1200 x 80 DMirror

 
 

මහසෙන් රජ පද ප්‍රාප්ත වුයේ ක්‍රි . ව . 276 දීය. තෙමේ බුදුසසුන විෂයෙහි ද මෙරට හුදී ජනන් විෂයෙහිද තැබු සලකුණු විශේෂිතය. සිංහල රජ සිරිතෙහි

දේවත්වයෙන් බුහුමන් ලබන ප්‍රධාන රජතුමා ද ඔහුමය.


බලයට පත්වු කල්හි, මහා විහාර සිරිත කෙලසීම ඔහුගේ රජ සිරිත මත තැබුණ මහා නින්දාව වුයේය. ආර්ථික, සමාජීය, කෘෂිකාර්මික සහ මානුෂික නිදහසෙහි පුනරුදය අතින් මහසෙන් රජ පාලනය අරුමැසිවාදීය. ඔහු ඒ තරමට නිර්මාණශිලී නිර්මාණවේදීයෙක් වූයේය.

 



භාව පූර්ණ වූ විසිතුරු හැගීම් තුළින් වෛවර්ණ චිත්තාවලියකින් යුතු පාලකයෙකු ලෙස ද මහසෙන් හැදින්විය හැකිය. කෙසේ වුවද තම හෘද මිත්‍ර සංඝමිත්‍ර හිමිගේ මඟ පෙන්වීම මහසෙන් සහ සිංහල බුදුසසුන අතර මහ ගැටුමකට මඟ පෑදුවේය. මහා විහාරය ඔහු අතින් විනාශ වුයේය. මහා විහාර බද්ධ සිමාව තුළ ජේතවනාරාමය ඉදි කෙළේය. ථේරවාදී බුදුසසුනට එරෙහිව මහායාන බුදුසසුන ඔසවා තැබුවේය.

 

මහසෙන් තෙමේ මහා විහාරය රාජ්‍ය ද්‍රෝහී භූමියක් ද ලෙස නම් කළේය. ඉන් නොනැවති මහාවිහාර මහා සඟුන් සඳහා දානය සහ පිරිකර පිළිගැන්වීම රාජ්‍ය දඩයකට යටත් කළහ.

 

මේ සියල්ලහි ප්‍රථිඵලය වූයේ ථෙරවාදීන් අග නගරයෙන් රුහුණුට සහ මලය රටට පලා යාමය. මහසේන රාජ්‍යත්වයට ඔසවා තැබු ඔහුගේ අනුගාමින් මේ සමඟ ථෙරවාදී - මහායාන ලෙස බෙදී ගියේය. රජු ගොඩනැගූ විශ්මිත වාපි ජලාශ සරුසාර අර්ථ ක්‍රමය මෙන්ම විචිත්‍ර භාව සිතුම් වලින් සමාජය සුමටව තිබුණි. එබැවින්  ජනතාව ද පාලකයා සමඟ වුයේය.


ඒ සියල්ල අතර රජ තෙමේ බලයට පැමිණි දෛවෝපාගත සිදුවීමද, ඔහුට මව් පසින් වු ස්වදේශික හුදී ජන ඥාතිත්වය ද මහසෙන් රජ ජනතා පුත්‍රයකු සේ ජනහද බද්ධ කළේය. නමුත් සිවු බුදුන් වැඩම කළ මහා විහාරය කෙළෙසිම බලගතු දේශපාලන වෛරයකට පෙරළීමට හේතු විය. අවසන මහසේන පාලනය පෙරළා දැමීමට මහා විහාර මහා සඟුන් වහන්සේලා රුහුණට රැස් වී තීරණය කළහ. එහි ගිහි නායකත්වය මේඝවර්ණාභය ආමත්‍යවරයා වෙත පැවරුණි. මේඝවර්ණ අභය තෙමේ කළෙක මහසෙන්ගේ හඳ බැදි සුමිතුරෙකි.


තම සුමිතුරු මේඝවර්ණ ථෙරවාදී බෞද්ධ බලය සමඟ තමන්ට කළ අභියෝගය මහසේන පිළිගත්තේය. සටනට දිනනියම වුයේය. රුහුණු සහ මලය රට මහාවිහාර මහ සඟුන් වහන්සේලාගේ නායකත්වයෙන් රජරට අත්පත් කර ගැනීමට මේඝවර්ණාභය යුහුසුළු වුයේය. මේ සමඟ මහා විහාරය සතු සිංහල බුදු සසුනේ තොටිල්ල වු මිහින්තලය ද මහායානිකයෝ අත්පත් කරගෙන තිබුණහ. එය මහාවිහාර වාසීන් තවත් ප්‍රකෝප කොට මහසෙන් විරෝධයෙහි අභියසට ගෙන යන තතු නිමිත්ත වුයේය. එබැවින් සටන වඩ වඩා උණුසුම් වන්නට විය.

