මෙරට ජනගහන ප්‍රතිශත 2012 ඇස්තමේන්තු අනුව මෙසේ වර්ග කෙරෙනවා.

සිංහල 74.9, ශ්‍රී ලාංකික දෙමළ 11.2, ශ්‍රී ලාංකික මුවර් 9.2, ඉන්දියානු දෙමළ 4.2, අනෙක් 0.5. බෞද්ධ 70.2, හින්දු 12.6, ඉස්ලාම් 9.7, කතෝලික 6.1, ක්‍රිස්තියානි 1.3, අනෙක් 0.05. මෙහි මුවර් යනුවෙන් දැක්වෙන්නේ දහහතරවැනි සියවසේ පමණ මෙරටට භාරතයෙන් පැමිණි දෙමළ කතාකරන මුස්ලිමුන්ගෙන් පැවත එන්නන්.

එයට අමතර ව බටහිරයන් විශේෂයෙන් ම ඉංගිරිසින් මෙරටට අග්නිදිග ආසියාවෙන් ගෙන්වූ ඉස්ලාම් භක්තිකයන් ඉන්නවා. ඔවුන් බොහෝ විට මැලේ මුස්ලිමුන් ලෙස හැඳින්වෙනවා. ඒ අයගේ ප්‍රතිශතය 0.5ක් වන බව කියන්න පුළුවන්. ඔවුන් බොහෝ විට සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා. ඔවුන් සිංහල මුස්ලිමුන් ලෙස හඳුන්වන්න පුළුවන්.

Text 86ඒ අනුව සිංහල ප්‍රතිශතය 75.4ක් පමණ වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ සිංහල කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රතිශතය 4.7ක් පමණ වන බවයි.

ශ්‍රී ලාංකික දෙමළ යනුවෙන් හැඳින්වෙන්නේ ලන්දේසින් විසින් 1650න් පසු දුම්කොළ වැවීම සඳහා කෝරමණ්ඩල වෙරළෙන් මෙරටට ගෙන්වනු ලැබූ වෙල්ලාලයන්ගෙන් හා එකල නාගදීපයේ පදිංචි ව සිටි සිංහලයන් නලවාර්, කරෙයිවර් වැනි ඊනියා අඩු කුලවලට ඇතුළත් කර දෙමළ සංස්කෘතියකට අවශෝෂණය කරනු ලැබූවන්ගෙන් පැවත එන අය.

ඉන්දියානු දෙමළ යනු ඉංගිරිසින් විසින් පළමුව කෝපි වගාවටත් පසුව තේ වගාවටත් දකුණු ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ අයගෙන් පැවත එන්නන්. වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබුණු, ඉංගිරිසින් විසින් මෙරටට ගෙන්වනූ ලැබූ දෙමළ කතා කරන ජනයා ද හැඳින්වෙන්නේ ශ්‍රී ලාංකික දෙමළ නමින්.

MR 2015

2015 ජනාධිපතිවරණයේ දී සිංහලයන්ගෙන් 59%ක් පමණ මහින්දට ඡන්දය දී ඇතැයි සිතන්න පුළුවන්. මහින්දට ඡන්දය දුන් සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිශතය එයට වැඩි විය යුතුයි. එහෙත් 2018 පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවට ලැබුණු සිංහල ඡන්ද ප්‍රතිශතය එයට ටිකක් අඩුයි.

එහෙත් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන්ගෙන් අවම වශයෙන් 60%ක් පමණ එ ජා ප විරෝධීන්. ඒ පනස්හයේ දරුවන්ගේ දේශපාලනය. සිංහල කතෝලිකයන් ද යම් ප්‍රමාණයක් දැන් පෙරට වඩා ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරට පක්‍ෂපාතීත්වයක් දක්වනවා.

මේ වන විට ජාතික අපේක්‍ෂකයා වූ ගෝඨාභයට සිංහලයන්ගෙන් (බෞද්ධ, කතෝලික, මුස්ලිම්) 65%කට වඩා පක්‍ෂපාතී බව පේන්න තියෙනවා. සිංහලයන්ගේ ඡන්දවලින් 65%ක් යනු මුළු ඡන්දවලින් 50%කට වැඩි ප්‍රමාණයක්. ගෝඨාභයට දෙමළ කතා කරන ජනයාගෙනුත් යම් ඡන්ද ප්‍රමාණයක් ලැබෙන බව පැහැදිලියි.

