පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ, අමාත්‍ය විමල් විරවංශ 'කටුස්සෙකුට' උපමා කරමින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇත.



දැඩි බැසිල්වාදියකු වන මහින්ද පතිරණ මෙසේ පවසයි.

''ඇමති වීමල් වීරවංශ කාබනික කෘෂි කර්මාන්තය සඳහා වූ තීරණය සිදු වූ වරදක් බව කියමින් අද ඊට පහර ගහනව දැක්ක. ඇත්තටම ඔය තීරණයේ හරි වැරැද්ද දකින්න තාම කල් වැඩියි. ඒ කොහොම වුනත් ඕක හරි ගියා නම් ඕකෙ ක්‍රෙඩිට් එක ගන්න මුලින්ම එන්නෙත් විමලසිරි ගම්ලත් ම තමා. රාජපක්ෂ ආණ්ඩුලින් කරපු හොඳ දේවල් සේරම ඔය දෙතුන් දෙනා කරල තියෙන්නෙ. "වැරදි" සේරම රාජපක්ෂල තනියෙම කරපුව. මේව අපෙයි අලින්ගෙයි වැඩ කියල ගස් පෙරළපු අලියෙකුගෙ පිටේ හිටිය කටුස්සෙකුත් කීවලුනෙ.''


eerer

වාණිජ කෘෂිකර්මාන්ත විනාශ කරන්න එපා - විමල්

වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු යැයි කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ  (28) පැවසීය.

රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත් වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බවත් අමාත්‍යවරයා කීය.

කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව කී අමාත්‍ය විමල් විරවංශ, පොහොරවල හෝ මොනයම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර සෙවිය යුත්තේ කෘෂිකර්මාන්ත කඩා බිඳවැටෙන ආකාරයට නොවන බව ද සඳහන් කළේය.

කාබනික පොහොර ප්‍රවර්ධන කිරීමේ ගැටලුවක් නොමැති මෙන්ම ගොවියාව ගොවිතැනින් පළවා හරින්න ඉඩ දිය නොහැකි බවත් මුළුමහත් මිනිස්සුනගේ බඩගින්නත් සමඟ ආහාර සුරක්‍ෂිතතාව ගැටගැහී තිබීම නිසා වාහාම නිවැරදි නොවුණ හොත් රට මහා විශාල ඛේදවාචයකට මුහුණ දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



සිදුවූ අඩුපාඩුව හඳුනාගෙන දැන්වත් එය නිවැරදි කළ යුතු බවත් ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ගෙනාපු පනත් දෙකක් ගෙවියන්ගේ විරෝධතා නිසා හකුලා ගැනීම අභිමානයට කැළලක් නොවන බවත් අමාත්‍යවරයා කීය.



වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට තුඩුදුන් හේතු වාහාම නිවැරදි කරන්න කළ යුතු බව කී අමාත්‍යවරයා පැවසුවේ වැරැද්ද නිවරදිකරගන්න ලැජ්ජ නොවිය යුතු මෙන්ම වැරැද්ද තව දුරටත් නිවැදි කියලා හිතා තව දුරටත් අපේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කිරීම පිළිබඳව ලැජ්ජ වියයුතු බවත්ය.

පොහොර සාහනාධාරයට ලබාදීමට වැයවන මුදලට වඩා වැඩි මුදලක් ගොවීන්ට වන්දි ගෙවීමට වැය වන බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ''වැඩි මුදල් දැන් ගොවියන්ට වන්දි හැටියට දැන් ගෙවන්න වෙනවා. එතැනිම පේනවනේ කරගත්තු වැරැද්දේ තරම. ඒක නොවෙයි කරන්න ඕන ගොවියගේ ජීවිතයත් එක්ක කෘෂිකර්මාන්තයත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ.'' කියාය. 

 

 

 

 
 

Leader Whats app


 
 

සර් දැන්මම බිම දාගත්තේ නැත්නම් චම්පිකත් ලොකු ඇණයක් වෙනවා.
 

 
  
තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන


 
 
අගමැතිට ප්‍රතිකාර කළ සැග වූ දොස්තර ? | අද ගොසිප් එක
 


வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්