමව හාස්‍යයට ලක් කරමින් කතාකරන අයුරුද ඔබට දැක බලා ගත හැකියි.



 

මෙම පලමු සිදුවීම වන පියත්ට පහරදීම අරගලයට සම්බන්ධ හා වෙනත් වාමාංශික හා අරගලයට පක්ෂපාතී අයගේ සමාජ ජාලා අඩවි තුල දැඩි විවේචනයට ලක්වී තිබෙන විට, ඔවුන්ට පියත්ගේ පලමු වීඩියෝව එනම් මහින්ද කහදගමට ගන්නා දුරකථන ඇමතුනේ වීඩියෝව මගහැරී තිබෙනවා.

 

අනික් පසින් අරගල විරෝධීන් විසින් මෙම පහරදීම උත්කර්ශයට නංවමින්, කහදගම හා කල කතාබහ ඇතුලත් වීඩියෝව පලකරමින් පහරදීම සාධාරනීය කරමින් තිබෙනවා.

 

මෙම දෙපාර්ශවයේම සමජ ජාලා අඩවි තුල හුවමාරු වන පෝස්ට් හා කොමෙන්ට් තුල දෙපාර්ශයවය අතර පවතින ආතතිය හා වෛරය මොනවට පැහැදිලි වෙනවා.

sm1

346597599 3516847295239088 3701762913090300263 n

sm 2

sm 3

sm 4

 

මේ දෙපාර්ශවයම තුල පවතින්නේ අතිශයින්ම ග්‍රාමීය වූ මුග්ධ භාවයක්. ඒවා තුල දේශපාලනය පිළිබඳ චින්තනයේ කිසිදු වෙනසක් ලකුණු කරගන්න බැහැ. එකිනෙකා සමග වෛරී කුනුහරුප භාෂාව හැර සිදුවූ දේවල් පිළිබඳව අවබෝධයක් ඇති බවක් පෙනෙන්නේ නෑ.

 

එක් පසෙකින් පොහොට්ටුව සංවිධානය කරන්නේ ග්‍රාමීය පීඩිත ජනතාව. අනෙක් පසින් මධ්‍යම පංතිය වෙතින් අරගලයේ බලය හිමිවන්නේත් පීඩිත ජනතාවටම යි. මේ දෙපාර්ශවයම පවතින දේශපාලන භූමිය තුල “අත් හැර දැමූවන්” කිසිදු ආකාරයක සමාජ ආරක්ෂණ ජාලයකට උරා නොගත්තවුන්. ධනවාදය තුල වඩ, වඩා ප්‍රසාරණය වෙමින් ගොඩනැගෙන පරිභෝජනවාදී ආර්ථිකය තුල ආන්තික වූවන්. අවිඥානිකව පවතින ක්‍රමයට වඩාත්ම ආශා කරන්නවුන්.

උතුරේ මව්වරුන්ගේ අරගලය වෙනුවෙන් පෙනී සිටිමු ! - රැඩිකල් මැද සාමූහිකය

මේ දෙපාර්ශවය බෙදෙන ස්ථානයත්, එකිනෙකාට සතුරුව පිහිටන ලබන ස්ථානයත් කිසිවෙකුට පැහැදිලි නැතුව ඇති. ලංකාවේ දේශපාලන තුල පංතිමය බෙදීම අතීතයේදී ලකුනු කරනු ලැබුවේ වාමාංශික දේශපාලනය විසින්. නමුත් උතුරේ අරගලයේ පීඩනය මැද ජ.වි.පෙ. වැනි වාමාංශික පක්ෂයක් පංතිය අමතක කර ජාතියට මාරුවීම හරහා මෙම පැහැදිලි කිරීමේ සීමා ඉර මකනවා.

