රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ අවස්‍ථාව බොහෝ තීරණාත්මක ය. මේ රට වසර 70 ට වැඩි කාලයක්

එජාප, ශ්‍රීලනිප, ජවිපෙ යනාදී ලෙස දේශපාලනිකවත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ලෙස ජාතිකත්වයන් අනුවත්, බෞද්ධ ,කතෝලික, හිංදු, ඉස්ලාම් ලෙස ආගම් අනුවත් විවිධාකාර කුල සාධක ලෙසත් බෙදී වෙන්ව කටයුතු කරන රටකි.

එකිනෙකාගේ අනන්‍යතාවයන් සහ ඒ ඒ අයගේ සංස්කෘතික උරුමයන් දෙස සැකය, මුසු බැල්මක් හෙලීම තුලින් රටක් ලෙස අප දිනූ දෙයක් නැත.

එක්වීම සහ සමානාත්මතාවය වර්ධනය කොටගෙන ශ්‍රි ලාංකේය ජන සමාජයක් ලෙස කටයුතු කිරීම උදෙසා කලාතුරකින්  දොරටු විවර වූ ස්වර්ණමය අවස්‍ථාවන් කිහිපයක්ම අප විසින් අත් හැර දමා තිබේ. ඒ නිසාම අප වෙන් විය. කොන් විය. හුදකලා විය. රටක් ලෙස පසුගාමී සහ ගෝත්‍රික ඉමකට තල්ලු විය.

එලෙස කොන් වූ, වෙන්වූ, රටක් එකට එක් කරන තීරණාත්මක අවස්ථාවක් ක්‍රීඩාව තුලින් තුලින් අපට උදා වේ. අපේ රටට එයින් ක්‍රිකට් විශේෂ ය.

කොරෝනා ව්‍යසනය නැවත දොරින් දොර තට්ටු කරන අතර රටේම අවධානය යොමු වී ඇත්තේ ක්‍රීඩාව සම්බන්දයෙන් ආන්දෝලනාත්මක කතා බහක් කෙරෙහිය. එම ක්‍රීඩාව ක්‍රිකට් වීමත්, ක්‍රිකට් යනු මෙරට අතිමහත් ජනතාවකගේ ආත්මීය ආගමක් තරම් සමීප දෙයක් වීමත් හේතුකොටගෙන මේ ආන්දෝලනාත්මක තත්ත්වය දෙගුණ තෙගුණ වී තිබේ.


''ක්‍රිකට් යනු මෙරට අතිමහත් ජනතාවකගේ ආත්මීය ආගමක් තරම් සමීප දෙයක්''

ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් හිටි අඩියේ දෙඹරයකට ගලක් ගැසීය. ඒ ගල් ප්‍රහාරයෙන් සිදුවූ කැළඹීම සුළුපටු නොවීය. කොළඹ අගනුවර සිට ඈත දුෂ්කර ගමක කඩ පිල දක්වාත් අනෙක් අතින් ලංකාවේ මාධ්‍යවල සිට ජාත්‍යන්තරයේ මාධ්‍යවල ප්‍රධානපෙළේ සිරස්තල දක්වාත් මේ පුවත ප්‍රචලිත විය.

රටක් ලෙස එක්වීමට තිබෙන ප්‍රධානතම කදවුරට ප්‍රහාරයක් එල්ලවූ විට සිදුවන අගතිය සුළුපටු නොවේ.

මේ චෝදනාව සත්‍ය නම් හෝ ඊට පදනමක් ඇත්නම් ඒ පිළිබඳව විමර්ශන කළ යුතුය. එකී විධිමත් පරීක්ෂණ වලින් පසුව අදාල දඩුවම් ලබා දීම පිළිබඳව ද තර්කයක් නැත. නීතිය උස්මිටිකම්, ඇති නැතිකම් හෝ පක්ෂ පාට මත වෙනස් නොවිය යුතුය. බොහෝ සුවිශේෂ චරිත නිමේෂයකදී වීරත්වයේ සහ සුවිශේෂී බවෙහි කිරුළු දෙපා මුල වැටුණු අවස්‍ථා වල සාක්ෂි ලෝක ඉතිහාසයේ හමුවේ.

Mahindanandaඒ චෝදනාව පදනම් විරහිත අසත්‍ය හිතලුවක් පමණක් නම්,
නොවලහා ඒ සාපරාදී චෝදනාව කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතුය.

