ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ පක්ෂ, සුළු ජාතික පදනමක් සහිත පක්ෂ, වාමාංශික පක්ෂ හා දේශපාලන චරිත මෙන්ම මාධ්‍ය ආයතන,

කොළඹ සිවිල් ක්‍රියාකාරිකයන් ඇතුලු සියළු දෙනා එළඹෙන 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් පිළිවෙලින් හා පිළිවෙතින් පෙළ ගැසෙමින් සිටියි.

ඔවුන් මේ දිනවල කන්නේ බොන්නේද, අඳින්නේ, පළලඳින්නේද, කොණ්ඩේ කපන්නේ, කොණ්ඩය පීරන්නේද ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙනය. අඩුම තරමේ ක්‍රිකට් තරඟයක් බලන්නේද ජනාධිපතිවරණ බර ඔළුවේ තබාගෙනය. හොරු අල්ලන්නේද, කුඩු අල්ලන්නේද, හොරු බේරන්නේද ජනාධිපතිවරණය වෙනුවෙනි. ජනතාවද හුස්ම ගන්නේද ජනාධිපතිවරණය දෙස බලාගෙනයි.

ඔවුන්ට නොතේරෙන දෙය නම් කවුරු ජනාධිපති වුවද තම ජීවිත වෙනස් නොවන බවයි.

2015 ජනවාරි මාසයෙන් පසු යළිත් වතාවක් 2018 ඔක්තෝබර් මාසයේදී අනපේක්ෂිත මොහොතක මෙරට දේශපාලන යතාර්ථය වෙනස් විය. රනිල් වික්‍රමසිංහ නැවතත් විපක්ෂයට විසිවී මහින්ද රාජපක්ෂ මෙරට අගමැති බවට පත්විය. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ මිතුරන් හා සතුරන් අංශක 180 කින් භ්‍රමණයවී මිතුරන් සතුරන් වී සතුරන් මිතුරන් බවට පත්විය.

Text 37

විමල්ට අනුව සිරිසේන ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විය. දින 50 කින් නැවතත් මහින්ද විපක්ෂයට විසිවී රනිල් අගමැති බවට පත්වූයේ බැසිල් ප්‍රමුඛ පොහොට්ටුවේ පිරිසට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සොයා ගැනීමට නොහැකි වීමෙනි. එතැන් පටන් වරින් වර වෙනස් වන දේශපාලන යතාර්ථය තවමත් වෙනස් වෙමින් පවතී.

රනිල්, මහින්ද, මෛත්‍රී තුන් කට්ටුව වරින් වර දේශපාලන පිටියට ඇද දමන තත්ත්වයන් හේතුවෙන් මොහොතින් මොහොත දේශපාලන යතාර්ථය වෙනස් වෙමින් පවතියි. මෙම තත්ත්වය ජනාධිපතිවරණයේ අවසාන දිනය දක්වා පවතිනු ඇත. මාකඳුරේ මධූෂ් යටපත් කර ගෙන සහරාන් පැමිණියේය. ඉන් පසු පිළිවෙලින් වහාබ් විරෝධය, වෛද්‍ය සාෆි, රතන හාමුදුරුවෝ, ඥානසාර හාමුදුරුවෝ වගේම රංජන් රාමනායක මාධ්‍ය හරහා යථාර්තය වෙනස් කරමින් සිටියි.

 

රනිල්ගේ දේශපාලන දින දර්ශනය අනුව:

මෙම සියළු සිදුවීම් පෙළගැස්සෙන්නේ පූර්ව සැලසුම් කරන ලද රනිල්ගේ දේශපාලන දින දර්ශනය අනුවයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට තවමත් ජනාධිපතිතුමාගේ දේශපාලන ස්ථාවරය නියමාකාරව හඳුනා ගැනීමට නොහැකි වුවත් වක්‍ර ආකාරයෙන් පොහොට්ටුව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය රනිල්ට වාසි සහගත වන පරිදි ව්‍යුහගත වෙමින් පවතියි.

පසුගිය මාස කිහිපය තුළ සිදුවූ සිදුවීම් වලට යාන්තමින් හා වක්‍රව තැනින් තැන ප්‍රතිචාර දැක්වීමට යාම තුළ පොහොට්ටුව ප්‍රමුඛ ඔවුන්ගේ පාර්ශ්වයන් රනිල්ගේ උගුලේ ක්‍රමානුකූලව පටලැවී ඇත. එනම් ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල ඡන්ද වලින් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දී ඇත.

