අද තියෙන ඇත්තම කතාව ගත්තොත් අපි රටක් විදිහට ඉන්නේ ඉතාමත්ම තීරණාත්මක තැනක.
ඒක කොච්චර බරපතලයිද කියලා කොහොමද කියන්නේ. හරියට අපි දැන් කළු කුහරයක් ඇතුලට ඇදෙන ග්‍රහ ලෝකයක් වගේ. පේන තෙක්මානෙක විසදුමක් නැති තැනකට අපි රටක් විදිහට තල්ලු වෙමින් යනවා. කාට කියන්නද? මොනවා කරන්නද? උත්තරයක් නැතිව ලතවෙන සමාජයක අපිත් ජීවත් වෙනවා.
රටේ ජනතාවගේ පැත්තෙන් බැලුවොත් තත්වය අතිශයින්ම දුක්ඛදායකයි. ආර්ථික පීඩනය කියන එකේ නහය ලගටම ඇවිල්ලා. ගොඩක් අයගේ නහයටත් උඩිනුත් ගිහිල්ලා, ගොඩක් අයට පේන්නේ පෝලිම්.
ඇත්තටම පෝලිම් දිහා බලලා මේ ප්‍රශ්නය විග්‍රහ කරන්න බෑ. හැබැයි එහෙම පිරිසකුත් ඉන්නවා. පෝලිම් නැත්තං රට ගොඩ කියලා හිතන සමහරුන් ඉන්නවා. එයාලා කියන්නේ පෝලිම් නැති කරලා බඩු ටික ගෙනත් දැම්මොත් ප්‍රශ්නේ ඉවරයි කියලයි. ආණ්ඩුවට පක්ෂපාතී අය හිතන්නේ එහෙමයි.
ඇත්තටම මේ රටේ තියන මහ ලොකු ප්‍රශ්නය පෝලිම් නෙවෙයි. මේ තියන ජීවන බර ජනතාවට උහුල ගන්න බැරි එකයි. ඒක තේරුම් ගන්න පවුල් ඒකකයක් ඇතුලට එබිලා බලන්න ඕනි. ඇත්තටම ඒක මහ ඛේදවාචකයක්.
මිනිස්සුන්ට කන්න නෑ. දරුවන්ට කිරි නෑ. බෙහෙත් නෑ. අතේ සතේ නෑ. ගොඩක් අයගේ රස්සාව නැතිවෙලා. මිනිස්සු මේ මානසික අසහනය ඉස්සරහා වේගයෙන් ලෙඩ්ඩු බවට පත් වෙනවා. විශේෂයෙන් මේ තත්වය පුංචි දරුවෝ වගේම වැඩිහිටියන්ගේ ජීවිතවලට බරපතල තර්ජණයක් වෙලා. ඇත්තටම පවුලක් ඇතුලේ තියෙන්නේ බරපතල ඛේදවාචකයක්.
හැම කෙනෙක්ගෙම ඇතුළේ තියෙන්නේ අපේක්ෂා හංගත්වය. ඒ හරහා නිර්මාණය වෙච්චි බරපතල සමාජ ඛේදවාචකයක් පාමුල අපි ඉන්නවා. ඇත්තටම වියරු වැටෙමින් පවතින සමාජයක් නිර්මාණය වෙමින් තියනවා. ශ්‍රී ලංකා රාජ්‍යය වේගයෙන් අක්‍රීය වෙමින් තියෙන්නේ. රාජ්‍ය යාන්ත්‍රණය හරියට වැඩ කෙරෙන්නේ නෑ. ඒකට හරි මෙහෙයවීමක්, දැක්මක්, ඉළක්කයක් නෑ. මඟ පෙන්වීමක් නෑ. ඔහේ යන එකක් තමයි තියෙන්නේ.
