ධානපතියෙකු කියූ න්‍යායක් ගැන පත්තර ලියවිල්ලක්. - 02 වන කොටස 

 
 
සොරොස්ගේ තාත්ත කතුවරයෙක් බවට පත් කරපු මේ හිරකාරයින්ගේ පුවත්පත, අත්අකුරින් ලෑල්ලක් මත ප්‍රදර්ශනය කරපු එකක්. ඒ පත්තරේ හැඳින් වුණේ ”ප්ලෑන්ක්” කියන නමින්. 
 
මේ පත්තරේ හින්ද සොරොස්ගෙ තාත්ත කොච්චර ජනප්‍රිය වුනාද කියනව නම්, එයාව සිරකරුවන්ගේ නියෝජිතයා බවටත් පත්කෙරුණා. 
 
ඒ ඉදවස්වල අසල්වැසි සිර කඳවුරකින් සිරකරුවන් පිරිසකත් බේරිලා පැනල ගිහිං තියෙනව. එහෙම පැනල යන වෙලාවේ, මේ ඒ සිරකරුවන් එයාලගෙ නියෝජිතයාට කරන පිළිගැනීමක් විදිහට එයාට වෙඩි තියල ගිහිං තියෙනව. ඉතිං සොරොස්ගේ තාත්ත, මේ දේ ම එයා ඉන්න කඳවුරේ දි එයාටත් වෙනකං බලන් ඉන්නැතුව, සිරකාරයින්ගෙ කණ්ඩායමක් හදාගෙන හිරගේ බිඳගෙන පැනල යන ගමනකට නායකත්වය දීල තියෙනව. 
 
එයාගෙ සැලැස්ම වෙලා තියෙන්නේ, පරාලයක් වැනි යමක් හදාගෙන මුහුද හරහා යාත්‍රා කරන එක. එත් සොරොස්ගෙ තාත්තට තිබිල තියෙන්නෙ හරි ම දුර්වල භූගෝල විද්‍යා දැනුමක්. සයිබීරියාවේ හැම ගංගාවක් ම අවසානයේ ගලා බසින්නේ ආක්ටික් මුහුදට කියන එක එයා දැනං ඉඳල නැහැ. 
 
ඉතිං ටයිගා ගඟ හරහා ශිෂ්ටාරයක් තියෙන තැනක් හොයාගෙන යන්න එයාලට තවත් මාස කිහිපයක් ගතවෙලා තියෙනව., ඒ අතරවාරයෙ රුසියන් විප්ලයත් පුපුරා ගිහිං තියෙන හින්ද, ඒ සිරකරුවො කණ්ඩායමට විප්ලවේ අස්සසෙ හිර වෙන්න සිද්ධ වෙලා තියෙනව.  
 
ඉතිං එක එක විදිහෙ වික්‍රමාන්විතා වැඩ කීපයක් කරමින් ඒ අතරින් ගියට පස්සෙ තමයි සොරොස්ගෙ තාත්තට යාන්තං හංගේරියාවට එන්න පුළුවන් වෙලා තියෙන්නෙ. සොරොස් කියන විදිහට, එයා කඳවුරේ ම රැඳිල හිටිය නම්, මීට කලින් ම ගෙදර එන්න තිබුණලූ.
 
සොරොස්ගෙ තාත්ත ගෙදර ඇවිල්ල තියෙන්නෙ මුළුමනින් ම වෙනස් මිනිහෙක් බවට පත්වෙලා. රුසියානු විප්ලවේ කාලෙ එයා ලබපු අත්දැකීම එයාට බලපාල තියෙනව. එයාට තිබුණ කියපු අර අභිලාශයත් නැතිවෙලා ගිහිං තියෙනව. ජීවිතය රස විඳීම සහ භුක්ති විඳීම හැරුණුකොට වෙන කිසි දෙයක් ගැන එයා උනන්දුවක් උනන්දුවක් දක්වල නැහැ. ඉතිං සොරොස්ගෙ තාත්ත තමංගෙ දරුවන්ට ලබා දීල තියෙන්නේ, ඒ දරුවන් ජීවත් වෙච්ච වටපිටාවෙ කොහෙත් ම නොතිබුණ සාරධර්ම.
 
එයාට ධනය රැස් කරන්නවත්, සමාජීය වශයෙන් කැපී පෙනෙන්නවත් කිසි ම කැමැත්තක් තිබිල නැහැ. ඒකට ප්‍රතිවිරුදධව එයා වැඩකරල තියෙන්නෙ, අවශ්‍යතා ටික සපුරගන්න විතරයි.   
 
”මට මතකයි ස්කී නිවාඩුවක් ගතකරන්න කලියෙන් අපිට යම් මුදලක් අවශ්‍ය වෙච්ච වෙලාවෙ, තාත්ත එයාගේ සේවාදායකයා ලඟට ගිහිං ණය මුදලක් ලබාගත්ත. ඊට සති කිහිපයකට පස්සෙ, තාත්තට වැඩිපුර වැඩකරන්න වෙලා කරදරේ වැටෙන්න සිද්ද වුණා,” කියල සොරොස් කියනව.  
 
යම් සාධාරන අන්තයකට අනුව ගත්තහම සොරොස්ගේ මේ පවුල සමෘධිමත් පුවලක් උනාට, ධනේෂ්වර පුවලක් නෙවෙයි. සොරොස්ගෙ පුවලේ උදවිය එයාලගෙ මේ වෙනස් ගතිය ගැනත් හරි ආඩම්බරෙන් තමයි ඉඳල තියෙන්නේ.
 
 sdfdf
As a Jewish teenager in Hungary in 1944-45, Soros and his family survived Nazi occupation using false identity papers prepared by his father. | Business Insider India (Images may be subject to copyright. Learn more)
 
  
ඉතිං 1944 වසරෙ ජර්මානුවෝ හංගේරියාව අල්ලගත්තු වෙලාවෙ, මේ එන්නේ සාමාන්‍ය කාලයක් නොවෙන බව සොරොස්ගෙ තාත්ත අවබෝධ කරගෙන ඉඳල තියෙනව. ඒ වගේ ම මේ වගේ වෙලාවට සාමන්‍ය නීති රීති අදාළ වෙන්නෙත් නැති බව එයා වටහගෙන ඉඳල තියෙනව.
 
මේ වෙලාවෙ එයා තමංගෙ පුවලෙ  උදවියට යි, තව පුද්ගලයින් ගණානවකටයි ව්‍යාජ හැඳුනුම්පත් සකස් කරල දිල තියෙනව. සමහරුන්ගෙන් මේ වෙනුවෙන් මුදල් අයකරලත් තියෙනව. තවත් සමහර අයට උදව්වක් වශයෙන් නිකං කරල දීල තියෙනව. 
 
සොරොස් කියන විදිහට, ඒ අය අතරින් හුඟ දෙනෙක් ජීවිතේ බේරගෙන තියෙනව. ඒ හින්ද මේක එයාගෙ තාත්තගෙ ජීවිතයේ හොඳ ම හෝරාව බවට පත්වුණාලූ.
 
”ව්‍යාජ අනන්‍යතාවක් තියාගෙන ජීවත් වෙන එක, මට නං හරිම ප්‍රීතිජනක අත්දැකීමක් වුණා,” කියල සොරොස් පවසනව.  
 
”අපි හිටියෙ මාරක අනතුරක. අපි අවට හිටිය උදවිය හුඟ දෙනෙක් විනාශ වෙලා ගියා. ඒත් අපිට ජීවිතේ බේරගන්න විතරක් නෙවෙයි, අනික් අයට උදව් කරන්නත් පුළුවන් උනා,” කියල සොරොස් තවදුරටත් පවසනව. 
 
george soros talk 5 638 
 
සොරොස්ගේ පුවල දේවදුතයාගේ පැත්තෙ ඉඳපු හින්ද, එයාලට හුඟක් ගැටුම්කාරී තත්වයන් ජය ගන්න පුළුවන් වෙලා තියෙනව. ඒ හින් ද ම අනික් උදවියට වඩා එයාලට තම තමන්ව විශේෂ අය විදිහට දැනෙන්න පටං අරං තියෙනව. ඒ කාලය පසුකර යෑම මුළු පවුලට ම මහ වික්‍රමයක්. සොරොස්ට තමංගෙ තාත්තගෙන් විශ්වාසදායක මඟපෙන්වීමක් ලැබිල තියෙනව. ඒ හින්ද ම තමයි එයාට අනතුරින් ගැලවිලා නිරුපද්‍රතව එන්න පුළුවන් වෙලා තියෙන්නෙ. 
 
අනික අවුරුදු 14ක කොළුගැටයෙක් ඔයිට වඩා වෙන මොනව බලාපොරොත්තු වෙන්නද?
 
 ඉතිං නාසින්ගෙන් ජීවිතය බේරගත්තු ප්‍රීතිමත් අත්දැකීමෙන් පස්සේ, සෝවියට්වරු හංගේරියාවේ කඳවුරු බැඳගත්ත. ඊට පස්සෙ, ආයෙමත් හංගේරියාවේ ජීවිතයට අර කලින් තිබුණ දීපතිය නැතිවෙලා ගිහිං තියෙනව.    
 
”මං හිටියෙ අලූත් අභියෝග හොයමින්, ... ඉතිං මට මගේ තාත්තගෙ උදව්වෙන් හංගේරියාවෙන් එළියට පැනගන්න මාර්ගයක් පාදගන්න පුළුවන් වුණා,” කියල සොරොස් පවසනව. 
 
ඉතිං මේ කොහොමෙන් හරි වයස 17 වෙනකොට සොරොස්ට ලන්ඩනයේ ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්කම ලැබිල තියෙනව. 
 
 
a35 248174
George Soros during his Honorary Degree at the Bologna University, Stock Photo, Picture And Rights Managed Image. Pic. A35-248174 | agefotostock
 
 
සොරොස්ගේ හැදෑරීම් ඇතුළෙ එයා මූලිකව උන්නදුවක් දක්වල තියෙන්නෙ, එයාට ඉපදෙන්න සිද්ධවෙච්ච මේ අමුතු ලෝකය ගැන අවබෝධයක් ලබා ගන්න එක යි. 
 
”ඒත් පාපොච්චාරණය කරන්න දෙයක් තියෙනව, මට වැදගත් දාර්ශනිකයෙක් වෙන ඒ කල්පිත අදහස හරහා යාත්‍රා  කරන්නත් උවමනාවකුත් තිබුණ ඉතිං,” සොරොස් අවධාරණය කරනව.  
 
අදවෙනකොට සොරොස් විශ්වාස කරනව, එයාට තමන්ව අනික් උදවියගෙන් වෙන් කරල පෙන්වගන්න පුළුවන් වන තරමේ තීක්ෂණ බුද්ධියක් තියෙනව බව. 
 
”ලන්ඩනයේ ජීවත් වෙන්න සිදුවීම හරි ම පසුබෑමක්. මං හිටියෙ සල්ලි නැතුව. මං හිටියෙ තනිවෙලා. මට කියාගන්න උවමනා වුණ දේවල් ගැන මිනිස්සුන්ට කිසි උනන්දුවක් තිබුණෙ නැහැ,”කියල සොරොස් පවසනව.
 
මේ විදිහට පවතින වාතාවරණය විසින් සොරොස්ට ලෞකික කටයුතුවල යෙදෙන්න බලකෙරුනත්, සොරොස් තමංගේ දාර්ශනික ඇභිලාශය අතහැරල නැහැ.   
 
ඉතිං මේ විදිහට, සොරොස් එයාගේ අධ්‍යාපන කටයුතු අවසන් කරාට පස්සෙ, එයාට ආයෙමත් ජීවිතය පටන් ගන්නට, ව්‍යාජ ආරම්භයන් ගණනාවක් ලැබිල තියෙනව.  
 
"අන්තිමේදි මට සිද්ධ වුණේ නිව්යෝර්ක් නගරයේ බේරුම්කාර වෙළෙන්දෙක් විදිහට මගේ මුළු වෑයම ම අවසන් කරල දාන්න. ඒත් මම මගේ නිදහස කාලය ඇතුළෙ දිගට ම දර්ශනවාදය හැදෑරීම් කළා,” සොරොස් පවසනව.
 
 
ඊළඟ කොටස හෙට....
 
 
Aeavinda Hettiarachchi(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක 

 

 


 

THE LEADER TV 
 
 
 
B & S ගේ පොහොර සින්දුවට කෝටි 8 ක් ?
 

 
 
 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image