පොහොට්ටුව ප්‍රමුඛ විපක්ෂයට මේ වන විට සුළු ජාතික ඡන්ද පදනම මුළුමනින්ම අහිමි වී ඇත. ලියාපදිංචි සුළු ජාතික ඡන්ද ප්‍රමාණය ලක්ෂ 3700000 ක් පමණ වෙයි. සිංහල ඡන්ද ප්‍රමාණය 1,12,00000 ක් පමණ වන නමුත් සාමන්‍ය ජනාධිපතිවරණයකදී භාවිතා වන උපරිම ඡන්ද ප්‍රතිශතය 80% ක් පමණ වෙයි.

Text 38 

රනිල් වික්‍රමසිංහගේ උපාය පොහොට්ටු පක්ෂය සුළු ජාතික ඡන්ද පදනමෙන් සහමුලින්ම ඈත් කර ඔවුන්ට සිංහල ඡන්ද වලින් 60% කට වඩා ප්‍රමාණයක් ලබාගැනීමේ අභියෝගය තුළට තල්ලු කිරීමයි.

බැසිල් ප්‍රමුඛ පොහොට්ටු පක්ෂයේ මැතිවරණ සැලැස්ම ජාතිකත්වය මත පදනම් වී සිංහල ඡන්ද වලින් 60%කට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමේ උපක්‍රමයයි. දිනෙන් දින ඔවුන් සුළු ජාතික ඡන්ද පදනමෙන් ඈත්වන ලෙස කටයුතු කරමින් සිටියි.

ගැටළුව සහ තේරුම්ගත යුතු සත්‍යනම් රනිල්ගේ උපක්‍රමය සහ බැසිල්ගේ සැලැස්ම එකම කණ්ඩාංඛයකදී සමපාත වන්නේ ඇයි ? එකම ලක්ෂයකදී සම්මුඛ වන්නේ හා සමාන වන්නේ ඇයි? මෙය අහඹුවක්ද? බැසිල් අතින් සිදුවූ අතපසු වීමක්ද?

2018 දී ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වන්නේ බැසිල්ගේ මෙම ජාතිකත්වය මත පදනම් වී සිංහල ඡන්ද 60%කට අධික ප්‍රමාණයක් ලබා ගැනීමේ උපක්‍රමය අසාර්ථක වීමෙනි. එය එදා සිදුවූ අත්වැරදීමක් වුවත් නැවතත් එයම සිදුවන්නේ නම් අප විසින් එය ගැන නැවතත් සිතිය යුතුයි.

 

බැසිල්ට වැරදුණ ලෙසම ප්‍රභාකරන්ටද බරපතල වැරදීමක් සිදුවිය:

2018 දී බැසිල්ට වැරදුණ ලෙසම ප්‍රභාකරන්ටද 2005 දී බරපතල වැරදීමක් සිදුවිය. LTTE එකට අනුව 2005 වන විට ශ්‍රී ලංකා හමුදාව සහ ඔවුන්ගේ හමුදා බලතුළනය අනුව සමානත්වයක් විය.ප්‍රභාකරන්ගේ උපක්‍රමය වූයේ ජාත්‍යන්තර සහයෝගයක් නැති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට ඉඩ සලස්වා ඉන් පසුව ශ්‍රී ලංකා හමුදාව යුධමය වශයෙන් පරාජය කර ඊළම පිහිටුවීමයි.

ප්‍රභාකරන්ගේ උපක්‍රමය තවත් ඔවුන්ට තහවුරු කර ගැනීමට අභ්‍යන්තර හේතුවක් තිබිණි. එනම් බැසිල් විසින් සිංගප්පූරුවේ සිටි LTTE නායකයෙකු වන එමිල් කාන්තන් සමඟ ඇතිකර ගත් සම්බන්ධතාවය හා එකඟතාවයයි. ඒ අනුව සිංගප්පූරුවේ සිටි එමිල් කාන්තන් පොට්ටු අම්මාන්ට ලබාදුන් තහවුරුව වූයේ රාජපක්ෂවරු මුදලට යටවන බවත් ඒ නිසා රාජපක්ෂ වරයෙක් ජනාධිපති වන එක LTTE එකට ගැටලුවක් නොවන බවත්ය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට තිබූ උතුරේ ඡන්දවල බාධාව ඉවත් විය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු පොට්ටු අම්මාන් අපේක්ෂා නොකළ චීනය මැදිහත් වීමත් සමඟ LTTE ය සම්පූර්ණයෙන්ම විනාශ විය. පොට්ටු අම්මාන්ට අනුව ඔහු තක්සේරු නොකළ දෙය නම් යමෙකු මුදල් වලට ඕනෑම දෙයක් කරනවා නම් එවැනි පුද්ගලයන්ට වෙනත් ඔනෑම දෙයක් කළ හැකි බව වන තක්සේරුවයි. එවැනි පුද්ගලයන් කිසිසේත් විශ්වාස නොකල හැකි බවයි.

