විමලුයි, ගම්මන්පිලයි නැති පොහොට්ටුව මොන වගේද? කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් මොකද්ද කියන්නේ? රටේ රාළ නං කියන්නේ පරිප්පු නැති හෝටලක් වගේ කියලා.


ඇත්තටම විමල් හා ගම්මන්පිල අහිමි වීම පොහොට්ටුවට බලපානේ කොහොමද? ඒක පොහොට්ටුවට වාසිද අවාසිද? ඒ ගැන සාධාරණ විග්‍රහයක් කරගන්න නම් පොහොට්ටුව ඇතුළේ දැන් තියන සංයුතිය හරියටම තේරුම් ගන්න ඕනි.

සුළු පක්ෂ සන්ධානය ඇරුණම අනිත් ඔක්කොම පොහොට්ටුවේ කියලා කාට හරි කියන්න පුළුවන්. රටේ රාළ ඒක පිලිගන්නේ නෑ. මේක ඇතුළේ තවත් බෙදීම් ගොඩක් තියනවා.



කළකිරුන තවත් පොහොට්ටුවකාරයෝ ඕනි තරම් ඉන්නවා. එයාලත් මේ තත්වය කිරා මැන බලමින් ඉන්නේ. කළකිරීලා ඉන්න පොහොට්ටුවේ ජේෂ්ඨයෝ කතා කළේ නැති උනාට විමල්ට හා ගම්මන්පිලට කරපු වැඩේ අනුමත කරන්නේ නැති බව ෂුවර්. කට ඇරියොත් අපටත් මේ ටික තමයි කියන බයට කට වහගෙන ඉන්නවා ඇති.



ඊට අමතරව රටේ රාළ දිගටම කිව්වේ රාජපක්ෂලා අතර බෙදීමක් තියනවා කියලා. දැන් ඒක ඔප්පු වෙලා ඉවරයි. පෙරේදා සුළු පක්ෂ සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවේදී විමල් ඒක ඔප්පු කළා.

මීට ඉස්සෙල්ලත් ජනාධිපති විමල්ට ඉල්ලා අස්වීමේ ලියුම එවන්න කියලා තියනවා. එතකොට මහින්ද තමයි පිස්සු කියලා විමල් ලිය ලියා හිටපු ඉල්ලා අස්වීමේ ලිපිය යන්තම් නතර කරගෙන තියෙන්නේ. එතනදී මහින්ද පිස්සු කිව්වේ කාටද කියලා පැහැදිලි නෑ.

ඒ වගේම දිගටම බැසිල් එයාට අවශ්‍ය විදිහට ගෝඨාභය හැසිරෙව්වා කියලා විමල් කිව්වා. එතකොට අපට පැහැදිලිව මේක ඇතුළේ කණ්ඩායම් දෙකක් පේනවා. එකක් තමයි මහින්ද, අනික බැසිල්, ඊළඟට බැසිල් බලහත්කාරයෙන් පාලන කරන ගෝඨාභය. දැන් රටේ රාළ දිගටම කිව්ව කතාව තහවුරුයි.
රාජපක්ෂලා අතර බෙදීමක් තියනවා.



''විමල්ලා පිටි පස්සේ හිටියේ මහින්ද වෙන්නත් පුළුවන්''



ඊළගට බලන්න ඕනි ඒ බෙදීම හැදිලා තියෙන හේතුව මොකද්ද කියලා. ඇත්තටම මේ බෙදීමට හේතුව බලය .අනාගත දේශපාලන බලය.  විමල් කියන විදිහට බැසිල් 2015 පරාජයෙන් පස්සේ මහින්දගෙන් විපක්ෂ නායකකම ඉල්ලලා තියනවා. ඊට පස්සේ 2019 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ට්‍රයි කරලා තියනවා. ඒකට විමල්ලා ඉඩදීලා නෑ. සමහරවිට විමල්ලා පිටි පස්සේ හිටියේ මහින්ද වෙන්නත් පුළුවන්.

