අද පොසොන් දවස. ලංකාවට බුද්ධාගම ගෙනාවා කියන දවස.



බුද්ධාගම නිසා ලංකාවට ලැබුණු දේ බොහොමයි. අපේ සංස්කෘතිය, ශිෂ්ටත්වය සහ ආධ්‍යාත්මය සකස් කිරීමේ ලා ලොකුම පදනම වුනේ බුද්ධාගම.

ඒ වගේම අපේ රට අද පවතින අගාධයට ඇද දැමීමේ ලොකුම මෙහෙවර කළෙත් බුද්ධාගම. සියලු ජාතිවාදී, මුග්ධවාදී, අන්තවාදී බලවේගයන් ගොඩනැගුනෙ බුද්ධාගම, පන්සල, සිවුර මුල් කරගෙන.

අද අපි බඩගින්නෙ ඉන්නෙත් බුද්ධාගමේ භික්ෂූන් පෙරමුන ගත්ත ක්‍රියාවන් නිසා.

බුද්ධියේ, ප්‍රඥාවේ දර්ශනයම මන්ද බුද්ධියේ, අඥාණබවේ දහමක් වුණා.

එකම හොඳ දේ වරෙක ඉතා නරක විය හැක්කේ කොහොමද කියන එක බුද්ධාගම දිහා බලලා පොසොන් දවසෙ අපි තේරුම් ගන්න ඕන කාරණයක්. හැමදෙයක්ම එහෙමයි.

එකම දේ වුණත් වෙලාවක අභිවෘද්ධිගාමීයි. තව වෙලාවක අපාය සහායකයි.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -චින්තා ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 


 රට වෙනුවෙන් එකතු වෙන්න

 

Leader Whats app

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates