කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී අප්‍රෙල් 21 දා මංගල සමරවීර මහතාගේ උපන්දිනය මුල්කරගෙන පවත්වන ලද ‘සත්‍යග්‍රහයෙ‘ සිදුවීමක් එක් සමාජ මාධ්‍ය තීරුවක් ඔස්සේ දැඩි විවේඡනයකට භාජනය වී තිබුනි.


එහි පැමිණ සිටි සියළු දෙනාටම එක් තරුණියක් විසින් කහ පාට මලක් බැගින් ලබාදෙන ලදී.

එසේම මෙවැනිම ඇඳුමකින් සැරසුන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ තරුණියක් මෙයට පෙර අවස්ථාවක දී මෙම පවතින අරගල බිමේදීම, රෝස මලක්, තමන්ට එදිරිව හිටගෙන සිටිනා පොලිස් නිළධාරියෙකුට ලබාදෙන ලදී.

තමන් කරපු ‘උතුම් ක්‍රියාව‘ වෙනත් තරුණියක විසින් ‘අසීලාචාර ලෙස‘ භාවිතාකල බව කියමින් අන්තරේ තරුණියත් ඔවුන්ගේ පිරිස්නුත් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍යග්‍රහයේ තරුණිය වෙත මේවන විට පහර දෙමින් සිටිති.

සත්‍යග්‍රහයේ තරුණිය අනුන්ගේ පිටපතකට රගපානා බවත්, ඇය අනාගතයේ දී ආණ්ඩුවකින් රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනා පටු එකියක විය හැකි බවත් එක් තැනක සටහන්කර තිබුනි.


mal 1 1

මෙසේ මල් දෙන වැඩේ වියට්නාම් යුද්ධයේ දී තමන් ඉදිරිපිට සිටින ප්‍රතිවාදී පොලිස් භටයින්ට වියට්නාම් තරුණියන් විසින් සිදුකල බවත්, එයින් තම සටනේ අවිහිංසක බව ප්‍රදර්ශනය කල බවත් එහිම සටහන්කර තිබුනි. එය අනුකරණය කිරීමක් අන්තරේ තරුණිය සිදුකල බවත් වැඩිදුරටත් තිබුනි. ඒ අනුව අන්තරේ තරුණිය ද සිදුකර ඇත්තේ කොපි කිරීමකි.




එක් අතකින් මෙය එතරම් බරපතල කාරණයක් ද නොවේ යැයි බැලූ බැල්මටම හැඟෙයි. තවත් අතකින් තමන් පවා කොපිකරගත් ක්‍රියාකාරකමක්, වෙනත් අයෙකු අනුකරණය කිරීමට විරුද්ධ වීම නොමේරූකම ප්‍රදර්ශනය කිරීමකි. ඒ සදහා ඔවුන් දුර්ධාන්ත පාලකයන්ගේම සටන් පාඨ උපුටා උපුටාගෙන තිබීම ද කණගාටුදායකය.

නමුත් මෙම සිදුවීම පන්තිකාමරයක සිටින තරුණියන් දෙදෙනෙකු අතර සිදුවන බොළද සංවාදයක් හෝ නෝක්කඩුවක් ද නොවෙයි. අතිශය දුෂ්ඨ පවුල් රෙජීමයක පාලනය අවසන් කිරීම සඳහා ආර්ථික ව්‍යසනය නමැති අතිශය රුදුරු රාක්ෂයෙකු සමස්ත ජාතියම පසුපස හඹා එද්දී, කරනා අරගලයක එකම පිලක නියෝජිතයන් අතර අඩදබරයකි.

අන්තරයේ තරුණිය නියත ලෙසම උපාධි අපේක්ෂිකාවක් වනු ඇත. අනෙක් තරුණියගේ තරාතිරම මම නොදනිමි. නමුත් අන්තරයේ තරුණිය විසින් ඇය ඉතාමත් පහත් තත්වයකට ඇද දමමින් පරිබවයට ලක්කරමින් සිටී.

සමාජගතවී සිටිනා දහස් ගණන් අන්තරයේ කූඩුවල හැදී වැඩුන ‘පැරණි ගිරවුන්ගේ‘ දූෂිත වූ වර්තමාන ජීවන චරිත දෙස බැලූ විට සත්‍යග්‍රහයේ තරුණියට එසේ පරිභව කිරීමට අන්තරයේ තරුණියට අයිතියක් වේදැයි මට ගැටලුවකි.

මෙලෙසින්ම ගෝල්පේස් පිටියේ සිටිනා කණ්ඩායම් වලට ජවිපෙද චෝදනාකරමින් සිටී. ජන අරගලයේ නියමුවන් තමන් බවත්, ගෝල්පේස් පිටියේ සිටිනා සමහරුන් එහි අයිතිය ලියාගෙන ඇති බවත් දිගින් දිගටම චෝදනා කරයි. එයට නින්දාව හා අපහාසය ද එකතුකර ඇත.



මේ සිදුකරන්නේ කුමක්ද? ප්‍රතිවාදියා දෙසට ඇගිල්ල දිගුකරනා විට ඇගිල්ල දෙස බලා එයට බුරා පැනීම නොවේද? මේ මොහොතේ අපේ විවේඡන, විග්‍රහ ඉලක්ක වියයුත්තේ ගාලු මුවදොර පිටියේත්, සත්‍යග්‍රහයේ හා තැනින් තැන අරගල භූමිවලත් සිටිනා මිනිසුන්ගේ ධෛර්යය වැඩි කිරීමත්, නිවැරදි මගට යොමුකිරීමත් අරමුණු කරගනිමින් පිරුණු සංවර්ධනාත්මක විවේඡනයකට නොව්ද?  මෙම බරපතල දුර්වල කමින් අප මිදිය යුතුය. නැතිනම් අරගලය ‘අලකිරීම‘ අපිම සිදුරනු ඇත.



අපේ ප්‍රතිවාදියා බිත්තියකට හේත්තුකරන තරමට ජනතාව සමත් වුවත්, ඔහු අත් පා රැසක් විහිදුන විශඝෝර මකරෙකි. ඔහු යටත්වී නැත. ඒ අතරේ විශාල ආර්ථික සුනාමියක් අප හඹා එමින් තිබේ. දැන් අපි අරගලයේ අයිතිය ගැන නොව අරගලයේ අරමුණු ගැන දැඩි සේ සැලකිලිමත් විය යුතුය.

ඉහත හැසිරීම් තුලින් මා දුටුවේ අපේ ප්‍රතිවාදියාට වඩා තවමත් අපේ සමහරු 'කුඩා' බවකි.

නමුත් අප සතුරා පරයන හා වරෙක සතුරා පුදුමයට පත්කරවන තරම් පුළුල් මිනිසුන් විය යුතුය. අපේ එකමුතු බව, පොදු අරමුණ අපේ හතුරා බිමදමා පරාජය කිරීමට තරම් සවිමත් වන බව ඔබ කාටවත් කිවයුතු නැත. එසේ නොවුවහොත් හුදකලා ලිලිපුට්ටන් සේ සැවොම වැනසී යනු ඇත.

දේශපාලනික භූමියේ අප සටන්කලද, ආර්ථික භූමියේ ඇරඹෙමින් ඇත්තේ වියරු සුනාමියක් බව නැවත සිහිපත් කරමි. එහි භූ කම්පනය අතිශය ප්‍රභල බව කාහටත් සිහිපත්කල යුතුය. පැමිණෙමින් ඇති ආර්ථික සුනාමිය අපේ උන් හිටි තැන් හි ලකුණු ද මකා දමන්නට ඉඩ තිබේ.

සැබවින්ම අරගලයේ අයිතිය නොව අරගලයේ අරමුණු දිනීමට නොපමාව කටයුතු කරමු!

මිත්‍රවරුනි, සමගිව සටන් වදිමු! ජයග්‍රහනය පමණක් නොව ජීවිත ආරක්ෂාව ද ඇත්තේ ඒ තුලම පමණි.

 

26239515 10210381079154599 5197263238321570430 n

(උපුල් නිශාන්ත සුභාවික්‍රම)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුල් නිශාන්ත සුභාවික්‍රම ගේ ෆේස්බුක් පිටුවෙන්..)





මෙතන මල මෙතන නටන්න - ( රැඩිකල් මැද සාමූහිකය )



මංගලගේ උපන්දින සැමරුමේදී අර නංගි මලක් දුන්නා විතරක් නෙමෙයි කොපි කරපු කරුණු 15කුත් පිළිගැන්නුවා.

ඔරිජිනල් එකේදී නිකං මලක් විතරක් දුන්නට ඒ මල අතට ගන්න නම් නිශ්චිතව මේ දේවල් පිලිගන්න කියල ඉදිරිපත් වුනේ ඊයෙ වැඩේදි.  

මේ තියෙන්නෙ ඒ කරුණු 15.

මල දැක්ක අයත් මළ පැන්න අය ඒ දිහාත් බලන්න. මොකද වැඩේ තිබුනෙ ඒකට. මල අනුශාංගික අංගයක් විතරයි.



1. රාජපක්ෂවාදය අවසන් කිරීම.

2. 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර සුදුසු සංශෝධන සහිතව 19වන සංශෝධනය යළි පැනවීම.

3. රාජපක්ෂ විරෝධී පක්ෂ එකමුතුවෙන් නිශ්චිත කාලයක් සඳහා  අන්තර්වාර පාලනයක් ඇති කිරීම.

4. සියලු ජාතීන්ට, ආගම්වලට සහ ලිංගිකත්වයන්ට සම අයිතිය ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයක් පිලිගැනීම.

5. ආර්ථික අර්බුදයට සාමූහික එකඟතාවයෙන් කඩිනම් විසඳුම් සෙවීම

6. ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ගෑස් පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

7. අර්බුදය හමුවේ දිළිඳු ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය සහතික කිරීම.

8. පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහ පක්ෂවල  වත්කම් බැරකම් ජනතාවට දැනගැනීමේ අයිතිය ලබාදීම.

9. රාජ්‍ය ආයතනවල සියලු ගනුදෙනු විගණනයට යටත් කිරීම

10. මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කිරීම.

11. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම.

12. වංචා දූෂන සහ පාස්කු අපරාධ සම්බන්ධ චෝදනා නීත්‍යානුකූලව විමර්ශනය කොට දඬුවම් ලබාදීම.

13. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

 14. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම

15. පුරවැසියන්ගේ මතය ඉදිරිපත් කිරීමට සහ පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම සඳහා  පුරවැසි වේදිකාවක් පිහිටුවීම


සබැඳි සටහනක්
#GOHOMEGOTA : මල අල්ලං මළ පැනපු අන්තරේට ආදරෙන්

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්