අද Voice Season 2 Final එකේ ඉන්න රමියා අවසන් තරගය වෙනකම් ආපු ගමනේ Quarter final එකේ “කුල ගෙදරින් දුම්මර කදු වැටියේ” කියන සිංදුවේ මුලින්ම මොකක්ද මංදා රැප් වගේ කෑල්ලක් කියනවා.
It’s another great wedding vibration from the all Ceylon community. Ramiya the one who is presenting it to the reality. ඒකෙ අන්තිම පේලියේ තේරුම තමයි මං හිතන්නේ රමියාව අවසන් තරගයට ගෙනාපු strategy එක. RAMIYA THE ONE WHO IS PRESENTING IT TO REALITY. රමියා තමයි මේ ගායනය REALITY එකට ගේනපු ඩයල් එක. ඒක වෙන්න ඕන final එක වෙනකං ආවේ.
Blind audition වලදි රමියට හැරෙන්නේ Coach උමාරියා විතරයි. අපි හැමෝම දන්න විදියට සාමාන්‍යෙන් ගායනය ඉතාම හොඳ අයට Coach ලගෙන් 4න් තුන්කවත් හැරෙනවා. ඒත් රමියට හැරෙන්නේ එක්කෙනයි. අද නිකමට හරි රමියා දින්නොත් එක Coach කෙනෙක් විතරක් හැරිලා ලංකාවේ Voice ප්ලට්ෆෝම් එකේ දිනපු පළවෙනියා බවට රමියා පත් වෙනවා. (Voice teen ඇතුලත්ව).
ඒකට තමයි කියන්නේ Market Access එක කියල. ඇත්තටම රමියට Market Access එක දෙන්නේ Coach Umariya. එහෙම අවස්තාවක් එන්නේ තෝරා ගන්න නිදහසක් දීල තියන නිසා.(freedom of choice) Coach ට ගායකයවා තෝර ගන්න පුලුවන් සහ Coach ල කිහිපදෙනෙක් හැරුනොත් ගායකයට කැමති Coach කෙනෙක් තෝර ගන්න නිදහස තියනවා. Market Access සහ තෝරා ගැනීමේ නිදහස වෙළදපොළක් හොදට වැඩ කරන්න ඉතා වැදගත්
ඒකයි මං ඔය බිස්නස් register කරන්න ලයිසන් ගන්න ඕන, ශෙඩ් වලට ලයිසන් ගන්න ඕන, හැම එකටම ආණ්ඩුවෙන් ලයිසන් ගන්න ඕන ක්‍රමයට කැමති නැත්තේ. ඒ හැම එකකින්ම කරන්නේ market access එක නැති කරන එක. ඒකෙන් රමියා වගේ අයට ඉස්සරහට එන්න බැරි වෙනවා
Coach Umariya රමියට දුන්නේ Market Access එකක්. ඊට පස්සේ රමියා තරඟකාරීබවක් හදා ගන්නවා සහ අනන්‍යතාවයක් හදාගන්නවා.. ඒක ඇත්තටම Marketing වැඩක්. නිතරම රැප් සහ රමියාටම ආවේනික වුණු ස්ටයිල් එකකින් තමයි රමියා තරග කරන්නේ. ඕනම වීඩියෝ එකක රමියාගේ අනන්‍යතාවය ලේසියෙන්ම හදුන ගන්න පුලුවන්. Reggae විදියට ඇදල එකම style එකක් ඇතුලේ ලොකු විවිධත්වයක් ගේනවා.
ආර්ථිකයත් ඒ වගේමයි. හැම රටකම ආර්ථික ඒ රටට ආවේනිකයි. හැබයි අවේනිකත්වය ඇතුලේ විවිධත්වය සහ තරඟකාරීත්වය ඕනමයි. රමියා අරං එන්නේ ඒක. එකම විදියේ ස්ටයිල් එකකින් විශාල විවිධත්වයක්. ඒක රමියම දෙන වෙනස් විදියේ ආතල් එකක්.
ඒවගේම රමියා අන්තර්ජාතික Voice Platform එකෙත් feature වෙනවා. රමියා අන්තර්ජාතික තරගයට සිංහල සිංදු කියල තමයි feature වෙන්නේ. ගෝලීය වෙළදපොලක තියෙන විශේශිතත්වය ඒකයි. අපේ දේ අරගෙන තරග කරන්න පුලුවන් අපි තරගකාරීනං. මොකක් හරි එක judge කොමෙන්ට් එකක Coach Supun කිව්වා රමියා තමයි වතාවන් ගානක්ම අන්තර්ජාතික Voice Platform එකේ feature කරපු සහ වැඩිම ලංකාවේ Voice Sri Lanka trending වුණු සිංදු කියපු වගේ කතාවක් මට ලාවට වගේ මතකයි. අන්තර්ජාතික මට්ටමෙන් සෙල්ලම් කිරීම අනිවාර්‍යයි. අන්තර්ජාතික ලෙවෙල් එකෙන් ගේමට බැස්සම ඒකෙ වාසිය එන්නේ අපිටමයි. හැංගි හැංගො ලෝකෙන් මුවා වෙලා අපිට Voice දිනනත් බෑ. ආර්ථික හදන්නත් බෑ.
