ජනපති මැදුර වැටලීම වැනි විලාසිතාවන්ගෙන් මේ අර්බුදය ජය ගත නො හැකි ය.
ජනතාව පෝලිං වල හිටියා ට - ස්වේජාවෙන් පාරට බහින වගක් ද නො පෙනේ.
තමන් ආණ්ඩුව ගත්ත ද - මේ අර්බුදය ඉක්මනින් විසඳාලිය නො හැකි බව ජවිපෙ හරිනි මන්ත්‍රීවරිය ද පවසයි. ඉතින් තවත් කුමන කතා ද ?
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ආව ද කතාව ඒක ම ය.
පළපුරුදු රාජපක්ෂවරුනට සහ රනිල් ට නැති උත්තර ඇත්තේ කා ළඟ ද ?
මගේ පළමු යෝජනාව නම් - ජනපතිවරයා ඇඟිලි නො ගසන දේශපාලන භේදයෙන් තොර ආර්ථික විශේෂඥ මණ්ඩලයක ට මුදල් අමාත්‍යාශය සහ මහ බැංකුව භාර දීම වඩා හොඳ බව ය. උනගෙන් උපදෙස් ගැනීම ට පමණක් කමිටු පත් කිරීම නිෂ්ථල ය. පුර්ණ බලය දිය යුත්තේ ය.
මෙය තනි රටක් ලෙස අප පමණක් මුහුණ දෙන ගැටලුවක් නො වේ. කොරෝනා වසංගතය සමග මුලු ලෝකය ට ම වූ වින්නැහියකි. දුක්පත් නිසා අපට එය තදින් පලපෑහ. රටක් වසා තැබීම ම අම්බ කෙළ වීමකි.
ප්‍රමාද වී තීරණ ගැනීම මේ ආණ්ඩුවෙහි ඇති වරද ය.
මගේ දෙවන යෝජනාව වඩා ප්‍රායෝගිකය.එනම් චීනය වෙත හැරී - රටෙහි සියලු ව්‍යාපෘති උනට දී ඩොලර් බිලියන 10 ක පමණ ණයක් ඉල්ලා ගැනීම ය. තවමත් අප චීනය ට ණය සියය ට එකකි.
අපට වැඩියෙන් උදව් කරන්න ට ඇමෙරිකාව - යුරෝපය හෝ ඉන්දියාව ට නො හැකි නිසා - එකම පිදුරු ගහ වන්නේ චීනය පමණි.
චීනය ට රට දුන්නා කියා - උන් මේ කෑල්ල උස්සාගෙන එහි ගෙනියන්නේ ද නැත.
මගේ මේ මතය ට එකඟ නො වනා බොහෝ අය ඉල්ලන්නේ හුදු ආණ්ඩු මාරුවක් පමණි. එය මිථ්‍යාවකි. මොන යකා ආවත් මේ අර්බුදය මෙසේ ම ය. අලුතින් බලය ට එන්නා ඩොලර් ගෙදරින් ගේන්නේ නැත.
''චීනං සරණං ගච්ඡාමි''
( පලි - කොහෙන් හෝ ඩොලර් අම්බාන ට ලැබුණ ද - වැඩි වූ බඩු මිල නම් - මේ වෙළෙන්දන් ආයි මලා ට අඩු කරන්නේ නැත. එය බලා කියා ගැනීමේ වගකීම ඇත්තේ ආණ්ඩුව ට ය )සිරිමල් විජේසිංහ
දේශපාලන හා සමාජ විශ්ලේෂක
Sirimal Wijesinghe ගේ ෆේස්බුක් පිටුවෙන්...
2022 මාර්තු 21
The Leader TV අද වීඩියෝ