ලංකාවේ ඕනෑම පුරවැසියෙක්ට තමන් කැමති දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙක් වෙනුවෙන් කඩේ යාමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. එය කඩේ යාමක් හෝ කඩේම මිළදී ගැනීමක් වෙන්න පුළුවන්. ඒක උගේ අයිතිය.
ඔබ දන්නවා 2022 මේ රටේ විශාල ජනතා නැගිටීමක් සිදුවුනා. ඒ විරෝධතා අප්‍රේල් 9 ගාලුමෝදර පිටියට occupy movement එකක් විදිහට එන්න කලින් ලංකාව වටේ කුඩා විරෝධතා ආකාරයෙන් තමයි පටන් ගත්තෙ.
ඒ අතර හම්බන්තොට පැවැති වල්සපුගල හාමුදුරුවෝ ප්‍රමුඛ ගොවි උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ, ගුරු සංගමයේ විරෝධතා, වෙනත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සහ කොහුවල නිහඩ විරෝධතාවය විශේෂයි. ගෝල්ෆේස් එකට කලින් සිදු වූ මේ විරෝධතා අතර මගේ අත්දැකීම සහ involvement එක තිබ්බේ කොහුවල නිහඬ විරෝධතාවයටයි.
ඒක පටන් ගත්තේ කවුද ? අදහස කාගෙද ? පළවෙනි දවස, දෙවැනි දවස, තුන්වැනි දවස, හතරවෙනි දවස, කොහොමද අපි ප්ලෑන් කරේ ?මේ ප්‍රශ්න වලට අද උත්තරයක් ලියනවා.
දින තුනකට විතර පෙර හේමප්‍රිය කවිරත්න සහ තවත් අරගලයේ සිටියා යැයි පවසන පුද්ගලයන් තිදෙනෙකු විසින් මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඒ ප්‍රෙස් එකේ සාරාංශය තමයි “ අපි අරගලේ හිටපු කට්ටිය. අපි මේ පාර සපෝට් කරන්නේ රනිල්ට” කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක එයාලගෙ අයිතියක්.
එහි සිටි හේමප්‍රිය කවිරත්න තමන්ගේ කතාවෙ මෙන්න මෙහෙම කාරණාවක් කියනවා.
“නිහඬ විරෝධතා කොහුවල ආරම්භ කිරීමේ පුරෝකාමීන් උනෙත් අපි. අපි පස් හය දෙනෙක් එකට එකතු වෙලා කොහුවල හන්දියේ කරපු ඒ නිහඬ විරෝධතා තමයි ලංකාව එතනින් පස්සේ හැම නගරයකටම ව්‍යාප්ත වුණේ. ඒකෙන් තමයි මං හිතන්නේ මිනිස්සු දැනගත්තේ එහෙම විරෝධතා පැවතීමේ හැකියාවක් ලංකාවේ මිනිසුන්ට තියෙනවා කියලා. ඒක අපි ඉතාම සුළුවට පටන් ගත්තු දෙයක්. නමුත් ඒක පුළුල් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වුණාට පස්සේ අපි ඒක බ්ලැක් කැප් මූමන්ට් ලෙසින් සංවිධානගත කරා….”
හේමප්‍රිය කියපු මෙන්න මේ, ජනතාව නොමඟ අරින, දෙකේ පනහේ බොරුව නිසා තමයි මේ සටහන මම ලියන්නේ.
..............................
2022 මාර්තු මාසය කියන්නේ එක දිගටම පැය 13 කරන්ට් කපපු කාලයක්.
මම රසික, චතුරංග කැලුම් ඇතුලු හය දෙනෙක් LST එකේ Documentry එකක් හැදුවා. ඒකෙ Pre production එක කොහුවල තිබුණු පුංචි ස්ටුඩියෝ එකක තමයි කරේ. අපි කිහිපදෙනෙක් උදේ ඉදන් හවස් වෙනකන් ඔෆිස් එකේ වැඩ කරල හයට පස්සේ තමයි Documentry එකේ වැඩ ටික කරන්න කොහුවලට ආවේ. ඔන්න ඔය වෙලාවේ තමයි කරන්ට් කපන පැය 13 පැය 4 ක් හවස හයේ ඉඳන් දහය වෙනකන් සෙට් වුණේ.
