වසන්ගත තත්වයක් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතිය ක්‍රියාත්මක කරවන ආයතන විසින් සැලකිල්ලට ගත යුතුව තිබෙන වැදගත් කරුනක් බලධාරීන්ගේ අවදානය පිනිස ලියමි.

රටේ වසන්ගත තත්වයක් තිබෙන, ඇදිරි නීතිය ක්‍රියාත්මක වන මෙවැනි විශේෂ අවස්ථාවකදී ඉතාමත් බරපතල වැරදි කල පුද්ගලයන් හැර සුලු වැරදි කරන පුද්ගලයින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන පිලිවෙතක් සාදාරන වන්නේ නැත.

අත් අඩංගුවට  ගන්නා හැම පුද්ගලයෙකුටම නීති උපදෙස් ලබා ගැනීමට හිමිකමක් තිබෙනවා සේම අධිකරණයේදී නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීමේ හිමිකමක් ද ඇත්තේය. ඒ හිමිකම් සැලකෙන්නේ මූලික අයිතිවාසිකම් ලෙසය.

එහෙත් වසන්ගත තත්වයක් තිබෙන හා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන මේ අවස්තාවේ දී අත් අඩංගුවට ගන්නා අයට එම මූලික අවශ්‍යතාව සපුරාගැනීම ඉතා දුෂ්කර ය. 

එවැනි පුද්ගලයෙකු රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් ඔහු ගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවිය හැකි සේම සෞඛ්‍ය ආරක්ෂාව ද අනතුරට ලක්වීමක් සිදු විය හැකිය.

මෙය රටේ බන්ධනාගාර පිරවිය යුතු අවස්තාවක් නොව බන්ධනාගාර වල තිබෙන තදබදය උපරිම මට්ටමකට ලිහිල් කල යුතු අවස්ථාවකි.

''මෙය රටේ බන්ධනාගාර පිරවිය යුතු අවස්තාවක් නොව, බන්ධනාගාර වල තිබෙන තදබදය උපරිම මට්ටමකට ලිහිල් කල යුතු අවස්ථාවකි.''

සිර ගෙවල් වල සිටින්නේද මනුෂ්‍යයෝය. මෙම වසන්ගතයේදී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවද සහතික කල යුතුය. සමාජ දුර්ස්ථකරනය පිලිබඳ නිය්‍යය ඔවුන්ටද අදාලය.

එසේම සිරගෙවල් වල සේවය කරන නිලදාරින් කෙරෙහිද බන්ධනාගාර තදබදය බලපායි.

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම වැනි බරබතල නොවන වැරදි වලදී ඒ සදහා අවශ්‍ය කට උත්තරයක් ලබාගෙන මේ මොහොතේ රිමාන්ඩ් කිරීමකින් තොරව වසන්ගත තත්වය නිමවීමෙන් පසු නඩු පවරන ප්‍රතිපත්තියක් අනුගමනය කල හැකිය.

සමාජ ජාලාවලට ලියන අය කරන වැරදි වලදී ද .....

සමාජ ජාලාවලට ලියන අය කරන වැරදි වලදී ද එ වැනි ප්‍රතිපත්තියක් අනුගමනය කල හැකිය. ඒ මගින් අත් අඩංගුවට  ගන්නන් අනතුරුදායක තත්වයකට පත්වීම වලකා ගතහැකි අතර රිමාන්ඩ් සිරගෙවල්වල අනවශ්‍ය තදබදයක් ඇතිවීමද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම්ද වලකා ගත හැකිය.

එවැනි ප්‍රතිපත්තියක් මහජනයාගේ යහපතට සේම මේ දුෂ්කර අවස්ථාවේදී ඉතා වැදගත් කාරය බාරයක් කරමින් සිටින පොලීසියේ ද ගෞරවයට හේතුවනු ඇත්තේය.

නීතිය ක්‍රියාත්මක වීමද දේශපාලන අර්ථයෙන් ද අපක්ෂපාත විය යුතු අතර ඒ බව පෙනෙන්න්ටද තිබිය යුතුය. ආණ්ඩු පාක්ෂිකයින්ට එක ක්‍රමයකටත් විරුද්ද පාක්ෂිකයින්ට තවත් ක්‍රමයකටත් නීතිය ක්‍රියාත්මක විය යුතු නැත.''

-වික්ටර් අයිවන් 

(ප්‍රවීන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්