ධම්මික යනු අන් කිසිවක් නොව ඔබම නියෝජනය වූ ඔබටම එපාවූ රාජපක්ෂවාදයේ අලුත් version එක
යැයි දේශපාලන විචාරක වරුණ රාජපක්ෂ පවසයි. ඒ ඔහු සිය මුහුණු පොතේ සටහනක් තබමින් "ධම්මික යනු කුමක්ද?" යන්න පැහැදිලි කරමිනි. ️ ධම්මික පෙරේරා
පාසල් අධ්‍යාපනය නිමාකල සැනින් කුඩා මුදල් ආයෝජනයකින් ව්‍යාපාරයක් ආරම්භකර, කෙටිකලකින් ලංකාවේ අංක එක වූ වැඩ්ඩෙක්, සාමාන්‍ය පවුලකින් ඇවිත් ටැලන්ට් එකෙන් ගේම ගහපු අපේ කාලෙ හොදම success story එක. ඒ කවුරුත් දන්න ධම්මික පෙරේරා.️ පැනි ධම්මික
පැනි ධම්මික කියන්නෙ ඛේදවාචකයක ගිලිල ඉන්න සමාජෙකට මිත්‍යාව විකුනල ගානක් හොයා ගත්තු තක්කඩියෙක්. එයා තක්කඩිකමට පමනක් ඒක කලාද, ඇත්තටම මිත්‍යාව විශ්වාස කලාද විවාදයක් උනත්, ඒ ගේම් එක සාර්ථකව play උනේ සමාජෙ ඒ මිත්‍යාව පිලිගත්ත නිසා.
ධම්මිකගෙ කින්ස්බරි එක ඉස්සරහ මල් පාත්තිය රතුපාට මල් වලින් පිරිල තියෙන්නෙ, එයාගෙ ටයි,සපත්තු සහ කොම්පැනි ලෝගෝ සේරම රතු වෙන්නෙ එයාගෙ වාසනාවන්තම පාට රතු කියල එයා විශ්වාස කරන නිසා, රාහුකාලෙට පෝන් එකවත් නොගන්න, අසුභ ඉලක්කම් සහිත මගීන් ගානක් යන වාහනේක නොයන ධම්මික පෙරේරා කියන්නෙ පැනි ධම්මිකල , ඥානඅක්කල වපුරන මිත්‍යාව ඉහමුදුනින් විශ්වාස කරන බයියෙක්.

ජැක්පොට් ව්‍යාපාරය යොදාගෙන විවෘත ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ගෙ සාක්කුවලට ආපු අතිරික්ත මුදල් ලේසියෙන් තමන්ගෙ සාක්කුවට දාගත්ත ධම්මික ඒ මුදල් යෙදෙව්වෙ මූල්යව්යාපාරයෙ සහ සමාජයට ශාරීරිකව අනතුරුදායක නිසා වෙනත් රටවල් නොකරන ව්‍යාපාර වලට, මේවයෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය වැඩියි.

උපාලි විජයවර්ධන කියන්නෙ යටත්විජිත පාලකයන්ට සේවා සැපයීමෙන් (ක්රොප්රදෝරු ධනේශ්වරය) සිය පියමුතු පරම්පරා උපයාගත් ධනය විවෘත ආර්ථිකය පැමිනීමත් සමග නිශ්පාදන ආර්ථිකය තුල ආයෝජනය කල අයෙක්, රසකැවිලි කර්මාන්තය, මෝටර්රථ එකලස් කිරීම, රේඩියෝ නිශ්පාදනය ආදී දේශීය නිශ්පාදන සහ අගය එකතුකිරීමේ කර්මාන්ත සමග ඉදිරියට ආ ඔහු එක්තරා දුරකට ජාතික ධනේශ්වරයක නැගීමක් ලෙස පෙන්විය හැකි දුර්ලභ සලකුනක්.
මූල්‍ය වෙලද පොල ව්‍යාපාර කියන්නෙ විවෘත ආර්ථිකයේ නැගීමට අත්‍යාවශ්‍ය සේවාවක් වුවත්, ලංකාව වගේ රටවල ඒක සමපේක්ෂණය මත අනතුරු දැරීමෙන් නොව රාජ්‍ය සහ නිලධාරී තන්ත්ර සමග ඩීල් කර අධික ලාභ ලැබිය හැකි මාෆියාවක්.
ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් රසායනිකව හානිකර නිසා සමහර කර්මාන්ත වෙනත් රටවල ස්ථාන ගතකරනව. ග්ලවුස්, කොන්ඩම්, අගුරු මේවගේ කර්මාන්ත වලින් අධික ලාභ ලබන්න පුලුවන්.
මූල්‍ය වෙලදපොල වගේම මේ මිනිසුන්ට සහ පරිසරයට හානිකර ව්‍යාපාරවලින් ලාභ ලබන්න ඕනෙ වෙන්නෙ වෙනම ටැලන්ට් එකක්. ඒ ඩීල් කරන්න, මිනිස් ජීවිත ගැන ආචාරධාර්මික නොවී කටයුතු කරන්න තියන හැකියාව. ලුම්පන් ධනේශ්වරයේ සාර්ථකත්වයේ රහස තියෙන්නෙ එතන.

මේ විදිහට උපය ගන්න ධනය සංචාරක, ගුවන්සේවා, අධ්‍යාපන වගේ සේවා සම්ප්‍රදායික ආනයන අපනයන් කර්මාන්ත විශාල ප්‍රමානයක එකවර යෙදීමෙන් මෙවන් ව්‍යාපාරිකයන් අනෙක් ව්‍යාපාරිකයන් නොලබන විශේෂ ලාභයක් ලබනව. ඒ එක් ව්‍යාපාරයක අපනයන අනෙක් ව්‍යාපාරයේ ආනයන සමග ගලපමින් නීත්‍යානුකූල ලෙස උන්ඩියල් කිරීමෙන්.
මේක ජාවාරමක් ලෙස කියල හදුන්වන්නත් පුලුවන් දක්ෂතාවය කියල හදුන්වන්නත් පුලුවන්.
ඉලක්කම් සූදුවක් කියල කියන්නත් පුලුවන්, අල්ගොරිදම් ගැන තියන සෙන්ස් එක කියල කියන්නත් පුලුවන්
කොහොම උනත් ධම්මික පහුගිය කාලෙ කතා කලේ
Algorithm
Artificial intelligence
Oracle data base
ගැන. ඒ නිසා එයා ටෙක්නෝක්‍රැටික් කෙනක් කියල පිලිගැනීමක් ඇති උනා.


ධම්මික මේ කුනාටු සමය තුල හැපී, තැලී, කැඩි, බිදී යන අතර විවේකීව සිය පවුලේ කටයුතු නිමකර, අමාරුකාලය අඩු වියදමින්, අඩු වෙහෙසින් ගෙවා, ඊලග අධියරට අලුත් සටන්පාඨයක් සමග ඊලග රාජපක්ෂ වරයා රැගෙන ඒමට හැකිවෙතැයි රාජපක්ෂලා සිතයි.
එහෙත් රාජපක්ෂ කදවුරේ සිටි සෙසු ලුම්පන් ව්‍යාපාරික ජාලය එවන් විවේක කාලයකට සූදානම්ද, ඔවුන්ට ඇති හොදම තේරීම අපේ එකෙක් වන ධම්මික නොවේද? එවැනි එකතුවකින් රාජපක්ෂලා යයි පැමිනීමේ දොරටුව සම්පූර්ණයෙන්ම වැසීයාමටද ඉඩ ඇත.


ධම්මික යනු අන් කිසිවක් නොව
ඔබම නියෝජනයවූ
ඔබටම එපාවූ
රාජපක්ෂවාදයේ
අලුත් version එක බව
ඔබේ මිතුරාට වටහා දෙන්න
ඔබට අමතක වනවිට
ඔහු එය ඔබට මතක් කරදෙනු ඇත.
වරුණ රාජපක්ෂ
දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
https://theleader.lk/social-media/12037-dhammikaperera#sigProIda04a38dc6d