රට ඇතුළේ දැවැන්ත ජනතා අරගලයක් මතු වෙලා. ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි ජව සම්පන්න තරුණ අරගලයක්.

 


ඉතිහාසයේ තිබුණ හැම අරගල මාදිල්වලටම අභියෝග කරන අරගලයක්. පුංචි දරුවාගේ පටන් වැඩිහිටි මහල්ලාගේ පවා ආකර්ෂණ දිනා ගත්ත අරගලයක්.

ඒක නිසා අරගලය විසින් ජනිත කරපු ජනතා නැගිටීම රට පුරාම පොදු දෙයක් බවට පත්වෙලා. ඇත්තටම ඒ අරගලයේ බලපෑමෙන් ලොකු ලොක්කන්ගේ ඉහ මොල රත්වෙලා. ඒ තරම් දුරට රාජපක්ෂලා පසු බස්සපු අරගලය මේක.

තවමත් රාජපක්ෂලා ගෙදර යවන්න අරගලය සමත් වෙලා නැති උනත් රාජපක්ෂලා සියලු දෙනා දේශපාලන මීමින්නෝ ගානනට පසු බස්සලා ගුහා ගත කරලා තියනවා.

ඒ බලපෑම පාර්ලිමේන්තුවටත් දැනිලා තියනවා. පොහොට්ටුවේ දෙවෙනි විශාලතම පක්ෂය ස්වාධීන කරපු අරගලය ඒක නූනත් ස්වාධීන වෙච්චි ශ්‍රීලනිපය විපක්ෂයට ඇද දැමුව අරගලය මේක.

ඒ වගේම මෙච්චර කල් ස්වාධීනයි කියමින් හිටපු විමල්ලා, ගම්මපිලලා, වාසුලා විපක්ෂයට ඇදලා දැම්මෙත් මේ අරගලය විසින්.

කොහොම උනත් විපක්ෂයට යන්න එයාලා ගත්ත තීරණය රටේ රාළ අගය කරනවා. එහෙම අගය කරන ගමන් එයාලට අවධාරණය කිරීමකුත් කරන්න ඕනි. එයාලා විපක්ෂයට ඇවිත් සජිත්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න ඕනි නෑ. පාඨළීගේ හරි අනුරගේ හරි න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න ඕනිත් නෑ. එයාලටත් දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති.

ඇත්තටම මෙතනදී රටේ රාළ කියන්නේ ශ්‍රීලනිපයටයි, විමල්ලා ඇතුළු කණ්ඩායමටයි තියෙන්නේ න්‍යාය පත්‍ර දෙකක්. රටේ රාළ හිතන්නේ පුළුවන් උනා හෝ බැරි උනා ශ්‍රීලනිපයට වෙනම බල ව්‍යාපෘතියක් තියනවා. හැබැයි රටේ රාළ විශ්වාස කරන්නේ විමල්ලට, ගම්මන්පිලලට, වාසුට එහෙම එකක් නෑ. බල දේශපාලනයේදී එයාලගේ මීලඟ පියවර එක්කෝ ශ්‍රීලනිපයේ හෝ නැත්නම් රාජපක්ෂලාගේ වලියක් වීම.

රාජපක්ෂලාගෙන් ගැලවිලා ඇවිත් ශ්‍රීලනිපයේ වලිගයක් උනාට කමක් නෑ.හැබැයි විපක්ෂයේ ඉදන් සජිත්ගේ වලිගයක් වෙන්න ඕනි නෑ වගේම, විපක්ෂයේ ඉදන් රාජපක්ෂලාගේ වලියක් වෙන්නත් බෑ.
 
 
 
මොකද මේ අරගලයේ ප්‍රධාන ඉල්ලීම වෙන්නේ Gota Go Home කියන එක. සියලු රාජපක්ෂලා Go Home කියන එක. අලුත් ජනවරමක් ඕනි කියන එක. ඊට මෙහා තව සටන් පාඨ තියෙන්නත් පුළුවන්. ඒක නිසා රටේ රාළ විමල් ඇතුළු කණ්ඩායමට කියන්නේ කපුටු කාක් කාක් කියලා බැසිල් විරෝධය විතරයක් නියෝජනය කරන්න එපා. ඒ වගේම මහින්ද Go Home විතරකුත් බෑ. Gota go home කියලා වෙන්නත් ඕනි. ඒක තමයි මේ සටනේ අංක එක.
 
 
 
මොකද රටේ රාළට මෙහෙම ඉවක් දැනෙනවා. විමල්ලා ලෑස්ති වෙන්නේ බැසිල්, මහින්ද නැති ආණ්ඩුවක ගෝඨාභයට නාස් ලණුව දැන්නද කියලා. ඒක නිසා විපක්ෂයට එන. ඒ වගේම ඇවිත් ඉන්න සියලු දෙනා කරන්න ඕනි රටේ න්‍යාය පත්‍රය අනුව තමන්ගේ න්‍යාය පත්‍රය සකස් කර ගැනීම. ඒක කරලා ඉදිරි ජනවරමෙන් සජිත් දිනුවත්, අනුර දිනුවත්. මෛත්‍රී දිනුවත් අපිට කමක් නෑ. කොටින්ම පාඨිළී හරි විමල් හරි දිනුවත් කමක් නෑ.

මොකද ඒක නව ජනවරමකින් වෙන දෙයක්. හැබැයි මේ සංක්‍රමණීය කාලේ ඩබල් ගේම් ගහන්න එනවා නම් ඒවා සෘජුවම ප්‍රශ්න කරන්න ඕනි. ගෙවල් වටකරලා හරි බේරන්න ඕනි. ඒක නිසා මෙතන තියනවා තවත් අලකලංචියක් රටට හෙලි කරන්න.

දැන් විමල්ලාගේ කණ්ඩායම ආණ්ඩුව ඇතුළේ ඉන්න කොට එයාලා ඉතා සමීපව ආශ්‍රය කරපු අයෙක් තමයි ඩලස්. ඇත්තටම ඩලස් ගැන රටේ රාළට විග්‍රහයක් තියනවා.
 
 
ආණ්ඩුවේ ඉන්න චරිතවලට සාපේක්ෂව ඩලස්ගේ යම් දේශපාලන වැදගත් කමක් වගේම වටිනාකමක් තියනවා. ඩලස් ටිකක් දේශපාලනයේ මහත්මා පැත්තට බර චරිතයක්, රටේ රාළ එතනදී ටිකක් කියන වචනය පාවිච්චි කරනවා. මොකද රාජපක්ෂලාගේ මේ ආණ්ඩුවේ ඉන්නවා නං එයා තවදුරටත් දේශපාලනයේ මහත්තයෙක් වෙන්නේ නෑ.
 
 
 
ඒ කොහොම උනත් විමල්ලා තමන්ගේ කණ්ඩායමේ නායකයා විදිහට තෝරාගෙන තිබුනේ ඩලස්. රටේ රාළ දන්න විදිහට විමල්ලා යෝජනා කරන අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ඩලස්. එයාලා දිනේෂ් කියලත් කියනවා. ඒත් හිත යට ඉන්නේ ඩලස්.

කොහොම උනත් මේකත් කියන්න ඕනි විමල්ලට සාපේක්ෂව, රාජපක්ෂලාට සාපේක්ෂව ඩලස්ට යම් වටිනා කමක් තියනවා. ඒ කියන්නේ පහුගිය කාලේ ඩලස් කියන්නේ පොහොට්ටුව ඇතුළෙදී විමල්ගේ කණ්ඩායමට පොරක්. රටේ රාළ ඒ කතාවට ලොකු අභියෝගයක් කරන්නේ නෑ. හැබැයි දැන් වෙලා තියෙන්නේ ඩලස් ඩලස්ටම අභියෝග කරගෙන.

විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා දැන් විපක්ෂයට ගිහිල්ලා. ඊළගට ශ්‍රීලනිපයත් දැන් විපක්ෂයට ගිහිල්ලා. ඒ විතරක් නෙවෙයි අනුර ප්‍රියදර්ශන යාපලා, සුසිල් ප්‍රේමජයන්තලාත් දැන් විපක්ෂයට ගිහින්. ඒත් මේ ප්‍රගතිශීලී ඩලස් තවම මේ ප්‍රතිගාමී ආණ්ඩුව ඇතුළේ ඉන්නවනේ. අරගලය බිමට ඇවිත් අරගලකරුවන් වෙනුවෙන් සින්දු කියන ප්‍රදීප්ගේ මහත්තයා තවමත් මේ දුෂ්ඨ ආණ්ඩුවේ ලැගගෙන ඉන්නවනේ.

