ඊයේ කම්මැලිකමට ටිවි එකේ චැනල් මාරු කරකර ඉද්දි ධම්මික පෙරේරගෙ DP Education චැනල් එක අහුවුණා.



ඒ වෙලාවෙ ඒකෙ ඩයල් එකක් ඉතිහාසෙ (මම හිතන විදියට) උගන්නවා; දෙවෙනි රාජසිංහ ගැන.  ඩිජිටල් ස්ක්‍රීන් එකක වයිට්බෝඩ් එකක් හැටියට පාවිච්චි කරකර මූ උගන්නන විදියට දැක්කම බය හිතුණ.

අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිය මට විභාග ඉලක්ක කරගෙන උගන්නන එක අලුත් දෙයක් නෙවුණත් කාලෙකට පස්සෙ ඒක ආපහු දකිද්දි බය හිතෙනව.

මම හිතන්නෙ මේක මෙහෙ සාමන්‍යකරණය වෙලා තියෙන විදියට මේක කිව්වම ගොඩක් උන් අහයි ඉතිං ඒකෙ වැරැද්ද මොකක්ද කියලත්.  



මුං සම්පූර්ණ විෂය ම, ඕනම විෂය කරුණක් උගන්නන්නෙ, විභාගෙ ප්‍රශ්නපත්තරේ ප්‍රශ්නයක් ආවොත් ඒකට උත්තරේ විදියට ඒ කරුණ ලියන්න ඕන කොහොමද කියන විදියට ෆ්‍රේම් කරලා. එතනින් එහාට ඒ කරුණට අදාළ කන්ටෙස්ක්ට් එකක්වත්, ඒ දැනුම පාවිච්චි කරල කරන්න පුළුවන් මොකක් ද වගේ මොකක්වත් අදාළ නෑ.



රටේ සමස්ථ අධ්‍යාපනය ම මෙහෙම නෙ. විභාගෙ ප්‍රශ්න ටිකට උත්තර ලියන පිළිවෙල ඇරුණ ම ළමයි “ඇත්තට තේරුමක් ඇති දෙයක්” කියල හිතල ඉගෙනගන්නෙ ටියුෂන් ගුරුවරු අයිස්බ්‍රේකර් විදියට කියන මනස්ගාත ටික විතරයි, මම හිතන්නෙ. මේ රට මේ විදියටවත් තියෙන එක ලොකු දෙයක්.


කොහොම හරි ඒක නෙවෙයි මගෙ පොයින්ට් එක. මූ මුලින් කියනව දෙවෙනි රාජසිංහ පෘතුග්‍රීසින්ව එළවන්න ඕලන්දකාරන්ට කොන්ත්‍රාත් එක දීලා ඊට පස්සෙ ඒකෙ ගාස්තුව ‍ඕලන්දකාරයන්ට ගෙවාගන්න බැරිවුණු නිසා උන් අර පෘතුග්‍රීසි බලකොටු ටික උන් අයිතිකරගත්ත විදිය. ඒ අස්සෙ ගිවිසුමෙත් රජාට දුන්න සිංහල කොපියට වඩා ඩච් උන්ගෙ කොපියෙ කොන්දේසි වෙනස් ලු. මේ නිකං ගෙවල්කුලී ගිවිසුමක් නෙවෙයි; මෙහෙ රජා කියල හිටපු එකා වෙන රටකින් ආපු පිරිසක් එක්ක ගහපු තීරණාත්මක ගිවිසුමක්. අඩු තරමේ ගිවිසුම් දෙක ටැලි කරල බලන්න පුළුවන් එකෙක්වත් මුගෙ ස්ටාෆ් එකේ ඉඳල නෑ.



කොහොම හරි ඒක කියල ඉවර වෙලා ධම්මිකගෙ DP ඩයල් එක ඊට පස්සෙ කියනවා මහනුවර යුගයේ සමාජ ආර්ථික තත්ත්වය ගැන ලියන්න කියල ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒකට උත්තර ලියන හැටි.