එහෙත් ඒ චෝදනාව පදනම් විරහිත අසත්‍ය හිතලුවක් පමණක් නම්, නොවලහා ඒ සාපරාදී චෝදනාව කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. මක් නිසාද යත් ඒ චෝදනාව එල්ල වන්නේ ශ්‍රී ලංකාව ලෝකය තුල අත්පත් කරගත් කිසියම් කීර්තියක් වෙත්නම් ඒ කීර්තිමත් බව ලබා දීමට කාලය, ශ්‍රමය සහ අප්‍රමාණ කුසලතාවය කැපකළ චරිත කිහිපයකට ය.

"2011 ලෝක කුසලානය ඉන්දියාවට පාවා දීලා." යන පුවත රජයේ අමාත්‍යවරයා මාධ්‍යට පවසන මොහොතේ සිටම එය වේගයෙන් හතර අත පැතිරී ගියේය . වසර නවයකට පසු හිටි අඩියේ කරළියට එන මේ "පාවා දීමේ"කතාව පසුබිමේ ඇති 'පදනම'පිළිබදව දැන් මුලු රටම අවධානය යොමුකොට තිබේ.

රටක නීතියක් තිබේ. ඒ නීතිය කාටත් පොදු විය යුතුය. "නීතිය ඉදිරියේ සියල්ලෝම සමානය" යන්න අප විශ්වාස කරමු. වරදක් කොට ඇත්නම් එගි දඩුවම විදිය යුතුම ය. නමුත් නොකළ වරදකට චෝදනාවක් නගන්නේනම් වහාම එහි සත්‍ය අසත්‍ය බව ඔප්පු කළ යුතුය.

“ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස, පැළඳිය යුතු පදක්කමක් නොවේ" යන කතාව සහමුලින්ම සත්‍යයකි. එයින්  පිළිබිඹු වන්නේ ක්‍රීඩාව මානව සංහතියේ ශිෂ්ටසම්පන්න බව තවදුරටත් ශක්තිමත් කරන්නට මංපෙත් සලසන්නක් බවයි.

“ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස, පැළඳිය යුතු පදක්කමක් නොවේ" යන කතාව සහමුලින්ම සත්‍යයකි. එයින්  පිළිබිඹු වන්නේ ක්‍රීඩාව මානව සංහතියේ ශිෂ්ටසම්පන්න බව තවදුරටත් ශක්තිමත් කරන්නට මංපෙත් සලසන්නක් බවයි.

වෙන්ව සිටි ජාතීන් එකට එක් කිරීමටත්, විරසකව සිටි මිනිසුන් වෙත එක්වීමේ අගය සහතික කරන්නටත් ක්‍රීඩාවට ඇත්තේ විශ්මයජනක හැකියාව කි.

අදාල චෝදනාව හේතුවෙන් රටක් ලෙස අප ලෝකය තුල තබාගෙන සිටි කීර්තියට එල්ල වූයේද බරපතල අපකීර්තිය කි.

Sanga CIDමේ විමර්ශන සදහා කැදවනු ලැබුවේ හුදෙක් "සංගක්කාර" නැමති පුද්ගලයා පමණක් නොවේ.
ඔහු එංගලන්තයේ කීර්තිමත් මාලිබෝන්  ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති ය.

මේ චෝදනාවට පසු කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද සිල්වා වැනි අග්‍රගණ්‍ය හිටපු ක්‍රීඩකයින් ඉලක්ක කරගෙන රහස් පොලිස් ක්‍රියාමාර්ග ගනු ලැබීය. සංගක්කාර ක්‍රීඩා විමර්ශන ඒකකයට කැදවීමත් සමග ක්‍රීඩාලෝලීන් තුල මෙන්ම සාමාන්‍ය ප්‍රජාව තුලද පැවැති වේදනාව උග්‍රව දෙදරා ගියේය.

මේ විමර්ශන සදහා කැදවනු ලැබුවේ හුදෙක් "සංගක්කාර" නැමති පුද්ගලයා පමණක් නොවේ. ඔහු එංගලන්තයේ කීර්තිමත් මාලිබෝන්  ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති ය.

 

සංගක්කාර යනු කවුද ?

සංගක්කාර යනු කවුද කියා ඉතා හොදින් පැහැදිලි වෙන ප්‍රකාශයක් ඉන්දියාවේ කීර්තිමත් විචාරකයෙකු වන රවි ශාස්ත්‍රී විසින් සිදු කළේ මෙරට බලධාරීන් සංගක්කාරව විමර්ශන සදහා කැදවීම් කළදාට පසුදාය.

'මම සංගක්කාරව පළමු තරගයේ සිට දැක තිබෙනවා. ඔහු සමකරන්න අමාරු ක්‍රීඩකයෙක්. තෙන්ඩුල්කාර් වගේම විශිෂ්ටයෙක්. සංගක්කාරගේ ක්‍රිකට්‍ දක්ෂතා ඊට හොඳම උදාහරණ. ඔහු ලබපු හැම ශතකයක්ම ද්විත්ව ශතකයකම ඊට සාක්ෂි දරයි. ඔහු ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් හා සමානයි. ශ්‍රී ලාංකිකයන් ඒ ගැන සැබවින්ම ආඩම්බර වෙන්න ඕන. සංගක්කාර රැස්කළ ලකුණු ගැන විතරක්ම නෙවෙයි. ක්‍රීඩා පිටියෙන් එහා තියෙන ඔහුගේ මහත්මා ගුණය ගැන. ඔහු ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කරනවා. ගොඩක් කැපවීම් කරනවා. සංගාට මහේලට නිසි පිළිගැනීම ලැබුණ ද කියන එක ඇත්තටම සිතන්න ඕන. ඔවුන් ඉන්දියාවේ හිටියා නම් ඔවුන්ට ඉහළම තැන ලැබෙනවා."

සාමාන්‍යයෙන් ශාස්ත්‍රීගෙන් ඉන්දියාවෙන් පිට ක්‍රීඩකයින් සම්බන්ධයෙන් අගය කිරීමක් ලැබෙන්නේම නැති තරම්‍ ය. එහෙත් ඔහු සංගක්කාර සම්බන්ධයෙන් නිර්ලෝභීව සිය අදහස ඉදිරිපත් කරයි.

සියලු ක්‍රීඩාවන්ගෙන් ක්‍රිකට් විශේෂ වන්නේ එය ජිවිතය තරමටම අනපේක්ෂිත ක්‍රීඩාවක් හෙයිනි.

''ජයග්‍රහණයේදී උද්දාම වීමත්, පරාජයේදී කම්පා වීමත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වන අතර එය තේරුම් නොගන්නා ඇතැමුන් විශ්වාස කරන්නේ හැමවිටම දිනිය යුතුය කියාය. විශේෂයෙන්ම බල තණ්හාව සමග එක්ව ගමන් කරන දේශපාලකයින් කිසි විටෙක පරාජයට කැමති නැත. ''

ජයග්‍රහණයේදී උද්දාම වීමත්, පරාජයේදී කම්පා වීමත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වන අතර එය තේරුම් නොගන්නා ඇතැමුන් විශ්වාස කරන්නේ හැමවිටම දිනිය යුතුය කියාය. විශේෂයෙන්ම බල තණ්හාව සමග එක්ව ගමන් කරන දේශපාලකයින් කිසි විටෙක පරාජයට කැමති නැත.

ක්‍රීඩාවේදී මෙන්ම ජීවිතයේ විවිධ අවස්ථාහිදීත් ජය පරාජය දෙකටම මුහුණ දෙන්නට අපට සිදු වේ. ඇතැම්හු පරාජය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගනිති. ජය පරාජය දෙකම සතුටින් බාර ගැනීමට පුරුදු වූ පුද්ගලයා තමන්ට අද ලැබුණු පරාජය හෙට ජයග්‍රහණයක් කර ගනියි.

"ෆයර් විත් බැබිලෝන්"

ක්‍රීඩකයෝ කිසි විටෙකත් පරාජයේදී පසු නොබසිති. තමන්ට ලැබුණු පරාජයද ජයග්‍රහණයක් කර ගැනීමට උත්සාහ දරති. එහෙත් මේ ධර්මතා වෙනුවට ‘මුඩුක්කු’ පන්නයේ බලලෝබී මතවාද තුල එල්බ ගැනීමෙන් සිදුවන්නේ අගතියක් විනා සුගතියක් නොවේ.

