මගේ එෆ්බී පෝස්ට්වලට මල විතරක් නෙවෙයි පොට්ටුවත් පනිනල ඉංග්‍රීසි දන්නැති එක ලොකු කමක් කියල හිතන, ෆේස් බුක් ගැමි ජනතාව සහ මූකලන්
ජනතාව වෙතටයි,
වැඩ වැරදුනහමවත් මාන්නක්කාරකම අතහැරලා අහලා ඉගෙන ගනිල්ලා.
ගෝලීය දේශපාලනය තියා කලාපීය දේශපාලනයවත් දන්නේ නැති මගුල් කරන්න ගිහින් කෙලවුණාට පස්සේ අපි පලි නැහැ ....
මම කිව්ව දේවල් ඔය අරගලකාරයෝ ඇහුවෙ නැහැ. පිටු 08ක ලිපියක් ලියල පල කළා. ඒ විතරක් නෙවෙයි, ජවිපෙ නායකයට සහ ඒකේ මන්ත්‍රීනිටත් යැවුව.
මගේ ලිපියෙ කියපු එක දෙයක් ඉෂ්ඨ වෙලා තියෙනව. එකක් රනිල් අගමැති වෙනව කියන එක. (ඒක කිව්වෙ ආර්ථික අර්බුදයට අදාළ ගෝලීය චිත්‍රය දිහා බලල.)
ඊළඟට මන් කියපු එක ජවිපෙ නායකය විපක්ෂ නායක වෙනව කියල. ඒක විතරයි තවම වුණේ නැත්තේ. (ඒක ඉබේ වෙන්නෙ නැහැ. මහන්සි නොවුනොත් ගැස්සිලා යන්න පුළුවන්.)
ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි කියල මම කිව්වේ, රටේ බල ආධිපත්‍යයේ කොටසක් ඉංග්‍රීසි වීම නිසා. අනික ඉංග්‍රීසියෙන් සිංහලට හෝ දෙමලට වඩා දැනුම සම්භාරයක් අත්කරගන්න පුළුවන් නිසා. වැඩි දැනුම සම්භාරයක් පසුබිමේ තියාගෙන ඉන්න මිනිසුන් වැඩික්‍රියාත්මක කරන අරගලයක් දිනන්න ඉඩ තියෙනවා. අඩු දැනුම සම්භාරයක් තියෙන අරගල පරදින්න ඉඩ වැඩියි. ඊජිප්තුවට, සිරියාවට උනේ ඒක.
ඒ නිසා මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන්නේ සමාජ න්‍යායක පදනමේ ඉඳල මිසක ඉංග්‍රීසි දන්නකම මාන්නනක්කාර කමක් නිසා නෙවෙයි. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන කම්මැලිකමට, දන්නේ නැති විෂය කරුණු උඩ කබරයා දාන්න එන්න එපා!
අඩුම තරමින් තමන්ගෙ දරුවන්ටවත් කියනවල භාෂා කිහිපයක් ඉගෙන ගන්න කියල.
ගොං ගැමිකම, නොදන්න කම යථාර්තයක් කරන්න හදන්න එපා!
අනික පරදින අරගල භූමියකට එන්න ම ඕනි අරගලය දිනන්න කියල මගේ මිතුරියකගේ අදහසක් තියෙනව.
දැන් අරගලය පැරදුනේ 88-89 වගේ විජේවීර මැරෙද්දිත් මිනිස්සු කරබාගෙන හිටිය හින්ද ද? නැහැනේ 88-89ට සාපේක්ෂව මේ අරගලයට මහ හෙන නහුතයක් ජනතාව ආවෙ?
කෝ දිනන්න එපැයි?
කෝ?
ඒ හින්ද අරගලය වැරදුනේ අරගලය කරන උදවිය නෙවෙයි මෙහෙයවන උදවිය, අඩුම තරමින් ගෝලීය දේශපාලනය පැත්තක දැම්මත්, කලාපීය දේශපාලනය ගැනවත් හිතල නෙවෙයි අරගලයේ උපායමාර්ගය ඩිසයින් කරල තියෙන්නේ.
ඒකට භාෂා ගණනකින් හදාරපු ඥාන උවමනයි. කොටින් ම ඉංග්‍රීසි දන්නැතුව ගෝලීයකරණයේ ඉසියුම් තැන් ඉගෙන ගන්න ම බැහැ. ගෝලීකරණයේ ඩිසයින් එක සහ එහි අන්තර්ගතය නිවැරදි අරුතින් ම අසුකරගන්න අඩුම තරමින් ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා දැනනුම හරිම වැදගත්.
1956යේ සිංහල ඔන්ලි වරිගවාදය ව්‍යවස්ථාපිත කරන්න කලින්, රටේ ධනේෂ්වර නායකය වෙච්ච සර් ජෝන්ට පවා දැනට වසර 60ට වඩා කලින් මේ භාෂා දෙකේම දැනුම තිබිල තියෙනව.
අද අරගලයේ ඉන්න සමහර ගැමියො (හැමෝම නෙවෙයි) ඉංග්‍රීසි ඕනනැහැ කියනව අරගලයක් දිනන්න. දැන් ඔය කරගෙන තියෙන්නේ යස අගේට.
පළමුවෙන් මේක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු බණ්ඩාරනායකගේ වරද. දෙවනුව ඒ බව තේරුම් අරන් පක්ෂ යාන්ත්‍රණය භාෂාවලින් පෝෂණය නොකරපු වමේ පක්ෂවල වරද? එහෙම නැතුව වසර 66න තිස්සේ සිංහල ඔන්ලි අද්‍යාපනයට අහුවෙච්ච සාමාන්‍ය මිනිස්සු නෙවෙයි.
අරගලයට වෙන ටික ඒකට පෙනී සිටපු ප්‍රධාන ප්‍රසිද්ධ පාර්ශවවල දන්න උදවියට සහ නායකයින්ට කිව්ව. මට එතනදි වැදගත් ජවිපෙ විතරයි අනික් අයට පක්ෂයක් විදිහට ඉදිරියට එන්න බෑ විරුද්ධ මතයක් අරන්.
කියන දේ අහන්නේ නැති තදියම්කාරයින්ට කෙලවගෙන ඉගෙන ගන්න අරිනව මිසක් වෙන කරන්න දෙයක් නැහැනේ. අඹල හදන්නද? වෙන මොනව කරන්නද කියන්නේ? දැන් ඔය අරගලය මුලින් ම ඩිසයින් කරපු තරුණයා එංගලන්තයේ ඉඳන් තමයි අරගලයේ පළවෙනි සාර්ථක මාසය මෙහෙයවූවේ.
අරගලයට ඇවිල්ල බලන්න කියන්නේ. මන් ආව. හැම තැනකම දැක්කේ පරදින ලක්ෂණ. ඔළුගෙඩි වැඩි උනාම මාරයි කියල, මිනිස්සු ගොඬේ ඉන්නකොට දැනෙන සමූහකාමය නිසා විතරක් අරගල දිනන්න බෑ. සමූහකාමයෙන් ඩෝප් වුණාට අරගලජය දක්වා මෙහෙයෙවන්න බැහැ.
ගෝලීය දේශපාලනාර්ථිකයේ ඉමි පෙදෙස් උගෙනගත් බුද්ධියෙන් අරගලයක් මෙහෙයවන්න ඕනි. ඒක ඉගෙන ගන්න භාෂා වැඩිපුර දැනගෙන ඉන්න ඕනි.
දැන් රෝහණ විජේවීර භාෂා 05කට වැඩි ප්‍රමාණයක් ඉගෙන ගත්තේ, නාගරික සංස්කෘතියේ හැසිරෙමින් ඉගෙන ගත්තේ එයාට පිස්සු නිසා ද?

නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සබැඳි ලිපිය :