රනිල් වික්‍රමසිංහ නෙවෙයි, ඩී එස්ගෙ ඉඳන් මෙහාට (හෝ එහාට) මොන රාජ්‍ය නායකයා බලේ ඉද්දි වුණත් රජයට අයිති දේශපාලන/ පරිපාලන බලයක් තියෙන ආයතනයක් කවුරු හරි බලහත්කාරෙන්
අල්ලගන්න ආවොත් රාජ්‍යය පොලිසිය, හමුදාව දාලා ඒකට රිටර්න් එක දෙනවා.
1971 දි ජේවීපිය කොහෙද ඩොටේ තියෙන පොලිස් ස්ටේෂන් ටිකක් අල්ලන්න ගිහින්නෙ සිරිමාවොගෙ ආණ්ඩුවෙන් උන්ගෙන් කොටසක් මරලා ඉතුරු ටික හිරේ දැම්මෙ. මොකද ඒ වගේ ආයතන කැරලිකාරයො අතට පත්වෙනව කියන්නෙ රාජ්‍යය බිඳවැටෙනව කියන එක. රුසියන් විප්ලවේදිත් අල්ලගත්තෙ කෝච්චි ස්ටේෂන් ටිකයි තැපැල් කන්තෝරු ටිකයි නෙ.
හැබැයි ලංකාවෙ මෙච්චර කල් ආපු අසාර්ථක ම පාලකයා ගෝටා නිසා උට ඒක කරගන්න බැරිවුණා. ඌ කළේ ඒවා දාලා දුවපු එක. ජනාධිපති මන්දිරේ, අරලියගහ මන්දිරේ කැරළිකාරයන්ගෙ අතට පත්වුණු වෙලාවෙ මම ලීවෙ දැන් ආණ්ඩුබලය සංකේතාත්මක ව කැරළිකාරයො අතේ තියෙන්නෙ; දැන් ව්‍යවස්ථාවයි පාර්ලිමේන්තුවයි අහෝසි කරල බලය පිහිටුවන්න පුළුවන් වෙන්න ඕන කියල.
හැබැයි ඉතිං කැරලිකාරයො ස්විමිං පූල්වල නනා හිටිය මිසක් එහෙම එකක් කළේ නෑනෙ. කැරැල්ලක් ගහල ආණ්ඩුව එලවලා බලය අල්ලගත්ත වගේ නෙවෙයි; ඒ බලය තහවුරු කරගන්න බැරිවුණොත් අර පැනල දුවපු ආණ්ඩුව (හෝ වෙන තුන්වෙන පාර්ශවයක්) ආපහු ගහල බලය අල්ලගන්නවා.
රාජ්‍ය බලය කියන්නෙ කෝම්පිටිටු සෙල්ලමක් නෙවෙයි. ලෙනින්ට සාර්ව මරන්න බැරිවුණා නම් සාර් ලෙනින් ව මරනවා. "අඥී, අපි ජෝක් එකක් නෙ කළේ. අපි සෙල්ලම්කරල ආපහු ඔයාට දෙන්න නෙ හිතං හිටියෙ" කියල හරියන්නෙ නෑ.
මම හිතන්නෙ ඔය විප්ලවවාදී දේශපාලනේ කරන උන් මට වඩා හොඳට මේක දන්නව නෙ. නිකං බොරුවට හුරතල් වෙන්න ඕන නෑනෙ. ඒක දන්න නිසයි මම නම් ඡන්දවලින් ආණ්ඩු මාරුකරනවට එහා ගිහින් පාරට බැහැල ආණ්ඩු පෙරලන එක වෙන කරන්න ම දෙයක් නැති තැන දි ගන්න පුළුවන් අවසාන ඔප්ෂන් එක විදියට මිස ආතල් එකට, ඉස්කෝලෙ නිවාඩුවට සෙල්ලං ගෙවල් දානව වගේ කරන්න යන එකට කැමති නැත්තෙ.