අසීමාන්තික ගැරහිලි, අපහාස උපහාස මැද අනන්ත පරාජයන්ගෙන් පීඩා විඳ, එහෙත් උත්සාහය, කැපවීම මත නොනවතින ජයග්‍රහණ ලද බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් ඉතිහාසය ගැන සදහන් "ෆයර් විත් බැබිලෝන්" චිත්‍රපටය නරඹන ලෙස මා යෝජනා කරමි.

 

ගැටලු කිහිපයක් !

මේ සිදුවීම සමග පැන නගින ගැටලු කිහිපයකි.

1-  විවාද සම්පන්න තරගය අවසන් මහා තරගයයි. එවක ක්‍රීඩා ඇමතිව සිටි පුද්ගලයා මේ මහා ආන්දෝලනාත්මක කතාව හෙළිදරව් කරන්නට වසර නවයක් කල් මැරුවේ ඇයි යන ප්‍රශ්නය මුලින්ම පැන නගී.

2 - අදාල චෝදනාව සත්‍යයක් නම් කාලය ප්‍රශ්නයක් නැත. එහෙත්, ඔහු නිෂ්චිත පුද්ගලයෙක් හෝ අදාල පිරිසක් ඉලක්ක නොකර කරන චෝදනාවෙහි පදනම කුමක්ද ?.එය කළුවරේ ගල් ගැසීමක් නොවේද?

3 - මේ සිදුවීමට ක්‍රීඩකයින් සම්බන්ධ නැතැයි ඔහු කියයි. ක්‍රීඩකයින් සම්බන්ද නොවී තරග පාවා දෙන්නේ කෙසේද?

4 - එය එසේනම්  එවක බලධාරීන්ට එල්ල වියයුතු චෝදනාවකට සංගක්කාර, මහේල වැන්නන් විමර්ශන වලට කැදවන්නේ ඇයි?

5 - ප්‍රධාන පැමිණිලිකරු වූ මහින්දානන්දගේ නිවසට ගොස් විමර්ශන කරන පොලිසිය, ක්‍රීඩකයින් සම්බන්ධ නැති බව පැමිණිලිකරු කියා තිබියදීත් සංගක්කාර කැදවන්නේ ඇයි?

6 - විමර්ශන සදහා කැදවන්නට සිටි මහේලට ඊට නොපැමිනෙන ලෙස පෙරදින රාත්‍රී දැනුම් දෙන්නේ ඇයි?

7 - රටක ඉරණම පිළිබඳව වූ චෝදනාවක් හිටි අඩියේ නවතා දමා ඇත්තේ කාගේ උවමනාවකට ද?

Mahela CIDමහේල පොලිස් විමර්ශන ඒකකයට පැමිණි අවස්ථාව

මේ චෝදනාව කරන අමාත්‍යවරයාට කිසියම් ඉලක්කයක් තිබෙන්නට පුලුවන. එහෙත් ඔහුගේ එල්ලය ව්‍යාකූලය. හිටි අඩියේ අදාල පරීක්ෂණ අවසන් කිරීම ද ආන්දෝලනාත්මක ය. මේ ප්‍රකාශය සමග ක්‍රීඩාවට අපකීර්තියක් එක් විය. ක්‍රීඩකයින්ට නරක නාමයක් එක් විය. ඇමතිවරයාටත් ආණ්ඩුවටත් එම ප්‍රකාශය වාසි ගෙන ආවේ නැත. අවසානයේ දී අමාත්‍යවරයා පොලිසියට චෝදනා කළේය. එයින් පොලිසිය ද අපකීර්තියට පත්විය. මේ සියල්ල අතර විපක්ෂය ද නිද්‍රාශීලි ය.

 බොහෝ දෑ ක්‍රමවත් වීමටත් එලෙසම අක්‍රමවත් වීමටත් දේශපාලනය ඉවහල් වෙයි. ලෝකයේ දේශපාලනය මත සිදුවූ ව්‍යසන මැඩ පවත්වා සහෝදරත්වය ගොඩනංවන්නට ක්‍රීඩාව ඉවහල් වී ඇතත්, ක්‍රීඩාව ව්‍යසන වෙතට තල්ලුකොට ඇත්තේ දේශපාලනය විසින් ය. ශ්‍රී ලංකාව එකී බලපෑමට ලක්වූ රටකි.

