වෘත්තීය සමිති, වෘත්තික සංගම්, බහුජන සංවිධාන, පාරිභෝගික සංවිධාන, ගොවි සංවිධාන, ධීවර සංවිධාන මෙකී නොකී බොහොමයක් සංවිධාන මේ
සිවිල් සමාජ ක්ෂේත්‍රයට වැටෙනවා.
සිවිල් සමාජයට එයට ම අනන්‍ය වූ දේශපාලනයක් තියෙනවා. නමුත්, එය සංවිධානය වන්නේ තමන් පදනම් වන ජන කොටස් වෙත බලපාන ප්‍රශ්නවලට අදාළ ප්‍රතිපත්ති ගොඩනඟා ගැනීමත්, ඒ අනුව රටේ දැනට පවත්නා ප්‍රතිපත්ති සීරු මාරු කරගැනීමත් ඉලක්ක කරගෙනයි.
නමුත්, තියුණු ලෙස ද්‍රවීකරණය වී ඇති මෙවැනි අවදියක පවතින ආණ්ඩුව සමඟ සම්බන්ධ වීමට සමාජ සංවිධානවලට අපහසු වී තිබෙනවා.
2015 දේශපාලන පෙරළිය පිටුපස සිවිල් සමාජය සිටි බව කවුරුත් දන්නවා. එහෙනම්, සිවිල් සමාජයට දේශපාලනයක් තියෙනවා. නමුත්, සාමාන්‍යයෙන් සිවිල් සමාජය සැලකෙන්නෙ පක්ෂ දේශපාලනයෙන් තොර වූ කලාපයක් කියලයි. 2015 පෙරළිය දේශපාලන පෙරළියක් නම්, ඒකට සිවිල් සමාජය දායක වුණා නම්, සිවිල් සමාජය දේශපාලනය කරලා තියෙනව නේද? එහෙනම්, සිවිල් සමාජය දේශපාලනයෙන් මුක්ත වූ කලාපයක් කියල කියන එකේ තේරුමක් තියෙනවද? නැත්නම්, සිවිල් සමාජ දේශපාලනය කියන්නෙ පක්ෂ දේශපාලනයට වඩා පුළුල් දේශපාලනයක්ද?
යහපාලන ආණ්ඩුවට තමන්ගෙම වෙච්ච සිවිල් සමාජයක් තිබුණ. දැන් මේ ආණ්ඩුවටත් ‘වියත්මග‘ කියල තමන්ගෙම වෙච්ච සිවිල් සමාජයක් තියෙනව. දෙමළ ජාතික සන්ධානයටත් සිවිල් සමාජයක් ඉන්නව. ඒ එක්කෙනෙක් පසුගිය ඡන්දෙදි ජාතික ලැයිස්තුවටත් ඇතුළත් වුණා.
මුස්ලිම් දේශපාලන පක්ෂවලට වගේම කඳුකරයේ දෙමළ දේශපාලන පක්ෂවලටත් සමීපව වැඩ කරන තමන්ගේම සිවිල් සමාජ සංවිධාන තියෙනවා සහ සිවිල් ක්‍රියාධාරීන් ඉන්නව.
ජාතික හෙළ උරුමයට ත්‍රස්ත විරෝධී ජනතා ව්‍යාපාරය තිබුණා; අද 43 සේනාංකය තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ව ඉස්සර දේශහිතෛෂී ජනතා ව්‍යාපාරය තිබුණා; අද වෙන කොට ජාතික ජන බලවේගය තියෙනවා. මේ සිවිල් සමාජ සාමාජිකයන් සමහරු ඡන්දයට ඉදිරිපත් වෙලා හරි, ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවටත් තේරී පත් වෙලා තියෙනවා.
