''සෙක්ස් තමයි ලෝකෙ තියෙන හොඳම දේවල් තුනෙන් එකක්. අනිත් දෙක මොනවද කියල මං දන්නෙ නෑ. ඔයා නිතරම ඔයාට කියාගන්න ඕන මේ වචන. “ මං සෙක්ෂුවල් මනුස්සයෙක්. මට මගේ ජීවිතේට සෙක්ස් ඕන. මං කොහොමවත් ඒක නැතිවෙන්න දෙන්නෙ නෑ” -හෙලන් ගර්ලි බ්‍රවුන්
helen 4හෙලන් ගර්ලි බ්‍රවුන් අවුරුදු 32ක් කොස්මොපොලිටන් මැගසින් එකේ සංස්කාරක වෙලා හිටියා. එයා කොස්මො සඟරාව පාවිච්චි කළේ රැඩිකල් අදහසක් වෙනුවෙන්. 
 
ගැහැනුන්ට සමාජයේ එලියට බැහැලා හොඳ රස්සාවක් කරන්නත්, ඒ වගේම කැමති කෙනෙක් එක්ක රොමාන්තිකව ආදරය කරන්නත්, මිළමුදල් පොහොසත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නත් එකවිට පුළුවන් කියන මතය සමාජගත කරන්න. 
 
ගැහැණියක් මේ කිසි දෙයක් වෙනුවෙන් තව දෙයක් කැප කළ යුතුයි කියල හෙලන් විශ්වාස කළේ නෑ. එයා ඒක ආදර්ශයෙන් කරලා පෙන්නුවා.
 
 
ගොඩක් කෙල්ලො වගේම කොල්ලොත් සෙක්ස් සහ රොමෑන්ස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ කොස්මොපොලිටන් මැගසින් පිටුවලින්. 
 
කොස්මො තමයි 1960 ගනංවල ඉඳන් මෑතක් වෙනකල්ම තරුණ කෙල්ලන්ගෙ, තනිකඩ ගැහැණුන්ගෙ සහ නාගරික ගෘහනියන්ගෙ තොරතුරු තාක්‍ෂන සඟරාව වුනේ.
 
ඒකෙ ගෞරවය තනිකරම හිමිවෙන්නෙ කොස්මොවලට සෙක්ස් සහ සෙක්ස් ඇපීල් එක ගැන විවෘත සංවාදය හඳුන්නලා දුන්නු හෙලන් බ්‍රවුන්ට. 
 
එයාගෙ සංස්කාරකත්වය යටතේ පලවුනු හැම ලිපියකම තිබුනා ෆෙමිනිස්ට් ටෝන් එකක්. ඒ වගේම සඟරා කාර්යාලෙත් හෙලන් ගැහැණුන්ට වගකීම් දරන ප්‍රධාන තැන් පවරා දුන්නා. 
 
අද ෆැෂන් මැගසින් දැක්කම ඒවා ස්ටයිල්වලට වඩා සෙක්ස් පැත්තට වැඩි වගේ කියල හිතෙනවා නම් ඒකටත් වගකියන්න ඕන හෙලන්.  ගැහැනියක් සෙක්ස්ද විලාසිතාද කියන දෙකෙන් එකක් තෝරගන්න ඕන කියල හෙලන් විශ්වාස කළේ නෑ.
 
“මං කවදාවත් කැමති වුනේ නෑ මට ප්‍රෝග්‍රෑම්වෙලා තිබුනු ජීවිතයට. සාමාන්‍ය දුප්පත් ජීවිතයක්. අවුරුදු 07 ඉඳන් මං ඒකට විරුද්ධ වුනා.”
 
හෙලන් පොඩි කාලෙ ඉඳන්ම එයාට පැවරුනුජීවිතේට එරෙහි කැරැල්ලක හිටපු කෙනෙක්.
 
“ඔයා සෙක්ස් ඔබ්ජෙක්ට් එකක් නෙමෙයිද? එහෙනං ඔයා ඉන්නෙ ලොකු අවුලක”
 
 හෙලන් ප්‍රසිද්දියෙ කියද්දි සාම්ප්‍රදායික ස්ත්‍රීවාදීන් කුලප්පු වුනා. 
 
 Sex And Single Girl
හෙලන් 1962දි ලියනවා සෙක්ස් ඇන්ඩ් සින්ගල් ගර්ල් කියන පොත. ඒ පොතේ තියෙන්නෙ ගැහැනියකට තනිකඩව හිඳිමින් ජීවිතේ විශාලව ගත කරන විදිහ. ඒකෙ හෙලන්  විවෘතවම අවිවාහක කාන්තාවන් සෙක්ස් කිරීම සහ සෙක්ස් ආස්වාද කිරීම ගැන ලිව්වම ගොඩක් විචාරකයො හෙල්ලිලා ගියා. ඒ වගේම පොතේ මිලියන ගනං කොපි අලෙවි වුනා.
 
හෙලන් අවුරුදු 90ක් ජීවත් වුනා. එයා අන්තිම වෙනකල්ම එයාගෙ තරුණකම අත්අරින්න ලෑස්ති වුනේ නෑ. නිව්යෝර්ක් ටයිම්ස් හෙලන්ගෙ ප්ලාස්ටික් සර්ජරි ගැන පවා ලිව්වා.
 