Text 39

බැසිල්ගේ සැලැස්මට අනුව සිංහල ඡන්ද වලින් 60%කට අධික ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ඔවුන් සතු එකම හා ජනප්‍රිය අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. මෙයින් ගෝඨාභය ඉදිරිපත් කිරීමත් සමඟ සිංහල ඡන්ද වලින් 60%ක් ලබා ගැනීමේ සැලැස්මද යම් සම්පූර්ණත්වයක් දැකිය හැකිය.

නමුත් එහිම පරස්පරය නම් ගෝඨාභය ඉදිරිපත් කිරීමත් සමඟම රනිල්ගේ සැලසුම වන පොහොට්ටුවෙන් සුළු ජාතික ඡන්ද පදනම ඉවත් කිරීමේ සැලසුම ද සාර්ථක වෙයි. නැවත රනිල්ගේ හා බැසිල්ගේ සැලැස්ම එකම ලක්ෂයකදී සමපාත වෙයි.

 

රනිල් තම පිලෙන් ජනාධිපති අපේක්ෂක ඩමි දෙකක් !

අනෙක් සැලකිය යුතු කාරණය වන්නේ මේ වන විට රනිල් වික්‍රමසිංහ තම පිලෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂක ඩමි දෙකක් පෙන්නමින් සිටියි. ඒ සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවකයි. මෙහිදී ඩමි ලෙස සඳහන් කරන්නේ ඔවුන්ට අපේක්ෂත්වය ලබාදීමේ කිසිදු සූදානමක් රනිල් වික්‍රමසිංහ තුළ නොමැති බැවිනි.

කෙසේ හෝ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ වෙනත් කෙනෙකු ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමේදී උදහසට ලක්වන පාර්ශ්වයන් මැතිවරණයකදී විරුද්ධ පාර්ශ්වයට එකතුවේ. අවධානම පොහොට්ටුවෙන් ගෝඨාභය ඉදිරිපත් වීමත් සමඟ ඇහිරී යයි.

චම්පිකට හා සජිත්ට ගෝඨාභය සමඟ එකතු වීමේ අවශ්‍යතාවයක් නැති තරම්ය. ඒ අතින්ද බැසිල්ගේ, ගෝඨාභය ඉදිරිපත් කර සිංහල ඡන්ද 60%ක් ලබා ගැනීමේ උත්සාහය තුළ නැවතත් රනිල් ආරක්ෂක කලාපයකට ඇතුළු වෙයි.

මේ තත්ත්වයන් තුළ බැසිල් ප්‍රමුඛ පොහොට්ටු කන්ඩායම තේරුම් ගතයුතු සත්‍යය නම් සිංහල ඡන්ද 60%කට අධික ප්‍රමාණයක් ලබාගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ උත්සාහය ඉතාමත් දුෂ්කර හා අසීරු ඉලක්කයක් වන බවයි.

Text 40 

තවද ඔවුන් තේරුම් ගතයුතු දෙයක් වන්නේ සාමාන්‍ය තත්ත්වයේදී සිංහල ඡන්ද 60%ක් ලබා ගැනීමේ හැකියාව පෙනෙන්නට තිබුණද මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පෙනෙන්නට තිබෙන යාතාර්ථය වෙනස් වන බවයි.

බිම් මට්ටමේ යතාර්ථය මාධ්‍ය මඟින් මතුකර ඇති සැබෑ යතාර්ථය නොවෙයි. සිංහල ඡන්ද 60%ක් ලබා ගැනීමෙන් පැහැදිලි හැකියාවක් මතුවී පෙනෙන්නට තිබුණත් අපේක්ෂකයා නම් කිරීමත් සමඟ තත්ත්වය වෙනස් වනු ඇත.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තවමත් නිශ්ශබ්ද භූමිකාවක සිටින පාර්ශ්වයන් මැදිහත් වීමෙන් නව ප්‍රතිවිරෝධතා ඇතිවීමෙන් යතාර්ථය වෙනස් වනු ඇත. පොහොට්ටු නායකයන් සිහි තබාගත යුතු කාරණය වන්නේ ඔවුන් පුද්ගලික මාධ්‍යය නැමති රේල් පීලි දෙකේ යන දුම්රියක් බවයි. නියමිත මොහොතේ එක් මාධ්‍ය ආයතනයක් පීලි මාරුකිරීමට නියමිතයි.

