බෲනො මගේ එස්එල්විලොග් (SL VLOG ) මිතුරා අහලා තිබුන රනිල්ගෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන.

 

මෙතනදි ගොඩක් අය ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ එකක් විදිහට ගන්නවා. ඇත්තටම ‍මේ දෙක දෙකක්.

ලිබරල්වාදය නැතුවම ප්‍රජාතන්ත්‍රවාදයට පවතින්න පුළුවන්. ඒක දරුණු තත්වයක්.

උදා විදිහට කොමියුනිස්ට් රටකට වුනත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න පුළුවන්. ඒ කියන්නෙ බහුතර මතය විමසන මැතිවරණ පැවැත්වීම ආදිය. ඒ වගේ රටවල් ඉලිබරල් ඩිමොක්‍රටික් රටවල්.

ලිබරල්වාදී කියන්නෙ ව්‍යවස්තාවක් අනුව පවතින කුඩා වූ රජයන්. ඒ වගේම වැදගත්ම කාරණය වෙන්නෙ පුද්ගලයාගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීම. රජයකටවත් ඒවා බාධා කරන්න බෑ. ඒ වගේම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට වඩා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කිරීමක්. ඒක සිද්ද වෙන්නෙ බහුතරයට එරෙහිව සුළුතරයාගේ ආරක්ෂාව සැලසීම කියන කොන්දේසිය යටතෙ. ඒ කියන්නෙ මේ වෙලාවෙ ජනතාව බහුතරයක් නම් පොහොට්ටුව සුළුතරයක් නම් එහි ආරක්ෂාව සැලසීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුගේ ලක්ෂණයක්.


ඒ වගේම ව්‍යවස්ථා විරෝධී ආකාරයට ගෝටාබය පලවා හැරීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් විරුද්ධ වෙන සිදුවීමක්. ඒකට පක්ෂ වෙන්නෙ ලිබරල්වාදියෙකුට බෑ.

රනිල් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම එයා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් එලියට වැටෙනවා.

ඒත් රනිල් දාන හැම සෙල්ලමක්ම දාන්නෙ ව්‍යවස්තාව ඇතුලෙ. ඒ වගේම අවම රාජ්‍යය ආරක්ෂාව තහවුරු කරන්න.

ගෝටාබයගෙ පලායාම ඇතුලෙ රටේ අවම රාජ්‍ය ආරක්ෂාව පවා බිඳ වැටුනා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කළ හැකි තත්වයක් නිර්මාණය වුනා. කිසිම දවසක රාජපක්ෂවාදියො නොවුනු අපිට පවා මරණ තර්ජන එල්ලවුනා.

පෙරටුගාමීන් විශේෂයෙන් ඉල්ලා සිටින්නෙ ලිබරල් නොවන ප්‍රජාතන්ත්‍රවාදයක්.  

ghfght

ෆරීඩ් සකාරියා කියන දේශපාලන රචකයා කියන විදිහට මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයකට වඩා ඇත්තටම ලිබරල් ඔටොක්‍රසියක් පවා හොඳයි. ඒ කියන්නෙ බ්‍රිතාන්‍ය යටත්විජිතයක් විදිහට හොංකොං පැවති කාලය වගේ. එයා කියන විදිහට 19වන සියවසේ යුරෝපයේ අධිරාජ්‍යයන් පවා විශාල වශයෙන් ලිබරල්වාදී ලක්ෂණ දරනවා.  සමහර විට අපිට රනිල් ලිබරල් ඔටොක්‍රටික් කෙනෙක් විදිහට ‍චෝදනා කරන්න පුළුවන්. මොකද එයා තනි විධායක ජනාධිපති කෙනෙක් විදිහට ලිබරල් වෙනස්කම් වෙනුවෙන් තමන්ගේ බලය පාවිච්චි කරන නිසා.



උදා විදිහට වෘත්තීය සමිති විරුද්ධ වුනත් ඇතැම් සංස්ථා ජනතාකරණය කරනවා කියලා එයා ප්‍රකාශ කරනවා. බහුතරයේ බලය වෙනුවට සුළුතරයේ බලය වෙනුවෙන් පෙනී ඉන්නවා.

මෑතක ඩයස්පෝරා කණ්ඩායම් කීපයකම තහනම ඉවත් කිරීමක් ගැන ප්‍රවෘත්ති පලවුනා.

මේ ලිබරල්වාදය ගැන ඇත්තටම සංවාදයක් මතුවෙන එක වටිනවා.

අනෙකා ගැන නොතකා තමන්ගේ රංචු බලයට ඕනම දෙයක් කරන්න කෙනෙකුට ඇති නිදහස ලිබරල්වාදය විදිහට ගන්න බවක් පේන්න තියෙනවා.


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

 

 dfgdf5

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්