theleaderlk 01

මගෙන් ගොඩක් වෙලාවට ගොඩක් උන් අහන කතාවක් තමයි රනිල් කීයක් ගෙවනවද කියන එක.



ඒ කියන්නෙ රනිල් වෙනුවෙන් ලිවීමෙන් සහ කතා කිරීමෙන් මං ලබන ආර්තික ප්‍රතිලාබය. මේක බහුලව කියවෙන්නෙ අපහාසාත්මක අදහසකින්. රනිල්ගෙන් එහෙම ගෙවීමක් ලබනවා නම් ඒක අඩුකුලේ දෙයක් විදිහට.

හැබැයි මේ ගොඩක් අය අමතක කරන හෝ වසන් කරන නැත්තං නොදන්න කාරණය තමයි රනිල්ට පක්ෂව ගොඩනැගෙන ආර්තිකයට වඩා විශාල ආර්තිකයක් රනිල්ට විරුද්ද වීම නිසා ගොඩනැගෙන බව. ඒ කියන්නෙ රනිල්ට විරුද්ද වෙනවටත් ලොකු ගෙවීමක් ලැබෙනවා.

 

මං දන්න බොහොමයක් යූටියුබ් චැනල් ඒ අයගෙ රීච් එක හදාගෙන, ආධාර හදාගෙන ගොඩගියේ රනිල්ට විරුද්ද වීම නිසා. ඒ වගේම රනිල්ට විරුද්ද වීම කියන කාරණය මතම අලුත් දේශපාලන පක්ෂ හදාගෙන චන්දෙ ඉල්ලන්න එන පිරිසක් ඉන්නවා. ඒ අය මීට කලින් එහෙම කිසි දෙයක් කරලා ජනතාව අතරට ගිය අය නෙමෙයි. එකම සුදුසුකම වෙන්නෙ රනිල්ට විරුද්ද වීම.

 

ඒකත් ආර්තිකයක්. හැබැයි ඒ ආර්තිකය නිර්මාණය කරන්නෙත් රනිල්ම තමයි. රනිල්ට පක්ෂ වීම වගේ නෙමෙයි විරුද්ද වෙලා ආර්තිකය හදාගන්න එකට කියන්නෙ ජනතාව වෙනුවෙන් කියල. කවුද මේ ජනතාව? මේ ජනතාවට මං වගේ අය අයිති නෑ. පොහොට්ටුවට චන්දෙ දීපු ලක්ෂ 69ක් අයිතිත් නෑ. මේ ජනතාව කියන්නෙ මේ අයට පක්ෂපාතී අය. හරියට රාජපක්ෂගෙ ජනතාව කියන්නෙ ඒ අයට පක්ෂපාතී අය වගේම තමයි.

මේක වරදක් නෙමෙයි. කොයිම විදිහකින් වුනත් ආර්තිකය හදාගන්න එකයි වැදගත්.

හැබැයි රනිල් වුනත් මේක තේරුම් ගන්න ඕන. රනිල්ට විරුද්ද වෙලා ගොඩනැගෙන ආර්තිකය එක්ක තරග කරන්න පුළුවන් තත්වයක් අපිටත් ලබාදෙන්න ඕන. ම‍ගේ අත්දැකීමේ හැටියට රනිල්ට පක්ෂ වීමෙන් ගොඩනැගෙන අ‍ාර්තිකය (කොමිස් ගහන සුළු පිරිසකට හැර) රනිල්ට විරුද්ද වීමෙන් ගොඩනැගෙන ආර්තිකයට වඩා කුඩා වෙලා තියෙනවා. ඒක සිදු නොවිය යුතු දෙයක්.



සුබ පැතුම් රනිල් ! - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)