theleaderlk 01

ධනුෂ්ක ගුනතිලක තමන්ට එරෙහිව ගොනු කළ ලිංගික බලහත්කාරය පිළිබඳ චෝදනා වලින් නිදහස්. 

ධනුෂ්කගේ සිදුවීම ගැන මට තියෙන්නෙ ඒ සිදුවීම් ඇසුරින් මං තේරුම් ගත්ත කතාවක්. එතන ඇත්තටම වුනේ මොකක්ද කියල කවුරුවත් දන්නෙ නෑ.

ලංකාවේ බොහොමයක් පිරිමි ලිංගික හැසිරීමකදි මේ ධනුෂ්කට සමානම චෝදනා ලබන්න පුළුවන්. ලංකාවෙ ගොඩක් පිරිමින්ට නිරුවතින් තමන් සමග ඇඳට ගොඩවුනු තරුණියක් අතරමගදී 'එපා' හෝ 'බෑ' යැයි කීම තේරුම් ගන්න අමා‍රු වෙනවා. අපේ සංස්කෘතිය අනුව ගැහැණියක් සෙක්ස්වලදි එපා කියන්නෙත් හා කියන එකයි. අපේ සාහිත්‍යයෙ තියෙන්නෙ ගැහැණු හැසිරීම එහෙම කියලයි. ඉතින් එපා කිව්වත් ඒක තවත් අනුරාගය වැඩි කරන ඉල්ලීමක් විදිහට ලංකාවේ පිරිමියෙකුට දැනෙන්න ඉඩ තියෙනවා.

RTSWR2W 0

ඒ වගේම මෑත metoo වගේ පිස්සු කැම්පේන් වලින් ගැහැණු ලිංගික හැසිරීමත් විකාරසහගත කරලා තියෙනවා . කැමති වෙලා පස්සෙ ගෙදරත් ගිහින් බෑ කියල හිතෙන්න ඉඩ තියෙනවා . සියල්ල හොඳින් සිදුවූ රමණයකින් පස්සෙත් තමන්ට බලහත්කාරයක් කළා කියල හිතෙන්න, පැමිණිලි කරන්න පුළුවන්. ප්‍රසිද්ධ පිරිමින්ව මේ විදිහට ලේසි ගොදුරු කරගන්නත් පුළුවන් .

කොහොම වුනත් ධනුෂ්ක නීතියෙන් නිදොස්. නිදහස්.

ඒත් ලංකාවේ ඕනම පිරිමියෙක් නැවත මේ වරදට චෝදනා ලබන සංස්කෘතික විභවයක් තියෙනවා. ඒ හින්ද පරිස්සම කොහොමත් හොදයි. විනාඩියෙන් විනාඩියට හරි කන්සෙන්ට් එක ගන්න තරමට.


ජවිපෙ ගත්තු ස්ටාන්ස් එකත් මරු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


JW

නවතම පුවත්