''ම‍ගේ දැඩි විශ්වාසය වන්නේ මනුස්ස ජීවිතේ දෙවෙනි වටිනාම දේ නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශනයට ඇති ඉඩකඩ යන්නයි. පළවෙනි වටිනාම දේ වෙන්නෙ කෑමට ආහාර තිබීමයි. තුන්වෙනි වටිනාම දේ වෙන්නෙ හිසට වහලක් තිබීමයි.


දෙවෙනි දේ වෙන්නෙ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසයි, ඒක දෙවෙනි වෙන්නෙ ජීවිතය පවත්වාගැනීමට ඇති අයිතියට විතරයි. මගේ ජීවිත කාලය පුරාම මේ රටේ මට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බුක්ති විඳින්න ලැබිලා තියෙනවා. ඉස්සරහටත් ඒක එහෙම වෙයි කියල බලාපොරොත්තු වෙනවා. මෙම නිදහස බාධා කරන තත්වයන් තිබුණත් මාව අත්අඩංගුවට ගැනීමක් සිදුවෙන්න තියෙන ඉඩකඩ ඉතා අවමයි. ඒ ප්‍රසිද්ධ පුද්ගලයන්ට ලැබෙන වරප්‍රසාදලාභී තත්වය හින්ද. ඒ නිසා මං සැලකිලිමත් වෙන්නෙ මං ගැන නෙමෙයි. මට වඩා බෙහෙවින් අනාරක්ෂිත අය ගැනයි.

හරියට ඔක්ස්ෆර්ඩ්වල පොලිස් අශ්වයෙකුට සමලිංගික යැයි පැවසීම නිසා අත්අඩංගුවට පත්වුනු කෙනා වගේ අය. පල්ලියට කල්ට් එකක් යැයි පැවසීම නිසා අත්අඩංගුවට ගත් ‍යෞවනයා වගේ අය. ටීවී එකක බයිබලයේ පාඨයන් ‍ප්‍රදර්ශනය කළා යැයි අත්අඩංගුවට ගත් කැෆේ අයිතිකාරයා වගේ අය. මේ හාස්‍යජනක චෝදනා සහ පැමිනිලි දැක්කම මට මතක් වුනා මං ප්‍රබන්ධ චරිතයක් විදිහට මේ තත්වයේ ඉඳලා තියෙන වග.

not the nine 004මම ෂෝ එකක් කළා, නොට් ද නයින් ඔ ක්ලොක් නිව්ස් කියල. ඒකෙ ග්‍රිෆ් රයිස් ජෝන්ස් වර්ගවාදී පොලිස්කාරයෙකුගෙ චරිතයක් කළා. මං එයාගෙ ස්ථානභාර නිලධාරියා විදිහට එයාට බැන වැදීමක් කරනවා කලු මනුස්සයෙක් කිසිම පදනමක් නැති චෝදනා උඩ අත්අඩංගුවට ගැනීමක් ගැන.

වින්ස්ටන් කොඩොගෝ කියන මේ කලු ජාතිකයා මේ වර්ගවාදී පොලිස්කාරයා විසින් අත්අඩංගුවට ගන්නෙ පදික වේදිකාවේ ඇති පැල්මවල් මත ඇවිදීම යන වරදට. අඳුරු වෙලාවක ඉතාම වර්ණවත් කමිසයක් හැඳගෙන ඇවිදීමේ වරදට. මං ආසම එක වුනේ ඊළග වරදට. ඒ තමයි, හැම තැනම ඇවිදීමේ වරද. ඒ වගේම පොදු වැසිකිලියක මුත්‍රා කිරීමේ වරදට සහ තමන් දිහා අමුතු විදිහට බැලීම කියන චෝදනාත් මේ පුද්ගලයාට එරෙහිව තියෙනවා. අපි කවදාවත් හිතුවෙ නෑ මේ නිර්මාණ කරද්දි ඒවා ඇත්තටම සිද්ද වෙයි කියල.

මට පස්සෙ දැනගන්න ලැබුනා මේ සමලිංගික අශ්වයා ගැන චෝදනාව ඒ වරද කළ තැනැත්තා විසින් දඩය ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සෙ ඉවත් කර ගත්තා කියල. ඒ වගේම පල්ලිය කල්ට් එකක් යැයි කීමේ චෝදනාවත් නඩුව යන අතරමගදී ඉවත් කර ගන්නවා. මේ විදිහට චෝදනා ඉවත් කරගැනීම ගැන කෙනෙක් දක්වලා තිබුනා එය නීති නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා කියන එකට සාක්ෂියක් විදිහට. හැබැයි මේ චෝදනා ඉවත් කරගන්න සිද්ද වෙන්නෙ විශාල මහජන අවධානයක් මේවා දිහාට යොමුවෙන හින්ද. පොලිසියට තේරුනා ඒ අය විහිලුවට ලක්වෙන්නයි යන්නෙ කියල. ඒ හින්දයි මේ චෝදනා පස්සෙ ඉවත් කරගන්නෙ. ඒත් මේ විදිහට මහජන අවධානය ලැබෙන්නෙ නැති දහස් ගාණක් තවත් නඩුවලට මොනවා වෙනවා ඇද්ද? මාධ්‍ය අවධානය දිනාගන්න අපොහොසත් වන මේ වගේ හාස්‍යජනක නඩු.

මේ විදිහට චෝදනා ඉවත් කරගැනීම පවා සිද්ද වෙන්නෙ මිනිස්සුන්ව අත්අඩංගුවට අරගෙන, ප්‍රශ්න කිරීම් කරලා, උසාවි ගිහිල්ලා ඊටත් ‍පස්සෙයි. ඒක නීතිය හරි විදිහට ක්‍රියාත්මක වීමක් නෙමෙයි. ඒක ඉතාම පීඩාකාරී අන්දමේ වාරණයක්. නිදහස් ප්‍රකාශනය සහ කතා කිරීමේ නිදහස බියවද්දන ආකාරයෙන් කටයුතු කිරීමක්. මානව අයිතීන් පිළිබඳ පාර්ලිමේන්තු ඒකාබද්ධ කමිටුව කියන විදිහට, ‘විරෝධතාකරුවෙක් තර්ජනාත්මක හෝ අපහාසාත්මක ප්‍රකාශ ක‍ළා යැයි අත්අඩංගුවට ගැනීම අදාල තත්වයන් මත ආරක්ෂාව පිණිස ගන්නා ක්‍රියාමාර්ගයක් විය හැකියි. නමුත් භාෂාව හෝ හැසිරීම අපහාසාත්මක වූ පමණින් එය අපරාධයක් වන්නේ යැයි අප විශ්වාස කරන්නේ නැත’.

අපහාසයක් නීති විරෝධී යැයි කීමෙහි ඇති ප්‍රශ්නය වන්නේ එමගින් තවත් බොහෝ දේ අපහාසාත්මක යැයි තර්ක කළ හැකි වන නිසාය. විවේචනය ඕනෑම විරුද්ධ පාර්ශ්වයක් විසින් අපහාසයක් වශයෙන් අර්ථකතනය කළ හැකිය. උපහාසය, හාස්‍යය අපහාසයක් වශයෙන් අර්ථකතනය කරන්න කෙනෙකුට පහසුවෙන් පුළුවන. තමන් අකමැති ආකාරයක සංසන්දනයක් (උදා විදිහට නතාෂා සුද්දෝදනගේ කොල්ලා සහ අද කාලෙ දරුවන් සංසන්දනය කළා වගේ), පවතින අධිකාරියට වෙනස් දෘෂ්ටිකෝනයක් ඉදිරිපත් කිරීම අපහාසයක් හැටියෙන් කෙනෙක් දක්වන්න පුළුවන්.

832978 ofywcebjke 1474288879

ගොඩක් දේවල් අපහාස හැටියෙන් අපිට අර්ත දක්වන්න පුළුවන් වීම නිසාම අර මං කලින් කිව්වා වගේ බොහෝ විහිලුසහගත දේවල් අපහාස විදිහට අර්ත ගන්වලා තියෙනවා. අවුරුදු විසි පහකට වඩා මේ නීති පොත්වල තිබුනට ඊට පස්සෙ ආපු රජයන් විසින් සමාජයේ ඇති නරුමභාවයන් පාලනය කිරීමේ යහපත් උවමනාවෙන් ඒවා ක්‍රියාත්මක කරපු ආකාරය නිසා අවසානයේදී වෙලා තියෙන්නෙ අසාමාන්‍ය ඒකාධිපති, පාලනාධිකාරී ස්වරූපයක සමාජයක් නිර්මාණය වීමයි. (මේ කතාව ලංකාවෙ අපේ ආණ්ඩුවලට අදාල වෙන්නෙ නෑ. කිසිසේත්ම යහපත් අරමුණු ඇතුව මේ නීති ක්‍රියාවට නගලා නෑ)

මේ තමයි දැන් ඇතිවෙලා තියෙන අනෙකාව ඉවසිය නොහැකි බවේ ආරම්භය. තමන් ඇසීමට කැමති නැති කතා කියන අයගේ කටවල් බැඳ දමන තත්වයක් ඇති වෙලා තියෙනවා. ඇහුවොත් හැමෝම කියන්නෙ, අපෝ අපි එහෙම නෑ කියල. සමහර මෘදු කතා ඇති ලිබරල් මානසික අයත් කියනවා. ‘මං ඉන්ටොලරන්ට් වෙන්නෙ ඉන්ටොලරන්ස් එකත් එක්ක විතරයි’ කියල.  මේ කතා අහලා මිනිස්සු කියනවා බලන්න බුද්ධිමත් වචන.. බුද්ධිමත් වචන..

පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බැලුවොත් පෙනෙයි මේ කරලා තියෙන්නෙ එක්තරා ඉන්ටොලරන්ට් වීමක් (ඉවසිය නොහැකි බවක්)  වෙනුවට වෙනත් ආකාරයක ඉන්ටොලරන්ට් වීමක් ආදේශ කරලා විතරයි. එතන කිසිම ප්‍රගතිශීලී බවක් ඇත්තෙ නෑ. යටින් පවතින අගතීන්, අසාධාරණකම් සහ පසුතැවීම් ඇඩ්‍රස් කරන්න මිනිස්සු ඇරස්ට් කරලා බෑ. ඒවා ඇඩ්‍රස් කරන්න පුළුවන් ඒවාට ප්‍රකාශ වෙන්න ඉඩදීමෙන්. සංවාදයට ලක්වෙන්න, ගැටෙන්න ඉඩ තියෙන, නීතියෙන් දඩුවම් නොලබා ඉන්න පුළුවන් තත්වයක් පැවතුනොත් විතරයි.

shutterstock 568689847.0

මට අනුව අපහාසාත්මක, වරදකාරී ප්‍රකාශයන්ට එරෙහිව සමාජයක් ශක්තිමත් කරන්න ඇති එකම මාර්ගය වෙන්නෙ හැකිතාක් එවන් දේට නිදහසේ මුහුන දෙන්න ඉඩ හැරීමයි. හරියට පොඩි කාලෙදි විෂබීජවලට මුහුණ දීමෙන් අපේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා වගේ මෙවන් ප්‍රකාශවලට මුහුණ දීමෙන් සමාජයක ප්‍රතිශක්තිය වැඩිවෙනවා. අපි යමකින් කිපීමට පත්වීම පාලනය කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් සාධාරණ විවේචන විදිහට මතුවෙන ගැටලු දිහා බලන්න. අපි බලන්න ඕන යමක් තුල ඇති පණිවිඩය දෙසයි. පණිවිඩකරුවා දිහා නෙමෙයි. ජනාධිපති ඔබාමා මීට ටික කලකට කලින් එක්සත් ජාතීන් අමතා ප්‍රකාශ කළ පරිදි, ‘කතා කිරීමේ නිදහස පාලනය කරන උත්සාහයන් අවසානයේදී විවේචකයන් සහ සුළුතරය නිහඩ කරන ආයුධ ලෙස පාවිච්චි විය හැකිය. වෛරී ප්‍රකාශවලට ඇති හොඳම අවිය වන්නේ ඒවා බලෙන් යටපත් කිරීම නෙමෙයි. වැඩියෙන් කතා කිරීමයි’