ඊළඟට පොදුජන පෙරමුණ කියන්නේ බැසිල්ගේ පුද්ගලික දේපලක් කියලා විමල් කියනවා. පහුගිය කාලේ මහින්දගේ අගමැතිකම ගලවගන්න බැසිල් ලොකු උත්සාහයක් ගත්ත බව රටම දැක්කා.



එහෙනම් එකක් පැහැදීලියි. බැසිල් මේ සියල්ල කරගෙනම එන්නේ 2024 ජනාධිපති වෙන්න. රටේ රාළලා කරපු අනුමානය විමල් තහවුරු කළා. එතකොට බැසිල් බලය වෙනුවෙන් මහින්ද අභිබවන්න උත්සාහ කරපු අවස්ථා කීපයක් තියනවා. බැසිල්ට ඒක කරන්න බැරි උනත් ඒ උත්සාහය දරලා තියනවා.



හැබැයි මහින්ද තමන්ගේ දේශපාලන අද්දැකීම් පාවිච්චි කරලා ඒවා සියල්ල පරාජය කරලා තියනවා. ඒකට විමල්ලත් උදව් කරන්න ඇති. අදත් මහින්දට ඒ හයිය තියනවා. ශාරීරික දුර්වලතාවය නැත්තං මහින්දත් තවමත් පොරක් තමයි.

කොහොම හරි බැසිල් පවුලේ අය එක්ක බලය ගැන කේවල් කරලා තියන බව පැහැදිලියි. ඉතින් දැන් එන ප්‍රශ්නය තමයි ඇයි මහින්ද ඒකට බැසිල්ට ඉඩ දෙන්නේ නැත්තේ කියන එකයි. ගෝඨාභයගෙන් පස්සේවත් රාජපක්ෂ පවුලේ අනුප්‍රාප්තිකයා වෙන්න බැසිල් නුසුදුසුද?

රටේ රාළට නං ඔය කොයි රාජපක්ෂත් එකයි. බැසිල්ට මහින්ද දෙන්නේ නැත්තේ මහින්දට වෙන Option එකක් තියන නිසා වෙන්න ඕනි. ඒක දිනේෂ් ගුණවර්ධන වෙන්න බෑනේ. ඩලස් හරි විමල් හරි වෙන්නත් බෑනේ. ඕනි පොඩි ළමයෙකුට තේරෙනවා මහින්දගේ Option එක මොකද්ද කියලා.



මහින්ද බැසිල්ට නොදී ගෝඨාභයට දීලා තියෙන්නේ ඇයි?



හරි එතකොට මහින්ද බැසිල්ට නොදී ගෝඨාභයට දීලා තියෙන්නේ ඇයි? ඕනි නං තව පාරක් හිටලා 2030 නාමල්ට ගන්න වෙන්න ඕනි. මොකද මහින්දට ෂුවර් ගෝඨාභයට දුන්නොත් ආය ගන්න පුළුවන් කියලා. බැසිල්ට දුන්නොත් ආය ගන්න හිතන්නවත් බෑ කියලා මහින්ද දන්නවා.

බලය සම්බන්ධව කාරණයේදී බැසිලුත් මහින්ද වගේම තමයි. මළ පෙරේතයි.

හැබැයි දැන් ගෝඨාභයගේ අසාර්ථකත්වය හින්දා 2024 ට හිස් තැනක් හැදිලා තියනවා. මේ රටේ මිනිස්සු ආය නං ගෝඨාභයට බලය දෙයි කියලා හීනෙන්වත් හිතන්න බෑ. ඒ හිස්තැන පුරවන්නට බැසිල් හදනවා. ඒක පුරවන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම ප්‍රශ්නයක්.

