මෙහෙමයි... මේ යුගයේ අනෙක්තව අනන්‍යතා වැහි වැහැල තියෙන්නේ. සෝකෝ අසහරාලගේ ඉඳල සද්ගුරු දක්වා ලෝකේ පුරා මේ අනන්‍යතාවලට අලුත් උපාසක උපාසිකාවෝ ඉන්නවා.



අර පරණ සිල් රෙදි ඇඳගත්ත උපාසක කට්ටිය නෙවෙයි ඩෙනිම් ඇඳගත්ත පෝස්ට්මොඩන් සෙට් එකක්.

දැන් දේශපාලන කරන්න වෙන්නේ මේ ආධ්‍යාත්මික රෝගීන් එක්ක.

ජෙරම් කියන්නේ බයියෙක් නෙවෙයි. අවම වශයෙන් පෙනුමින්.

නමුත් දේශනා කරන්නේ අනෙකෙක් හොයාගන්න කියල.

තමන්ගේ කියල ආගමික හරි මොකක් හරි මතයක් නෙවෙයි කියන්නේ. අසවල් ආගමේ මේක නැහැ අරක නැහැ කියල. තරඟකාරී විදියට. අනෙකෙක් කෘතීම ලෙස නිර්මාණය කරමින්.

දෙවියන්වත්, දෙවියන්ගේ ආලෝකයවත්, ආලෝකය ලැබීමවත් නෙවෙයි ප්‍රශ්නේ. වෙනස් විශ්වාසයන් තියන මිනිස්සු එක්ක මේ සමාජේ එකට ඉන්නේ කොහොමද කියන එකයි ජෙරම්ල තේරුම් ගන්න ඕනි.  





JW

 

 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය