1200 x 80 DMirror
 
 

ධානපතියෙකු කියූ න්‍යායක් ගැන පත්තර ලියවිල්ලක්. - 03 වන කොටස 
 
 
ඔන්න ඔය විදිහට තමයි, සොරොස්ට එයාගේ පළමුවෙනි තීරණාත්මක ලියවිල්ල වන ”සවිඥානකත්වයෙන් තියෙන කරදරේ”කියන රචනාව ලියන්න හිත පෑදුනේ.
 
සොරොස් ම කියන විදිහට ඒ රචනාව ඇත්තට ම විවෘත සහ සංවෘත සමාජ පිළිබඳ පොපර්ගේ රාමුව ආදර්ශ කරං ලියන්න හදපු රචනයක්.  
 
මේ රචනාව, ඓන්ද්‍රීය සමාජයේ සම්ප්‍රදායික චින්තන විධි දෙකකට අපිව යා කරවනව. ඒ කියන්නේ මේ රචනාව, සංවෘත සමාජයේ තියෙන අගතිගාමී මොඩලයකටත්, විවෘත සමාජයේ තියෙන විවෘත මොඩලකටත් අපිව සන්ධි කරනව. 
 
  
සොරොස්ට අනුව, එයා හිතන පතන සිතුම් මාදිලිය සහ සැබෑ සිද්ධ කටයුතු අතර පවතින සබඳතාව මොන වගේ එකක්ද කියන එක එයාවත් නොදැන් හිටපු නිසයි, මේ රචනාව හරහා එයාට තමංගෙ ගැටළුව විසඳගන්න බැරිව ගිහිං තියෙන්නේ.  
  
ඉතිං  දිගට ම මේ ගැටළුව සොරොස්ගේ හිතේ කැකෑරෙමින් කටයුතු කරන්න ගත්ත. ඒ හින්ද ම එයා ප්‍රත්‍යාවර්තකතා සංකල්පය වර්ධනය කරන්න තව තවත් යොමු වුණෙ. ඊට පස්සෙ තමයි සොරොස්ට මේ සංකල්පය වඩා විස්තර ඇතුව ගවේශණය කරගන්න පුළුවන් වුණේ.   
 
ඒක සිද්ධ වුණා. 
 
ප්‍රත්‍යාවර්තකතා සංකල්පය හරහා මූදල් වෙලඳපළවල් දකින්න පුළුවන් අලූත් ක්‍රමයක් සෙරාස්ට හමුවුණා. ඒ වෙනතෙක් තිබුණ යොමුවීම්වලට වඩා හොඳ සංකල්පයක් හමුවුණා.
 
මේ හරහා සොරොස්ගේ සිතිවිල්ලට යම් කෙලවරක් සැපයුනා. 
 
මුළින් ම සුරැකුම්පත් විශ්ලේෂකයෙකු විදිහට යා හැකි ඉමක් සහ දෙවනුව හෙජ් අරමුදලේ කලමණාකරුවෙකු විදිහට යා හැකි නව ඉමක් හොයල දුන්නා.   
 
”මට මගේ ම කියල ගවේශණයක් කරන්න පුළුවන් වගේ දැනුනා. ඒ කියන්නේ, වැදගත් දාර්ශනිකයෙක් වෙන්න මං තුළ තිබුණ ෆැන්ටසිය සපුරාගත හැකි තරමේ ගවේශණයකින් ජය ගත්ත වගේ හැඟීමක් දැනෙන්න පටන් ගත්තා,” කියල සොරොස් කියනව. 
 
පස්සෙ දවසක සොරොස් කිවේ,
 
"ඒත් මගේ ව්‍යාපාරික ජීවිතය ඇවිත් මාර්ග බාධකයක හිරවෙච්ච නිමේෂයක, මම මගේ ගියර් එක මාරු කරල, මුළු ශක්තියක් ම යොදල දර්ශනවාදය වර්ධනය කරමින් ගියා,” කියල. 
 
 dfgfg 
 
සොරොස් තනිවම තමංගෙ මේ සොයාගැනීමට තියෙන වටිනාකම අගේ කරගත්ත. ඒ හින්ද ම සොරොස්ට ඒකෙන් ගැලවෙන්නත් බැරි වුණා.
 
 පස්සෙ, ප්‍රත්‍යාවර්තකතා සංකල්පය මීට වඩා ගැඹුරින් ගවේශණය කළොත් හොඳයි කියල සොරොස්ට දැනෙන්න ගත්ත. ඉතිං එයා තව තවත් ඒ සංකල්පයේ ගැඹුරින් ගැඹුරට ගිලී ගවේශණයේ යෙදුනා. 
 
ඒකෙන් වුණේ, තමං හොයාගත්තු සංකල්පයේ ම තියෙන සංකීර්ණ ඉම් පෙසේවල තමංව ම අතරමං වුන එක. 
 
එක උදෑසනක දී, එයා කලින් දවසෙ රාත්‍රීයේ ලියපු දේ මොකක්ද කියලවත් තේරුම් කරගන්න එයාට ම බැරි වුණා.    
 
ඒ අවස්ථාවෙ සොරොස් තමංගෙ දාර්ශණික ගවේශණ ඔක්කොම අතෑරල, මුළුමනින් ම මුදල් ඉපැයීම කෙරෙහි යොමු වුණා. 
 
අවුරුදු ගාණකට පස්සෙ, හෙජ් අරමුදලේ කළමණාකරුවෙක් විදිහට සාර්ථකව ඉදිරියට ධාවනය වුණාට පස්සෙ තමයි, එයාට ආයෙමත් තමංගෙ දාර්ශනික ලෝකයට පිවිසෙන්න පුළුවන්කම ලැබුණේ. 
 
1987 වෙනකොට සොරොස් ගෙ පළමුවෙනි ”ඇල්කෙමි ඔෆ් ෆිනෑන්ස්” කියන පොත මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වුණා. 
ඒ පොතේ මූල්‍ය වෙලඳපොලවල් හා සම්බන්ධ සොරොස්ගේ ප්‍රවේශයට දාර්ශනික යටි අරමුණක් තියෙන බව ඉස්මතු කරල දෙන්න සොරොස් උනන්දු වුණා. 
 
 dsdggsd
george soros alchemy of finance
 
 
ඒ පොතට සැලකිය යුතු අවධානයක් දිනා ගන්න පුළුවන් වුණා තමයි. 
 
හෙජ් අරමුදල් කර්මාන්තයෙ යෙදිල හිටපු බොහෝ උදවිය මේ පොත කියෙව්ව. ඒ පොත ව්‍යාපාර පිළිබඳ ඉස්කෝලවලත් ඉගැන්නුව. 
 
ඒත් සොරොස්ගේ අර දාර්ශනික තර්ක නම් එයාලගෙ සිත්වද්දපු බවක් පේන්න තිබුණෙ නැහැ.  
 
බොහෝ උදවිය ඳො දාර්ශනික තර්ක සොරොස්ගේ පිරිමිකමේ චින්තනමය අභිමානයක් නිසා ආපුව වෙන්නැති කියල බැහැර කළා. ඉතිං ඊට පස්සේ, ව්‍යාපාර කටයුතුවලදි සාර්ථක වුණාට, සොරොස් කියන්නේ දාර්ශනික කල්පනා ලෝකයක ගිලිල ඉන්න කෙනෙක් විදිහටයි හඳුනගැනුනෙ. 
 
”ඊට පස්සෙ, මං මේ හිතන විදිහේ ප්‍රධාන සහ අලූත් තීක්ෂණ බුද්ධියක් මට තියෙනවද මන්දා කියලත් මට ම සැක ඇතිවුණා,” කියා සෙරොස් පවසනව.
 
එතකොට තමයි සොරොස්ටත් තේරුණේ, එයා මේ ගනුදෙනු කරමින් ඉඳල තියෙන්නෙ ඈත අතීතයේ ඉඳන් දාර්ශනිකයො ගනුදෙනු කරල තියෙන විෂයක් එක්ක කියන එක.  
 
