රටේ රාළ දිගටම කරන චෝදනාවක් තමයි රාජපක්ෂලා චින්තනමය වශයෙන් තවමත් වැඩවසම් කියලා. ඇත්තටම එහෙම කියලා විතරක් මදි ඒක ඔප්පු කරලා පෙන්නනත් ඕනි. අද රටේ රාළ මේ කරන්න හදන්නේ ඒක.



මොකද ඒ වැඩවසම් චින්තනය අද හැම ක්ෂේත්‍රයකටම කිඳා බහිමින් තියනවා. රටක් විදිහට ගොඩක් තැන්වලදී මේ චින්තනමය පසුගාමීකම අපට හරස් වෙලා තියනවා.

ඔයාලා දන්නවා වැඩවසම් ක්‍රමය කියන්නේ සමාජ ක්‍රමයක්. යුරෝපයේ ධනවාදයට ඉස්සෙල්ලා තිබුණ සමාජ ක්‍රමය. ඒකේ සර්වබලධාරී රජෙක් හිටියා. මහා ඉඩම් හිමියෝ හිටියා. ඒ ඉඩම් හිමියන්ගේ ඉඩමේ වැඩ කරපු ප්‍රවේනි දාසයෝ හිටියා. ඒ සමාජය පෙරලලා තමයි යුරෝපයේ මිනිස්සු ධනවාදය හැදුවේ. ඒ ගැන වෙන දවසක කතා කරමු.

හැබැයි අපි වගේ ආසියාතික රටවල වැඩවසම් සමාජයක් තිබුණේ නෑ. මෙහේ තිබුණ ආසියාතික සමාජයේ වැඩවසම් ක්‍රමයට යම් සමාන ලක්ෂණ තිබුණා. ඒ සමාජයට තමයි සුද්දෝ ඇවිත් ධනපති ක්‍රමය පැටෙව්වේ.

අපේ රටෙත් රජෙක් හිටියා.ඒ රාජාගේ යටත් වැසියෝ හිටියා. සියලු දෙනාම රජුට සේවය කළා. ඒකෙන් රටේ රාළ කියන්නේ රජෙක් ඉන්නවා කියන්නේ වැඩවසම් කියලා හෙම නෙවෙයි.එ හෙනම් ඉතින් එංගලන්තය තවමත් වැඩවසම්. ජපානය, නෝර්වේ වගේ රටවලුත් වැඩවසම් වෙන්න ඕනි.

ඒක නිසා රජෙක් හිටපු පමණින් වැඩවසම් වෙන්නේ නෑ. රජා කියන වැඩවසම් සංකේතය ධනවාදයට ගලප්ප ගත්ත අවස්ථා තියනවා.

වැඩවසම් ක්‍රමය පෙරලලා ධනපති ක්‍රමයට ගේනකොට දියුණු ධනපති රටවල් කළේ පරණ වැඩවසම් ලක්ෂණ පරණ සමාජයේම තියලා ආවා. ඒක එකපාරට සිද්ධ උනේ නෑ. ක්‍රමයෙන් වැඩවසම් ලක්ෂණ වෙනුවට දියුණු ධනපති ලක්ෂණ ආදේශ කර ගත්තා.

උදාහරණයක් ගත්තොත් ජාතිකත්වයන් අහෝසි වෙලා තනි ධනේශ්වර ජාතියක් හැදුණා. ජාතික රාජ්‍යය නිර්මාණය උනා. රටකට අනන්‍ය ජාතික සංකේත, නීති පද්ධති බිහි උනා.



පේ රටට ධනවාදය ආවට දියුණු ධනේශ්වර ලක්ෂණ ආවේ නෑ. මුලදී නං සුද්දා ඒවා දුන්නේ නෑ. හැබැයි අඩුම ගානේ ඔය කියන නිදහසින් පස්සේවත් සුද්දා නොදුන්නදේ ගන්න අපිට බැරි උනා. හැබැයි අපි කළේ දියුණු ලක්ෂණ උකහා ගන්නවා වෙනුවට පරණ වැඩවසම් ලක්ෂණම කරේ තියාගෙන ධනවාදය ඇතුළෙත් ගමන් කිරීම විතරයි.



එතකොට ඔයාලා අහයි දැන් ඕකට වගකියන්න ඕනි රාජපක්ෂලාද කියලා. අනේ නෑ පැහැදිලිවම නෑ. ඉතිහාසයට තියෙන ඒ විවේචනය රාජපක්ෂලාට අදාල නෑ. රාජපක්ෂලාට අදාල වෙන්නේ වර්තමානයට තියන විවේචනය.