සංඝ මිත්‍ර හිමියෝ මිහින්තලා පුද බිම අත්පත් කර ගෙන එය බිද එහි පැවති නේක සම්පත් අභයගිරියට ගෙන ගිය සේක. එය ජනමතයෙහි තීරක වෙනස සිදු කළ හැරුම් ලකුණ විය. මෙතුවක් නිසලව තිබු ජන හදෙහි මහසෙන් විරෝධය බුර බුරා නැගී එන්නට වුහ. එයින් මහසෙන් පරදවාලීමේ සටන තිව්ර වුයේය.

 

ජේතවනාරාම මහ දාගැබ

 

එකල්හි සිරිලක මෙලස වන කල්හි මහසෙන් රජතුමා සිංහල වාස්තු විද්‍යාවේ අනගිතම නිර්මාණයට පිවිසුනේය. ඒ ජේතවනාරාම මහ දාගැබ නැංවීමය. රුවන්වැලී මහා සෑය පරයමින් ඉදිවුණ එයද, මහසෙන් රජතුමා පෙර සිරිත දුෂ්‍ය කරවිමක් සේ ප්‍රචලිත විය. පාරම්පරික මහා සංඝයා මහසෙන් රජතුමාගෙන් වියුක්ත වීමෙන් ඔහු සිදු කළ සියල්ලට එරෙහිව විරෝධය මිසක ප්‍රසාදය නොවන වාතාවරණයක් ගොඩ නැගීම ඔහුට හැම අතින්ම බලපෑම් කළේය.

 අවසානයේ මහායානිකයන්ට එරෙහිව මහා ජන මතයක් ගොඩනැගීමට මහාවිහාර තෙරුන් වහන්සේලාට හැකි වුහ.

මේ අතර, මහසේන රජතුමා විසින් ගොඩනැගු ජේතවනාරාම දාගැබ පුජා කරනු ලැබුවේ තිස්ස හිමීයන්ටය. උන්වහන්සේ මහා විහාර වංශවත් කාරක සංඝ සභාව වෙතින් විනය චෝදනා ලද භික්‍ෂුවක් වුයේය. පසුව රජු තෙමේ විනිශ්චය සභාවක් පත් කළේය. එම විනිශ්චය සිදුකල සංඝ සභාව තිස්ස භික්‍ෂුව වරදකරු ලෙස අර්ථ නිරූපණය කොට සිවුරු හරවා යැවීය.

මේ සියළු තත්වයන් මැද මහසෙන්ට එරෙහිව අවි දරා අනුරාධපුර මායිමට බලසේනා සමග මහසෙනඟ රැස්වුහ. මහා සංඝයා මෙන්ම දකුණු වැසි සිංහලයේ ජනතාව ද රජ පදවීයෙන් මහසෙන් නෙරපා දැමීමෙහි මුව විටටම පැමිණ සිටියෝය.

නමුදු රජරට මායිමට ථෙරවාදි දේශපාලනය බල කඳවුර බැදීමත් සමඟ මහායානික ථෙරවාද බෙදීම් වලට අයත් නොවු මහජන සහායක් ද මහසෙන්ට පක්‍ෂපාතීව සිටියේය. සටන මහා සිවිල් යුද්ධයක් වී ලක් සමාජය මහා විපත්තියක හෙළන බව පැහැදිලි විය. සටන ආරම්භයට ගිවිස ගත් දිනය ළගා වුයේය.


මහසෙන් රජුගේ සුමිතුරු මේඝවර්ණට ස්වකීය හඳ බැදුම සිහි විය. මහසෙන් රජතුමාට ස්ව ආත්මිය මිතුරු සඳ සිහි වන්නේය. අවියෙන් අනුන කඳවුරු මැද හිද රජ ද, මේඝවර්ණද දින ගණනාවන් තම තමන්ගේ මිත්‍ර බන්ධයේ සිරි විසිතුරු ස්මරණය කළේය. සටන් දෙපිලෙම නායකයන් දෙදෙනාට  මිතුරු සංවාසය හැම කල්හි සිහි වුහ. සටනට පිවිසීමෙන් ශේෂ වනුයේ කුමක් විය හැකි ද? මේඝවර්ණ ගැඹුරින්ම සිත් යොමා බැලීය. රට ද තමා ද සුමිතුරු රජතුමාද, අවසන දස දහස් ජනී ජනයාද, මහ සඟුන් වහන්සේලා ද මියෙනු ඇතැයි මේඝවර්ණ සිහි කළේය. එක් පිළක නායකයා තමා වුව ද සටනින් ජය ලැබ මහරජ විය හැකි වුව ද මේඝවර්ණ මිතුරු බන්ධනයෙන් සමඟි මාවත පිළිබඳ මෙනෙහි කළේය.



තෙමේ වහා මලය රටින්  අති විශේෂ මත් පානයක් ගෙන්නා ගෙන මලය රටින් මස් මාංශ ද ගෙනවිත් අවුළුපත් (කටගැස්ම) සකස් කර ගත්තේය. ප්‍රතිවිරුද්ධ හමුදා මුහුණට මුහුණලා කඳවුරු බැඳ සිටි භූමිය මැදට ගිය මේඝවර්ණ අභය මහසෙන් රජු හමුවන්නට අවසර පැතීය. රජ තම කලෙක මිතුරු ප්‍රතිවිරුද්ධ කැරළි නායකයා වැලද පිළිගත්තේය. මේඝවර්ණ තෙමේ කඳවුරු කුටියේ සකස් කල අති විශේෂ සාදය ගැන රජුට සැල කොට ආරධනා කළේය. මේ අරභයා මහා වංශය මෙසේ කියයි.


සාධු පානංච මංසං ච ලභිත්වා මලං යාභතං

න සේවිස්සං සහායෙන විහා  -  රඤ්ඤාති චින්තිය
 

(මහාවංශ 37 පරි : 20 ගාථාව)



තම හද බන්ධන මිතුරු මේඝවර්ණ පිළිබඳ අතීත බැඳීමෙන් සාර වු රජ ඒ දවස රාත්‍රියේ සතුරු කඳවුරට පිවිස මධු සාදයහි ගිලි ප්‍රිත්‍රී වුයේය. රාත්‍රිය නිවි නිමා විය. පහන් තරු පායා දවස උදා වුයේය. සඟුන් වහන්සේලාගේ බෙදීම් ගිහියන්ගේ බෙඳීමට හේතු නොකල ගත යුතු බවට දෙදෙනා තීරණය කර ගත්හ. බලය ගොඩ නැඟීමට සසුන භාවිතා නොකල යුතු බවට ද තීරණය කලේය. මහායාන ථෙරවාදි බෙදීම නිමා විය. මහසෙන් රජ මහ විහාර මහා සඟුන් වහන්සේලා නමැද සමාව යැද ථෙරවාදී සිරිත යළි සිරිමත් කළේය. මේඝවර්ණගේ මධුසාදය ඉතිහාසය වෙනස් කළේ එලසය.

එවන් රජුන් ඇමතින් වත්මනට නිමිත්තක් වේ නම් දැය කෙතරම් සොඳුරු වේද?.


Sujith 2021සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



ලේඛකයාගේ වෙනත් ලිපි - කියවන්න - හදාරන්න 

 

මධු මී විවාදය : (වායාම 16) - සුජිත් අක්කරවත්ත

ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත

ප්‍රඥා සිහින යාමය -(වායාම 14) - සුජිත් අක්කරවත්ත

දේශපාලන සඟුන් - (වායාම 13) - සුජිත් අක්කරවත්ත

නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

වායාම 9 : මිණි මෙවුල් දම - සුජිත් අක්කරවත්ත 

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

වායාම 7 : විජයගේ සරාග සුත්‍රය -සුජිත් අක්කරවත්ත

වායාම 6 :යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

වායාම 5 : ගණ ගැටව් - සුජිත් අක්කරවත්ත

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

වායාම 3 : රාග දෙවොලේ රති කෙළි - සුජිත් අක්කරවත්ත 

වායාම 2 : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල -  සුජිත් අක්කරවත්ත

වායාම 1 : බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ- සුජිත් අක්කරවත්ත

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස (Faculty of Sex)

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය -- Faculty of Sex

සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව සංවාදයට

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

අයියෝ සීයාට ගොඩාක් අමාරුද? | මොණරවිලගේ ලියමන

අගමැති හදිසියේම තිරුපති ගියේ ඇයි ? | The Leader TV | Gossipa

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා