යුක්‍රේන - රුසියා යුද්ධය පටන් අරන් දැන් සති තුනකට කිට්ටුයි. තවමත් යුද්ධය නං යනවා. දැන් ජීව විද්‍යාත්මක අවි ගැනත්, රසායනික අවි ගැනත් සාකච්ඡාවක්  ඇවිත්.  



ඇත්තටම යුද්ධය අස්සේ තියෙන්නේ වෛරය. වෛරය තියන යුද්ධයක් ලෝකේ කොතැනකවත් සාධාරණ විදිහට වෙලා නෑ. යුක්‍රේනය ජීව අවි හදන බවට පැමිණිල්ලකුත් රුසියාව එක්සත් ජාතීන්ට ඉදිරපත් කරලා තියනවා.

යුද්ධය පටන් ගන්න ඉස්සෙල්ලා මත ගැටුම උග්‍ර උන කාලේ, ඒ වගේම පුටින් නැගෙනහිර යුක්‍රේනයයේ දිස්ත්‍රික දෙකක් ස්වාධීන රාජ්‍ය ලෙස පිලිගත්ත වෙලාවෙත්, ඒවා ආරක්ෂා කරන්න කියලා රුසියන් හමුදාව යැව්ව වෙලාවේ පුටින්ට දැවැන්ත ජාත්‍යන්තර පිලිගැනීමක් තිබුණා.

හැබැයි පුටින් යුක්‍රේනය ආක්‍රමණය කරන්න අණදීමත් එක්ක ඒ ජාත්‍යන්තර පිලිගැනීම ගොඩක් දුරට කඩාගෙන වැටුණා. ඇත්තටම ඒකට බලපාපු ප්‍රධාන හේතුව බටහිර මාධ්‍ය විසින් පුටින් ලේ පිපාසිත උන්මත්තකයෙක් විදිහට යුද්ධය උපුටා දක්වමින් පෙන්නපු එක.



බටහිර මාධ්‍ය යුද්ධය ගැන කතා කළා. යුද්ධයේ කුරිරිකම පෙන්නුවා. හැබැයි යුද්ධය ඇතිවීමට බලපාපු හේතුව කතා කළේ නෑ. ඒවා පෙන්වා දුන්නේ නෑ. ඒ නිසා යුද්ධය පටන් අරන් පළවෙනි, දෙවෙනි සති දෙකේ වීරයා උනේ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි. බටහිර මාධ්‍ය සෙලෙන්සි වීරයෙක් කළා. අතිශෝක්තියෙන් වීරයෙක් කළා.



ඇත්තටම වීරයෙක් වෙන්න සෙලෙන්ස්කි මොකවත් කළේ නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. සමහර අවස්ථාවල සෙලෙන්ස්කි නිර්භීත තීරණ ගත්තා. හැබැයි ඒ හැම තීරණයක්ම ගත්තේ යුද්ධය පටන් ගත්තට පස්සේ. හැබැයි සමස්ථ ක්‍රියාවලිය ඇතුළේ සෙලෙන්ස්කි ෆේල්.

එහේ මිනිස්සුත් කියනවා ඇති සර් ෆේල් කියලා. දැන් යුක්‍රේන - රුසියා යුද්ධය ගැන මධ්‍යස්ථ විචාරක මතයත් එළියට ඇවිත්. ඒකට අනුව සෙලෙන්ස්කි තමයි පළවෙනි විත්තිකාරයා වෙලා තියෙන්නේ.

යුක්‍රේන - රුසියා යුද්ධය ගැන රනිලුත් හොඳ විග්‍රහයක් කරලා තිබුණා. 

 

දැන් දෙවෙනි විත්තිකාරයා වෙලා තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ නේටෝව. ඊට පස්සේ තමයි පුටින්ට අත දික් වෙන්නේ.

ඇත්තටම සෙලෙන්ස්කි කරපු මේ රාජ්‍ය තාන්ත්‍රික වැරැද්ද නිසා යුක්‍රේන ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවන්න වෙලා. දහස් ගානක් ආබාධිත වෙලා. දස ලක්ෂ ගණනින් සරණාගතයෝ වෙලා. කිව්වල, කාර්කිව්වල, මරියුපෝල්වල සමූහ මිනීවල කැපෙනවා පේනවා. කිසිම වරදක් නොකරපු මිනිස්සු මිහිදන් වෙනවා. සමහර යුක්‍රේනුවන් වීරයින් වගේ තමන්ගේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරනවා.

රුසියානු හමුදා කිව් වලට දැන් ඉතාම ආසන්නයේ ඉන්නේ. පැති තුනකින් නගරයට එයාලා කඩා පනින්න ලෑස්ති. මේ ලිපිය ලියන මොහොත වෙන්කොට එක කණ්ඩායමක් නගරයට උතුරු පැත්තෙන් ඇතුළුවෙමින් ඉන්නවා. නගරයට ඈතින්ම හිටපු කණ්ඩායම හිටියේ හැතැම්ම තුනක් තරම්ම කිට්ටුවෙන්.