එතකොට තමයි අපි තීරණය කරේ “මේක හරියන වැඩක් නෙමෙයි. පල්ලෙහා හංදියට ගිහිල්ල අපි පස්දෙනා බෝඩ් එකකුයි ඉටිපන්දමකුයි අල්ලගෙන ඉමු” - මේ අදහස යෝජනා කළේ රසික. පස්සේ අපි ඒ විදිහටම මාර්තු පලවෙනිදා කොහුවල හන්දියේ නිහඬ විරෝධතාවය කරා.
- මාර්තු 1
පළවෙනි දවසේ නමයක් හෝ දහයක් විතර හිටියා. අපි හය දෙනයි, ලහිරු වීරසේකර, ෆයිසාන්, සහ එයාගේ යාලුවෙක්. අතේ තිබුණේ “තෙල් නෑ, කරන්ට් නෑ, හා කමක් නෑ” කියන බෝඩ් තුන විතරයි. ඒක ගැන මං ගෙදරට ඇවිල්ල Tweet එකකුත් දැම්මා.
- මාර්තු 2
කලින් දවසේ Social media එකේ මේවා දැකල Mareesa, සහන් ඇතුළු කිහිපදෙනෙක් දෙවැනි දවසෙ ඇවිල්ලා හිටිය. ඔක්කොම දොළහක් පහළොවක් විතර හිටියා අපි. ටිකක් ලොකුවටම Social media එකේ ෆොටෝස් වීඩියෝස් දාලා, “හෙටත් කරනවා ඔයාලත් එන්න” කියලා දැම්මා. වට්සැප් ගෲප් එකකුත් හැදුවා. හෙට වැඩේ තවත් හොඳට ප්ලෑන් කරමු කියලා හිතා ගත්තා.
- මාර්තු 3
කොහුවල හන්දිය හතර පැත්තෙන්ම සෙනඟ පිරෙන්න කට්ටිය ආවා. එයාලම ඉටිපන්දමක් අරගෙන බෝඩ් වල ලියාගෙන ඇවිල්ල හිටිය. කවුද කින්ද මන්ද මොකුත් දන්නෙ නෑ. සීයක් විතර මිනිස්සු එදා එතන හිටියා. එතනට රාජගිරිය, ගල්කිස්ස, දෙහිවල, නුගේගොඩ වගේ තැන්වලින් මිනිස්සු ඇවිල්ලා හිටිය. අපි එයාලට කිව්වා ඔයාලත් ඔයාලා ඉන්න පැත්තෙ මේ වගේම silent protest එකක් හෙට කරන්න. විශාල පිරිස් ඕනේ නෑ. දෙතුන් දෙනෙක් වුණත් කමක් නෑ, පටන්ගන්න කට්ටිය එයි. ඒවගේම අපි තීරණය කරා, මේ වැඩේ තව දුරටත් අපිට කරගෙන යන්න දෙයක් නෑ. මෙයාලම දිගටම කරගෙන යයි.
ඉන් පසුව හැමදාම බෝට් එක ස්ටුඩියෝ එකේ තියෙනවා. හවසට කට්ටිය ඇවිල්ල ඒවා අරගෙන විරෝධතාවය කරල ආයේ ඔතනම තියලා යනවා. අපි කවුරුත් හැමදාම හිටියේ නෑ. කවුද ආවේ ගියේ දන්නෙවත් නෑ. හැබැයි වගකීමෙන් කියනවා, අන්තිම වෙනකම් කිසිම සංවිධානයක් ඔතන හිටියේ නෑ.
කොහුවල නිහඬ විරෝධතාවය දින තිස් එකක් එක දිගට තිබ්බා. 31 වැනි දවසේ තමයි මිරිහාන ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිටට මිනිස්සු ගිහිල්ලා ලොකු කලබලයක් උනේ. එදා පවා 06 ඉදන් 07 වෙනකන් කොහුවල හන්දියේ අපි පන්දමක් අතේ තියාගෙන සාමාන්‍ය මිනිස්සුත් එක්ක හිටිය.
ඔන්න ඔය විදිහට තමයි කොහුවල නිහඩ විරෝධතාවය පටන් අරන් ඉවර වුණේ.