දැන් ඩලස් හරි ප්‍රදීපා හරි කියයි අපි අපේ දේශපාලන මත පවුල ඇතුළට ගේන්නේ නෑ කියලා. ඒකත් ඉතින් මාර දේශපාලනයක් තමයි.

 ඇත්තටම ඩලස් ආණ්ඩුව ඇතුළේ තවදුරටත් ලැගගෙන සිටීම ගැන ලැජ්ජා වෙන්න ඕනි. දැන් රටේ රාළට කිසිම දෙගිඩියාවක් නැතිව ඩලස්ව ප්‍රශ්න කරන්න පුළුවන්.

ඊළගට රාජපක්ෂලා එලවපු තත්වයක් යටතේ හැදෙන අන්තර්වාර පාලනයේ අගමැති ඩලස් උනා කියලා රටේ රාළට ලොකු ප්‍රශ්නයකුත් නෑ. රටේ රාළගේ අදහස නං ඒක විපක්ෂයට ආවොත් හොදයි කියලා. ඒත් බහුතරය තියෙන්නේ කාටද කියන කියන එක මත ඒක තීරණය වෙයි.

හැබැයි රටේ රාළට ඩලස් ගැන තියෙන්නේ ඊට වැඩිය ලොකු ප්‍රශ්නක්. රටේ රාළ ඒ ප්‍රශ්නවලට ඩලස්ගෙන් උත්තර ඉල්ලන්නේ නෑ. ඒත් පුළුවන් නම් එහෙම නෙවෙයි කියලා භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්නන්න කියලා රටේ රාළ ඩලස්ට අභියෝග කරනවා.
 
 
රටේ රාල කියන්නේ රාජපක්ෂ රෙජීමයට අවසන් ඇණය ගහන්න දැන් බාධාව වෙලා තියෙන්නේ ඩලස්. ඩලස් එක්ක මේ මොහොතේ පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රී කණ්ඩායමට ඒක කරන්න පුළුවන්. රාජපක්ෂලා ගෙදර යවන්න ඕනි ඡන්ද ටික තියෙන්නේ දැන් ඩලස් අතේ. ඩලස් ඒ ටිකත් එක්ක රාජපක්ෂ රෙජීමය රකිනවා නං ඩලස්ට තවදුරටත් ප්‍රගතිශීලියා කියන්නේ කොහොමද? ප්‍රගතිශීලීන්ට දේශද්‍රෝහීන් රකින්න පුළුවන්ද? රටේ රාළ කියන්නේ තවමත් ඩලස්ට ප්‍රගතිශීලී ලේබලය රැකගන්න අවස්ථාව තියනවා.
 
 
 
ප්‍රදීපා අරගලබීමට ඇවිත් කියපු සින්දුවට සාධාරණය ඉෂ්ඨ කරන්න අවස්ථාව තවමත් ඩලස්ට තියනවා. නැත්තං අකමැත්තෙන් උනත් ඩලස් ගැන මේ තීරණවලට එන්න රටේ රාළට සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි ඩලස් අභියෝගවලට බය කෙනෙක් කියන එක. එහෙනං ඇත්තටම ඩලස් කියන්නේ මාධ්‍ය විසින් පුම්බපු බැලුන් බෝලයක්ද?

ඩලස් අභියෝගයට බය වෙන්නේ හේතු දෙකක් මත කියලයි රටේ රාළ හිතන්නේ. ඒකක් රාජපක්ෂලාට විරුද්ධව යන්න ඩලස් බයයි. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි බැරිවෙලා හරි වැඩේ ගැස්සුනොත් රාජපක්ෂලා දෙන රිටන් එකට මුහුණ දෙන්න ඩලස්ට ධෛර්යය නෑ. ඒවට ඩලස් බයයි. මොකද ඩලස් ඒවා අත්විදලා නැති උනාට ඒවා අත් දැකලා තියනවා. බලමු ඩලස් තෝරගන්නේ කොතනද කියලා.


එහෙනම් ගිහින් එන්නම්.


බුදු සරණයි.ජයවේවා.
මීට
අනාගතය තුළ ජීවත්වන සොඳුරු මිනිසා - විජේවීරරටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්