මේරි රිචර්ඩ්ස් කියන ටීවී චරිතය තනිකඩ ගැහැණුන්ට කසාදය වෙනුවට වෘත්තීය සාර්ථකත්වය තෝරගන්න කියද්දි හෙලන්  කිව්වෙ මේ හැමදෙයක්ම එකපාර ලබාගන්න කියලයි. හොඳ රස්සාවක්, හොඳ ආදරයක් වගේම හොඳ ජීවිතයක් එකවර විඳින්න ගැහැනියකට හැකියාව තියෙනවා කියලයි කොස්මොපොලිටන් කිව්වෙ.
 
“සල්ලිවලට සතුට ගේන්න බැරි නං අඩුතරමෙ සුවපහසු විදිහට දුක්වෙන්න ඉඩක් හදන්න පුළුවන්” හෙලන් පෙනී හිටියෙ සුවපහසු ජේත්තුකාර ජීවිතයක් වෙනුවෙන්.
 
එයා කෙල්ලන්ට අවවාද කළා.“මතක තියාගන්න. තැනකට ගියාම දිගටම කතා කරගෙන යන්නෙ ඔයා නම්, මේ වෙද්දිත් ඔයා කාට හරි බෝරිං වෙන්න පටන් අරගෙන”
  
හෙලන් බ්‍රවුන්ගෙ කොස්මොපොලිටන් පෙරලිය අද කාලෙට ගලපලා කරපු ටීවී සීරීස් එකක් නෙට්ෆ්ලික්ස්වල තියෙනවා. ද බෝල්ඩ් ටයිප්. ඒක නිර්මාණය කරන්නෙ හිටපු කොස්මොපොලිටන් සංස්කාරකවරියක් වුනු ජොආනා කෝල්ස්. හරිම සරල, සුමට, සබන්මය ගතියකින් කරපු නිර්මාණයක් වුනත් ඒක ඇතුලෙ කොස්මොපොලිටන් ෆිලොසොෆිය හොඳට විස්තර වෙනවා.
 Helan
 
 
 
 
මෙන්න හෙලන් කියපු හොඳම වදන් දහය.
 
1. තියරියෙ හැටියට ලස්සන තනිකඩ කෙල්ලෙකුට සෙක්ස් ලයිෆ් එකක් තියෙන්න බෑ. මොන බොරුවක්ද? එහෙම කෙනෙක් තමයි එයාගෙ බැඳපු යාළුවන්ටත් වඩා හොඳ සෙක්ස් ලයිෆ් එකක් ගත කරන්නෙ.
2. සෙක්ස් තමයි ලෝකෙ තියෙන හොඳම දේවල් තුනෙන් එකක්. අනිත් දෙක මොනවද කියල මං දන්නෙ නෑ. ඔයා නිතරම ඔයාට කියාගන්න ඕන මේ වචන. “ මං සෙක්ෂුවල් මනුස්සයෙක්. මට මගේ ජීවිතේට සෙක්ස් ඕන. මං කොහොමවත් ඒක නැතිවෙන්න දෙන්නෙ නෑ” 
3. ගැහැණුන්ටත් ඕන පිරිමින්ට ඕන දේවල්මයි. සමාජයේ සාධාරණ පිලිගැනීම, සතුට, ගෞරවය, ප්‍රශංසාව සහ වැඩ කරන්න ධෛර්යය දීම කියන දේවල්.
4. පිරිමි කියන්නෙ සතුරො නෙමෙයි. ඒ වගේම ගැහැණු කියන්නෙ ගොදුරු නෙමෙයි. කම්මැලිකම, බය, අරමුණු හඹා නොයාම තමයි ඔයාව එක තැන හිරකරලා තියෙන්නෙ.
5. හැම ආදරයක්ම රොමැන්ටික් නෑ. ඔයාට පුළුවන් ගොඩක් අයට ආදරය කරන්න.
6. අවදානමට බය වෙන්න එපා. ඔයාට නැවත නැවත වේදනා විඳින්න වෙන්න පුළුවන්. ඒත් වේදනාවට බෑ ඔයාව වට්ටන්න. වේදනාව උඩින් පිම්මක් පැනලා ඒ වේදනාව ඔයාගෙ ඊලඟ වැඩේට බලයක් කරගන්න පුළුවන් නම් ඔයා සාර්ථකයි.
7. හොඳ කෙල්ලො ස්වර්ගයට යනවා. නරක කෙල්ලොන්ට පුළුවන් ඕන තැනක යන්න.
8. ලස්සනට බෑ ඔයාව සතුටෙන් තියන්න. ඒත් කියවීම ලිවීම සහ සිතීම කියන මොලේ වැඩවලට ඒක පුළුවන්.
9. කිසිම ගැහැණියක් ස්ත්‍රීවාදියෙක් වෙන්නෙ කොහොමද? ගැහැනියකට ඕන එයා වෙන්න. ෆෙමිනිස්ට් කියන්නෙ ඒක නෙමෙයි නං ඉතිං මං දන්නෙ නෑ ඒ මොකක්ද කියල.
10. මගේ දර්ශනය මේකයි. ඔයා සෙක්ස් කරන්නෙ නැද්ද? එහෙනං ඔයා ඉවරයි
 
 Helen Gurley Brown and David Brown, New York City, 1963
Helen Gurley Brown and David Brown, New York City, 1963
 
 
(උපුටා ගැනීම - facultyofsex.com)

 

 


 

 
 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්