අද මැයි 18?.මීට මාස කීපයකට පෙර nextv සංවාදයකට සහභාගීවෙමින් මා ටොයියන් සහ බයියන් වර්ගීකරණය කලෙමි.

 

බයියන් ?

බයියන් යනු ඔවුන්ගේ ආර්ථික පදනමේ, ගැමිකමේ හෝ අධ්‍යාපනයේ නිර්මාණයක් පමණක් නොව, එය දූපත් ජීවිතයේ නිර්මාණයකි, එය සංස්කෘතික පසුගාමීත්වයේ නිර්මාණයකි. ආධ්‍යාත්මික දිලිදුකමේ නිර්මාණයකි. බයියන් අනාරක්ෂිතය, සැකයෙන් අතෘප්තියෙන් ජීවත්වේ. ඔවුන් බටහිර විරෝධීන් ය, සාමය, සන්හිදියාව ප්‍රතික්ෂේප කරයි.

 

බයියන් යනු ඔවුන්ගේ ආර්ථික පදනමේ, ගැමිකමේ හෝ අධ්‍යාපනයේ නිර්මාණයක් පමණක් නොව,
එය දූපත් ජීවිතයේ නිර්මාණයකි, එය සංස්කෘතික පසුගාමීත්වයේ නිර්මාණයකි.
ආධ්‍යාත්මික දිලිදුකමේ නිර්මාණයකි. බයියන් අනාරක්ෂිතය, සැකයෙන් අතෘප්තියෙන් ජීවත්වේ. 
ඔවුන් බටහිර විරෝධීන් ය, සාමය, සන්හිදියාව ප්‍රතික්ෂේප කරයි. 

 

රාජපක්ෂවාදය

රාජපක්ෂවාදය යනු ඔවුන්ගේ ආධ්‍යාත්මික ප්‍රකාශනයයි.

ඔවුන්ගේ විපරීත වින්දනය වූයේ දෙමලාට එරෙහිව සටන් කිරීමයි. මුහුදින් එන නොදන්නා සතුරෙකුට එරෙහිව සටන් කිරීමයි.

ප්‍රභාකරන් මරාදැමූ පසු ඔවුන්ගේ විනෝදය අහිමිවිය. එම හිස්බව පුරවා ගැනීමට ඔවුන් තමන් පරිපූර්ණත්වයක් සොයමින් සිටියේය. ඒ සදහා බාහිර සතුරෙකු අවශ්‍ය විය. නැතිනම් ඇතුලින් යමක් පිටතට වීසිකර සතුරෙකු සාදාගත යුතුවිය. 'පාස්කු' ප්‍රහාරය ඔවුන්ට ප්‍රභාකරන් ගෙන් අහිමිවූ විනෝදය තාවකාලිකව ලබාදෙන ලදී. මුසල්මානුවා සතුරාවිය. ගෝඨාභය දියසෙන් විය.

 

ප්‍රභාකරන් මරාදැමූ පසු ඔවුන්ගේ විනෝදය අහිමිවිය. එම හිස්බව පුරවා ගැනීමට ඔවුන් තමන් පරිපූර්ණත්වයක් සොයමින් සිටියේය. ඒ සදහා බාහිර සතුරෙකු අවශ්‍ය විය. නැතිනම් ඇතුලින් යමක් පිටතට වීසිකර සතුරෙකු සාදාගත යුතුවිය. 'පාස්කු' ප්‍රහාරය ඔවුන්ට ප්‍රභාකරන් ගෙන් අහිමිවූ විනෝදය තාවකාලිකව ලබාදෙන ලදී. මුසල්මානුවා සතුරාවිය. ගෝඨාභය දියසෙන් විය.

 

පරිකල්පිත පරිපූර්ණත්වය

 

ගෝඨාභය නැමති කල්පිත පරිපූර්ණත්වය ඔවුන්ට දූපත තුළ ආර්ථිකයක් යෝජනා කලේය. 69 ලක්ෂය යනු එම බයින්‍යාය සරණ ගිය දායක සභාවයි. එම බයි න්‍යායට ආශක්ත වූ ලිබරල්වාදීන්ද බයියන් පැරදවීමට බයියෙකු සෙවීය. මා මිතුරු ශිරාල් ලක්තිලක, මංගල සමරවීර වැන්නන් සජිත් වැලද ගන්නේ එබැවිනි.

ගෝඨාභය නැමති කල්පිත පරිපූර්ණත්වය ඔවුන්ට දූපත තුළ ආර්ථිකයක් යෝජනා කලේය. 69 ලක්ෂය යනු එම බයින්‍යාය සරණ ගිය දායක සභාවයි. එම බයි න්‍යායට ආශක්ත වූ ලිබරල්වාදීන්ද බයියන් පැරදවීමට බයියෙකු සෙවීය. මා මිතුරු ශිරාල් ලක්තිලක, මංගල සමරවීර වැන්නන් සජිත් වැලද ගන්නේ එබැවිනි. තාත්තා සිටියදී බාප්පා ජයනොගන්නා බව කී අපට කෝචොක් කරමින් නාමික ටොයියන්ද සිය ආද්‍යාත්මික සුවය සොයා සජිත් වැලද ගන්නා ලදී.

ජවිපෙ අදටද IMF විරෝධීය, ඔවුන් යෝජනාකරන්නේ ද ත්‍රීමලේ ඛනිජ විකුනා, ගාල්ලේ කුරුදු විකුනා ගඩනගන දේශීය ආර්ථිකයකි. ඔවුන් තවමත් හෙළ බොදු, දේශීය බටහිර විරෝධී දායක සභාවකි.

මෙනයින් ගත්කල සජබ, පොහොටූව මෙන්ම ජවිපෙද නියෝජනය කරන ආර්ථික, සමාජ සහ සංස්කෘතික සංකලප අඩුවැඩි වසයෙන් රාජපක්ෂවාදයේ සංකල්පයන්‍ ය.

බයියන් යනු අප රටේ සාතිශය බහුතරයයි. ටොයියන් අල්පතරයයි.

 

සුළුතරය

ගාලුමුවදොර අරගලය කැදවූ මුල්ම පිරිස වූ විමුක්තිලා, බුද්ධිමලා, මනුරිලා, අකලංකලා යනු ජාතිවාදී විරෝධීන්‍ ය. ඔවුන් කොදෙවෙන් එහා ලෝකය ඉවකරන අලුත් පරම්පාරාවකි. එහෙත් ඔවුන් ඉතාකුඩා සුලුතරයකි. ඔවුන් කැදවූ අරගලය ආදරයේ අරගලයකි.

ගෝඨාභයගේ අසාර්ථකත්වයෙන් අන්දමන්ද වී සිටි බයිප්‍රජාව මේ අරගලය වැලද ගන්නා ලදී. අරගලයට පුළුල්ම මහජන සහය ලබාගැනීමට හොඳම සටන්පාඨය (collective will) gota go home විය .

එහෙත් අරගලයට මග හැරුනු සටන්පාඨය වූයේ රාජපක්ෂවාදය පරාජය කිරීමයි. රාජපක්ෂලා පරාජය කිරීමට රාජපක්ෂවාදීන් සියල්ල ගෝල්ෆේස් පැමිනීමේ ප්‍රතිපලය ගෝල්ෆේස් රාජපක්ෂවාදය විසින් (බයියන්) ගොදුරුකර ගැනීමයි. දැන් එහි ජවිපෙ , සජබ සහ පොදුබයි ප්‍රජාව බහුතරය වෙමින් ඇත. එනිසා ආදරයේ අරගලය වෙත "ඇසට ඇසක්" සටන් පාඨ පැමිනෙමින් ඇත. ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමනය කල පසු ඉන්දියාවේ නයිනටවන්නන් , නලාකාරයන් ග්‍රීසියට බෝවිය. ග්‍රීසියේ පුනරුදය අඳුරුකරමින් ආක්‍රමණය සිදුවී ඇත්තේ ඔවුන් වෙතටදැයි සිතෙන තත්වයක් උදාවිය.

 

අරගලයට මග හැරුනු සටන්පාඨය වූයේ රාජපක්ෂවාදය පරාජය කිරීමයි. රාජපක්ෂලා පරාජය කිරීමට රාජපක්ෂවාදීන් සියල්ල ගෝල්ෆේස් පැමිනීමේ ප්‍රතිපලය ගෝල්ෆේස් රාජපක්ෂවාදය විසින් (බයියන්) ගොදුරුකර ගැනීමයි.

 

රනිල්

අනෙක් පසින් රනිල් පාර්ලිමේන්තුව තුල සිටින්නේද බහුතර බයිකදවුර තුළ සිරවීමකට ලක්වය. ගාලුමුවදොර මෙන්ම රනිල්ද බයිග්‍රහනයෙන් මුදාගත යුතුව ඇත. එය දුෂ්කර කටයුත්තකි. දියවන්නාව ඇතුළත් පිටතත් ඇති අරගල දෙකෙහිම ටොයියන් සුලුතරයකි. බයියන් බහුතරයයි.

අරගල දෙකම රාජපක්ෂවාදයට ගොදුරුවීමේ අනතුරින් මිදීමට අරගලකල යුතුව ඇත.

 

- වරුණ රාජපක්ෂ?

 (මුහුණු පොතේ සටහනකි)

 

 


Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්