රටේ මූල්‍ය ක්ෂේත්‍රය කඩා වැටිලා. බැංකු පද්ධතිය කඩා වැටිලා. ජනතාවගේම උවමනා එපාකම් ඉෂ්ඨ කරන්න රාජ්‍ය යාන්ත්‍රණයට බෑ. ඇත්තටම මුළු රටම අක්‍රීයයි. ලෝකය ඉස්සරහ අපි දැන් අසමත් රාජ්යක් වෙලා ඉවරයි. බංකොලොත් රටක් වෙලා ඉවරයි. ලෝකයෙන් මානුෂීය ආධාර ඉල්ලන රටක් බවට අපි පත්වෙලා.
දැන් යුක්‍රේනුවයි අපි අතර ලොකු වෙනසක් නෑ. යුක්‍රේනුවන් තමන්ගේ රටින් පිට වෙන රටක සරණාගතයෝ බවට පත්වෙලා. අපි අපේම රටේම සරණාගතයෝ බවට පත් වෙලා. සුද්දෝ බත් පැකට්, වතුර බෝතල් අරන් ඇවිත් අපිව පෝලිම් ගස්සලා බෙදන දවසත් වැඩි ඈතක නෙවෙයි. කොහොම උනත් සරණාගත යුක්‍රේනුවා තමන්ගේ පාලකයින්ට වෛර කරන්නේ නෑ. එයාලා වෛර කරන්නේ ආක්‍රමණික පුටින්ට.
රුසියා - යුක්‍රේන යුද්ධය ගැන රටේ රාළට වෙනම විග්‍රහයක් තියනවා. මෙතනදී රටේ රාළට සන්සන්දනය කරන්නේ යුක්‍රේන සරණාගතයා සහ අපි අතර තියන සමානකම් හා වෙනස්කම් විතරයි. යුක්‍රේන සරණාගතයන් පුටින්ට වෛර කරනවා වගේම අපේ රටේ ජනතාවත් පුටින්ට වෛර කරනවා. මහතීර් මොහෝමඩ්ට වෛර කරනවා. හැබැති ඒ Original numbers වලට නෙවෙයි. බලය ගැනීම වෙනුවෙන් ඒ නම් අවභාවිතා කරලා පොරවල් වෙන්න හදපු පරඩැල් වගේ නායකයන්ට. කොටින්ම රාජපක්ෂලාට.
වැඩවසම් චින්තනයෙන් මනස පුරෝගත්ත, වැඩවසම් උද්දච්චකමෙන් ඔළුව උදුමවා ගත්ත. හොරකම, දූෂණය වංචාවෙන් පිරිච්ච රාජපක්ෂලාට.
ඇත්තටම මේ ප්‍රශ්නයට වගකියන්න ඕනි එකම පිරිස රාජපක්ෂලා කියලා රටේ රාළ කියන්නේ නෑ. භැබැයි මෙච්චර ඉක්මනට මේ ඛේදවාචකය අපට උරුම කරලා දුන්නේ රාජපක්ෂලා. මෙතනදී කාටහරි කියන්න පුළුවන් අද නැතත් අපට කොතනකදී හරි මේ ඛේදවාචකය උරුම වෙනවා නං රාජපක්ෂලා මොනවා කරන්නද කියලා.
ඔව් මේ අවුරුදු 74 ක් තිස්සේ ආපු ක්‍රමය ඉස්සරහට යනවා නම් ඉතිහාසයේ කොතනකදී හරි අපිට ඒක උරුම වෙන්න ඕනි. හැබැයි ඒක එහෙමම පිලිගන්න රටේ රාළ එකඟ නෑ. මොකද රටේ රාළ වෙනස්වීම විශ්වාස කරන නිසයි.

රෝහණ විජේවීර සහෝදරයා අපට ඉගැන්නුවේ මේ ක්‍රමය විසින් නිර්මාණය කරන අර්බුදයෙන් අරගලය පැන නගිනවා කියලයි. එක තැනකදී ජනතාව කොන්දේසි විරහිතව අරගලයට එනවා කියලයි. ඒ අරගලයට නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාරය ඒ අවශ්‍ය සමාජ පරිවර්තනය කරනවා කියලායි.