තවදුරටත් ධනවාදය බාහිර ඒජන්තයෙකු හරහා පාලනය වෙන යුගය අවසන් වෙන්නේ ගෝලීයකරණ පසුබිම එක්ක. මේ ක්‍රමය (ධනවාදය) තවදුටත් පවත්වාගෙන යන්නේ “අපි” විසින් වීමත් ඒ හරහා අපිට ලැබෙන අල්ලස “විනෝදය” බවත් දැන් තරම් පැහැදිලි කල හැකි යුගයක් තවත් නෑ.

මුල් අවස්ථාවේදී පියත් නිකේෂන විසින් උදුරාගන්නේ, කහදගම විසින් ලබමින් ඇතැයි උපකල්පනය කරන විනෝදයයි. ඔහු (පියත්) එය ප්‍රසිද්ධ කිරීමෙන් විපරීතයෙකු වෙනවා. (අනෙකාගේ ආශාව ,ඔහු රගදක්වා පෙන්වනවා) මහින්ද කහදගමව ජෝක් එකක් බවට පත් කිරීමෙන් එක් පසෙකින් ඔහු කහදගම විදිතැයි සිතන විනෝදය පැහැර ගන්නා අතර අනෙක් පසින් ඔහු (පියත) තමන් ලබන විනෝදය අනෙකා වෙත මුදාහරිනවා.

බාලිකා පාසලක් ලගට ගිහිල්ලා සරම ඉස්සුවොත් වෙන දේ වෙන්නේ මේ සිද්ධි දාමයේම දිගුවක් හැටියට යි. කඩුවෙල සිද්ධියේදී පියත් වෙත එල්ල වන චෝදනාවක් තිබුනත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු නොමැති බැවින් මෙහි සටහන් කිරීමෙන් වලකිනවා. නමුත් මේ ආකාරයේ දේශපාලනමය භාවිතාවන් තුලදී, තමන් අනෙකා කිච කර දමන විට ලැබෙන ප්‍රතිචාර මේ ආකාරයෙන් බලාපොරොත්තු විය යුතුයි.

 

giat

දේශපාලනය යනු සදාචාරවාදී සීමාවන් ලකුනු කලහැකි භූමියක් නොවෙයි. මැයි 09 සිද්ධිය පිළිබඳව සදාචාර දෘෂ්ටිකෝනයකින් බැලීමෙන් පලක් නෑ. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සටන් කල හැකි ග්‍රාමීය පීඩිත මිනිසුන්ගේ බලමුලු මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහරදීමත්, ඊට ප්‍රතිප්‍රහාර ලෙස එල්ලවුණු දීපව්‍යාප්ත ප්‍රහාරයත් තුල සදාචාරය අවලංගුයි. ඒක නිසාම මේ දෙපාර්ශවයම “අපි ශුද්ධවන්තයින්” යැයි කියාගන්නට ගන්නා උත්සාහය නැවත දේශපාලනය සදාචාරවාදී රාමුවකට ගෙන ඒමට උත්සාහ කිරීමක්.

 

ඊට පරස්පරව දෙපාර්ශවය අතින්ම සිදුවූ දේ දේශපාලනික ආචාර ධාර්මික පියවරක් හැටියට ලකුනු කිරීමෙන් එහි විභවය දෙපාර්ශවය වෙතම රදවා ගත හැකියි. ජනතා නැගිටීම් හෝ ඒවා මර්ධනය කල පිළිවෙත් කිසිවක් අතීතයේද සර්ව සාධාරණ අච්චුවකට වක් කල නොහැකියි.

 

නමුත් පොදු මහජන නැගිටීම් වලින් ඔබ්බට ගමන් කරණ ලද මේ සමාජ මාධ්‍ය “නලුවන්” විසින් ඇති කරන මුලු සමාජයම විපරීතකරණය කරන්නා වූ සිදුවීම් වලට දේශපාලනිකව එරෙහි විය යුතුයි. එය තමන්ගේ පුද්ගලික අභිලාශයන් වෙනුවෙන් කරන විපරීත රංගනයන් විනා පොදු මහජන ප්‍රශ්න පිළිබඳව වේදිකාවක් මතට ගොඩවදින දේ නොවෙයි.

 

(carbonnews.lk)



JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්