ඊට පස්සේ රමියා තරඟයෙන් පරදිනවා. මං හිතන්නේ Knockout වටයෙන්. වෙළඳපොලත් ඒ වගේ තමයි. අනිවාර්‍යයෙන් තරඟකාරී වෙද්දි හැමෝම ජයග්‍රාහී වෙන්න නෑ. දිනුම සහ පැරදුම දෙකම මේ ලෝකේ ධර්මතාවයන්. නමුත් වැදගත් වෙන්නේ පරදින කෙනාට ගෞරවනීය පරාජයක් අත්වීම සහ නැවත තරගකරන්න අවස්තාවක් තිබීම සහ ඔහු තරගයෙන් ඉවත් වුනත් නැවත තරගකාරී වෙන තෙක් දරා ගෙන සිටීමට සමාජයේ අවශෝශන පද්ධතියක් තිබීම. ඒකයි අපි නිතරම සමාජ ආරක්ෂණ දැලක් තියෙන්න ඕන සහ ඒකේ අවශ්‍යතාවය තදින්ම නිතරම මතු කරේ. පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවට අපිට ඕන සාර්ථක සමාජ ආරක්ෂන දැලක්. ඒකයි මං නිතරම පාඩු ලබන රාජ්‍ය ආයතන වල පාඩුව සහ සමාජ ආරක්ෂන ක්‍රමයට වෙන් කරන මුදල ගැන සංසංදනය කරන්නේ. රමියත් පැරදුනාම නැවත තරග කරන්න පුලුවන් විදියට Voice comeback ස්ටේජ් කියල වෙනම ප්ලැට්ෆෝම් එකකින් තමයි ආයෙත් තරගයට එන්නේ. මං හිතන්නේ ඒ වතවේ රමියා එන්නේ අනික් Coach ලගේ හිටපු හොදම තරගකරුවන්වත් පැත්තකට තල්ලු කරගෙන.





මං හිතන්නේ Bathiya - Santhush, Kasun, Shashika Nisansala, Umariya, Supun ට වඩා දක්ෂ අය ලංකාවේ ඕන තරම් හිටියත් ඔවුන් තරුවක් වෙලා තියෙන්නේ හේතුවකට. ඒකට වෙළදපොළට හරි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට බැනල හරි, ඉරිසියා කලා කියල හරි වැඩක් නෑ. වෙළදපොළ ක්‍රියාත්මක වෙන විදියයි අපි තේරුම් ගන්න ඕන. ලංකාවේ ආර්ථිකයත් ඒකට ගලපවන්න ඕන.




වෙළදපොළවක් කියන්නේ Eco system එකක්. අර ලොතරයික් දිනපු අය බොහෝ දෙනෙක් අවුරුදු 5ක් විතර යද්දි හිටපු තැනිනුත් පහලට වැටෙනවා කියල සමීක්ෂන වලින් ඔප්පු වෙලා තියනවා. ඒකට හේතුව ධනවත්භාවය කියන්නේ ධනය නෙවෙයි, නැවත ධනය ප්‍රතිඋත්පාදනය කරන්න තියෙන හැකියාව. එහෙම නැවත ධනය ප්‍රතිඋත්පාදනය වෙන්න ඒකට ගැලපෙන Eco system එක තියෙන්න ඕන සහ වෙළඳපොළ ප්‍රමාණය ලොකු වෙන්න ඕන. ඒකයි ලෝකයේ වෙළඳපොළ අපේ වෙළදපොලට බවට පත් කර ගන්න ඕන. කලාවෙදිත් එහෙමමයි. මේ ගීත බොහොමයක් වෙන කාලාකරුවන්ගේ පද රචනයන්, සංගීතය සහ හඩ සහිත නිර්මාණ. සැබෑ තරගයේදී එතනින් එලියට ඇවිල්ලා ලෝකයත් එක්ක ඊලඟ වටයේදි තරඟ කරන්න පුලුවන් Eco system එකක් නෑ.