 

පරාජිතයාට ගැරහීම!

karunananda

ක්‍රීඩාවේ ජීව ගුණය පිළිබඳව ලෝක කතාබහක් ඇති කළ "කරුනානන්ද"නම් අපූරු දුර ධාවකයා අපට එතරම් විශේෂ  නොවුනද ජපානයට පාසැල් පෙළ පොතක අපූර්ව චරිතයක් කිරීමට තරම් විශේෂ විය. අපේ රට වීරයින් පමණක් කරලියට නංවනවා මිස හොදම පරාජිතයා දෙස බලන්නේ නැත. එහෙත් හාස්‍යට කරුණ වන්නේ කරළියට නැංවූ එකී වීරයින් පවා කරළියෙන් ඇද දමා බිමට සමතලා කරන්නටද සමාජය පැකිලෙන්නේ නැත.

අප ජීවත් වන්නේ බොහෝ විට ජීවිතය දිනූ අයට ඊරිසියා කරන සමාජයකය. එය බලවත් පසුගාමී චින්තනය කි.

සංගක්කාරලාට අත්ව තිබෙන්නේ ඒ ඊර්ෂියා සහගත ඉරණම ද කියා දන්නේ නැත. ඔවුන් දැඩි කැපවීම් තුලින් බොහෝ දේ දිනා ගත්හ. ඒ ජයග්‍රහණ පිටුපස ඔවුන් කළ අති මහත් කැපවීම බොහෝ දෙනා දන්නේ නැත.

ක්‍රීඩා කරන්නේ දිනන්නම නොවන බවත් වඩා වටින්නේ සහභාගීත්වය බවත් ඔප්පු කොට ලෝකයෙන් පැසසුම් ලැබූ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. ඒ හා සමානවම ක්‍රිකට් ලෝක කුසලානයද සමඟ තවත් කුසලාන රැසක්ම දිනූ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව තිබේ.

එහෙත් ඉතා සුළු සිදුවීමක් දෙකක් හැරුණුකොට කිසිම විටෙක ශ්‍රී ලංකාව ක්‍රීඩාවේ ජීව ගුණය ‘කානු පල්ලට’ දමා ඇති ඉතිහාසයක් වාර්තා වන්නේ නැත. අනෙක් අතට, ජගත් කීර්තිය මෙරටට ලැබුණු අතලොස්ස අතර ක්‍රිකට් යනු අංක එක ය. ශ්‍රී ලංකාව යන රට ගැන නොදන්නා කෙනෙක් වුවත් සංගක්කාරගේ රට කුමක්දැයි දනී.

 

ක්‍රිකට් නැමැති සංනාමය!

RANATUNGA AND TROPHY 1996

එක් කලෙක ලංකාව ගැන ලෝකය තුල තිබූණේ පසුගාමී ආකල්පද, බිහිසුණු යුද්ධය ද "සංනාම" ලෙස ගත් කුඩා කොදෙව්වක් යන මතය ය. එය වෙනස් වන්නට හේතු වූ ප්‍රමුඛ සාධකය ක්‍රිකට් ය.

96 ලෝක කුසලානය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාව ලාහෝර් ක්‍රීඩාංගනයෙන් ඔබ්බට ලොව පුරා ප්‍රචලිත විය. මෙරට ක්‍රිකට් වංශකතාව තුල මේ රට බිහි කළ මහත්වරු රැසකි.

මයිකල් තිසේරලා, සිදත් වෙත්තමුනිලා, රංජන් මඩුගල්ලේලා, රොෂාන් මහානාමලා කෘතහස්ත වන්නේ ක්‍රිකට් මෙන්ම තවත් වෘත්තිය හැකියාවන් ගෙන්  සමන්විත නිසාය.

අර්ජුන රණතුංග 1996 මෙරටට ලෝක කුසලානය දිනා දෙන්නට නායකත්වය ලබා දුන් අතර ලෝක පූජිත ක්‍රීඩක මුරලිදරන් වෙනුවෙන් ඔහුගේ අභීත මැදිහත් වීම අර්ජුන තුල වූ නායකත්වයේ ගති ස්වභාවය මනාව පෙන්නුම් කරන්නක් විය. ඔහු සිය ජනප්‍රියත්වය කිසි විටෙක දැන්වීම් සදහාවත් යොදවා නැත.

