විද්‍යාවේ, තර්කනයේ, තාක්ෂණයේ සහ හේතුවේ පිහිටෙන් ඔබට දැන් පුළුවන් අවුරුදු දෙදාස් පන්සීයක් ඈත

දේශනා කරපු ආගමික දර්ශනයක ඇති පදම් අඩුපාඩු හොයාගන්න.

අහේතුක දේවල්, අතාර්කික දේවල්, බොළඳ දේවල්, නූතනයේ ඇසින් ගත්තම විවේචනය සහ හාස්‍යයට නඟන්න පුළුවන් අනන්ත දේවල් මේ ආගමික දේශනා සහ ඊට සම්බන්ද ආඛ්‍යානවල හොයාගන්න හරිම පහසුයි. 

සමහර දේවල් කොච්චර අතාර්කිකද කියනවා නම් ඒවාට ''හෑයියා'' ගාන්න තරම් බොළඳ වෙන්නත් පුළුවන්. එහෙම හෑයියා ගානවට ඔබට සල්ලි ලැබෙන්නත් පුළුවන්. මේ නිසා දැන් දැන් මේ රටේ බයියෝ, ටෝයියෝ, කයියෝ වගේම තවත් ප්‍රවර්ගයක් ඉන්නවා. ඒ තමයි ''හෑයියෝ''...

එයාල හාල හාල මඩ නාල පස්සේ හිරෙත් යනවා. හිරේ ගිහිල්ල පූස් පැටවූ වෙනවා. බේරාගන්න කියල හතර වටේට කෝල් කරනවා.



හැබැයි ජිජැක් වගේ කෙනෙක් නම් කියන්නේ අපි මේ ඉපැරණි ආගමික දර්ශනවාද වල සහ ආඛ්‍යාන වල අපරිපුර්ණ බව දිහා බලල හිනා වෙනවා වෙනුවට ඒ අපරිපූර්ණ බව පාවිච්චි කරමු කියල ඒ දර්ශනවාද වලට ඇත්තටම ඇතුල් වෙන්න. ඇතුල්වෙලා ඒවා පරිපුර්ණ බව වෙත රැගෙනයන්න. නව මනුෂ්‍යත්වයක් වෙනුවෙන් අලුත් පාරක් තනන්න ඒ අපේ මැදිහත්වීම පාවිච්චි කරමු කියල. එහෙම නැතුව හෑයියෝ වගේ ඒවාට හිනාවේවි ඉන්නවා කියන්නේ අපි පොරවල් ඒ ආගම් පීචන් වගේ එකක් නම් කවදාවත් වෙන්නේ නැහැ. 


මෙයින් කියවෙන්න නැහැ ආගම් හරිම අහිංසකයි, සුකෝමලයි, මලක් වගේ රටක් වටියි කියල. හැබැයි ඒවාට චැලේන්ජ් කරන්න ඔහොම ළපටි විදියට බැහැ.  

ආගම් වල කලිසම් පාත්කරන්න යනකොට පාත්වෙන්නේ අපේම කලිසම් තමයි. නිරාගමික වෙන්න තියන හොඳම ක්‍රමය ඇත්තටම ආගමික වෙන එක කියල ජිජක් කියන්නේ ඒකයි....  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්