කොහොම උනත් රුසියන් හමුදාව දැන් තමන්ගේ ප්‍රහාර වැඩි කරලා තියනවා. ඊළඟට එයාලා දන්නවා යුක්‍රේනයත් තමන්ගේ උපරිමය කරන්නේ කිවි අගනුවර බේර ගන්න කියලා. ඇත්තටම එතනදී දෙපැත්තෙන්ම මහ විනාශයක් වෙනවා. විශේෂයෙන් රුසියාව මෙතනදී උපරිම ගුවන් බලයක් යොදයි. ඒ නිසා විශාල ජීවිත ජීවිත හානියක් වෙනවා.

dfrydh

දෙපැත්තේ හමුදා සාමාජිකයන් නැතිව ගත්තොත් දැනටමත් නිල නොවන වාර්තාවලින් කියන්නේ 3000 කට වැඩි ගානක් මැරිලා කියලා. දැන් රුසියාව බටහිර යුක්‍රේනයටත් පහර දෙනවා.ඒ කියන්නේ පෝලන්තය පැත්තට. යුක්‍රේනයට සැපයුම් එන පැත්තට.

ඒ වගේම සාමාන්‍ය ජනතාව පලා යන්නේ ඒ පැත්තෙන්. මෙතනදී රුසියාව අනතුරු ඇඟවීම් කීපයක් කරන බව පේනවා. ඒකක් බටහිරට සැපයුම් මාර්ගවලට අනතුරු අඟවනවා. අනික බටහිර බෝඩරයට ඒ කියන්නේ නේටෝ සීමාවට මරණ බිය අරන් යනවා .ඇත්තටම මෙතනදී පෝලන්ත සීමාවට ප්‍රහාරයක් එල්ල උනොත් තත්වය තවත් දරුණු වෙනවා.

ඒ වගේම කිව්වල දැනට සටන් තියන ප්‍රදේශවලදී යුක්‍රේන හමුදාවලින් එල්ලවෙන පීඩනය අවම කර ගැනීමත් එයාලගේ උපක්‍රමයක් වෙන්න ඇති.

කොහොම හරි දැන් එකක් පැහැදිලියි. දැන් මුළු යුක්‍රේනයම අනාරක්ෂිතයි. යුක්‍රේනයයට තවත් රදවා ගන්න තරම් ලොකු බලාපොරොත්තුවක් දැන් ඉතුරු වෙලා නෑ. එයාලට දැනට තියන එකම බලාපොරොත්තුව යුක්‍රේන හමුදාව විතරයි. ඒත් යුක්‍රේන හමුදාවේ චිත්ත ධෛර්යය තව ගොඩක් කල් රදවාගන්න පුළුවන් වෙයි කියලා රටේ රාළ හිතන්නේ නෑ.



කිවි බිද වැටුණු ගමන් සියල්ල අවසන් වෙයි. ඒක නිසා කිවි තමයි දෙපැත්තේම ඉළක්කය. යුක්‍රේනය බලධාරීන්ගේ ප්‍රකාශවලින් පරාජය ගැන සේයා පලවෙමින් තියනවා. ඒකට එයාලගේ කතා හොදට විශ්ලේෂණය කර ගත්තොත් පේනවා. දැන් එකක් පැහැදිලියි රුසියාව තමන්ගේ හමුදාවට මොන හානිය උනත් කිවි අල්ලනවා.



රුසියානු හමුදාව කිව්වලට කිලෝමීටර් 40 දුරින් ඉන්න කොට සෙලෙන්ස්කිගේ තිබුණ සද්දයත් දැන් ටික ටික අඩුවෙනවා. සෙලෙන්ස්කි ගිල්ලේ ලණුවක් කියලා කියන්න බෑ. ඒකට ලණුව කියන එක අසාධාරණයි. ඒක කඹයකට වැඩිය ලොකු එක්ක. ඒත් මෙච්චර එකක් ගිල්ලේ කොහොමද කියලා හිතා ගන්න බෑ. අපේ අය නං කමක් නෑ කියලා හිතන්න පුළුවන්. ඒත් සෙලෙන්ස්කි.

ඇත්තටම සෙලෙන්ස්කිට නේටෝව විතරක් නෙවෙයි. යුරෝපා සංගමයත් පොල්ල තියලා. නේටෝවේ බැරි නං යුරෝපා සංගමයේවත් සාමාජිකත්වය දෙන්න කියලා සෙලෙන්ස්කි ඉල්ලුවා.

