ජනාධිපති ගෝඨාභයට බැන වැදීමෙන් පලක් නොමැති බවත්, ගෝලීය ප්‍රශ්ණවලට ගෝලීය විසඳුම් හොයන්න ඔහුට ඉඩ දිය යුතු

බවත් 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ සටහනක් තබමින් පවසයි.

එහි ඔහු මෙසේ සඳහන් කර තිබේ.

''මම ගෝටාට කැමති නැත්තේ එයා නීතියට පිටින් මිනීමැරිම් සහ පුද්ගලිකව හොරකම් වලට සම්බන්ද යයි මට තොරතුරු තියෙන නිසා හා ඒවා මම විශ්වාස කරන නිසා නිසා. නමුත් මේ ඒව ගැන කතාකරන වෙලාව නෙමෙයි. ගෝලීය ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනෙ ගෝලීය වශයෙන්. ආර්ථික අවපාත, මේ වගේ වසංගත ගෝලීයය ප්‍රශ්ණ. ඒවට විසඳුම් හොයන්නත් පුලුවන් ගෝලීය වශයෙන් විතරයි.

නිකන් ගෝටට බැනල වැඩක් නැහැ මේවගේ ලොකු ප්‍රශ්ණවලදි. 70-75 ලෝක ආර්ථික අවපාතය නොසලකා, ලංකාවෙ විපක්‍ෂය ඒක දේශපාලනයට පාවිච්චි කරා. රටට කෙල උනෙත් ඒක දේශපාලන වශයෙන් බලල මයියොක්ක කාල මිනිස්සු මැරෙනව කියල ලංකාවෙ පත්තරවල දාපු නිසා. ආචාර්ය එන් එම් පෙරේරා ඒ ආර්ථික අවපාතය ඇතුලෙ හොඳින් ක්‍රියා කරනව කියල ඇමරිකාවත් පිලිගත්ත කියන එක දන්නෙ ජුලියන්ට (WikiLeaks) පින් සිද්ධ වෙන්න.

 ඒ නිසා ගෝලීය ප්‍රශ්ණවලට ගෝලීය විසඳුම් හොයන්න ඉඩ දෙන්න.

කොටින්ට විරුද්ධව යුද්ධෙ දින්නෙත් ගෝලීය වශයෙන් මිසක් රටක් විදියට නෙමෙයි.

මේ ගොල්ල ෆේල් වෙන්නෙ රටක් විදියට විසඳුම් සොයන්නට යාමෙනුයි, රට ඇතුලෙ විරෝයො වෙන්න යාමෙනුයි. ගෝලීය ප්‍රශ්ණවලට ගෝලීය විසඳුම් හොයන්න ඉඩ දෙන්න.'' 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image