සිවිල් සමාජය කිව්වම ඒක විශාල කලාපයක්. එන්ජීඕ කියන්නෙ ඒ අතරින් එක කොටසක් විතරයි. නමුත්, රටේ කොතන හරි ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධව අරගලයක් තියෙනව නම්, ආණ්ඩුවට සම්බන්ධ හිතවත් පුද්ගලයෝ ඒ අරගලය හංවඩු ගහන්නෙ එන්ජීඕ අරගලයක් කියලයි. එතකොට, අරගලයේ ඉන්න අයට හරිම ලැජ්ජාවක් ඇති වෙලා, ඒ ගොල්ලො මාර උත්සාහයක් ගන්නව, තමන් එන්ජීඕ කාරයො නෙවෙයි කියල ඔප්පු කරන්න. විශේෂයෙන් ජාතිවාදය තොරොම්බල් කර බලයට පත් ආණ්ඩු එන්ජිඕ කාරයා ජාතියක් ජන්මයක් නැති බිල්ලෙකු ලෙස සමාජ ගත කළා.
නීතිඥ සංගමයෙ හිටපු සභාපති අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්; වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති කාර්ය සාධක බලකායෙ සාමාජිකයෙක්; හෙද සංගමයේ සභාපති විශ්ව විද්‍යාලෙක කුලපති වෙනව; තවත් හෙද සංගමයක සභාපති කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියා. ඒ සේරම සිවිල් සමාජය කියන පුළුල් ක්ෂේත්‍රය ඇතුළෙ ඉන්න අය.
පහුගිය ආණ්ඩුව කාලෙ දකුණු පළාතෙ ආණ්ඩුකාරය වුණේ එන්ජීඕ කාරයෙක්; මේ ආණ්ඩුව යටතෙ උතුරු පළාතෙ ආණ්ඩුකාරය එන්ජීඕ කාරයෙක්. මෙහෙම බලනකොට සිවිල් සමාජය සහ දේශපාලනය අතර සෑහෙන සම්බන්ධතාවයක් තියෙනවා. ආණ්ඩුව තමන්ගේ හඬට ඇහුම්කන් නොදෙන බවට ඔවුන් තුළ ඇති හැඟීම එයට හේතුවක්. එවන් අවස්ථාවලදී සිවිල් සමාජය විපක්ෂයේ දේශපාලන පක්ෂ එකක හෝ කිහිපයක් සමඟ සන්ධානයන් ඇති කර ගැනීමේ ඉඩක් විවර වෙනවා. එය පූර්ව 2015 අවදියේ මෙන්ම පූර්ව 2019 යුගයේදීත් සිදු වුණා.
දේශපාලන පක්ෂයක අරමුණ තම වැඩපිළිවෙළ පිළිබඳව බහුතර ඡන්ද දායකයාගේ කැමැත්ත හෙවත් මනාපය ලබා ගෙන ආණ්ඩුකරණය සඳහා අවශ්‍ය බලය අත්පත් කර ගැනීමයි. පවතින ආණ්ඩුකරණ ව්‍යුහය ප්‍රතික්ෂේප කරන සමහර දේශපාලන පක්ෂ එයින් ඔබ්බට ගොස් 'රාජ්‍යය අත්පත් කර ගෙන' ආණ්ඩුකරණ ක්‍රමය උන්මූල වශයෙන්ම වෙනස් කිරීම ගැන කතා කරනවා.
සිවිල් සමාජයටද එයටම අනන්‍ය වූ දේශපාලනයක් තියෙනවා. නමුත්, එය ආණ්ඩු බලය ලබා ගැනීමේ හෝ රාජ්‍යය අත්පත් කර ගැනීමේ දේශපාලනයක් නොවෙයි. එය මුලික වශයෙන් කිසියම් ප්‍රතිපත්ති මලාවක් වෙනුවෙන් ප්‍රචාරක සහ උද්ඝෝෂ්ණ කටයුතු කරමින්, එම ප්‍රතිපත්ති මාලාව සාක්ෂාත් කර ගැනීම සඳහා ආණ්ඩුකරණය සමග මෙන්ම රාජ්‍යය සමගද සක්‍රියව සම්බන්ධ වීම මෙම දේශපාලනයේ ස්වභාවයයයි.