හැබැයි බටහිර ඒ ගැන මොකුත් කිව්වේ නෑ. එයාලා කළේ සූම් තාක්ෂණය ඔස්සේ තමන්ගේ පාර්ලිමේන්තු අමතපු සෙලෙන්ස්කිගේ කතාවලට හිටගෙන අපොඩි ගහන එක විතරයි. සෙලෙන්ස්කි ඇතුළු යුක්‍රේනය යක්ෂයා වෙත තල්ලු කරන මාරාන්තික අපොඩි ගැසීමක් ඒක.

fgtdrt

යුක්‍රේනය අවසන් වරටත් ඊයේ පෙරේදා නේටෝ සාමාජිකත්වයට ඉල්ලලා තිබුණා. එහෙම දෙන්නේ නැත්නම් තමන් යුරෝපය ඇතුළේ මධ්‍යම රටක් වෙන බව යුක්‍රේන විදේශ ඇමති කියලා තිබුණා.

ඇත්තටම ඒ ප්‍රකාශය අනුව නං පුටින් හරි. එහෙනම් මෙච්චර කල් එයාලා හිටලා තියෙන්නේ මධ්‍යස්ථව නෙවෙයි. නේටෝ පදයට තමයි නටලා තියෙන්නේ. එහෙනම් ඇත්තටම මේක ඉල්ලං කාපු පිස්සුවක්.



සෙලෙන්ස්කිට තවමත් පොඩි හරි අවස්ථාවක් ඉතුරු වෙලා ඇති. මේක රාජ්‍ය තාන්ත්‍රිකව විසද ගන්න. ඒ කියන්නේ රුසියාවට ඕනි සහතිකය දෙන්න. දෙන්නේ නැති නේටෝ සමාජිකත්වයක් වෙනුවෙන් තවත් තමන්ගේ රටේ ජනතාව බිලි දෙන්න සෙලෙන්ස්කිට අයිතියක් තියනවද?



රටේ රාළට හිතෙන්නේ සෙලෙන්ස්කි දැන් ප්‍රශ්නය විසද ගන්න තියෙන්නේ බටහිරත් එක්ක නෙවෙයි. රුසියාවත් එක්ක. එහෙම නැතිව සෙලෙන්ස්කි තවමත් රුසියාවට අභියෝග කරනවා නමි. එයාලා යටත් කරගත්ත රුසියන් සෙබලු පෙන්න පෙන්න තවත් රුසියාව ප්‍රකෝප කරනවා නම් ඇත්තටම සෙලෙන්ස්කිටත් අකල් මරණයක් තමයි අත්වෙන්ඩ නියමිතවයි තියෙන්නේ.

සෙලෙන්ස්කි පිලිගන්නවා තමන්ට නේටෝව ලණුවක් දුන්නා කියලා. දැන් සෙලෙන්ස්කි ජාතිය අමත අමත නේටෝව පතුරු ගහනවා. හැබැයි රුසියාව බෙලෝ රුසියාව ගැන අනුගමනය කරන පිලිවෙත බටහිර පිලිවෙතට වඩා ගොඩක් වෙනස් එක්ක. තමන් එක්ක සටනට එකතු උන සටන් සගයා ආරක්ෂා කරන්න රුසියාව ලොකු උත්සාහයක් ගන්නවා. යුද්ධය ඉස්සරහා විතරක් නෙවෙයි ජාත්‍යන්තර සම්බාධකය ඉස්සරහා එකට මුහුණ දෙන්න ඕනි කරන ක්‍රියාමාර්ගය අරන් තියනවා. ඒ වෙනුවෙන් රටවල් දෙකම ඒකාබද්ධව කටයුතු කරන්න තීරණය කරලා.

ඇත්තටම නේටෝව සෙලෙන්ස්කි මඟ හරින වෙලාවඛ පුටින් හා බෙලෝ රුසියන් ඡනාධිපති අතර ගොඩනැගෙන මේ ක්‍රියාවලිය රුසියාවත් එක්ක එලයන්ස් එකකට එනන අයට ලොකු විශ්වාසය තහවුරු කිරීමක්.

රුසියාව නේටෝව වගේ දාලා යන්නේ නෑ කියන සහතිකයක් ඒක ඇතුළේ තියනවා. කොහොම උනත් බටහිර අවි විතරක් යොදාගෙන රුසියානු හමුදාව පරාජය කරන්න යුක්‍රේනයට පුළුවන් වෙයි කියලා විශ්වාස කරන්න බෑ.

දැන් සෙලෙන්ස්කි හිතන්න ඕනි තමන්ගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත තවත් බිලි දෙනවා නෑද්ද කියලයි. එහෙම නොකලොත් කිවි බිඳවැටුණු ගමන් යටත්වීම ප්‍රකාශ කරන්න විතරයි තියෙන්නේ.

හැබැයි ඒක කරන්න සෙලෙන්ස්කි කෙනෙක් හිටීද දන්නේ නෑ.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්