කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලංකාව සිටින්නේ සාර්ථක තත්ත්වයක නොව අසාර්ථක තත්ත්වයකයක බව

ප්‍රවීන දේශපාලන විචාරකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'වසංගතේ වර්ධනය හා හමුදා ආණ්ඩු සිහිනය' යන ශීර්ෂයෙන් යුතුව පෙරේදා (අප්‍රේල් 24) සිය FB පිටුවේ වත්මන් තත්වය පිළිබඳව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කරමිනි.

අද (26) උදැසන වාර්තා වන පරිදි නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 08 දෙනෙක් ඊයේ (25) දින රාත්‍රී කාලයේදී වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි. ඒ අනුව මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 460ක් වන අතර ඊයේ දිනයේදී පමණක් ආසාදිතයින් 40ක් වාර්තා වී තිබේ.

එසේම, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගට කිරීමත් සමග එම දිස්ත්‍රීක්කයන් හි ජනතාව බලවත් සේ අසහනයට පත්ව සිටින අතර මේවනවිට බාරකාර ආණ්ඩුවේ කළමනාකරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් ද එල්ල වෙමින් පවතී.

වික්ටර් අයිවන් අප්‍රේල් 24 දා සිය විග්‍රහය ඉදිරිපත් කරන්නේ ඒවනවිට පැවති තත්වය තුලය. ඔහුගේ දේශපාලන විග්‍රහය පහත පළකර ඇත.

 

එල්ටීටීඊය පැරද වූ අපට කොරෝනාව ලොකු කජ්ජක් ද ?

''වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලංකාව සිටින්නේ සාර්ථක තත්ත්වයක නොව අසාර්ථක තත්ත්වයකය. මුල සිටම වසංගතය ගැන යථා තක්සේරුවක් ලංකාවට නොතිබුණි. ලංකාවට වසංගතය එන්නට පෙර ලංකාව එය සලකන ලද්දේ කිසිසේත් ලංකාවට අදාල නැති දෙයක් ලෙසය.

ලංකාවට පැමිණීමෙන් පසුත් එය සලකන ලද්දේ පහසුවෙන් මර්දනය කළ හැකි සරල දෙයක් ලෙසය. ලංකාවට තිබුණේ එල්ටීටීඊය පැරද වූ අපට කොරෝනාව ලොකු කජ්ජක් නොවේය කියන උද්දච්ච ආකල්පයකි.

වසංගතය පැමිණීමෙන් පසු එය සමග සෙල්ලම් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. වසංගතයට අඩු වැදගත්කමක් දී, ඡන්දයට වැඩි වැදගත්කමක් දුන්නේය.

''අප්‍රේල් 19වැනි දායින් පසු ලංකාව කොරෝනාවලින් තොර රටක් බව ප්‍රකාශ කළේය. ඡන්දයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයක් ඇති බව පෙන්නුම් කිරීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කොට පාසැල් හා විශ්ව විද්‍යාල ඇරීම සඳහා දින නියමයන්ද ඇති කළේය. ''

අප්‍රේල් 19වැනි දායින් පසු ලංකාව කොරෝනා වලින් තොර රටක් බව ප්‍රකාශ කළේය. ඡන්දයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයක් ඇති බව පෙන්නුම් කිරීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කොට පාසැල් හා විශ්ව විද්‍යාල ඇරීම සඳහා දින නියමයන්ද ඇති කළේය.

එහෙත් ඒ සියලු ලස්සන සිහින බොඳ කරමින් වසංගතේ පරිමාව ඉහළ ගියේය. දැන් ලංකාව එම විෂයෙදී තිබෙන්නේ යහපත් තත්ත්වයක නොව වසංගතය පාලනය කර ගැනීමට තිබෙන හැකියාව අහිමි කරගත් තත්ත්වයකය. දැන් වසංගතය හැල්මේ දුවන අශ්වයෙකුට සමාන කළ හැකිය.

Ummadevi

 

අසාර්ථකභාවයට හේතු:

# වසංගතය ප්‍රමුඛ සාධකය ලෙස නොසලකා දේශපාලන බලය පරිපූර්ණ කරගැනීම වැදගත්ම සාධකය ලෙස සලකා ක්‍රියා කිරීම අසාර්ථකභාවය කෙරෙහි බල පෑ ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැකිය. එ මගින් වසංගතය දේශපාලන අරමුණු සඳහා යොදා ගැනෙන දෙයක් බවට පත් කර ගත්තේය.

# මෙවැනි බිහිසුනු ව්‍යසනයකට මුහුණ දීමෙදී ජාතික එකාග්‍රතාවයට ලැබෙන වැදගත් කම නොසලකා මුස්ලිම් විරෝධී වර්ග වාදයක් කරළියට ගත්තේය.