මිනිහෙකුට එහෙම හීනයක් තියාගන්න පුළුවන්නේ. මහින්ද දෙන්නෙත් නැත්තං මේක කොහොම හරි ගන්නත් ඕනි නං. බැසිලුත් ඉතින් මොනවා හරි කරන්න ඕනිනේ. මිනිහත් පෘථග්ජන මිනිහෙක් නේ තවම. ඒකට බැසිල් ප්ලෑන් එකක් හදලා.



බැසිල්ගේ ප්ලෑන් එක වැඩ කලෝත් නාමල්ට 2030 ත් නැතිවෙනවා. මහින්ද ඒක දන්නවා. ඒක නිසා මහින්දට දැන් තියන උත්තරය තමයි 2030 ට තියපු නාමල්ව 2024 ට අදින එක. ඒ කියන්නේ බැසිල් මහින්දගෙන් 2015 ඉදන් ඉල්ලන අවස්ථාව මහින්ද මේ පාරත් දෙන්නේ නෑ. ඉතින් දැන් බැසිල් යකා වෙලා ඉන්නේ. බැසිල් දැන් එයා හදපු ප්ලෑන් එකක් ගහගෙන යනවා.


''ජාතික සංවිධායක ධූරය නොදීම විසින් තමයි විමල්, බැසිල් ගැටුම හැදුණේ. ''



මෙතනදී විමල් කියන එක හරියට හරි. ඒ උවමනාව වෙනුවෙන් තමයි බැසිල් පොහොට්ටුව හැදුවේ. හැබැයි අද විමල්ට ඒක තේරුණාට එදා විමල්ට ඒක තේරුණේ නෑ. තේරුනේ නෑ නෙවෙයි නොතේරෙන විදිහට හිටියා. කොටින්ම 2017 දී විමල් බබා උනා.

නැත්තං බැසිල්ගේ මේ උවමනාව ඉෂ්ඨ කරලා දෙන්න ශ්‍රීලනිපය දෙකට කඩන්න බැසිල්ට උදව් කරයිද? බැසිල් එක්ක එකතු වෙලා විමල් ඒක කලා. හැබැයි බැසිල් ඒ වෙනුවෙන් විමල්ට පොරොන්දු උන ගාන දුන්නේ නෑ. විමල් ඉල්ලුවේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරය. ඒක නොදීම විසින් තමයි විමල්, බැසිල් ගැටුම හැදුණේ.

ඒ ගැටුම ඇතුළේ මහින්ද හැම වෙලේම නාමල්ගේ වැඩේට විමල්ව පාව්ච්චි කර ගත්තා. දැන හෝ නොදැන විමලුත් ඒක වෙනුවෙන් ස්වකැමැත්තෙන් පාවිච්චි උනා. ඔය තත්වය යටතේ තමයි බැසිල් පොහොට්ටුව ඇතුළේ බලවත් වෙන්නේ.

බැසිල් පොහොට්ටුවේ කට්ටිය ඇල්ලුවා. පොහොට්ටුවේ නෙවෙයි සුළු පක්ෂවල අයත් ඇල්ලුවා. විමල්ගේ පක්ෂේ අයත් ඇල්ලුවා. අද ඔය ඔතන විමල් එක්ක ඉදගෙන ඉන්න අයත් බැසිල් අල්ලලා තියෙන්නේ. ඕනි වෙලාවට බැසිල් එයාලා එළියට ගනී.

ඉතින් ඔය වගේ තත්වයක් යටතේ තමයි විමල් ගැන සලකා බලන්න වෙන්නේ.



ඊළගට මෙතනදී තව කරුණයක් සලකන්න ඕනි. ඒ තමයි පොහොට්ටුවේ අයිතිකාරයා කවුද කියන එක. ඒක මහින්දගේද නැත්තං බැසිල්ගේද? ඔය ප්‍රශ්න ටිකට උත්තර හොයා ගත්තොත් විමල්, ගම්මන්පිල තවදුරටත් පොහොට්ටුවට ඕනිද නැද්ද කියන එක බේර ගන්න පුළුවන්.