GOTA 2019 

අසාද් සාලි වැනි මුස්ලිම් අන්තවාදී ප්‍රකෝපකාරීන්ට කීමට ඇත්තේ අප ඔවුන්ගේ තර්ජනය පයිසයකටවත් මායිම් නොකරන බවයි. අවශ්‍ය නම් එකදු මුවර් මුස්ලිම් ඡන්දයක් නැතිවත් ගෝඨාභයට දිනන්න පුළුවන්. මුස්ලිම් දේශපාලනඥයන් වෙන ම තරග කළත් නොකළත් එ ජා පක්‍ෂයට පක්‍ෂපාති වුණත් නැතත් ගෝඨාභයට දිනන්න පුළුවන්.

මා කියන්නේ අප මුවර් මුස්ලිමුන් ප්‍රතික්‍ෂෙප කළ යුතු බවක් නො වෙයි. අප ඔවුන්ගේත් ඡන්දය දිනා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම දෙමළ කතාකරන ජනයාගේත් ඡන්දය දිනා ගැනීමට කටයුතු කළ යුතුයි.

එහෙත් එසේ කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ දී මුවර් හා දෙමළ කතා කරන ජනයාගේ ඊනියා නායකයන්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් ඔවුන්ට කප්පන් දීමෙන් නො වෙයි. අද තිබෙන තත්වය අනුව ගෝඨාභයගේ ජයග්‍රහණයකින් පසුව පෙබරවාරියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර පවත්වන මැතිවරණයකින් ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරට තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න පුළුවන්.

 Text 87

දෙමළ කතාකරන, මුවර් ජනයාගේ ඡන්දය දිනා ගත යුත්තේ ඉක්මනින් ම පිහිටුවිය යුතු පොදුජන පෙරමුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හා වෙනත් ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ සංධානය එකී ජනයාට ඔවුන්ගේ ජාතිවාදී නායකයන් කොන් කර සෘජුව කතා කිරීමෙන්.

මේ වන විටත් එ ජා පක්‍ෂය ජාතිවාදී නායකයන්ට කප්පන් දීම ආරම්භ කරලා. නවීන් දිසානායක දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වෙලා. එය අප්පච්චිගේ දේශපාලනය අනුගමනය කිරීමක්. ගාමිණී දිසානායක තමයි ඉන්දු ලංකා ගිවිසුමටත් දහතුන්වැනි සංශෝධනයටත් මුල් වුණේ. අප්පච්චි කළ දේ නොකළොත් අහවලාගේ පුතා කියා කියමනක් තියෙනවා.

සිංහලයන් දෙමළ ජාතිවාදීන්ට කප්පන් දෙන සියල්ලන් හා සියලු දේශපාලන පක්‍ෂ පරාජය කළ යුතුයි. දහතුන සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරනවා කියන්නේ ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට ලබා දීමක්. අප්පච්චි පිටුපස ඉන්දියාව හිටියාක් මෙන් පුතා පිටුපසත් ඉන්දියාව ඉන්නවා ද?

India 13

ඉන්දියාව මහින්දත් බිය ගැන්වූවා. ඔහු ලවා 13+ ක්‍රියාත්මක කරවන්න හැදුවා. එහෙත් ජාතික බලවේගවලට පුළුවන්කම තිබුණා 13+ පරාජය කරන්න. මහින්ද ජාතික බලවේගවලට ඇහුම්කන් දුන් බව කෘතවේදී ව කියන්න ඕන. අප ඉන්දියාවේ උප්පරවැට්ටිවලටත් තිත තියන්න ඕන.

අද පනස්හයටත් වඩා භික්‍ෂූන් වහන්සේ එක් මතයක ඉන්නවා. සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි ගොඩ නැගීමට උන්වහන්සේ අධිෂ්ඨාන කර ගෙන ඉන්නවා. සිංහල බෞද්ධ රාජ්‍යයක සියල්ලන්ට තම සංස්කෘතික අනන්‍යතාවන් රැක ගෙන තම ආගම් අදහගෙන ඉන්න පුළුවන්. සියළු දෙනාට ම එක් කුඩයක් යට, ඒ කියන්නේ මෙරට අහස යට එකට ජීවත් වන්න පුළුවන්.

(ජාතික චින්තන 'කාලය' (kalaya) FB පිටුවේ අගෝස්තු 14 වැනිදා පළවූවකි - අවධාරණය කිරීම් 'ද ලීඩර්')

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්