කුල ක්‍රමය, රජාට යටින් හිටපු රදළයො, ඒ කාලෙ උඩරට ඇතුලෙ ර‍ටවල් බෙදල තිබුණු විදිය (මහනුවර රාජධානිය ඇතුලෙ විතරක් රටවල් නවයක් ද කොහෙද තිබුණු දූපතක උන් තමයි දැන් මේ “එක ර‍ටක්” කියල ඒකත් “ඒකීය” වෙන්න ඕන කියල උඩපනින්නෙ), වගේ දේවල් ගැන උඩින් පල්ලෙන් විස්තර කරලා ඊට පස්සෙ මූ කියනව ඒ කාලෙ සල්ලි භාවිතයක් තිබුණෙ නෑ; රජාට සේවය කරපු උන්ට ඉඩම් තමයි ගාස්තු විදියට දුන්නෙ, ඒ ඉඩම් පිට යන එක නවත්තන්න තමයි එකගෙයි කෑම තිබුණෙ වගේ විස්තර ටිකක්.

ඒ කාලෙ උඩරට තිබුණෙ සම්පූර්ණයෙන් ම ස්වයංපෝෂිත, යැපුම් කෘෂිකර්මයක් කියලත් මූ කියනවා. එතනින් ඒක ඉවරයි.

දැන් මේ රාජසිංහට ඕලන්දකාරයන්ගෙ ණය ගෙවාගන්න සල්ලි නැතිවීම සහ උඩරට කියන්නෙ සල්ලි භාවිතයක් නැති, සම්පූර්ණෙයන් ම ස්වයංපෝෂිත ආර්ථියක් වීම අතර සම්බන්ධයක් තියෙනව කියල එක ඔය සිලබස් එක උගන්නන උන්ගෙන් සියයට එකක්වත් කල්පනාකරල තියෙනව ද, ඕක ඉගෙනගන්න ළමයින්ගෙන් සියයට බිංදුවයි දශම එකක්වත් තේරුම්ගන්නව ද කියල මම දන්නෙ නෑ.

රාජධානියෙ එකෙක්වත් සල්ලි හම්බකරන්නෙ නැත්නං, ඔක්කොම ඉන්නෙ තමන් වවාගෙන කන ස්වංපෝෂිත උන් නම්, රජා අරුන්ට ණය ගෙවන්නෙ සල්ලි ප්‍රින්ට් කරල ද? DP එකේ පොර එහෙම ලොකුවට හයිලයිට් නොකළට මට ෂුවර් ලංකාවෙ ගුරුවරු වැඩි හරියක් ඕක උගන්නන්නෙ ඔය ස්වය‍ංපෝෂිත කතාව හෙන උඩ දාල; බලන්න ඉස්සර රජ කාලෙ දැන් වගේ නෙවෙයි, ස්වයංපෝෂිත ජාතියක් කියල හෙන ආඩම්බරෙන්.

යකෝ! ස්වයංපෝෂිත හත්ඉලව්ව හින්ද තමයි රාජසිංහයට සල්ලි ටික ගෙවාගන්න බැරුව අර බලකොටු ටික ඩච් උන්ට දීල බලං ඉන්න වුණේ; රාජ්‍යතාන්ත්‍රික දැනුමක් තියා ගිවිසුමක ට්‍රාන්ස්ලේෂන් එක ටැලි කරන්න තරම් සාමාන්‍ය දැනුමක් නැති, එහෙම ස්ටාෆ් එකක් නැති, ටිකක් ලොකු හුණු ගාපු ගේක අතට පයට වැඩකාරයො තියාගෙන හිටපු වළව්කාරයෙක් රජා වුණේ.



ස්වයංපෝෂිත කියන්නෙ එළියෙ ලෝකෙ එක්ක ගනුදෙනුවක් නැති (ඔරිජිනල්) වැද්දො, අප්‍රිකාවෙ ගෝත්‍රිකයො වගේ උන්ට තියෙන එකක් මිස ආඩම්බරෙන් උඩ දාන්න ඕන එකක් නෙවෙයි. අවුරුදු පන්සීයකට විතර පස්සෙ ආපහු ණය ගෙවාගන්න බැරි කාලයක් ඇවිත්. තාමත් මේකෙ උන් උන්ගෙ “ස්වංපෝෂිත” බයිලා උඩ දදා ඉන්නවා.


Chandana(චන්දන ප්‍රසන්න)
නිදහස් ලේඛක
#truepatriotlk

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Chandana Prasanna ගේ ෆේස්බුක් පිටුවෙන්....)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්