එතකොට ඔයාලාට හිතෙයි රාජපක්ෂලා ගනුදෙනු කරන්නේ දියුණු රටවල් එක්ක. එයාලගේ පුරවැසිභාවයන් තියෙන්නේ ඇමරිකාවේ. එයාලා තමයි ශ්‍රී ලංකාව කියන ධනේශ්වර රාජ්‍යය පාලනය කරන්නේ. එතකොට එයාලා කොහොමද වැඩවසම් වෙන්නේ කියලා.



''එයාලා මනසින් ඒ කියන්නේ චින්තනමය වශයෙන් වැඩවසම්''

කතාවත් ඇත්ත තමයි. එයාලා පාවිච්චි කරන මෙවලම් ලෝකේ දියුණුම ඒවා. ඒ පවුලට සම්බන්ධ අයට ඇමරිකාවේ හරි එංගලන්තයේ හරි පුරවැසිභාවයනුත් ඇති. සුද්දෝ නෑදෑයෝ වෙනවත් ඇති. ඊළගට එයාලා අපේ පාලකයෝ තමයි. හැබැයි රටේ රාළ කියන්නේ එයාලා මනසින් ඒ කියන්නේ චින්තනමය වශයෙන් වැඩවසම්.

ඒකෙන් රටේ රාළ අපේ රටට සුද්දා එන්න ඉස්සෙල්ලා තිබුණ ක්‍රමය හැල්ලු කරන්නේ නෑ. හැබැයි ඒ ක්‍රමය ඉස්සරහට ගිහිල්ලා නව සමාජයක් හැදෙන්න ඉස්සෙල්ලා සුද්දා අපට ධනවාදය පැටෙව්වේ. අපි කැමති උනත් අකමැති උනත් ඒ ක්‍රමය කරගහගෙන යන්න අපට සිද්ධ උනා.

සමාජ විද්‍යාවට අනුව හිතුවොත් නං මෙහෙත් හැදෙන්න තිබ්බේ ධනවාදයට සමාන සමාජ ක්‍රමයක් තමයි. හැබැයි ඒ සමාජ සංවර්ධන ක්‍රියාවලිය මෙහේදී හරිය උනේ නෑ.



කොහොම හරි දැන් අපි ඉන්නේ ධනපතී ක්‍රමය ඇතුළේ. ධනපති ක්‍රමය ලිබරල් ධනවාදය දක්වා පලල් වෙලා. හැබැයි ඒ සමාජයකට එනකොටම පැරණි සමාජයෙන් ගේන්න ඕනි හොද ලක්ෂණ අරන් එන්න ඕනි. ඒ වගේම ඒ සමාජයේ නරක ලක්ෂණ තියලා එන්න ඕනි. හැබැයි අපි අරන් ඇවිත් තියෙන්නේ බහුතරයක් නරක ලක්ෂණ.



අද ඒ වැඩවසම් ලක්ෂණවල සිම්බල් එක වෙලා තියෙන්නේ රාජපක්ෂ පවුල් පාලනය. ඇත්තටම ධනවාදය මෙහෙයවන්න ඕනි ධනවාදී චින්තනයකින්. ඒ වගේම ධනවාදයටත් ඉදිරියෙන් තියන සමාජය දකිමින් ඒක මෙහෙයවන්න පුවන්නම් ඒක තවත් හොදයි. එහෙම නැත්තං ධනවාදය ඇතුළේ අඩුම ගානේ ධනවාදය හරි තියෙන්න ඕනි.

අද භාෂාවෙන් කිව්වොත් ලිබරල් ධනවාදය මෙහෙයවන්න ඕනි ලිබරල්වාදියෙක්. හැබැයි ලිබරල්වාදය වැඩවසම් චින්තනයෙන් මෙහෙයවන්න ගියොත් සම්පුර්ණයෙන්ම අමාරුවේ වැටෙනවා.


ghrtytytyඅපේ රටේ හිටපු ධනේශ්වර නායකයන් අතර ධනවාදය දිහා ධනවාදී චින්තනයකින් බලපු අය හිටියා.


අපේ රටේ හිටපු ධනේශ්වර නායකයන් අතර ධනවාදය දිහා ධනවාදී චින්තනයකින් බලපු අය හිටියා. ජේආර්, ලලිත්, ගාමිණී වගේ අය. මෑතකාලිනව හිතුවොත් චන්ද්‍රිකා, රනිල්, මංගල වගේ අය.

හැබැයි රාජපක්ෂලා එහෙම නෑ. ඇත්තටම රාජපක්ෂලා කියන්නේ තනිකරම වැඩවසම් මෝල් ගස්.

දැන් රාජපක්ෂලා පළමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කිව්වට පළමුව සළකන්නේ පවුලට. ඉස්සෙල්ලාම අයියලා, මල්ලිලා අතර බෙදා ගන්නවා. ඊට පස්සේ එයාලගේ නෝනලාගේ වරිග සභාවලට බෙදනවා. ඊළඟට දුලා පුතාලටයි එයාලගේ නෝන මහත්වරුන්ගේ පවුල් ටිකට.

ඊට ළගට ඒ පවුලේ අනන්‍යතාවය වෙනුවෙන් කුණු ලේ පාට සාටකයක් හදුන්වලා දෙනවා. ඒක හරියට අර වැඩවසම් රජාගේ ආභරණයක් වගේ. කට්ටිය රජ මානසිකත්වය ගන්න පලදින්නේ සාටක. ලේ නෑයින්ට සැළකුවාට පස්සේ ඊළඟට ලේ ඥාතින් නොවන දුර ඥාතින්ට. එයාලාට තමයි රාජ්‍ය ආයතනවලට, සංස්ථා, මණ්ඩලවලට, තානාපති සේවයට දාද්දී හෙම ප්‍රමුඛතාව හම්බ වෙන්නේ.

එහෙම නැතුව සුදුසුකම්වලට නෙවෙයි. මොකද ඔය ජාලියලා, උදයංගලා තානාපති සේවයට ආවේ එයාලා diplomatic හින්දද? නෑ අර වැඩවසම් ඥාතිකමට පින් සිද්ධ වෙන්න.

ඊළඟට රාජපක්ෂලා සළකන්නේ දකුණුට. දකුණේකමට. දකුණේ යාලුවෝ තරහා වෙන්න එපා. රටේ රාළ නං කියන්නේ දකුණෙත් පොරවල් ඉන්නවා. හැබැයි මේ රට වටේම පොරවල් ඉන්නවා. දකුණේ විතරයි නෙවෙයි පොරවල් ඉන්නේ.

ඊළඟට රාජපක්ෂලා ගිය ඉස්කෝලෙට. එයාලගේ පන්සලට, එයාලා නියෝජනය කරපු හමුදා රෙජිමෙන්තුවට සලකනවා. බලන්න එහෙම නෙවෙයිද වෙලා තියෙන්නේ.

ඡන්ද කාලය එනකොට රාජපක්ෂලා සිංහල බෞද්ධ වෙනවා. බෞද්ධකම විකුණමින් රට වටේ යනවා. අභයාරාමේ ඉදන් සදහිරු සෑය වෙනකම් බුද්ධා ලම්බන ප්‍රීතිය දෝර ගලනවා.

ඊළගට රාජපක්ෂලා එක කාලෙකට අමු සිංහල. දෙමළ, මුස්ලිම් පේන්න බෑ. ඒ කාලෙට වඳ කොත්තු ඇවිත් ඔක්කොම හලාල් වෙනවා. රාජපක්ෂලාගේ ගෝලයෝ තමයි පහුගිය කාලේ ජාතිවාදය වගේම ආගම්වාදය ඇවිස්සුවේ. අදත් ඒ කණ්ඩායම රාජපක්ෂලා ලග ඉන්නවා.



ඇත්තටම ජාතිවාදය, ආගම්වාදය කියන්නේ වැඩවසම් පිස්සුවක්. ඊළගට මිථ්‍යාව ඇත්තට මේ රට මිථ්‍යාව ගිල්ලුවේ රාජපක්ෂලා. රාජපක්ෂලාගේ ඇගේ තියන සුර, වශීබෝල, පිරිත් නූල්, ඇත් දල කැලි, නවරත්න ගල්,අ ලි කෙදි, කොටි දත් ටික වෙනමම බැලුවොත් කොහොම ඕවා එල්ලගෙන ඉන්නවද කියලා හිතෙනවා.

 


ඊළඟට කුණ්ඩලණී යෝග, පැණි මුට්ටි. යාගසෝම, පුද පූජා හැම එකම සීමාව ඉක්මවලා. ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන බෞද්ධ දර්ශනයත් පාවිචිචි කරගෙන මහජන මුදල්වලින් ලිත්, සිල් රෙදි බෙදනවා.

