හරි උඹ එහෙනං කියන්නෙ කාට දෙන්න කියලද?
මේ පාර චන්දෙ ගැන මං ජවිපෙ විවේචනය කරන හින්ද මගේ යාලුවෙක් ඇහුවා. ඒ යාලුවා හිතන්නෙ මං ජවිපෙ වැඩි චන්ද ප්‍රමාණයක් ගන්නවට විරුද්දයි කියල. ඒත් ඇත්තටම මං කැමතියි මේ චන්දෙදි ජවිපෙ වැඩි ප්‍රතිශතයක් ගන්නවට.
මේ පළාත්පාලන චන්දෙ වාසි වෙන්නෙ දේශපාලන පිට්ටනියෙ පාර්ශ්ව දෙකකට විතරයි. එකක් රනිල් පාර්ශ්වය. අනික ජවිපෙ පාර්ශ්වය. පොහොට්ටුවට සහ සජබෙට මේ චන්දෙ අන්තිම අවාසිසහගතයි.
බිංදුවට බැහැලා තිබුනු රනිල්ගෙ යූඇන්පිය තාම ගොඩනැගිලා නෑ. මහා ලොකුවට තිබුනු පොහොට්ටුව බිම වැටිලා ඉවරයි. පොහොට්ටුවෙන් ලොකු තරුණ පිරිසක් ජවිපෙ විසින් දිනාගන්නවා. සජබෙට ඒ ආකර්ශනය තමන් වෙත නිර්මාණය කරගන්න බැරි වෙලා තියෙනවා.
මේ චන්දෙදි පැහැදිලිව පේන දෙයක් වෙන්නෙ පොල්වල්ල පොලොවෙ ගැහුවා වගේ තත්වයක් ඇතිවෙනවා කියන එකයි. චන්ද කෑලි කෑලිවලට කැඩෙනවා. එතනදි වැඩි බලයක් නිර්මාණය කරගන්න ජවිපෙට ලොකු ඉඩක් තියෙනවා. ඒ ඉඩ රනිල්ට ලොකු වාසියක් ඇති කරනවා.
මේ චන්දෙන් තමන්ගේ ශක්තිය දුර්වලයි කියල පෙනුනොත් සමගි බලවේගය ඇතුලෙ අසමගිය තව දරුණු වෙනවා. එතනදි සජබෙ ලොකු පිරිසක් නැවත රනිල් එක්ක එකතු වෙලා යූඇන්පිය නිර්මාණය කරගන්න තත්වයක් ඇතිවෙන්න පුළුවන්. මොකද ඊලග මැතිවරණයකදි ජවිපෙ එක්ක තරගයක් දෙන්න නම් ඒ අයට ශක්තිමත් පෙරමුණක් ඕන වෙනවා.
මේක තමයි රනිල්ගෙ පැත්තෙන් වෙන්න පුළුවන් හොඳම දේ. පොහොට්ටුව දුර්වල වෙද්දි, සජබෙ කෑලිවලට ගැලවෙද්දි ජවිපෙ ශක්තිමත් වෙන එක. රනිල්ට තියෙන්නෙ ඊලග ජනාධිපතිවරණයකදි තමන්ගෙ බලය පෙන්නන එක විතරයි.
ඒක හින්ද ජවිපෙ චන්ද කඩන්න මට නං කිසි උවමනාවක් නෑ. ඒත් ජවිපෙන් ආතල් එකක් ගන්න මට බාධාවකුත් නෑ.

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
#godayamu
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම -
Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)