ඇත්තටම මහින්දගේ Angale එකෙන් බැලුවොත් විමල්, ගම්මන්පිල තවදුරචත් පොහොට්ටුවේ ඉන්න ඕනි. මහින්දගේ ඉළක්කට යන්න නං විමල්, ගම්මන්පිල ඇතුළු සුළු පක්ෂ ටික ඕනි. එතනදී මහින්දට ශ්‍රීලනිපය ගන්න බැරිවෙයි. හැබැයි අනිත් අය ගන්න පුළුවන්. ඒ කියන්නේ නාමල්ට ඔටුනු පලන්දන්න Project එකට විමල්ලා අත්‍යවශ්‍යයි.

හැබැයි බැසිල්ගේ Angale එකෙන් බැලුවොත් එයාගේ ගමනට තියන ලොකුම ඇණ දෙක තමයි විමලුයි, ගම්මන්පිලයි කියන්නේ. මොකද ඒ දෙන්නා ඉන්නේ මහින්දගේ ලයින් එකේ. ඒක නිසා හැම වේලෙම බැසිල් ට්‍රයි කරන්නේ ඒ ඇණ දෙක ගලවන්න.

විමල් කියන විදිහට බැසිල් පාර්ලිමේන්තු එන්න ඉස්සෙල්ලාත් ඒක කරලා තියනවා. පාර්ලිමේන්තු ආවට පස්සේ ඒක වැඩි වෙලා. ඒ කියන්නේ පහුගිය කාලේ පොහොට්ටුවේ මැති ඇමතිලා විමල්ලට පල නොකියාම පලා බෙදුවේ බැසිල්ගේ උවමනාවට. ඒවා රෝහිතලගේ, ජොනීලගේ, එස්එම්ලගේ, කුට්ටිලාගේ හඩ උනාට පිටිපස්සේ හිටියේ බැසිල්.



''විමල් කියන විදිහට ගෝඨාභයට පිහිය දුන්නේ බැසිල්.''




හැබැයි දැන් මේකේ අවාසනාවන්ත ගොදුර බවට අවසානයේ පත් උනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. තමන්ව බලයට ගේන්න වැඩිම උදව්ව කරපු දෙන්නගේ බෙල්ල කපන්න තරම් ගෝඨාභය අවාසනාවන්ත උනා.

ඇත්තටම විමල් කියන විදිහට ගෝඨාභයට පිහිය දුන්නේ බැසිල්.

ඒකෙන් අපට මෙහෙම හිතන්නත් පුළුවන්. ගෝඨාභයට මේ සියලු ලණු දෙන්නේ බැසිල් කියලා. ඒ වගේම රටේ රාළ තවමත් විශ්වාස කරන්නේ විමල්ලා දෙවෙනිදා කරන්න හදපු රංගනය පිටි පස්සේ හිටියේ මහින්ද කියලා. ඒකේ පිටපත මහින්දගේ.

වැඩේ අවුල් වෙන්නේ නළුවෝ දෙන්න ලියලා දුන්න දෙබස්වලට අමතර ඒවා කියන්න ගිහිල්ලා. ඒ කියන්නේ මාත්‍රව වැඩියෙන් අරන්. ඕවර් ඩෝස් උනා. රටේ රාළ කියන්නේ මහින්ද මේ තත්වය ගැන හිතලා ආයෙත් තිර පිටපතක් ලියනවා.

දැන් නිකං ඒකට වටපිටාව හදාගෙන එනවා කියලා දැනෙන්නේ නැද්ද? හැබැයි ඒකේදී මේ නළුවෝ දෙන්නට සටන් නළුවෝ දෙන්නෙක් වෙන්න බැරිවෙයි මොකද ඒක සම්භාවය පස් වෙනි මණ්ඩලයේ එකක් වෙයි. ඇත්තටම රටේ රාළ කියන්නේ ඒ චිත්‍රපටිය ළග ළගම එනවා. Coming කෑලි දැන් යනවා. ඒක හරියට කළොත් ඔය දෙන්නටම ආයෙත් චාන්ස් එකක් ගන්න බැරිවෙන එකක් නෑ.