Aravinda de silva 1996අරවින්ද යනු මෙරට ක්‍රිකට් වංශකතාවේ සටන්කාමී ක්‍රීඩකයෙක්...

අරවින්ද යනු මෙරට ක්‍රිකට් වංශකතාවේ සටන්කාමී ක්‍රීඩකයෙක් මෙන්ම සිය විශ්මිත ක්‍රීඩා කෞශල්‍යයන් මෙරටට අද්විතීය ජයග්‍රහණ ලබා දුන් ක්‍රීඩකයෙකි. 96 අවසන් තරගයේදී ඔහු ලබා ගත් ශතකය එදා මෙදාතුර ලෝක කුසලාන තරගයක තීරණාත්මක ම ශතකයකි. ඉතා තැන්පත්ව සෙමින් කතා කරන අරවින්ද පිත්ත රැගෙන පිටියට එන්නේ 'නීල මහා යෝධයා" යගධාව ගෙන එන ලෙස යැයි වරක් විචාරකයෙක් කීවේය.

මහේල යනු නාලන්දය බිහි කළ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම අපූර්ව සටන්කාමීත්වයක් ඇති ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකාවට බොහෝ ඈතින් තිබූ ජයග්‍රහණ රැසක් මහේල රැගෙන ආවේය. පාවා දුන් බවට චෝදනා එල්ල වන 2011 අවසන් මහා තරගයේ පන්දු 83කින් මහේල ශතකයක් ලබා ගත්තේ ය. ඔහු පිටියේ 'සිත්තරෙක්' කියා ඇතැමුන් හදුන්වන්නේ ඒ තරමට ඔහුගේ පිතිකරණය මණරම් නිසාය.

 

ක්‍රිකට් පිටියේ ශේක්ෂ්පියර්!

sanga Worldසංගක්කාර යනු ක්‍රිකට් ක්‍රීඩකයෙක් පමණක් නොවේ. ඔහු,"සංනාමයකි

සංගක්කාර යනු ක්‍රිකට් ක්‍රීඩකයෙක් පමණක් නොවේ. ඔහු,"සංනාමයකි. ඇතැන් බටහිර විචාරකයින් ඔහුව හදුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ "ශේක්ෂ්පියර්"කියාය. මහනුවර ට්‍රිනිටි විදුහලෙන් අධ්‍යාපනය ලබා නීතීවේදියෙකු දක්වා පුළුල් අධ්‍යාපන වපසරියක් ඔහුට තිබේ.

ජෝර්ජ් කිට්ගේ චිත්‍ර ගැනත්, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කලාව ගැනත්, සම්භාව්‍ය සංගීතය ගැනත්, බටහිර සාහිත්‍ය ගැනත්, එපමණක් නොව නවීන අළෙවිකරණයන් ගැනත් ඔහු පුළුල් දැනුමකින් යුක්ත ය.

සංගක්කාරව තනි වචනයකින් හදුන්වා දෙන්න යැයි වරක් ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ප්‍රශ්නයක් යොමු විය. ඉන් බොහො දෙනෙක් කීවේ 'ලෙජන්ඩ්"හෝ "කිං" කියාය.

2015 ලෝක කුසලාන තරගාවලියේ පිට පිටම ශතක පෙළහරක් පෑ සංගක්කාර ගැන විචාරකයින් කීවේ "සංගක්කාර එක්දින ක්‍රිකට් ශතක පොත තමාගේ කිහිල්ල මත තබාගෙන හමාර බවය.

''2015 ලෝක කුසලාන තරගාවලියේ පිට පිටම ශතක පෙළහරක් පෑ සංගක්කාර ගැන විචාරකයින් කීවේ "සංගක්කාර එක්දින ක්‍රිකට් ශතක පොත තමාගේ කිහිල්ල මත තබාගෙන හමාර බවය. "ඔහු ආශ්චර්යය ක්. පිට පිටම ශතක හතරක්. තව මොනවා අපි ඔහුගෙන් ඉල්ලන්නද?'' එකල සනත් ජයසූරිය සංගා ගැන කීවේය.