කොහුවලට ආවේ සාමාන්‍ය ජනතාව. කිසිම සංවිධානයක් හෝ කණ්ඩායමක් නියෝජනය කරල නෙමෙයි ඔතනට මිනිස්සු ආවේ. ඒ ආපු ගොඩක් අය ජීවිතේ පළවෙනි වතාවට එදා තමයි පාරට බැහැලා තියෙන්නේ. සමහරු පුටුවක් අරගෙන ඇවිල්ල ඔතන වාඩිවෙලා හිටියා. තවත් සමහරු Boards අරගෙන ආවා. සමහරු පත්තර වල ගිය ප්‍රවෘත්ති කපාගෙන ඒවා බෝඩ් වල අලවගෙන ආවා. පුංචි ළමයි ඉදන් වයසක සීයලා වෙනකං කොහුවල නිහඬ විරෝධතාවයට සහභාගි වුණා. කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් පවා කොහුවලට ආවා.
එතකොට කොහෙන්ද මේ Black Cap Movement කඩාපාත්වුනේ ??
හේමප්‍රියගේ මිත්‍රයෝ කොහුවල නිහඬ විරෝධතාවයේ හිටිය. හේමප්‍රියත් තුන්වෙනි දවසේ ඇවිල්ලා හිටිය. පසුකාලයේ හැදුණු බව කියන Black Cap Movement එකේ සාමාජිකයෝ කිහිපදෙනෙක් කොහුවල නිහඬ විරෝධතාවයේ හිටිය. හැබැයි එහෙම කියලා කොහොමද සාමාන්‍ය මිනිස්සු එකතුවෙලා පටන් අරන් කරපු විරෝධතාවයකට “තමන් ප්‍රමුඛ කණ්ඩායමක් තමයි පටන් ගත්තෙ” කියලා හේමප්‍රිය උප්පැන්න සහතික දෙන්නේ ??
කොහුවල විරෝධතාවයේ සැබෑ අයිතිකරුවන් ඒ ආපු සාමාන්‍ය ජනතාව. ඒක පටන් ගත්තෙත් ජනතාව, ඇදගෙන ගියෙත් ජනතාව, ඉවර කරෙත් ජනතාව. කොහෙන්වත් ඉදල ආපු ටියුෂන්කාරයෝ නෙමෙයි ඕව පටන් ගත්තෙ.
අවසානයට කියන්න තියන්නෙ මං මේ සටහන ලියපු හේතුව “මං ඔතන හිටියා. ඒක මං/අපි පටන් ගත්තු වැඩක්. ක්‍රෙඩිට් එක අපිටයි ඕනේ” කියන කාරණාව නෙමෙයි. හේතුව,
කවදහරි ඉතිහාසය වැරදි විදිහට ලියවෙන්නට පුළුවන්. “ඉතිහාසය සෑම විටම ලියනු ලබන්නේ ජයග්‍රාහී පාර්ශවය විසිනි” කියන කතාවෙන් ඔබ්බට ගිහින් වර්තමානයේ ලැජ්ජාව කියලා දෙයක් සහමුලින්ම නැති, බලය වෙනුවෙන් ඕනෑම බලු වැඩක් කරන්නට තරම් පහත් මානසිකත්වයක් සහිත, ඉතිහාසය පවා විකෘති කරන්නට තරම් මුදල්, මාධ්‍ය බලය සහ අනෙකුත් බල තියෙන පුද්ගලයන් අපි අතරම ඉන්නවා. මෙවැනි විකෘති කරපු ව්‍යාජ ඉතිහාස නිර්මාණය වන්නේ ඔවුන් විසින්.
අපි මේ දේවල් නොලියා හිටියොත්, එදා කොහුවලට කිසිම බලාපොරොත්තුවකින් තොරව ආපු ඒ මිනිස්සුන්ගේ අව්‍යාජ මනුස්සකමට කරන ලොකු අසාධාරණයක්. අතීතයේ සිදුවූ ඒ වැරදි අපි ආයෙමත් වෙන්නට ඉඩ තියන්නේ නෑ. අව්‍යාජ මිනිසුන්ගේ නිර්භීත ක්‍රියාවන් වලට නිසි වටිනාකමක් දිය යුතුයි !!
සටහන : Shabeer Mohamed මුහුණු පොතෙන් උපුටා ගැනුණි