ධානපතියෙකු කියූ න්‍යායක් ගැන පත්තර ලියවිල්ලක්. (1) 
 
ඉතිං සොරොස් කියන කෙනා කොහෙන්ද ආවෙ, කාගෙ කවුද කියල සඳහන් කරන්න කලින්, අපි කෙලින් ම සොරොස්ගේ ප්‍රත්‍යාවර්තකතා න්‍යාය ගැන පොඩි අයිඩියා එකක් ගනිමු. 
 
මොකද සමහර චරිතවල පැටිකිරිය දැනගත්තහම එයා හොයාගත්තු මොන මහා සොයාගැනීම වුණත් එපාවෙලා යන වෙලාවල් තියෙනව. 
 
දොස්තොව්ස්කි කියන මහා මනෝවිශ්ලේෂණික නවකතා රචකයා ගැන එයාගෙ ගෙවල් අහල පහළ හිටිය කෙනෙක් කියපු කතාවක් ගැන මට දැනගන්නට ලැබුණේ දොස්තොව්ස්කිගේ නවකතා ගොඩක් කියවල ඔහුගේ සාහිත්‍යයට ප්‍රේම කරන්න අරනුත් හුඟ කලෙකට පස්සෙ. 
 
ඒක හොඳට ගියා.
 
එහෙම නැතුව අර අසල්වැසියගෙ කතාව කලින් ඇහුව නම්, සමහරවිට මට ලෝකයේ මහා ලොකු සාහිත්‍ය මාදිලියක් ඉගෙන ගන්න අවශ්‍ය හිතේ පත්තුවීම අහිමිවෙලා, තරුණ කාලෙදි ම ඒ වාසනාව නැතිවෙලා යන්න තිබ්බ.
 
 
මොකද දන්නවද? 
 
තරුණ කාලෙදි, අපි අපිව කොච්චර පරිණත අය විදිහට පෙන්නන්න හැඳුවත්, මොකහරි first impression එකක් ආපු ගමං ඒක අපි නොදැන ම කොහෙන් හරි නොදැන බලපානව අපේ තෝරාගැනීම්වලට. 
 
අනේ මං සොරොස් එහෙම කෙනෙක් කියල කියනව නෙවෙයි  ඕං.
 
ඒත්  ඕන ම කෙනෙක් මොනවහරි සම්බන්ධයෙන් ජනප්‍රියත්වයට පත්වෙනකොට, එයාගේ  ඕපදුප ටිකක් කොහෙන්හරි හොයාගන්න මිනිස්සු පෙළඹෙනව. 
 
 
දන්නැද්ද ඉතිං, ...
 
අද සමාජ මාධ්‍ය අඩවි නහුතයක් විතර active වෙලා තියෙන හින්ද, අපිට සොරොස් ගැනත් කයි කතන්දර අහන්න ලැබෙන තියෙන ඉඩකඩ වැඩියි. 
 
එහෙත් එක හොඩුවාවක් නොකිය ම බැහැ. මේ සොරොස් ලංකාවටත් ඇවිල්ල ගියා රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැති කාලෙකදි. 
 
George Soros with ranil
 
 
 
සොරොස්ව හදාරමු!
 
ඒ හින්ද අපි මේ රටේ අනාගතේ සැබෑ ධානපතියො වෙන්න පෙරුම්පුරන බිස්නස් කරන්න ගායක් තියෙන උදවියට ඒ පිළිබඳ අනුභූතික දැනුමෙන් හෙවත් මිනිස් ඉවෙන් එහා ගිය ඉසියුම් සංජානනික දැනුමක් ලබා දෙන්න සහ අපිටත් ලබා ගන්න සොරොස්ව හදාරමු!
 
මේ පළමු ලිපි පෙළ 2009 වසරේ ඔක්තෝබර් 26වනදා මධ්‍යම යුරෝපා විශ්වවිද්‍යාලයකට සොරොස් කරන ලද කතාවක් ඇසුරෙන් කොටස් වශයෙන් පළවෙනවා. හොඳ බිස්නස්කාරයෙක් වෙන්න  ඕන්නං බලන්න!
 
 
 
හොඳයි එහෙනම් පටන් ගනිමු!
 
සොරොස් තමංගෙ ජීවිත කාලයෙ දී, සංකල්ප රාමුවක් සකස් වර්ධනය කළා. ඒකෙන් එයාට උදව් දෙකක් ලැබුණා. එකක් තමයි එයාට හෙජ් අරමුදලේ කළමනාකරුවෙකු විදිහට මුදල් ඉපයීමේ අවස්තාව උදාවුණා. අනික තමයි ප්‍රතිපත්තමය ධානපතියෙකු විදිහට උපයන මුදල් ඒ ප්‍රතිපත්ති මත පදනම් වෙලා වියදම් කරන්නත් හකියාව ලැබුණා.
 
ඒත් සොරොස් මේ විදිහට හොයාගත්තෙ, සංකල්ප රාමුවක් මුදල් සම්බන්ධ එකක් නෙවෙයි. ඒක සිතීම සහ යථාර්තය අතර සම්බන්ධය පිළිබඳ සංකල්ප රාමුවක්. අනික මේක දාර්ශනිකයින් විසින් ඉස්සර ඉඳන් පලල් විදිකට හදාරපු විෂයක්නෙ.
 
සොරොස් තමංගෙ දාර්ශනිකකම වර්ධනය කරගන්න පටන් ගත්තෙ, 1950 අගභාගයේ දී ලන්ඩන් ආර්ථික-විද්‍යා පාසලේ ශිෂයෙක් විදිහට ඉගෙන ගන්න කාලෙ. සොරොස් ඔහුගේ අවසාන විභාගය, අවුරුද්දකට කලින් ම අරගෙන ඉවර කරල දැම්ම. ඉතිං උපාධිය ගන්න තව අවුරුද්දක් විතරයි පුරවන්න ඉතුරුවෙලා තිබුණෙ.  
  
Sir Karl Popperසොරොස්ට එයාගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන්, එයා කැමති උපදේශකයෙක්ව තෝරගන්න ඉඩක් තිබුණු හින්ද, සොරොස්, කාල් පොපර් කියන වියානාවේ උපන් දාර්ශනිකයාව තෝරගත්ත. ඒ වෙනකොටත් කාල් පොපර් ලියල තිබුණ ”විවෘත සමාජය සහ එහි සතුරන්” කියන පොත කියවල එයාගේ හිත පතුලේ ගැඹුරු හැඟීම් ඇතිවෙලයි තිබුණෙ. 
 
ආනුභවික සත්‍යය (empirical  truth) කියන එක නිරපේකෂව දැනගන්න බැරි එකක් බව පොපර් ඒ වෙනකොටත් තමන්ගෙ පොත් හරහා තර්ක කරල තිබුණ. 
 
බලන්න, විද්‍යාත්මක නීති රීති පවා සැකයේ සෙවනැල්ලෙන් මුළුමනින්  ම ඔබ්බට ගිහින් සත්‍යමයි කියල කියන්න බැහැ. ඒවා බොරු කල හැක්කේ පරීක්ෂණයන් ඔස්සේ විතරයි.  
 
පොපර් හිතන පතන විදිහට, අසාර්ථක වෙලා ගිය එක විද්‍යා පරීක්ෂණයකින් යමක් බොරු කරල දාන්න පුළුවන්. බලන්න, එතනින් එහාට විද්‍යාත්මක පරීක්ෂණය තහුවුරු කරල පෙන්නන්න මොන විදිහේ අනුකූල අවස්ථාව ගෙනාවත්, පමාණ වෙන්නේ නැහැ. 
 
මොකද විද්‍යාත්මක නීතිවල උපකල්පිත ස්වරූපයක් තියෙනව. ඒ හින්ද ඒ නීති සත්‍ය ද  නැතිද කියන එක නිතර ම පරීක්ෂාවට බඳුන් වෙන එක වලකන්න බැහැ. 
 
 
ඒ කියන්නේ, ”පරම ඇත්ත තමන්ගෙ සන්තකයේ තියාගෙන ඉන්නව වගේ කතා කරන මතවාද වලින් ප්‍රකාශ වෙන්නනෙ ව්‍යාජයක් කියන එකයි.” ඉතිං ඒ හින්ද ඒවට පුළුවන් සමාජය මත්තෙ තමන්ගෙ බලහත්කාරය පටවන්න විතරයි. 
  
කොමියුනිස්ට්වාදය, ෆැසිස්ට්වාදය සහ ජාතික සමාජවාදයට ද මේ කියමන අදාළ යි. මේ හැම මතවාදයක් ම මර්ධනය ඇති වීමට තුඩු දුන්නා. 
 
පොපර් යෝජනා කරන්නෙ, වඩාත් ආකර්ශණීය සමාජ සංවිධාන ආකෘතියක්. ඒ කියන්නෙ සමාජයට සංවිධානය වෙන්න පුළුවන් හිත් ඇදබැඳගන්නා හැඩ රාමුවක්. ඒ කියන්නේ, විවිධ මත දැරීමට මිනිස්සුංට නිදහස තියෙන විවෘත සමාජයක්. 
 
ඒ කියන්නෙ, විවිධ අදහස් සහ විවිධ කැමැත්තවල් තියෙන උදවියට ඒ විවිධත්වයන් තියාගෙන ම සාමයෙන් ජීවත් වෙන්න නීතියේ ආධිපත්‍යයෙන් ඉඩ සලසන සමාජයක්. 
 
 bxvcx
 
හංගේරියාවේ පැවතුන නාසි සහ කොමියුනිස්ට් වාඩිලා ගැනීම් හරහා තමංගේ ජීවිතය අරං යන්න සිද්ධ වෙච්ච සොරොස්ට, විවෘත සමාජය පිළිබඳ මේ අදහස හරිම ආකර්ශනීය එකක් විදිහට ම පෙනී ගියා. 
 
මේ විදිහට පොපර්ගේ දාර්ශනික අදහස් කියවන අතරතුර සොරොස් හිටියේ ආර්ථික න්‍යායත් හදාරමින්. 
 
ඉතිං ඒ කාලෙ සොරොස්ගේ හිතීමේ ලෝකය තිබුණේ, මිනිසාගේ අසම්පූර්ණ අවබෝධය පිළිබඳ පොපර්ගේ අවධාරණයත්, ආර්ථික විද්‍යාවේ පරිපූර්ණ තරඟකතාරීත්ව න්‍යායෙන් ඉදිරිපත් කරන පරිපූර්ණ දැනුමත් අතර පරස්පරවිරෝධී ගතිය හින්ද පීඩා විඳිමින්. 
 
සොරොස්ගෙ හිත ඇතුළෙ ඇතිවෙච්ච මේ පරස්පරතා සිතීම සොරොස්ට මඟක් පාදල දුන්න ආර්ථික න්‍යායේ තියෙන උපකල්නයන් ප්‍රශ්න කරන්න. 
 
සොරොස්ගේ දර්ශනවාදයේ ප්‍රධාන න්‍යායාත්මක පත්තුවීම් හෙවත් ආශ්වාදයන් දෙකක් තියෙනව. ඇත්තට ම ඒවා සොරොස්ගේ පුද්ගලික ජීවන ඉතිහාසය ඇතුළෙත් මුල් බැසගත්තු ආශ්වාදයන් දෙකක්. 
 
සොරොස්ගේ ජීවිතයේ ආරම්භක අත්දැකීම වුණේ 1944දි ජර්මානුවො හංගේරියාවෙ කඳවුරු ලා ගැනීම යි. ඒ වෙනකොට සොරොස්ට වයස අවුරුදු 14ක්වත් නැහැ. යහමින් ජීවත් වුණු මධ්‍යම පංතික පසුබිමකින් ආපු සොරොස්ට, තමන් යුදෙව් ජාතිකයෙක් වෙච්ච හින්ද, රටින් පිටුවහල් වීමේ සහ හදිසියේ මරණයට ගොදුරු වීමේ අවධානමකට මුහුණ දෙන්න සිද්ධ වුණා.
 
වාසනාවකට වගේ සොරොස්ගේ තාත්ත මේ දුරස්ත සමතුලිතතා අත්දැකීමට කල් තියාම හඳුනගෙන ලැහැසති පිටයි හිඳ තිබෙන්නේ. සොරෙස්ගෙ තාත්ත රුසියානු විප්ලවය කාලෙ ඒ අත්දැකීම හරහා ගිහින් තිබුණ කෙනෙක්. ඒ තමයි සොරොස්ගෙ තාත්ත මුහුණ දීල තිබුණු ඒ විදිහේ පළමුවෙනි අත්දැකීම. ඒ විප්ලව අත්දැකීමට මුහණ දෙන්න පෙරාතුව සොරොස්ගේ තාත්තත් අපේක්ෂා දල්වාගත්තු අභිලාශකාමී තරුණයෙක්. 
 
ඒත් පළවෙනි ලෝක යුද්දෙ පටන්ගත්තහම, සොරොස්ගේ තාත්ත ස්වේජ්ඡුාවෙන් ම ඔස්ට්‍රෝ-හංගේරියානු හමුදාවෙ සේවය කරන්න ගියා. ඉතිං රුසියානුවො සොරොස්ගෙ තාත්තව අල්ලගෙන යුධ සිරකරුවෙක් විදිහට සයිබීරියාවට අරං ගියා.   
 
ඉතිං අපේක්ෂා පුරවගත්තු අභිලාශකාමී තරුණයෙක් හින්ද සොරොස්ගෙ තාත්තට සිරකරුවන් නිෂ්පාදනය කරන පුවත්පතක කතෘවරයා වෙන්න පුළුවන්කම ලබුණා. 
 
 
 
 
ඊළඟ කොටස හෙට....
 
 
 
Aeavinda Hettiarachchi(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක 

 

 


 

THE LEADER TV 
 
 
 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 

 
 
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්