තමන් හිටියත් නැතත් ඒ වෙනුවෙන් තමයි විජේවීර සහෝදරයා පක්ෂයක් හැදුවේ. අද අර්බුදය විසින් ඇති කරලා තියන පීඩනය දරා ගන්න බැරුව ජනතාව අරගලයට ඇවිත්.
රටේ රාළ කිසිසේත්ම ලෙනින්ව හෑල්ලු කරන්නේ නෑ. ඇත්තටම ලෙනිනුත් අරගලයට ගොඩක් උත්තර කියලා තියනවා. මෙයාලා ඒවා ගොයාගෙන, සම්මත කරගෙන එනකොට අරගලය තියෙන්නේ එයාලා උත්තරය හොයාගෙන ආපු තැන නෙවෙයි.
ඊට වඩා ගොඩක් දුරට අරගලය ගිහිල්ලා. ආයෙත් එයාලට ලෙනින් ලගට ගිහින් එන්න වෙනවා ඒ තත්වයට මොකද කරන්නේ කියලා හොයා ගන්න. ඒ එනකොටත් අරගලය තියෙන්නේ වෙන තැනක.
ඇත්තටම මේ අරගලයට වඩාත්ම සංවේදී වෙන්න ඕනි ජනතා විමුක්තිය පෙරමුණ. ජවිපෙ තත්වයත් මෙහෙම නං, මේ අර්බුදයට සෘජුව වගකියන්න ඕනි අනිත් දේශපාලන පක්ෂ ගැන කවර කතාද? ඒක නිසා ජවිපෙ ඉස්සෙල්ලාම කරන්න ඕනි විජේවීර සහෝදරයාගෙන් සමාව ඉල්ලන එකයි. අරගලය වෙනමත්, දේශපාලන පක්ෂ වෙනමත් තියන අවාසනාවන්ත තත්වයකට අපේ රට තල්ලු වෙලා.
විපක්ෂය අසමත් වෙලා.
ඊළගට ඉතින් තියෙන්නේ විපක්ෂය. රටේ රාල හිතන්නේ දැන් විපක්ෂයේ ඉන්න හැම පක්ෂයටම අරගලය ගැන අදහසක් තියනවා. ඒක නැති වෙන්න බෑ. අදහසක් තිබුනට එයාලට උත්තරයක් නෑ. ඒක එක්කෙනා එක එක උත්තර කියනවා. ඒ හැම උත්තරයක්ම සමාන්තර වෙන්නේ එයාලගේ බල ව්‍යාපෘතියට. එහෙම නැතිව රටේ ප්‍රශ්නයටවත්, අරගලයේ ස්ථාවරයන්ටවත් ඒවා සපෝට් කරන්නේ නෑ.
ඒක නිසා නිර්මාණය වෙලා තියන තත්වය ඉස්සරහා පොදු සම්මුතියකට එන්න විපක්ෂය අසමත් වෙලා. සජිත් තවමත් ඉන්නේ මහ පොලොවේ නෙවෙයි. එයා සදළුතලෙන් බහින් කැමතිම නෑ. එයාට දැන් බත් කවන්නත් වෙලා.
අනුර තවමත් කතා කරන්නේ තමන්ගේ FCID භූමිකාව ගැන විතරයි. විමල් ආයෙත් ඇමරිකන් අධිරාජ්‍යවාදය ගැන කතා කරන්න පටන් අරන්. මෛත්‍රී කියන කියන දේට හා කියන කෙනෙක් වෙලා. ඇත්තටම ශ්‍රීලනිපයට දැන් දේශපාලන ලයින් එකක් නෑ.
අරගලකරුවාට සාධාරණ උත්තරයක් මේ කිසි තැනකින් ලැබෙන්නේ නෑ. දැන් අරගලය තීරණාත්මක තැනකට ඇවිත් තියන බව පේනවා. දැන් අරගලය විසින් තමන්ගේ ඊළග පියවර තීරණය කළ යුතුව තියනවා.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා.
මීට