ඒකයි මගේ කතාවෙ සාරය. වැඩියෙන් කතා කරන්න ඉඩ දීම. අපිට ශක්තිමත් සමාජයක් ඕන නම් අපිට ශක්තිමත් සංවාද අවශ්‍යයි. ඒ තුල අනිවාර්යෙන්ම අපහාස කිරීමට, අනෙකාව කුපිත කිරීමට ඇති අයිතිය ඇතුලත් විය යුතුයි. අනෙකාව කුපිත නොකර සිටීමට ඇති නිදහස කියන්නෙ නිදහසක් නෙමෙයි. අපි නැවතිලා ආපහු පස්සට ගිහින් බලන්න ඕන මේ අවාසනාවන්ත වාරණයේ සංස්කෘතිය කොහොමද වර්ධනය වුනේ කියල. තමන් විසින්ම සංස්කෘතියේ, ආගමේ ආරක්ෂකයන් විදිහට පත්වුනු අයගෙන් (සලමන් රුෂ්ඩිගෙ වචනෙ හැටියට ‘ප්‍රකෝප කර්මාන්තයේ යෙදෙන)  සහ ඒ අය එක්ක යන මීඩියා වල බලපෑම නිසා පොලිසිය කරන දේවල්වලට විරුද්දව සටන් කරන එක මේ සටනෙ කොටසක් විතරයි.

පත්තරේකින් ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසියට කතා කරනවා. ‘කෙනෙක් අපි විසින් ජාතික සම්පතක් කියලා විශ්වාස කරන කෙනෙකුට අපහාසාත්මක දෙයක් ට්වීට් කරලා තියෙනවා. ඔයගොල්ලො මොකක්ද මේ ගැන කරන්නෙ?’ පොලිසිය කලබල වෙනවා. අතපත ගාලා පොතේ තියෙන නරකම වගන්තිය වන පබ්ලික් ‍ඕඩර් ඇක්ට් එකේ  5 වෙනි වගන්තිය අල්ලගන්නවා. ඒකෙ හැටියට පොලිසියට පුළුවන් ඕනම කෙනෙක් අපහාසයක් කළා කී පමණින් ඕනම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න. ඔයාට මෙතනදි ඇත්ත පීඩිතයෙක් හෝ වික්ටිම් කෙනෙක් ඕන වෙන්නෙ නෑ. ඔයා කියන දේ ඇසීමෙන් හෝ කියවීමෙන් කවුරුන් හෝ එය අපහාසයක් විදිහට ගත හැකි යැයි විනිශ්චය කිරීම ප්‍රමාණවත්.

ට්විටර් ෆේස්බුක් කමෙන්ට් වලින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන ඉතාම ප්‍රබල ප්‍රශ්න මතු කරලා තියෙනවා. මුලින්ම අපි කියන දේ වගකීම අපි බාරගන්න ඕන. ඒක හොඳ පාඩමක්. ඒ වගේම අපිට පේන්න තියෙනවා ඉතාම සරල විකල්ප අදහසකින් පවා සමාජය කොයිතරම් කැලඹීමකට පත්වෙනවද කියන එක. සමාජය කොයිතරම් ඉන්ටොලරන්ට්ද කියන එක. නීතිය කොහෙත්ම මේ සරල දෙයින් කුපිත වීම (ඉන්ටොලරන්ස්)  වෙනුවෙන් පෙනී සිටිය යුතු නෑ. අදහස් ප්‍රකශ කිරීමේ නිදහසේ ප්‍රතිඵල  අපිට බුක්ති විඳීමට නොදී නීතිය මැදිහත් වීමෙන් සිද්ද වෙන්නෙ ඒ නිදහසට බාධා කිරීමක්. මේ 05 වෙනි වගන්තිය වෙනස් කිරීමට මං හදවතින්ම මගේ සහයෝගය දෙනවා.

(අදහස් ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් වූ ව්‍යාපාරයේ පුරෝගාමී එකක් වුනේ ‘05 වෙනි වගන්තිය වෙනස් කිරීමයි’ රෝවන් ඇට්කින්සන් විසින් 2012දී එහි ආරම්භක අවස්ථාවට සම්බන්ධ වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කතාවයි මේ. දෝෂ සහිත අදහස් පරිවර්තනය චින්තන ධර්මදාස)

- උපුටා ගැනීම චින්තන ධර්මදාස ගේ ෆේස්බුක් පිටුවෙන්. 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්