# මෙවැනි ව්‍යසනයකදී මහජනයාට වසංගතය ගැන අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත් කම මුලුමනින් නොසලකා හරින ලදී. දුර්වල මට්ටමෙන් කරන දැනුවත් කිරීම් වලදී පවා සිංහල නොදත් ජනතාව මුලුමනින් නොසලකා හරින ලදී.

# සහනාධාර ලැබිය යුත්තන් තීන්දු කළේ රජයේ නිලධාරීන් නොව ප්‍රාදේශීය දේශපාලකයින් ය.

# ප්‍රතිපත්ති තීන්දු කිරීම සඳහා යොදාගත්තේද ඒ සඳහා තෝරා ගත යුතු හොදම පුද්ගලයින් නොව දේශපාලන වශයෙන් පක්ෂ පාත පුද්ගලයින් ය.

 

ව්‍යවස්ථා අර්බුදය හා හමුදා ආණ්ඩු සිහිනය:

Covid 19 Team

කොරෝනා වසංගතය වර්ධනය වෙමින් තිබෙන මේ අවස්ථාවේදී ව්‍යවස්ථා අර්බුදයක් ද ඇති කර ගත හොත් ලංකාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් ඇතිවනු නොවැලැක් විය හැකිය. පාර්ලිමේන්තුවක් අවශ්‍ය නතැයි ද, ජනාධිපති ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගේද සහාය ඇතිව කිසියම් කාලයක් රට පාලනය කලයුතු යැයි ද කියන අදහස අදිසි හස්ථවලින් සමාජ ගත කෙරෙන වැඩ සටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවක්ද පෙනෙන්නට තිබේ.

මේ වන විට ලෝකයේ හමුදා ආණ්ඩු කියා දෙයක් නැති බව හා ව්‍යවස්ථානුකූල නොවන පාලනයන්ටද නූතන ලෝකයේ ඉඩක් ඇත්තේම නැති බව ලංකාවේ පාලකයින් සේම මහජනතාවද තේරුම් ගත යුතුය.

Victor Ivanදෙවන ලෝක යුද්ධයෙන් පසු රටවල් 80වක හමුදා අණ්ඩු තිබුණි. ඉන් 37ක් අප්‍රිකාවේ ය. 22ක් ලතින් ඇමරිකාවේය. 21ක් ආසියාවේය. ඇමරිකාව හා සෝවියට් රුසියාව අතර සීතල යුද්ධයක් පැවති කාලයේදී ඒ මහා බලවතුන් දෙදෙනා තමන්ට හිතවත් හමුදා ආණ්ඩුවලට ඉඩදුන්නේය. ඒවා හි පැවැත්මට අධාර කළේය.

එහෙත් සීතල යුද්ධය අවසන් වීමෙන් පසු එක්සත් ජාතින්ගේ සංවිධානය හමුදා ආණ්ඩු හා ව්‍යවස්ථානුකූල නොවන ආණ්ඩු සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඒවාට පවතින්නට තිබුණ හැකියාවද නැතිවිය.

ලෝකයේ තිබුණ අවසාන හමුදා ආණ්ඩුව ලෙස සැලකෙන්නේ 2019 දී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ඉඩදී සමුගත් තායිලන්ත හමුදා ආණ්ඩුවයි. හමුදා ආණ්ඩුවක් ගැන හෝ ව්‍යවස්ථාපිත නොවන ආණ්ඩුවක් ගැන සිහින දැකීම තරම් විකාරයක් තවත් තිබිය නොහැකිය.

දැන් ආණ්ඩු වට කළ හැකි හොදම දේ ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වළකා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නැවත කැඳවීමය. වසංගතය ජය ගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තෙක් ආණ්ඩුව අස්ථාවර කිරීමට හේතුවන කිසිවක් නොකරන බවට විපක්ෂයට පොරොන්දු විය හැකිය.

ආණ්ඩුවට අවශ්‍ය නම් එම සංක්‍රමණීය කාලය සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් වුවද ඇති කර ගත් හැකිය. එ මගින් වසංගතය ජයගැනීමට අවශ්‍ය දේශපාලන හා ජාතික ඒකාග්‍රතාව ඇති කර ගත හැකිය.

එවැනි ක්‍රියාමාර්ගයකින් පවා අත්පත් කරගත හැකිවනු ඇත්තේ සිදුවන හානිය අවම කරගැනීම පමණය. සමස්ථ අර්බුදය ජය ගැනීමට අවශ්‍ය නම් ජරාජීර්ණභාවයට පත්ව තිබෙන සමාජ-දේශපාලන ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට යාමට සිදුවනු ඇත.

(වික්ටර් අයිවන් -2020 අප්‍රේල් 24)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්