මැරෙනවා නම් මැරියන් සාමාන්‍ය මරණයක් විදියට...
නැත්නම්....
තෝත් ඉවරයි..
උඹේ ඉතිහාසය ඉදන් හොයනවා. ෆෝන් එක CID එකට ගත්තා කියන්නෙ බොට ගෙදරින් හත් දවසෙ දානෙවත් දෙන්නෙ නෑ..
බොලගේ පහල බාලාංශෙ ඉදන් තිබ්බ සබදතා හොයනවා.
බොල කාපු, බීපු, &පූ තැන් ඔක්කොම TV එකේ යනවා.
බොලං කොච්චර ගුණ කලත් වැඩක් නෑ එක වැරැද්දක් අහු උනොත් බොගේ ආත්මේම ඉවරයි..
කොටින්ම කිව්වොත් බොට පෞද්ගලිකත්වයක් නෑ...
තොගේ යාළුවොත් ඉවරයි..
යාළුවාගෙ ෆෝන් එක CID එකට ගත්තාට පස්සෙ ඌට හිතෙයි ඌ මැරුණා නම් මීට වඩා හොඳයි කියලා..
මොන කරදරේකට පත් උනා කිව්වාත් හොඳම යාළුවා උනත් ඒ වගේ වෙලාවක මග ඇරපන්. නැත්නම් තෝත් ඉවරයි තොගේ හත්මුතු පරම්පරාවම ඉවරයි.
තොගේ වයිපරෙත් ඉවරයි..
වයිපරේ වරදක් කරත් නොකරත් සමාජය පුරුදු වෙලා ඉන්නෙ පලමු සැකකාරිය ලෙස ඇය දෙස බලන්න. ගෙදර ඩ්‍රයිවර්ගෙ, සිකියුරිටිගෙ, අල්ලපු ගෙදර එකාව හැමෝවම ඇයට හොර මිනිස්සු කරනවා.
හැට්ටෙට කට්ට ගහනකොට වෙච්ච රණ්ඩුව පවා මාධ්‍යයෙ යනවා..
' ෂාප්ටර් බිරිඳගෙ හැට්ටෙ කටුව ගැලෙව්වාට පස්සෙ වෙච්ච දේ.. "
ඔහොම තමයි ගොසිප් සයිට් වල මාතෘකාව යන්නෙ.
තොගෙන් ණය ගත්ත එවුනුත් ඉවරයි..
උන් ටික ඔක්කොම පරීක්ෂා කරනවා. උන්ගෙ පැටිකිරියම එලියට අදිනවා.
පොලිසියත් ඉවරයි...
උන් මොනවා කිව්වාත් ජනතාව ඒක විශ්වාස කරන්නෙ නෑ. ජනතාව විශ්වාස කරන්නේ උන් හිතන දේ හරි කියලා විතරයි.
( නිලන්ත සත්සර ගමගේ)
නිලන්ත සත්සර ගමගේ ගේ ෆේස්බුක් පිටුවෙන්