"ඔහු ආශ්චර්යය ක්. පිට පිටම ශතක හතරක්. තව මොනවා අපි ඔහුගෙන් ඉල්ලන්නද?' එකල සනත් ජයසූරිය සංගා ගැන කීවේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ "පුල්"පහරක් තිබේ. ඒ පහර සංගා කොතරම් අපූරුවට එල්ල කළාද කිවහොත් එය "සංගා පහර" බවට පරිවර්තනය විය. ක්‍රිකට් පොතේ ඇති සියලුම පහරවල් සංගා හුරුබුහුටි ලෙස එල්ල කරයි.

වසර 15ක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් පෑ සංගක්කාර දැනට ලෝකයේ ජීවත්වන ක්‍රිකට්  ක්‍රිඩකයන් අතුරින් වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක් ලබාගෙන ඇති එකම ක්‍රීඩකයා ය. ඔහුට ඉදියෙන් සිටින්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පමණි. ඊට අමතරව සිය ගණනක් ලෝක වාර්තා ඔහු සතු වෙයි. ඒ සියලු වාර්තා සංගක්කාරගේ හැකියාව තුලින් ජනිත කළ ඒවාය.

 

ලෝකය එක මිටට ගත් කවුඩ්‍රි දේශනය!

The Cowdrey lecture

මේ සියල්ල අතර සංගක්කාරට ලෝක මට්ටමේ අනභිභවනයත්වයක් රැගෙන එන්නේ ඔහුගේ  කොලින්ග් කවුඩ්රි දේශනය යි. එම දේශනය ලෝක  මට්ටමේ විශිෂ්ටතම දෙසුම් අතර අගනා තැනක් හිමි කරගන්නා බව විචාරකයින් කීය.

එම වැඩසටහනේ පූරක මාර්ක්‌ නිකලස්‌ ප්‍රකාශ කර සිටියේ ඉතිහාසයේ පැවැත්වූ හොඳම දේශනය ශ්‍රී ලංකාවේ සංගක්කාර පැවැත්වූ බවයි.

 "මගේ පක්ෂපාතිත්වය රැඳෙනුයේ සාමාන්‍ය ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලින් මත ය. මිලියන විස්සක් වන ඔවුන්ගේ හදවත් එකාවන්ව, අපේ රටේ රිද්මයට ස්පන්දනය වන අතර අපේ මේ ක්‍රීඩාව කෙරේ වන නොනිමි ඇල්මෙන් එම හදවත් පිරී පවතින්නේ ය. පොදු ජාතික අරමුණක් උදෙසා එක්සත් වෙමින් විවිධ ජනවර්ගයන්ට, කුලයන්ට, ආගම්වලට අයත් ක්‍රීඩා  ලෝලිහු සිය විවිධත්වයන් සමහන් කරති. ඔවුන් වනාහි මගේ පදනමයි. මගේ පවුලයි. මා ක්‍රීඩා කරනුයේ ඔවුන් උදෙසා ය. ඔවුන්ගේ ජීවගුණය යනු ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජීවයයි. මා සමග සිටින සියලූම දෙනා මගේ ජනතාව ය. මම දමිළයෙක්මි. සිංහලයෙක්මි. මුසල්මානුවෙක්මි. බර්ගර්වරයෙක්මි. එසේම මම බෞද්ධයෙකි, හින්දුවෙකි, ඉස්ලාම්, ක්‍රිස්තියානි භක්තිකයෙක්මි. එසේම මම අද මෙන්ම සැමදාමත් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක්මි."

 එසේ ඔහු කතා කළේ මනුස්සකමේ ගුණසුවද ගැනය. ජාතිවාදය හෝ ආගම්වාදය හෝ අන්තවාදය එහි එක වචනයක හෝ නොතිබිණි.

"ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාළකණ්නි මෝඩයෙකු ම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම් ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්ව ම පහතට පිරිහෙළනු ලැබීම පමණි." යනුවෙන් ආතර් පෙෂන්වොර් කී කතාව මට සිහිපත් වේ.

සංගක්කාර මිනිත්තු හැටක් පුරා පෑ වචන පෙළහර තව වසර සියයකින් උවත් මහත් හරසරින් සිහිපත් කළ හැකි වචනය.

මානවවාදය, ආදරය, දයාව, අධිෂ්ඨානය, මෙන්ම අසිරිමත් සාහිත්‍යයක්ද ඒ දේශනයේ විය.

සංගක්‌කාර එම දේශනය හමාර කළ අවස්‍ථාවේ රැස්‌ව සිටි 1500 ක්‌ පමණවූ පිරිස සිය අසුන්වලින් නැගිට විනාඩි ගණනාවක්‌ම අත්පුඩි ගැසූහ. දකුණු අප්‍රිකානු රදගුරු ඩෙසිමන් ටුටූට හැරුණුකොට වෙනත් කිසිවෙකුට එවන් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත.

දේශනය ගැන ඉන්දීය හින්දු පුවත්පත කතුවැකියක්‌ වෙන් වූ අතර  Truth to Power Sangakkara Style යනුවෙන් එහි මාතෘකාව විය.

කෙසේ වෙතත් මේ අසමසම දේශනය ගැන වහා සොයා බලන්න කියා එකල ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට නියෝග නිකුත් විය. දෛවයේ සරදමක් වන්නේ මෙදා ආන්දෝලනාත්මක "තරග පාවා දීමේ"චෝදනාව ගෙනෙන්නේ ද එදා කවුඩ්‍රි දේශනය ගැන සොයා බලන්නැයි කී ක්‍රීඩා ඇමතිම ය.

 

වීරයින් අනාරක්ෂිත වීම!

බල තණ්හාව, අසාධාරණ දේශපාලන බලය සහ මුදල් මත සියල්ල තීරණය වන සමාජයක  වීරයින්ව සුරක්ෂිත වන්නේ නැත.

ඊජිප්තුවට වසර 2000 ක ඉතිහාසයක් තිබෙන මුත් එය දියුණු රටක් නොවේ.

එහෙත් අවුරුදු 150ක ඉතිහාසයක්වත් නැති කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සැලකෙන්නේ සංවර්ධිත සහ ධනවත් රටවල් ලෙසට ය.

ඊට හේතුව අන් කිසිවක් නොව පටු භේදයකින් තොරව එක් වීමයි.

Human

ජපානයේ 80%ක් කඳුය. එහෙත් ජපානය පාවෙන නිෂ්පාදන කම්හලකි..! කොකෝවා නැති ස්විස්ටර්ලන්තය ලෝකයේ හොඳම චොකලට් නිපදවන අතර මඩ වගුරක් වූ සිංගප්පූරුව ආර්ථික මර්මස්ථානයක් වෙයි. මේ මහ විප්ලවයේ රහස කුමක්ද

අන් කිසිවක් නොව එකට එක්වීමෙහි ප්‍රතිඵලයයි.

රටක් ගොඩනංවන්නට ඒ රටේ ප්‍රමාණය හෝ දිගු ඉතිහාසය අදාල නැත. ජීවත්වෙන ජාතීන් අදාලද නැත.අදාල වන්නේ පටු ආකල්ප වලින් මිදී එක් රටක්  ලෙස එකට එක් වීමය. එහෙත් අපට එය ඉතා දුර සිගිනය කි.

 

චෝදනාව හිස්නම් එහි අගතිය !

Martin Luther King

අප අවධාරණයෙන් සිහියට ගත යුතු කරුණක් තිබේ. නිස්කාරනේ කිසිවෙකුට කරනු ලබන චෝදනාවක් නිසා පෞද්ගලිකව ඔහුට සිදුවන අගතිය සුලුපටු නොවේ. ඔහු ආයාසයෙන් ජීවිත කාලය පුරා ගොඩනගාගත් සියල්ල ඒ හිස් චෝදනා නිසා අහිමිව යා හැකිය. ඔහුගේ සමීපතයින් පවා ඔහුට අහිමිව යා හැකිය. නමුත් අප වටහාගත යුක්තක් තිබේ. ඒ, අප නගන චෝදනාව බොරුවක්නම්, හිතලුවක් පමණක් නම් සොබාදහම හෝ එහි දඩුවම අපට දෙන බවය.

කෙසේ වෙතත්, අවසානයේ සිදුව ඇත්තේ කුමක්ද?. කිසිවෙක් දිනා තිබේද?. පරාජය, සැකය සහ අපකීර්තිය විනා ලැබූ ජයක් නැත.

"අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි" යනුවෙන් මාර්ටිං ලූතර් කී කතාව අප සිහියේ තබා ගැනීම වටී.

 kpcooray

 

(ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ )
දේශපාලන හා සමාජ විශ්ලේෂක

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්