විමල් විරවංශ උන්නැහේ කුරුඳු සිගරට් එකක් තාලෙට කට කොණේ ගහගෙන ඉන්න පින්තූරයක් දැක්ක.
ඒක අරන් තිබ්බේ මාධ්‍ය හමුවකදී. ඒ කියන්නේ පබ්ලික් ප්ලේස් එකක. 
 
ඒ පින්තුරේ ගැන ගොඩක් අය එක එක විදියට කොමෙන්ට් කරනවා දැක්ක. 
 
මම හිතන්නේ ගොඩක් කාලෙකට පස්සේ දේශපාලකයෙක් පබ්ලික් ස්පියර් (public sphere) එකක 'දේශපාලන නිරවද්‍ය' (political correctness) බව ප්‍රශ්න කරපු ජායාරූපයක් ඒක. 
  
දැන් නිකම් හිතන්න අපි වගේ කොමනර් කෙනෙක් ඔහොම සිගරට් එකක් කටේ ගහගෙන පබ්ලික් එකේ හිටියොත් අල්ලලා කූඩුවට දානවා නිසැක නැත්ද? 
 
දුම් බොන්න ඕනිනම් ඔය බස් එහෙම නවත්වන තැන්වල හෝටල් කාරයෝ හදල තියනවා කක්කුස්සි වගේ පොඩි කූඩු. ඒවායේ ගාල්වෙලා තමයි මිනිස්සු සිගරට් බොන්නේ. 
 
මම දන්නේ නැහැ ඒවායේ අතිරික්ත විනෝදයක් තියනවාද නැද්ද කියල. 
 
නමුත් කොහොම හරි එහෙම සිගරට් එකක් බොන්න 'නිදහසක්' දැන් නැහැ. 
 
Che
 
හැබැයි මම දැකල තියනවා විසි වෙනි සියවසේ චේ ල වගේම හර්බට් මකූස ල වගේ අයත් පබ්ලික් එකේ දුම් පානය කරනවා. 
 
සීරියස් දේවල් ගැන කතා කරන කොට තදින් අර දුම්වැටිය උරනවා. 
 
කැසබලන්කා (Casablanca)  එකේ රික් මතක් කරන්න. පට්ට ආතතියක් එක්ක පොර එක දිගට සිගරට් එක උරනවා.
 
 හැබැයි ඒ වගේ ටිකක් කොන්ට්‍රවර්ශල්‍ ෆිල්ම් එකක් වත් අද ටී. වී. එකේ පෙන්නන්න බැහැ කොටු දාන්නේ නැතුව. පොඩි එවුන් බලාගෙන ඉන්න හින්ද. 
 
කොහොම වුණත් නව ලිබරල් මතවාද ආවට පස්සේ ක්‍රම ක්‍රමයෙන් මේ නිදහස අද සීමා වෙලා තියනවා. අනික් කෙනා ගැන උවමනාවටත් වඩා සැලකිලිමත් වෙන්න, ගරු කරන්න, දේශපාලන නිවැරදි බව එක්ක ආමන්ත්‍රණය කරන්න, සමාචාර කරන්න දැන් අපි හුරු වෙලා ඉන්නවා.
 
'අයියෝ මම දුම් බිව්වොත් අනිත් කෙනා පැසිව් ස්මෝකර් කෙනෙක් වෙයි....ඒ නිසා මම පරිස්සම් වෙන්න ඕනි...පොඩි ළමයි මම දිහා බලාගෙන ඇති....එහෙම උනොත් එයාල නරක් වෙයි' වගේ තැනකින් තමයි අද පැවැත්ම තීරණය කරලා තියෙන්නේ.  
 
සියල්ල කොච්චර ළමාකරණය වෙලා ද කියනවා නම් සූට්කේස් එකක් ගැනවත් අද එළිපිට කතා කරන්න එපා කියන තැනට දේවල් ස්වයං-වාරණයට ලක්කරගෙන අපි විසින් ම. 
 
ඉතිං මිනිස්සු අද හොර රහසේ පහත් හඬින් රහසෙන් තමයි කතා කරන්නේ සූට්කේස් එක ගැන. 'මචං, එතැන තියෙන්නේ පොඩි සූට්කේස් කේස් එකක්...වැඩිය සද්ද නැතුව ඉම්මු...' මේ මට ඇහෙන සමකාලීන වචන. 
 