”මම නව සොයාගැනීමක් කරල තියෙනව කියල හිතන්නෙ මොන පදනමක පිහිටලද? අනික වෙන කවුරුත් මං ගැන එහෙම හිතන්නෙ නැහැ වගේ ??,” කියල සොරොස්ට හිතෙන්න පටන් ගත්ත. 
 
”හබැයි සැකයක් නැතුවම, පුද්ගලිකව මේ සංකල්පීය රාමුව මට ගොඩක් ප්‍රයෝජනවත් එකක් වුණා. ඒත් මං තරං සමාන විදිහට අනික් අයටත් එහෙම අගයක් ඇති වෙච්ච බවක් පෙන්න තිබුණෙ නැහැ,” කියල සොරොස් පවසනව.   
 
ඉතිං සොරොස්ට සිද්ධ වුණා අනික් අය දුන්නු විනිෂ්චය පිළිගන්න. 
 
එත් සොරොස් එයාගෙ දාර්ශනික උන්නදුව සහ උවමනාකම අතහැරියෙ නැහැ. 
 
එතකොට අර පිළිගන්නනෙ නැති උදවිය ...???
 
ඒ උදවියගෙ ඒ නොපිළිගැනීම ඒ උදවියගෙ ම පුද්ගලික දෛවයක් විදිහට යි සොරොස් බාරගත්තෙ.
 
"මං ගොඩනගාගත්තු සංකල්පීය රාමුව විසින් තමයි, හැමවෙලාවෙම මාව මෙහෙයවනු ලැබුවෙ. මේ සංකල්ප රාමුව තමයි, මගේ ව්‍යාපාර කටයුතුවලදි වගේ ම, මගේ පරහිතකාමී වැඩවලදීත් මාව පෙලඹෙව්වේ. 
  
මේ සංකල්ප රාමුව තමයි මගේ ජීවිතේ වඩාත් වැදගත් භූමිකාවක් උපකල්පනය කරගන්න මාව හොයාගෙන ආවෙ. ඉතිං මං පොතක් ලියන්න යන  ඕන ම වෙලාවක, මගේ වාද විෂයන් මට පරාවර්තනය කරල දෙන්නෙ මේ සංකල්ප රාමුව තමයි,” කියල සොරොස් පවසනව.
 
අනික් අයගෙ පිටුදැකීම තමයි සොරොස්ව තමංගෙ සංකල්ප රාමුව තව තවත් වර්ධනය කරන අතට පෙළඹෙව්වෙ. ඒත් වරින් වර තමං අසාර්ථක දර්ශනවාදියෙක් කියල සොරොස්ට දැනෙන්න පටන් ගත්ත. 
 
වරක් සොරොස් පවත්වපු දේශනයක් එයා නම් කරල තියෙන්නෙ,”අසාර්ථක දර්ශනවාදියෙක් තව වරක් උත්සහයක යෙදීම” කියල.  
 
ඒත් 2008 වසරෙ ඇමරි-යුරෝ කලාපය ප්‍රධානව මූල්‍ය අර්බුදයක් ආවහම, ඒකෙ ප්‍රථිඵලයක් විදිහට සොරොස්ගේ දාර්ශනික අදහස් ගැන තියෙන මේ නරක ආකල්පය නැතිවෙලා ගියා. 
 
”මගේ සංකල්ප රාමුවට මේ අර්බුදය පෙරදකින්න විතරක් නෙවෙයි, ඒ අර්බුදය ඇවිත් පහර දුන්නු වෙලාවෙ ඒකට විරුද්ධව අරගල කරන්නටත් හැකියාව තිබුණා,” කියල සොරොස් පවසනව. 
  
 
ඊළඟ කොටස හෙට ...
 
Aeavinda Hettiarachchi(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා 
සමාජ විශ්ලේෂක 
 
 
 
 
කියවන්න :
 
 

 

 


 

THE LEADER TV 
 
 

 

වෙන්න ජනාධිපති නාමල් - අගමැති විමල් ?

 

 

 

"ස" ගේ මනාපය මන්ත්‍රී රතනට !

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58