20 වෙනි සංශෝධනය සම්මත කරද්දී ඒකට විරුද්ධව රටේ ලොකූ ජනමතයක් හැදුන බව බොරුවක් නෙවෙයි.



එදා විපක්ෂය ඒ විරෝධය නියෝජනය කළා. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ වගේම ආණ්ඩුවට ඡන්දය දුන්න සිහි බුද්ධිය තියෙන ජනතාවත් ඊට විරුද්ධ උනා. ඒ වෙලාවේ ඒ විරෝධය නියෝජනය කරන බව පෙන්නපු විමල්, වාසු, ගම්මන්පිල වගේ රාජපක්ෂවාදීන් ඒ ජනතා විරෝධය රාජපක්ෂලා ඉදිරියේ පාවා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හැර අනිත් සියලු දෙනාම නිවටයෝ වගේ 20 ට අත ඉස්සුවා. එදා ඊට එරෙහිව තනි සටනක් රටේ රාළ කළා. අපහාස, උපහාස නං කෝටියක් ආවා. හැබැයි ඉතිහාසය විසින් අප නිවැරදි කරන බව දන්න රටේ රාළ ඒවා තුට්ටුවකට මායිම් කළේ නෑ.

 

විස්ස කියන්නේ ආනන්තර්ය පාප කර්මයක්. මැදගොඩ අබේතිස්ස හාමුදුරුවොත් ඒ පාප කර්මයට අත ගහලා දේවදත්තයෙක් උනා.

 

පහුගිය කාලය පුරාම රටේ රාළ 20 ට එරෙහිව සටන් කළා. රටේ රාළ කිව්වේ 20 ආයෙත් 19 දක්වා රිවස් කරන 21 වෙනි සංශොධනය ගේන්න ඕනි කියලා. පාර්ලිමේන්තුවේ ඉන්නේ ශිෂ්ඨයෝ නම් එක කරන්න ඕනි. තමන්ගෙන් උන වරද නිවැරදි කරන්න ඕනි. රටේ රාළ ඒ බල කිරීම රාජපක්ෂලාගේ ඉදන් අර පුල්ලි කුට්ටි දක්වාම කළා.

ඇත්තටම රටේ රාළගේ ඒ අභියෝගය අද මේ රටේ දේශපාලන නායකයෝ කීපදෙනෙක් හා සමාජ ක්‍රියාකාරිකයෝ කීපදෙනෙක් බාර අරගෙන.

යෝජනාව ඉස්සෙල්ලා ඉදිරිපත් කළා කියලා ශත පහක ගෞරවයක් රටේ රාළට එපා. ඒක දෙන්න දැන් යෝජනාව ඉදිරිපත් කරලා තියන අයට. මොකද රටේ රාළ ඔය එක පැත්තකවත් නෑ. රටේ රාළගේ තියෙන්නේ එකම එක පැත්තයි. ඒ රටේ පැත්ත විතරයි. ඒක නිසා මේක හරියට බේරන්න ඕනි.

 

ඇත්තටම 20 වහාම රිවස් කරලා 19 යේ අඩුපාඩු හදලා ගේන්න ඕනි කියන කතාව ඉස්සෙල්ලාම කිව්වේ මෛත්‍රී. මෛත්‍රී එහෙම කිව්වම 20 ට අත උස්සපු ශ්‍රීලනිප මන්ත්‍රීලට නං කාලා ඉන්න බැරි වෙන්න ඇති. ඊළඟට මෛත්‍රීගේ කතාවට නියම වටිනාකම දුන්නේ කරූ. මෛත්‍රී කිව්ව ගමන් අනිත් පැත්තෙන් කරූ මෛත්‍රීට ගහන්න බෝලේ උස්සලා දුන්නා. හැබැයි කරූ උස්සලා දුන්න බෝලෙට ශ්‍රීලනිපයට ගහගන්න බැරි උනා.

 

මෛත්‍රී කියපු කතාව ඇත්ත කියලා හරි කියන්න ශ්‍රීලනිපයේ කොන්ද තියන එක මන්ත්‍රී කෙනෙක් හිටියේ නෑ. මෛත්‍රී කියපු කතාව ඉස්සරහා ශ්‍රීලනිප මන්ත්‍රී බබාලා ටික හිටියේ කසාය බීපු ගොලුවෝ වගේ.

හැබැයි කරූ උස්සපු බෝලෙට පැනලා ගැහුවේ චම්පික.

272271507 486867372796127 7655497415834645403 n

චම්පික තමයි විස්ස රිවස් කරනවා කියන එක තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළට ඇතුළත් කළේ. ඒත් ඒක රිවස් කරන්න ඕනි 19 යටද 17 ටද කියලත් පැහැදිලිව කිව්වා නම් තවත් හොදයි.