ලෝකෙට බම්බු ගහගන්න කියල තමන්ගේ මරණීය ගේම් එක සෙල්ලම් කරපු අර කුරුවිට කෙල්ලට වඩා දැන් අපේ පිරිමි කට්ටිය ජීවිතේට බයවෙලා...
 
කවුදෝ එයාලව බයකරලා. පව් දෙයියනේ...
 
Jijak 
ජිජැක් ඉතාම වැදගත් පොයින්ට් එකක් ගේනවා මෙතැනදී. එයා කියන්නේ ජාතිකවාදය ඉස්මත්තට එන්න ගොඩක් මේ ලිබරල් අභිචාර විධි වල නො-නිදහස බලපෑවා කියල (unfreedom of Liberal rituals). 
 
 
 
එළිපිට සිගරට් එකක් බොන්න, ගැහැණු කෙනෙකුට බෑඩ් ටේස්ට් (bad taste) විහිළුවක් කරන්න, තමන්ට කැමති විදියකට අනෙකා ට ආමන්ත්‍රණය කරන්න  (ඒ කියන්නේ දෙමළාට දෙමළා කියල කෙලින් කියන්න), තුවක්කුවක් එක්ක ෆොටෝ එකක් දාන්න, තමන්ගේ බොස් ට කුණුහරපයක් කියන්න, ආණ්ඩුවට පොඩි නක්කලයක් දාන්න, වගේ සියළු ආකාරයේ යම් යම් 'විපරීත මිනිස් ආශාවල්' සම්පුර්ණ ලෙස මේ නව ලිබරල් අදහස් වලින් දැනුවත් ලෙස හෝ නොදැනුවත් ලෙස මර්ධනය වුණා. 
 
ඒ කියන්නේ බලය යන්න කිසිදු ලෙසකින් විනිවිදිය නොහැකි දෙයක් බවට අවසානයේ පත්වුණා (power became totally impenetrable). 
 
බලය යන්න සියළු ආකාරයෙන් අපිව වසා ගත්තා (totalitarian උණා).  
 
බලය යන්න තදින් ක්‍රියාත්මක කරනවට වඩා මෙතැන වෙන්නේ අනෙකා ගැන හිතන්න බල කරලා හීනියට අපේ ආශාව මර්ධනය කරන එක. 
 
විමල්ලා විසින් ම පසුගිය දශකයක් තිස්සේ විශාල වශයෙන් මිනිස් නිදහස සීමා කරන්න ඕනි අඩුම කුඩුම සකස් කළා. නමුත් දැන් එයා කියන්නේ (හෝ පෙන්වන්නේ) මේ වගේ දෙයක්. 
 
ඔව්, නිකොටින් එක්ක සිගරට් එකක් බොන්න උඹලට තියන නිදහස අපි නැතිකළා තමයි. හැබැයි දැන් මමත් එක්ක හිට ගත්තොත් මම උඹලට කුරුදු සිගරට් එකක් දෙනවා එළිපිටම බොන්න. එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි අනිවා දෙනවා අතිරික්ත ප්‍රමෝදයක්. මරණයෙන් දුරස් මරණයක් සඳහා අප වෙත එන්න!
 
අනේ විමල්...ඔයාට වඩා අර කුරුවිට කෙල්ල මට නම් පට්ට. 
 
බලන් ඉන්න වේ පු ලට හැමිනෙන්න කියල ඒකි ඒකිගේ මරණීය අන්තයට ගියා. 
 
ඒ ගිය ගමන භයානකයි තමයි. නමුත් ඒ ගමන ඇතුලේ ඒකි එක විනාඩියක් හරි ජීවත් වෙන්න ඇති කියල මට හිතෙනවා.
 
 දේශපාලනික නිරවද්‍ය කිසි දෙයක් නැහැ ඇත්තට ජීවත් ගියාම.
 
හයිපොතිටිකලි මම වැරදි ඇති....හැබැයි හයිපොතිටිකලි විතරයි. දේශපාලනිකව නෙවෙයි.
 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ) 
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 

 

 

 


 

The Leader TV

 

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්