ගොඩක් අයගෙ ජංගි ප්‍රශ්න මැද්දෙ නන්දෙට ජංගියක් විරෝධතාව ඊයෙ (06) පාර්ලිමේන්තුව ළගදි පැවැත්වුනා.
දියත උයන ළග කඳවුරු ලා හිටි අන්තරේ දේශපාලනයට ජංගිය අප්සෙට් හින්ද පැලවත්ත පැත්තෙ බැරියර් එක පාවිච්චි කරන්න කියල ඒ අය ඉල්ලීමක් කළා.
අපි කීප දෙනෙක් ගිහින් ජංගි එල්ලන්න ගනිද්දි ත්රීවීල්වලින් කාර්වලින් බැහැලා තව තවත් අය ලැජ්ජා නැති පාර්ලිමේන්තුව වටේ ජංගි එල්ලන්න එකතු වුනා.
විශේෂයෙන්ම කාන්තාවො ආවේගයත් එක්ක ‘මෙතන නෙමෙයි මුංගෙ ඔලුවෙ ජංගි වනන්න ඕන’ කියලා කෑ ගහමින් එනවා දැක්කම දැනුනෙ ලොකු ආදරයක්.
ගොඩක් කොළඹ ස්ත්‍රීවාදීන්ට තිබුනු ජංගි ප්‍රශ්න ඒ කාන්තාවන්ට තිබුනෙ නෑ. පිරිමි ගෑනු එකා වගේ තමන්ගේ ජංගිය ඔසවා දූෂිත පාලනයට විරෝධය පෑවා. ලංකාවෙ පළවෙනි වතාවට ජංගියකින් දේශපාලන විරෝධයක් මතුවුනා.
මේ විරෝධය සැලසුම් කරද්දි ජංගිය ගැන ලැජ්ජාවෙන් ඇඹරුනු කාන්ඩ කීපයක් හිටියා. එකක් අර කලින් කියපු ස්ත්‍රීවාදී සෙට් එක. ඊළගට ජංගියත් එක්ක බැඳුනු ලිංගික අර්ථයෙන් හිත ඇතුලෙ සදාචාර කම්පනයකට පත්වුනු සාම්ප්‍රදායික වාමාංශික ඔලු සෙට් එක. තුන්වෙනුව රාජපක්ෂවාදියො අතලොස්ස. මේ තුන්ගොල්ල එකම තැනක හිටගෙන නන්දෙට එල්ල කරපු ජංගිය තමන්ගෙ ඔලුවෙ වනාගෙන හිටියා.
‘ෆෙමිනිස්ට්ලට ඔච්චර රිදෙනවා නං නන්දෙට කොච්චර රිදෙනවා ඇද්ද’ කියල පබළු විජේගුණවර්ධන ෆේස්බුක් සටහනක් දාලා තිබුන.
හරිනි අමරසූරිය වගේ පරණ ආචාර්යවරු ජංගිය දුටුගැමුණු කාලෙට අරං ගිහින් කතා කරමින් හිටියා. ඇත්තටම දුටුගැමුණුගෙ ජංගි ප්‍රතිචාරයේ ජෙන්ඩර් සීමාව ඊයෙ අපි වෙනස් කළා. ගෑනු ජංගිවලින් විතරක් නෙමෙයි පිරිමි ජංගිවලිනුත් විරෝධය පාන්න පුළුවන් වග හරිනි අමරසූරියලා තේරුම් ගත්තේ ඊයෙ.
මෙතනදි පැහැදිලිව පෙනුන දෙයක් තමයි ඕන තැනටයි එපා තැනටයි හැම අස්සකටම ජෙන්ඩර් කතාවක් ඔබන්න උත්සාහ කරන කොළඹ පොෂ් සෙට් එකේ අවුල.
ලංකාවෙ සාමාන්‍ය පොදු ජනතාවට මේ විරෝධය සරලව පැහැදිලිව තේරෙද්දි නිතරම වික්ටිමයිස් වීමේ ආසාවෙන් පෙළෙන ලෙඩ ගෑනු ටිකක් (ශක්තිමත් ගෑනු අපි ඊයෙ දැක්කා) නන්දෙව අතෑරලා ජංගිය සහ ගෑනු සම්බන්දෙ වටේ කැරකෙමින් හිටියා.
රාජපක්ෂවාදය කියන්නෙ තනිකරම ලිංගික යටපත්කිරීම, පීඩනය මත ගොඩනැගුනු පිරිමි ආධිපත්‍යයික පාලනයක්. ඒකට දැක්විය යුතු ප්‍රබලම ප්‍රතිචාරය තියෙන්නෙ ලිංගික නිදහස්කාමීත්වය ඇතුලෙ. ඒකට එල්ල කළ යුතු පහර තියෙන්නෙ තඩි පිරිමිකමේ නෙමෙයි ස්ත්‍රීත්වය ඇතුලෙ. ජංගි විරෝධය ස්ත්‍රී විරෝධයක්. ඒ වගේම ජංගියෙන් රිදෙන පිරිමි රාජපක්ෂ මානසිකත්වයට විරෝධයක්.
මෙතනදි තේරුම් ගන්න ඕන රාජපක්ෂවාදය තියෙන්නෙ රාජපක්ෂලා ඇතුලෙ විතරක් නෙමෙයි. අන්තරේ ඇතුලු වාමාංශිකයො දරන්නෙත් රාජපක්ෂවාදයේ ලිංගික කුහකකමේ උරුමය. ඒ හින්ද ඊයෙ ජංගියෙ විරෝධය රාජපක්ෂවාදයට වගේම මේ රටේ මුල්බැහැගත්තු ලිංගික කුහකත්වයට දක්වපු විරෝධයක්.
මේ වැඩේට එතනට ආපු බය නැති ගැහැණු පිරිමි හැමෝටමත්, විශේෂයෙන් පූර්නිමා, කළණි, රෙහාන්, සුජිත් ඇතුලු යාලුවො සෙට් එකටමත් හිස නමා ආචාර කරනවා.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම -චින්තා ගේ ෆේස්බුක් පිටුවෙන්..)
සබැඳි පුවත් :
#GoHomeGota2022 : පොලිස් බැරියර් ජංගි වලින් සරසයි
https://theleader.lk/social-media/11492-2022-05-07-05-10-20#sigProId9793c1547d