රටේ රාළ නං කියන්නේ 20 රිවස් කරන්න ඕනි අනිවාර්යෙන්ම 19 ට. හැබැයි 19 යේ අඩුපාඩු හදද්දී 17 න් ගන්න දේවලුත් තියෙයි. දැන් රටේ රාළ කෙලින්ම පන්දුව එල්ල කරන්නේ ජවිපෙට.

දැන් ජවිපෙ මොකද විස්ස ගැන කියන්නේ. එතකොට එයාලා කියයි අපි විධායකය සම්පුර්ණයෙන්ම අහෝසි කරනවා කියලා. ජවිපෙ එහෙම කියනවා නං ඒක පට්ටපල් බොරුවක්. ජවිපෙත් එක්ක මේ රටේ ජනතාව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා කීපාරක් ජනාධිපතිවරු පත් කළාද? ඒකක් වත් හරි ගියේ නෑ.

19 වෙනි සංශෝධනය ගෙනත් තමන්ගේ බලතල කප්පාදු කර ගත්තේ මෛත්‍රී විතරයි. හැබැයි මෛත්‍රී කරපු ඒ වැදගත් වැඩේම මෛත්‍රීම රාජපක්ෂලා නැවත බලයට ගෙනත් නැති කර ගත්තා.

ඒක නිසා ඒ ඓතිහාසික වරද නිවැරදි කිරීමේ වගකීමක් මෛත්‍රීට තියනවා.

ඊළගට අනුරලා කියන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ආයෙත් විධායක ජනාධිපති කෙනෙක් පත් කරන්න කියලද? පිස්සුනේ. විධායකය අහෝසි කරන්න පත් වෙන විධායක ජනාධිපතිට බෑ. ඒක කරන්න පුළුවන් පාර්ලිමෙන්තුවට. ඒකටයි ජනවරම හදන්න ඕනි.

අනික ඉතින් විධායකය අහෝසි කරනවා නං මේ වෙලාවේ ඒක වෙනුවෙන් කරන්න තියෙන පළවෙනි කාර්යය තමයි 20 අහෝසි කිරීම. දැන් මොකද ජවිපෙ කරන්නේ? දැනට ඒ මතය නියෝජනය කරන කණ්ඩායම් තුනක් ඉන්නවා. පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයෝ තුන් දෙනා බලවේග තුනක් නියෝජනය කරනවා. රටේ රාළ පැත්තකින් තියන්නකෝ.රටේ රාළ ඉතින් ජවිපෙට කොහොමත් ද්‍රෝහියානේ.

හරි දන් ඒ මතය ගෙනියන්න මෛත්‍රී, කරූ, පාඨළි ඉන්නවා. දැන් ජවිපෙ මොකද කියන්නේ? ජවිපෙ ටිල්වින් සිල්වා තර්කයට අනුව නං වැඩේ කරන්න බෑ. 20 අහෝසි කරන එක හොදයි.

ඒ උනාට මෛත්‍රී කියන හොරා එක්ක, කරූ කියන හොරා එක්ක, පාඨළි කියන හොරා එක්ක ඒක කරන්න බෑ. මොකද මහා ලොකු සුද්වන්තයෝ ඉන්නේ ජවිපෙ විතරක් නිසා. ශුද්ධ වන්තයෝ එක්ක විතරනේ ජවිපෙ වැඩ කරන්නේ. ජවිපෙට අනුව අනික් ඔක්කොම හොරුනේ.

 

හරි ඒගොල්ලෝ හොරුම කියමුකෝ. හැබැයි ඔයාලට තේරෙනවා ඇති මේ හොරු ටික පාව්ච්චි කරලා හරි ගන්න මෙතන වැඩක් තියනවා කියලා. එහෙනම් විස්ස අහෝසි කිරීම කියන්නේ මොකා එක්ක හරි එකතු වෙලා කරන්න ඕනි වැඩක්. ඒක රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු දෙයක්.

 

ජවිපෙ ඒ ප්‍රවාහයට එන්නේ නැත්නම් ජවිපෙට ගහන්න ඕනි. සුද්දවන්තයෝ හෙළි කරන්න ඕනි. ජවිපෙට ආණ්ඩුවේ මේ කොන්ත්‍රාත් එක කරන්න තවදුරටත් දෙන් බෑ. මොකද ආණ්ඩුව ඇණගෙන හිටියට ආණ්ඩුව දන්නවා මේ දුර්වල විපක්ෂය කවදාවත් එකට එකතු වෙන්නේ නෑ කියලා.  ඒකට ඕනි ජනාධිපති සිහින විපක්ෂයේ අති බහුතරයකට හදලා තියෙන්නේ. ඒක කළේ ආණ්ඩුවම තමයි. රනිලුත් ඒකේ ලොකු පංගුවක් කළා.

ඒක නිසා රටේ රාළ කියන්නේ අනිත් අය සදළුතලෙන් බස්සන්න ඉස්සෙල්ලා අනුර දිසානායක සදළුතලයෙන් බැහැලා ඉන්න ඕනි. මොකද රටේ රාළ අහනවා මෛත්‍රීගේ, කරූගේ, පාඨළීගේ ප්‍රකාශ ඉස්සරහා ජවිපේ පීක් එකට මොකද උනේ. ඇත්තටම ජයග්‍රහණය කළේ අනුරයි, ටිල්විනුයි කියපු මූලධර්මවාදී මතයද?නැත්තං රටේ රාළ කිව්ව පොදු මතයද? ඒක නිසා රටේ රාළ 20 න් ජවිපෙට වැටෙන්න ගහලා ඉවරයි.

අනුරලා හිතාගෙන ඉන්නේ ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියලානේ. ඒක හොදයි ගස් වැවෙනකම්. ඔන්න රටේ රාළලා ඒ පිට්ටනියේ හිටවපු පැලය වර්ධනය වෙනවා. දැන් ජවිපෙ කියයි රටේ රාළගේ පැලය කියන්නේ මෛත්‍රීට කියලා .නැත්තං කරූට කියලා. එහෙමත් නැත්තං පාඨළී තමයි පැලේ කියලා.

අදත් රටේ රාළ කියනවා රටේ රාළ කවදාවත් ශ්‍රීලනිපයට,43 ට යන්නේ නෑ. ඒ වගේම කරූගේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයට යන්නෙත් නෑ. ඒක මුලධර්මවාදයේ අං ගිලපු ජවිපෙට නොතේරීම ගැන රටේ රාළ පුදුම වෙන්නේ නෑ. ඒ තමයි ජවිපෙ.

රටේ රාළ පැලය කියන්නේ අනුරලාගේ තුත්තිරි යටකරගෙන ආපු පොදු වැඩපිළිවෙළට. ඇත්තටම රටේ රාළ නැවත ජවිපෙ අභියෝග කරලා කියනවා. ඒ පැලය මහ ලොකු වෘක්ෂයක් විදිහට වර්ධනය කරන්න රටේ රාළට කරන්න පුළුවන් හැමදේම කරනවා.

 රටේ රාළ තවමත් ජවිපෙන් ඉල්ලන්නේ පිටිටනයේ තිත්තිරි නොවී මහා වෘක්ෂයේ අත්තක් හරි වෙන්න කියලා. නැත්තං අරටුව වෙන්න. කිසිම ප්‍රශ්නයක් නෑ.
රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් විතරක් කරන්න ලෑස්ති වෙන්න එපා.

ඇත්තටම විස්ස රිවස් කරන්න කියන යෝජනා ගෙනාපු නායකයන්ට රටේ රාළ ස්තුති වන්ත වෙනවා. ඒ වගේම පොදු වැඩපිළිවෙළ ගැන කතා කරන්න දවසක එයාලා හම්බ වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ රටේ රාළට මොකුත් ඉල්ල ගන්න නං නෙවෙයි. පොදු එකඟතාවයකට පළවෙනි ෆවුන්ඩේෂන් එක දාන්න පුලුවන්ද බලන්න.

ඊළඟට අපේ විපක්ෂ නායකතුමාටත් කියන්න දෙයක් රටේ රාළට තියනවා. කමක් නෑ ඔහොම හොරගල් අහුල අහුල තව ටික දවසක් ඉන්න. ඊළඟට ලිපියෙන් එයාවත් කරකවලා ගන්න ඕනි. එයාටත් රටේ රාළ කියන්නේ පොදු ප්‍රවාහනට එන්න කියලා.

 

දැන් කරන්න ඕනි රටට ගැලපෙන පොදු වැඩපිළිවෙළ හදන එක. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා පස්සේ බේරගමු. සජිත් තනියෙන් හදන පොදු ප්‍රවාහයක් තියෙන්න බෑ. සජිත් එහෙම එකක් හදන්න යනවා නං ඒකත් හරියට ලංකාවේ පොදු ප්‍රවාහන සේවය වගේ තමයි. කොච්චර බලා හිටියත් බස් එක එන්නේ නෑ.

 

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

මීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)



Leader Whats app


 
 

 
 
මේ මාසෙත් ඩොලර් නැහැ මේකත් විකුණමු ! | මොණරවිලගේ ලියමන
 

මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්