ඔයාලා නිකං කල්පනා කරලා බලන්න අපට රටක් විදිහට ඉස්සරහට යන්න බැරි වෙලා තියෙන්නේ ඕවා නිසා නෙවෙයිද? ලෝකය විද්‍යාව ඒක්ක ඉස්සරහට යද්දී අපි මිථ්‍යාව එක්ක කොච්චර පස්සට ගිහින්ද? ජපානය බුද්ධාගමත් එක්ක ඉස්සරහට යද්දී ජපනටත් බුද්ධාගම උගන්නපු අපට මොකද වෙලා තියෙන්නේ. කෝ මේ රටේ ජාතික සමගිය. සංහිදියාව.

අපි තවත් දෙමළ, මුස්ලිම් මිනිහා දිහා බලන්නේ සැකෙන්. දෙමළ මිනිහා, මුස්ලිම් මිනිහා අපි දිහා බලන්නේ සැකෙන්. ඒ සැකය තියනතාක් ජාතිවාදය. ආගමික අන්තවාදය නැති කරන්න බෑ. හැබැයි සිංහල, දෙමළ මුස්ලිම්, බර්ගර්, මැලේ මිනිස්සු අතර විශ්වාසය හැදුවොත් ජාතිවාදයට පවතින්නත් බෑ. ආගමික අන්තවාදයට පවතින්නත් බෑ.

රාජපක්ෂලා හදන්නේ නැත්තෙත් එක. හදන්ඩ දෙන්නේ නැත්තෙත් ඒක.

අද මේ රටේ සුදුස්සාට සුදුසු තැන නෑ. රාජය පරිපාලන සේවයේ කප් ගහලා හිටියත් වැඩක් නෑ. තැනකට යන්න නං රාජපක්ෂලාට ගැතිකං කරන්න ඕනේ. මේ රටේ නීතියේ පිළිසරණ අද රටේ බහුතර ජනතාවට නෑ. හැබැයි රාජපක්ෂලාට හිතවත් නම් නීතියේ දොරවල් ඇරෙනවා. හොරකම් යට යනවා. නීතිපතිට වරදිනවා. නඩුවලට එකපාරට තාක්ෂණික දෝෂ එනවා. අනික් හැමදෙයක්මත් එහෙමයි.


මේකේ භයානක තත්වය තමයි අද ඒක බෝවෙන රෝගයක් වෙලා. රාජපක්ෂලාගේ ඒ මනස ගෝලයින්ටත් කාන්දු වෙලා. එයාලත් එයාලට ඇති හැකි පරිදි ඒ වැඩේම කරනවා. අද අපේ රටේ ගොඩක්දේ සිද්ධ වෙන්නේ ඥාතිකමට, සිංහලකමට, බෞද්ධකමට, දෙමළකමට, මුස්ලිම්කමට.ග මේකමට, ඉස්සෙලේකමට, විශ්ව විද්‍යාලයේකමට. හමුදා රෙජිමෙන්තුවේකමට.


ඇත්තටම රාජපක්ෂලා මේ සියලු දේවල් කනපිට හරවලා ඉවරයි. නීතිය, ව්‍යවස්ථාව, ආයතන සංග්‍රහ, අණ පනත්, චක්‍ර ලේඛන, අයිතීන්, මානව නිදහස, සාර ධර්ම මේ සියල්ල සීසිකට වීසි කරලා. ඒ වෙනුවට පිලිපීනයේ තිබුණා වගේ මාකෝස් පන්නයේ පාලනයක් මේ රටේ ස්ථාපිත වෙලා.

සමහරවිට මාකෝස්ගෙන් ආරම්භ වෙලා මේක ඉඩී අමීන්ගෙන්, නැත්තං හිට්ලර්ගෙන් අවසන් වෙන්න පුළුවන්. ඒක නිසා රටේ රාළ කියන්නේ අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මොන ජනවර්ගයකට අයත් උනත් රට බේරා ගැනීමේ සටනට එක්වෙන්න අපට අයිතියක් තියනවා.

ඒකට හරි තැනක් හැදෙනකං අඩුම ගානේ රටේ රාළලා කරන මේ මතවාදී අරගලයවත් ඉස්සරහට ගෙනියන්න උදව් කරන්න. මේ එක මිනිහෙක්ගේ ඔළුවට  එන අදහසක් නෙවෙයි. ඇත්තටම අපට පාටක්, පක්ෂයක් නෑ. තියෙන්නේ අපි හැමෝටම අයිති මව්බිමක් විතරයි. රටේ රාළලා හිටගෙන ඉන්නේ එතන.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට

රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

 

 

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්