තවද සිංහල ඡන්ද පදනමින් පමණක් ජයග්‍රහණය කිරීම විශ්වාස කරන පොට්ටුවේ නායකයන් සිහිතබා ගත යුතු කරුණක් වන්නේ ප්‍රභාකරන් ඔහු ගත් එක් වැරදි දේශපාලන තීන්දුවකින් සම්පූර්ණ සංවිධානයම විනාශ වූවා මෙන් මේ මොහොතේ බැසිල්ගේ එක් වැරදි තීන්දුවකින් රනිල්ගේ ජයග්‍රහණය තහවුරු වීම ගැනයි.

අවසාන මොහොතේ පොහොට්ටුවේ අභ්‍යන්තර බෙදීමක් සිදුවුවහොත් 60% ක සිහිනය විනාශවීමට නියමිතය.

 

පුංචි සිහින ගොඩක හිරවී සිටින ප්‍රාදේශීය නායකයින් !

තම ජයග්‍රහණය සඳහා පොහොට්ටු පක්ෂය තම සැලසුම වෙනස් කිරීමට තවමත් කාලය හා අවස්ථාව ඉතිරි වී ඇත. මේ තත්ත්වය තුළ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ බැසිල් විසින් නිර්මාණය කරන ලද එහි ප්‍රාදේශීය නායකයන් අතර මත ගැටුමක් නිර්මාණය වී ඇත.

මෙම අභ්‍යන්තර මත ගැටුමෙන් ජ්‍යෙෂ්ඨයන්ගේ දේශපාලන මතය ජයග්‍රහණය වුවහොත් තවමත් ඔවුන්ට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව පවතී.

එලෙසම බැසිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රාදේශීය නායකයන්ගේ මතය ජයගත හොත් රනිල්ගේ ජයග්‍රහණය ස්ථීර වනු ඇත.

බැසිල්ගේ දෙවන පෙළ පිළිබඳව කෙටි හැඳින්වීමක් කළ යුතුව ඇත. පසුගිය රාජපක්ෂ යුගය තුළ බැසිල් හා ඩලස්ගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පාලනය කිරීමට සෑම ප්‍රදේශයකම ඔවුන්ට එරෙහිව ප්‍රාදේශීය නායකයන්ගෙන් යුත් දෙවන පෙළක් නිර්මාණය කළේය. ඔවුන්ට දේශපාලන දැක්මක් විචාර දැනීමක් නැත. ඔවුන් නායකත්වය පෙන්වා දෙන අනාගත ආසන සංවිධායක කමක්, ඇමතිකමක්, පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වැනි පුංචි සිහින ගොඩක හිරවී ඇත.

Text 41

ඒ නිසාම මොවුන් බැසිල්ගේ දේශපාලන තීන්දු අභියෝගයට ලක්කරන්නේ නැත. මේ වන විට ග්‍රාමීය ජනතාව අතර පොහොට්ටු වීරයන් ලෙස මතුවී ඇත්තේ බැසිල්ගේ ගෝලයන්ය. උදාහරණ කිහිපයක් ලෙස කළුතරින් රෝහිත අබේගුණවර්ධන, ගාල්ලේ සම්පත් අතුකෝරාළ, රත්නපුරෙන් කාංචන ජයරත්න පෙන්වා දිය හැකියි.

මෙම තත්ත්වය සරලව තේරුම් ගැනීමට නම් ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම පෙන්වා දිය හැකිය. අනුරුද්ධ, රණවීර, ලංසා වැනි අය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ බැසිල් ගම්පහ දිස්ත්‍රික්ක නායකයා වී බිහිකළ දෙවැනි පෙළ ඔවුන් වන බැවිනි. ඔහුගේ ව්‍යාපෘතිය ඔහුට හිතවත් පිරිසක් ජනප්‍රිය කර ප්‍රාදේශීය නායකත්වයට පත් කිරීමයි.

මෙම ලිපියේ සාරාංශය වන්නේ 2020 ජනාධිපතිවරණය සිංහල ඡන්ද වලින් 60%ක් ලබා ගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම බැසිල්ගේ වැඩ සටහනක් නොව රනිල්ගේ සැලැස්මක් බවයි.

(මකියාවෙල්ලි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්