මෙහිදී අදාල ප්‍රතිපත්තිය සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් ගොඩ නගා ගෙන ඇති සම්මුති සහ යහපත් පරිචයන් වෙතින් ආභාසය ලබා ගැනීම පමණක් නොව එම සම්මුතීන්හි ඇති නීතිමය බලය භාවිතා කරමින් තම ජාතික රාජ්‍ය සීමාව තුළ එකී සම්මුතියෙහි සාරය ක්‍රියාත්මක කර ගැනීම උදෙසා වෙහෙසීම දකින්නට පුළුවන්. මෙම වැඩපිළිවෙළ අඩංගු සිවිල් සමාජ දේශපාලනය මෙසේ හැඳින්විය හැකියි: "ආණ්ඩුව වෙනස් කිරීම වෙනුවට ආණ්ඩුවේ හිත වෙනස් කිරීම".
කෙසේ වුවද 2015 ජනවාරි මාසයේ ඇතිවූ ආණ්ඩු පෙරළිය සඳහා සිවිල් සමාජයේ දායකත්වයක් තිබුණු බවට කිසිදු සැකයක් නොමැත. මෙම තත්ත්වය 2015 දී පමණක් නොව 1994 දී ද යම් දුරකට සිදුවූ බව අද වන විට බොහෝ දෙනෙකුට අමතකය; නැත්නම් මතක නැතිවා සේ සිටියි.

1994 දී මෙන්ම 2015 දී ද සිවිල් සමාජ සංවිධාන හමුවේ මතුවුණු ප්‍රධාන ප්‍රශ්නය වුණේ 'රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සහ සමාජ ප්‍රතිසංස්කරණයක් සඳහා වන න්‍යාය පත්‍රය පෙරට ගන්නේ කොහොමද කියන එකයි.
2014 වසරේදී සිවිල් සමාජය ගත් ස්ථාවරය 2014 ජනවාරි මාසයේදී එවකට පැවැති 'රාවය' පත්තරය සමග පළ වුණු 'සමබිම' ඉරිදා සංග්‍රහයේ පළ කළේ මෙන්න මේ විදියටයි.
"මෙම භූමි දර්ශනය මෙසේ දිග හැරෙන අතරතුර අප විසින් මතු කළ යුතු ප්‍රශ්නයක් ඇත. ඒ රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සහ සමාජ ප්‍රතිසංස්කරණයක් සඳහා වන න්‍යාය පත්‍රය පෙරට ගන්නේ කෙසේද යන්නය.
“එහෙත් එවන් බල හුවමාරුවකින් හෙවත් ආණ්ඩු පෙරළියකින් පමණක් ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට හැකිද යන ප්‍රශ්නය අප විසින් නැගිය යුතුවේ.
“විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ එකතුව ක්‍රියාකරන අතරම හුදු ආණ්ඩු විරෝධය මත කටයුතු නොකොට සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳ න්‍යාය පත්‍රය ඉදිරියට ගැනීමට සිවිල් සමාජය විසින් කටයුතු කළ යුතුය.
“එම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයෙහි අඩුම වශයෙන් ගත් කළ ආණ්ඩුවේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ සහ මානව හිමිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි අඩංගු වැඩපිළිවෙළ ඇතුළත් විය යුතුය.
“එවන් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් වෙනුවෙන් මහජනයා අතර උද්ඝෝෂණය කිරීම, ප්‍රචාරය කිරීම සහ මහජනයා සංවිධානය කිරීම හදිසි අභියෝගයකි. “
සිවිල් සංවිධාන සහ දේශපාලනය ඒ තරම් ලේසියෙන් වෙන් කරලා ඉරි ගහන්න පුලුවන් ද කියන පුළුල් කතිකාවක් අවශ්‍ය ඒ නිසයි.■

සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
THE LEADER TV
සගේ විශ්වාසය දිනූ අලුත් කණ්ඩායම කවුද ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
ඥාණසාරත් මාර්ග ඵල ලබයි ! | මොණරවිලගේ ලියමන