හැබැයි දැනට නං සටනින් බැසිල් දිනලා තියෙන්නේ. බැසිල්ට අනුව විමල් හා ගම්මන්පිල එලවීම එයාට වාසී.

බලමු මහින්ද කොහොමද තවත් වටයකින් සටනට ප්‍රවේශ වෙන්නේ කියලා. මොකද විමල් කියන විදිහට බැසිල් ජනාධිපතිට කියලා තියෙන්නේ විමලුයි, ගම්මන්පිලයි කැබිනට් එකට එනවා නං එයා එන්නේ නෑ කියලනේ.

ඒකට අනුව තමයි ගෝඨාභය වැඩේ දීලා තියෙන්නේ.

ඉතින් ඕනි නං මහින්දටත් කියන්න පුළුවන් විමලුයි, ගම්මන්පිලයි නැති කැබිනට් එකට මම එන්නේ නෑ කියලා. මොකද බැසිල්ට වඩා තවමත් මහින්දට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.

රටේ රාළ කියන මේ මොකුත් වෙන්න බැරි දේවල් නෙවෙයි. නාමල් වෙනුවෙන් මහින්ද එහෙම කරන්නත් බැරි නෑ. මේකෙන් මේ රටට ඉගෙන ගන්න ලොකු දේශපාලන පාඩමක් තියනවා. ඔය මුළු රටම හරි මඟට කියාගෙන,එහෙමත් නැත්තං බැසිල් වර්ණනාව කරගෙන එන්නේ ඔය බල පොරයට.

ඒවා ඇතුළේ ඉන්නේ එක්කෝ බැසිල්. නැත්තං මහින්ද.



ඊළගට පොහොට්ටුව ඇතුළේ රාජපක්ෂලාට බැලමෙහෙවර කරන හැම කෙනෙකුටම ඉගෙනගන්න තවත් පාඩමක් මෙතන තියනවා. ඉතිහාසයේ දවසක රටේ රාළ විමල්ටත් ඒක කියලා ඇති. කවුරු හරි රාජපක්ෂලාට ඔළුව පාත් කළොත් රාජපක්ෂලා ඒ මිනිහගේ ඔළුව බීම ගැවෙනකම් පාත් කරනවා. අන්තිමට බිම දාලා පාගලා තමයි නිකං ඉන්නේ.


ඒක මහින්ද කරන්නේ වෙන විදිහකට. රිදෙන්නේ නැති වෙන්න. බැසිල් කෙලින්ම කකුල් මාට්ටුවක් දාලා වට්ටනවා. දෙන්නම කරන්නේ එකමදේ. හැබැයි ක්‍රම දෙක වෙනස්. ඒකට හොඳම උදාහරණ දෙක විමල් සහ ගම්මන්පිල.

දැන් මෙතනදි එක දෙයක් තහවුරු වෙනවා. රාජපක්ෂලාට නැගිටින්න අත දුන්න කෙනාට නැගිට්ට ගමන් රාජපක්ෂලා ගහනවා. උදව් කරපු අයට ආපිට ගහන රාජපක්ෂලා තරම් ගුණමකුවෝ රටේ රාළ නං තවත් දැකලා නෑ.

ඒ වගේම ඒ ගුණය ඒ විදිහටම විමල්ටත් පිහිටලා තියනවා. කවුරු කැමති උනත් නැතත් ඕක තමයි අමුම අමු ඇත්ත.


එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා
මීට
රටේ රාළ
(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)

 

Priynatha witharana

 

 

 

 


කවුද රජා? | අද ගොසිප් එක | The Leader TV

 Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්