ඉතිං ලෝකෙ ඕන ම තැනක කැරළිකාරයො රාජ්‍ය මර්මස්ථා අල්ලගෙන ඊට පස්සෙ බලය තහවුරු කරගන්න අසමත් වුණොත් හම්බවෙන පරිප්පුව තමයි ඊයෙ ජනාධිපති ලේකම් කාර්යාලෙ උන්ටත් හම්බවුණේ. උන් ඒ වෙනකොටත් අනිත් බිල්ඩින් ටික අතෑරල තිබුණ නිසා සහ මේකත් අතාරිනව කියල කියල තිබ්බ කියන නිසා (ගහන්න කලින් එහෙම කියල තියෙනව මම නම් දැක්කෙ නෑ; ඒත් කට්ටිය කියනව නම් එ‍්ක පිළිගමු කො) මේක අර ඇත්තට ම ආණ්ඩුබලය අල්ලගත්ත කැරළිකාරයන් ව මර්දනය කරනවට වඩා සංකේතාත්මක ලෙවල් එකෙන් තමයි වුණේ, මම හිතන්නෙ. නැත්තං ඔහොම බැටන් පොලු පාරවල්වලින් බේරෙන්න වෙන්නෙ නෑනෙ.
මේකෙ දි මම හිතාගෙන හිටියෙ (සහ දැනටත් වඩා බුද්ධිමත් වැඩේ කියල මම හිතන්නෙ) උන් ඔය කියපු විදියට ස්වේච්චාවෙන් යනව නම් යන්න ඇරල බලං ඉන්න එක. මොකද රාජ්‍යයට උන්ව එලවන්න නෛතික බලය තිබුණට ලංකාවේ මේ දේවල් සිද්ධවුණු කන්ටෙක්ස්ට් එක සහ රනිල් බලයට ආපු කන්ටෙක්ස්ට් එක ඇතුලෙ ඒක දේශපාලනික ව වඩා බුද්ධිමත් ක්‍රමය කියල මම හිතන නිසා. ඒත් මම හිතන විදියට නෙවෙයි නෙ රනිල් හිතන්නෙ.
මට තේරෙන විදියට ගෝටා පැනල යද්දි සංකේතාත්මක ව බිඳවැටිලා අරාජික වුණු රාජ්‍යය ආපහු සංකේතාත්මක ව අත්පත්කරගන්න රනිල්ට ඕන වෙනවා. ප්‍රායෝගික ව ඒක මෝඩ වැඩක් කියල මම හිතුවත් රාජ්‍යය බලය ගැන ක්ලැසිකල් අදහස අනුව එහෙම කරන එක මට තේරුම්ගන්න පුළුවන්. ඒකෙන් එන දේශපාලනික ප්‍රතිපල ඉතිං රනිල් බලාගන්න ඕන.
කැරළිකාරයන්ගෙ පැත්තෙන් ගත්තොත් එල්ටීටීඊ එක රටේ භූමියෙන් කොටසක් අල්ලගත්තම හෝ ජේවීපිය මුළු රටම අල්ලගන්න ට්‍රයිකරද්දි රාජ්‍යය ඒකට දක්වපු ප්‍රතිචාරයෙ ම මිනි වර්ෂන් එකක් බලාපොරොත්තු වෙන්න වෙනවා තනි බිල්ඩිමක් අල්ලගෙන හිටියත්.
ඒ කියන්නෙ ඊයේ "ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගැනීමේ මෙහෙයුම" කියන එක කරන්න සම්පූර්ණ නීතිමය අයිතිය පොලිසියට සහ හමුදාවට තියෙනවා. ඒක පාරෙ ඉන්න සාමකාමී අරගලකාරයන්ට පහරදීම වගේ හියුමන් රයිට් ගෙනියන්න පුළුවන් කේස් එකක් නෙවෙයි. ඒකෙ දි කේස් එකක් අදිනව නම් අදින්න පුළුවන් ඒ මෙහෙයුමේ දී පොලිසිය හෝ හමුදාව අවම බලයට එහා ගිහින් හිතාමතා අනවශ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කළා ද "යුද අපරාධ" කළා ද වගේ ඩීටේල් සම්බන්ධ ව.
මම දැකපු විදියට ශාරීරික ව සිද්ධවෙලා තිබුණ දරුණු ම පහරදීම තිබුණෙ පිටේ පාරවල් හිටින්න ගහපුව සහ කකුල් අතපය දණිස් හම ගියපුවා. සමහර විට මම නොදැකපු ඊට වඩා දරුණු පහරදීම් තියෙන්නත් පුළුවන්. කොහොම හරි ඔතන හැම දේම වගේ වීඩියෝ වෙලා තියෙන නිසා ඒ වගේ පහරදීම් සම්බන්ධ ව, එතන දි අවම බලයට එහා එකක් පාවිච්චි වෙලා තියෙනව ද කියන කාරණාව උසාවියට, මානව හිමිකම් කොමිසමට හො ජාත්‍යන්තර ආයතනවලට ගෙනියන්න පුළුවන්.
ඒවා විභාග කරලා, ඒ පහරදීම් කරල තියෙන්නෙ ඒ පොලිස්/ හමුදා කාරයන්ගෙ උවමනාවට ද, ඉහළින් ආපු අණක් අනුව ද වගේ දේවල් හොයල බලල ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
දැනට අත්අඩංගුවට අරන් ඉන්න අය අසාධාරණය විදියට නම් අරන් තියෙන්නෙ උන් ව නිදහස් කරගන්න ෆයිට් කරන්න පුළුවන්. හැබැයි ඒක නොකර මේ මුළු සිද්ධිය ම හෙන ඉමෝෂනල් විදියට ෆ්‍රේම් කරගෙන රනිල්ගෙ යක් මූණු ඇඳගෙන නටන නාඩගම මට නම් පේන්නෙ අසාධාරණයට ලක්වුණු පුද්ගලයන්ට සාධාරණය හොයන්න ට්‍රයි කරනවට වඩා ඒවා පාවිච්චි කරල ඒ පැත්තෙන් කරන කවුන්ටර් පොලිටිකල් කැම්පේන් එකක් විදියට.
අවුලක් නෑ; රනිලුත් කරන්නෙ දේශපාලනය නිසා රනිල්ට විරුද්ධවත් ඔය ඕන එකක් පාවිච්චි කරලා දේශපාලනය කරන්න ඒ කට්ටියට අයිතිය තියෙනවා. ඒ පොලිටිකල් කැම්පේන්, ප්‍රොපගැන්ඩා අපි පිළිගන්න ම ඕන ඒවා පිළිනොගන්න උන්ට හිතක් පපුවක් නෑ කියල කියල නහයෙන් අඬඅඬා යන එකත් කැම්පේන් කරන විදියක් තමයි.
විශේෂයෙන් ලංකාවෙ ගම්වල වලි ගියත් ගෑනු එහෙම අඬන එක, යටිගිරියෙන් කෑගහන එක හරහා අනුකම්පාව තමන්ගෙ පැත්තට ගන්න බලන එක නිතර වෙන දෙයක් නෙ.
හැබැයි මම නම් පුද්ගලික ව ඔය ඉමෝෂනල් හොටු පෙරළි එච්චර සීරියස් ගන්නෑ. දේශපාලනේ කරනව නම් දේශපාලනේ කරන්න ඕන. ගැහුව නම්, ගේම ඉල්ලුව නම් ගුටිකන්නත් පුළුවන් වෙන්න ඕන; අනිත් එකා ගහන්න එද්දි අඬඅඬා දුවල ගිහින් අම්මගෙ රෙද්ද අස්සෙ හැංගෙන්නැතුව... එහෙම නැතුව මෙගා නාට්ටිවල වගේ බිම පෙරළි පෙරළි හොටු පෙරපෙරා අනුකම්පාව ගන්න හැදුවට සිරාවට ම මට නම් දුක හිතන්නෑ ඒ වගේ ඒවට.
සොරි ඈ...
(චන්දන ප්‍රසන්න)
නිදහස් ලේඛක
#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Chandana Prasanna ගේ ෆේස්බුක් පිටුවෙන්....)
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.